Monday, October 7, 2013

SLT Internet Configuration support- part 2

හරි මෙන්න මම කියන්න පටන් ගත්ත SLT Internet Configuration support වල දෙවෙනි කොටස. මුලි ලිපිය කියවන්න බැරි උන අය SLT Internet configuration support - part 1 බලන්න. කලින් ලිපියෙදි පැහැදිලිව කියල දුන්නෙ අපේ connection එක හරියට තියාගන්න අවශ්‍ය කොටස් නිවැරදිව සම්බන්ධ කරගන්න විදිය. wire ටික ගැහුව ගමන් Internet වැඩ කරන්නෙ නැහැනෙ. දැන් බලමු ඉතිරි ටික කොහොමද හදාගන්නෙ කියල. සම්පූර්ණ විස්තර එක්කම කියන්නම් අපැහැදිලි තැන් තිබුනොත් comment එකකින් අහන්නකො :D

 router/modem එකක settings සැකසීම

පළවෙනි ලිපියෙ විදියට සම්බන්ධ කරගෙන router එක on කරාට පස්සෙ මේ වගේ තියෙන්න ඕන. SLT Internet නම් ගොඩක් අයට zte router එකක්නෙ තියෙන්නෙ, ඒ නිසාම zte router එකත් එක්ක මේ ටික කියන්නම්. විශෙෂයෙන් කියන්න ඕන මම මේ විස්තර කරගෙන යන්නෙ අලුතෙන්ම Internet ගන්න කෙනෙක් වෙනුවෙන්. දැනට පාවිච්චි කරන කෙනෙක් නම් router එක reset උනොත් මේ විදියට තියෙයි.(පිංතූරෙ පැහැදිලි මදි නම් ඒක උඩ ක්ලික් කරල බලන්න.)


  • DSL bulb එක පත්තු වෙලාම තියෙනවා.
  •  Internet bulb එක රතු පාට
  • LAN 4 පත්තු වෙන්නෙ peo tv තියන කෙනෙක්ට විතරයි හොදේ
  • WLAN පත්තු වෙන්නෙ wifi on කරාට පස්සෙ හොදද
වැදගත් :  Internet විතරක් තියන කෙනෙක් නම් LAN 4 කියන තැනට computer එකට යන cat cable එක සම්බන්ධ කරන්න එපා. ( SLT zte router එකක් නම්)

වෙනත් router එකක් තියනව නම්, belkin හෝ prolink මේ වගේ තියෙයි.
router වර්ග නම් ගොඩක් තියනව, හැම එක ගැනම කියන්න බැරි නිසා පොදුවෙ වැඩිපුර තියන zte router එක ගැන කියාගෙන යන්නම්. අවශ්‍ය උනොත් අනිත් කිහිපයක් ගැන වෙනම කියන්නම්කෝ..

හරි දැක්කනෙ මුලින්ම අපේ  Internet bulb එක රතු පාට වෙලා තමා තියෙන්නෙ. ඒ විදියට තියෙන්න හේතුව අපි තාම router එකේ setttings හදල නැති නිසා. මෙතනට එනකන් අවුලක් නැත්නම් වැඩේ ලේසි. ගැටලු ටික වෙනම පෝස්ට් එකකින් දාන්නම්, එතකොට ප්‍රශ්න තියන අයට මෙතනින් එහාට ටික ආයෙත් කරගෙන යන්න පුලුවන් නෙ.

ඉතිරි ටික කරන්න වෙන්නෙ computer එකෙන්. පහළ පියවර ටික බලන්නකො,
  • මුලින්ම අපි දැනගන්න ඕන අපේ computer එකෙ network drivers install වෙලා තියනවද නැද්ද කියල,
  • ඊට පස්සෙ අපේ  Local Area connection එක නිවැරදිව වැඩ කරනවද කියල බලන්න පහළ පියවර ටික කරන්න.
මේ path එකට යන්නකො, start >> control panel >> Network and sharing center
change adapter settings >>

ඔතනට ගියාම පහළ පිංතූර විදියට දකින්න හම්බෙයි. හැබැයි එක් එක්කෙනාගෙ වෙනස් වෙන්න පුලුවන් හොදේ.  1 විදියට කියනව නම් අවුලක් නැතුව ඉතිරි ටික කරගෙන යන්න.

 කාගෙ හරි මෙහෙම එකක් නම් තියෙන්නෙ, Local Area connection එක උඩ right ක්ලික් කරල enable කරගන්න. එතකොට ඉතිරි ටික කරගෙන යන්න පුලුවන්.

 තව කෙනෙක්ගෙ පහළ තියනව වගේ නම්, 
 ඒක නම් හිතාගන්න පුලුවන් ඇතිනෙ අවුල..රවුටරේ on කරල නම්, network cable එක දෙපැත්තටම plug වෙලාද බලන්න ( network cable එක මැදින් damage වෙලාද බලන්න). එහෙමත් නැත්නම් computer එකේ  network card එකේ අවුලක් වෙන්නත් පුලුවන්. එහෙම උනොත් නම් වැඩේ අමාරුයි. network card එකේ අවුලක් වගේ නම් ඒක ගලවල ආයෙත් ගහල drivers update කරල try කරන්න. හරි ගියෙ නැත්නම් computer technician කෙනෙක්ගෙ සහය පතන්න වෙනවා.

