Saturday, October 12, 2013

බය නැතුව E-bay ගණුදෙනු කරමුද?

          

      මම මේ බ්ලොගය ලියන්න ගන්නකොටම මං හිතුව දෙයක් තමා E-bay, paypal,  ගැන ලියන්නෙ නෑ කියල. මොකද ඒ තරමටම මේ දේවල් ගැන විස්තර ඕන තරම් තියනවනෙ කියවන්න. නොහිතපු විදියට මේ පෝස්ට් එක දාන්න ගත්තෙ paypal,  E-bay ගැන මට උන අත්දැකීමක් කියන්න සහ අලුත් කෙනෙක්ට මට වගේ කරදරයක් නොවෙන්න කියල හිතාගෙන. දැන් බලයි paypal ගැන කියන්නත් E-bay පෝස්ට් දාන්නෙ පිස්සුද කියල :p කට්ටිය දන්නවනෙ  E-bay සහ paypal හරියට රයිගමයයි, ගම්පොලයයි වගේනේ...හේ හේ. ඒ නිසා ඉතිං දෙන්න ගැනම කියන්න හිතුව. මම මේ දේවල් ගැන මුල ඉදන් step by step කියල දෙන්නෙ නම් නැහැ. ඒ ගැන කියවන්න එළටම ලියපු පෝස්ට් වගයක් තියනවා. පහළ ලින්කු වලින් ගිහින් කියවන්න.මේ මාතෘකාවට ආධුනික අයෙකුට හොද දැනුමක් ගන්න පුලුවන්.

ඒ ලිපි කියෙව්ව නම් E-bay ගැන හොද මූලික අවබෝධයක් ලැබෙනවා. දැන් ඉතිං පොඩි ප්‍රශ්නයක් ආයෙත් මතුවෙනව කොහොමද paypal ගිණුමක් හරියට හදාගන්නෙ කියල. ඒ ගැන කියන්න කලින් පොඩි දේවල් ටිකක් කියන්න ඕන. paypal ගිණුමක් කියන්නෙ අන්තර්ජාල බැංකු ගිණුමක් කිව්වොත් හරි. අපේ සාමාන්‍ය බැංකු ගිණුමක් වගේ නෙවෙයි හැබැයි. මේකට pass book අනම් මනම් නන් නැත. ඒ වගේම මේකෙ account type කිහිපයක් සහ කළ හැකි නොහැකි දේවල් තියනවා. මෙයාලගෙ account type 3ක් තියනවා. මෙතිනින් ලංකාවෙ අපිට හිමිවෙවලා තියෙන්නෙ  send only කියනකාණ්ඩයේ ගිණුම්. මේක තමා ශ්‍රී ලාංකික අපිට නීත්‍යානුකූලව paypal වලින් දීල තියන කාණ්ඩය. ඔයාලගෙ අවශ්‍යතාවය E-bay හරහා යම් භාණ්ඩයක් මිළදි ගන්න නම් මේ ගිණුම හොදටම ප්‍රමාණවත්. ලංකාවෙ අපිට ගැලගෙන paypal ගිණුමක් හදාගන්න පහලින් ගිහින් බලන්න.


paypal ගිණුමක් හැදුවට පස්සේ අපිට ඕන වෙන්නෙ   paypal සමග ගණුදෙනු කරන්න පුලුවන් ලංකාවෙ බැංකු ගිණුමක්. මේ වැඩේට,
  • Sampath Webcard
  • HNB debit card
  • Commercial debit card 
 එකක් යොදාගන්න පුලුවන්. credit card එකක් උනත් link කරගන්න පුලුවන් උනාට වඩාත් ආරක්ෂිත වෙන්නෙ මෙවයින් එකක යොදාගන්න එකම තමා. මමත් sampath webcard එකක් හරහා ගණුදෙනු කලා කිසිම අවුලක් වෙන්නෙ නැතුව. debit card එකක් උනත් බය වෙන්න දෙයක් නැහැ. මේ විදියට හදාගත්ත card එකක් paypal වලට සම්බන්ධ කරන විදිය දැනගන්න පහළ ලිපි දෙකත් කියවන්නකෝ.