තව කාගෙ හරි මේ විදියට තියෙන්න පුලුවන්. මේ ගැන නම් මම error fixing වලදි කියන්නම් දැනටම පෝස්ට් එක දිග වැඩි නිසා.

මම හිතන විදියට තියෙන්න පුලුවන් සේරම ටික කිව්වා. හැබැයි කෙනෙක්ගෙ ආසාවටවත් මේ මොකුත්ම නැත්නම් එයාගෙ  network drivers install වෙලා නැත. ඒ ටික install කරාම වැඩේ ගොඩ.

  •  Local Area connection එක 1 පිංතූරයෙ ව්දියට තියනව නම්, ඒ උඩ double click කරන්න.
එතකොට මෙන්න මේ වගේ sent & received අගය 0ට වැඩි අගයක් තියනව නම් දිගටම කරගෙන යන්න. එකක් හො 0 වෙලා වෙනස් නොවී තිබුනොත්  error fixing පැත්තෙ ගිහින් එන්න වෙනව.
  • මෙතනට එනකන් සේරම හරි නම්, දැන් පාවිච්චි කරන web browser එක open කරන්න. (chrome හෝ firefox නම් හොදයි)
  • ඒකෙ address bar එකේ තියන සේරම මකල දාල, 192.168.1.1 type කරල enter කරන්න. මතකනෙ මම මුලින් කිව්ව මේ කියාගෙන යන්නෙ පොදුවෙ කරන විදිය. belkin router එකක් නම් 192.168.2.1 තමා හරියන්නෙ. ඕනම router එකක් සදහා මේ IP එක හොයන විදිය ඉස්සරහට කියල දෙන්නම්.
  • හරි ඊටපස්සෙ මේ වගේ user name/ password දෙන්න. 
  • මේ user name/ password එකත් router එක අනුව වෙනස් වෙනවා. zte router එකක් නම් මේ විදියට දෙන්න. prolink නම් password එකට password කියලම දෙන්න. belkin නම් user name එක විතරක් දීල ok කරන්න.
  • එතකොට අපිට router එකට log වෙන්න පුලුවන්. මෙතනින් එහාට නම් screen shot එක්ක කියන්න පුලුවන් zte router එකක් නම් විතරයි හොදේ.

දැන් උඩ පිංතූරෙ විදියට 1,2, ක්ලික් කරල 3,4 කියන තැන් ඒ විදියට තියනවද බලන්න.(පිංතූරෙ පැහැදිලි මදි නම් ඒක උඩ ක්ලික් කරන්න) අලුතෙන් ගත් හො reset උන router එකක් නම් මේ විදියට තියෙන්න ඕන. සමහරවිට PVC0 වෙනුවට PVC1- PVC7  දක්වා අගයක් තියෙන්න පුලුවන්. ඒ අය හොදට බලන්න ඊට පහළින් තියන status : activated, VPI : 8, VCI : 35 ඒ විදියටම තියනවද කියල. ඒ දේවල් වෙනස් නම් PVC  වෙනස් කරල status : activated, VPI : 8, VCI : 35 තියන විදියට හදාගන්න.

  • ඊට පස්සෙ හම්බෙල තියන user name/ password කොලෙ තියන විදියට ඒ ටික type කරන්න. user name එක simple වලින් සහ password එක ඒ තියන විදියටම දෙන්න.
 ඊට පස්සෙ 1,2,3 පෙන්නල තියන අනිත් settings ටික හරි නම් පහළටම ගිහින් save කරගන්න. දැන් ටිකක් බලන්න ඔයාලගෙ රතු පාටට තිබුන Internet bulb එක කොළපාට උනා නම් දැන් අපේ වැඩේ ඉවරයි :D
computer එක හරහා පාවිච්චි කරන්න පුලුවන් Internet connection එකක් දැන් තියනවා. wifi active කරගන්න සහ තවත් කරුණු ඉස්සරහට කියල දෙන්නම්කො.

  • තවමත් Internet bulb එක රතු පාට නම්, පහළ තියන විදියට ගිහින් router එක restart කරන්න.
  • හරි දැන් සමහර අයගෙ Internet bulb එක කොළ පාට වෙන්න ඇති. තවත් අයගෙ තාමත් රතු පාටින්ම ඇති. ඒ අයට error fixing එකෙන් ඒක නිවැරදි කරන විදිය කියන්නම්.
  • prolink, belkin සහ වෙනත් router වර්ග පාවිච්චි කරන අය සමාවෙන්න. මට ඒවගෙ screenshot ගන්න විදියක් නැති නිසා ඒ ගැන දාන්න වෙන්නෙ නැත්තෙ.
  • වෙනත්  වෙනත් router වර්ග පාවිච්චි කරන කෙනෙක්ට මොනව හරි ගැටලුවක් ආවොත් screenshot එක්කම අහන්න උදව් කරන්නම්.

මේ පෝස්ට් එක දිග වැඩි නිසා මේක මෙතනින් නවත්වනවා. ගැටලු තියෙන ඒව comment වලින් අහන්න පුලුවන්. ඒ වගේම error fixing පෝස්ට් එක ඉක්මණටම දාන්නම්. එහෙනම් මම ගියා. ජයවේවා!!

2 comments:

  1. machan mage wifi zte router eken connect karama paya bagekata serayak limited wenawa.help ekak denna beida?

    ReplyDelete
    Replies
    1. limited wenawa kiyna eken adahas kare mokadda?
      wifi da use karanne?

      Delete

col3best sinhala movies