දැන් නම්  E-bay හරහා ගණුදෙනුවක් කරන්න අවශ්‍ය සියල්ලම තියනවා. ඊට කලින් තව වැදගත් දේවල් ටිකක් කියන් හිතුව. E-bay හරහා නිකන් ආසාවට දැක්ක ගමන් හැමදේම order කරන්න යන්න එපා. අපරාදෙනෙ සල්ලි. අවශ්‍යම දේවල් ගැන විතරක් ගන්නව නම් හොදයි. ඒ වගේම මේව රට ඉදන් එනව කියල හැමදෙයක්ම ලාබ නැහැ. අපි E-bay හරහා දෙයක් ගන්න ගාණට ලංකාවෙන් ඒ වගේ 2ක් ගන්න පුලුවන් වෙන්නත් ඉඩ තියනවා. අන්න ඒ නිසා ORDER එකක් දාන්න කලින් දෙපාරක් හිතන්න. අනිත් වැදගත් දේ free shipping දෙනව නම් විතරක් ගන්න එක අපිට ගොඩක් ලාබයි. E-bay වලට ගිහින් පොඩි රවුමක් ගැහුව නම් මේව නිකන්ම තේරෙයි. අපි ගෙවීම් කළාට පස්සෙ ඒව ගෙදරටම එයිද කියල සැක අය බලන්න මම ගෙන්නපු ඒවගෙ හොයාගත්ත cover ටිකක් ඔන්න දැම්මා. උඩින්ම මං දීපු ලින්ක් වලින් ගිහින් බැලුව නම් දකින්න ඇති E-bay වලින් ගෙනාපු බඩු වල photos දාල තියනවා තවත් කෙනෙක්.


මම ටික කාලයයි E-bay එක්ක ගණුදෙනු කලේ. ඒ කාලෙ ORDER කරපු සේරම ටික කිසිම අවුලක් නැතුව ගෙදරටම ආවා. දැන්  E-bay ගණුදෙනුවෙන්නෙ නැති තරම්, මොකද මම money receive කරන්න පුලුවන් paypal ගිණුමක් හදාගත්ත නිසා E-bay ගණුදෙනු අතෑරල දාල තියෙන්නෙ. මේ ගැන තවත් වැඩි විස්තර වෙනත් ලිපියකින් කියන්නම්කො.

 මේ මගේ අත්දැකීම් ටිකක්
  • එක පාරක් මගෙ ORDER එකක් එවනකොට address එක උඩින් stiker එකක් අලවල seller කෙනෙක්. නියමිත දවස් පහුවෙලා නිසා මාත් මොකද කරන්නෙ කියල හිත හිත ඉන්නකොට කොළඹ post office එකෙන් කතා කරල මගෙ address එක අහල ගෙදරටම එව්වා. එහෙම උනෙ මම address එකත් එක්ක mobile no එකත් දාල තිබුන නිසා. අන්න ඒ නිසා ඔයාලගෙ  address එක දෙනකොට mobile no එක දාන එක ප්‍රයොජනවත්.

  • සමහර වෙලාවට අපි ගෙන්නන භාණ්ඩයක් එන්න කල්ගත වෙනවා. සාමාන්‍යයයෙන් නම් දවස් 10ක් 14ක් ඇතුළත ලැබෙනවා. කලාතුරකින් දවස් 20-30 යන්නත් පුලුවන්. මම නම් කරන්නෙ දවස් 14-15න් ආවෙ නැත්තම් sellerව contact කරගෙන පොඩ්ඩක් චුරු චුරු ගානවා :D මොකද මුන් බොරුවක් කරනවද දන්නෙත් නෑනෙ. එයාල අහන්න අකමැතිම වචනය තමා "Negative feedback" කියන්නෙ, අන්න ඒ නිසා ඕක කියල මුල ඉදන් බය කරල තියාගන්නවා. දවස් 30නුත් නැත්නම් විකල්පයක් ඉල්ලනවා. අපි ඉල්ලන දේකට බොහොවිට එයාල කැමතියි. මොකද නැත්නම් "Negative feedback" ගන්න වෙනවනෙ. මම හිතන්නෙ දෙයක් අපිට නොලැබුනොත් reship කරන්න ඉල්ලන එක හොදයි.

  • මොකද දන්නවද මම reship ඉල්ලන එක හොදයි කිව්වෙ, එක පාරක් මම ORDER කරපු ITEM එකක් ආවා. ඒක මම බලාපොරොත්තු උනාට වඩා ටොයිස් එකක්. seller ගෙ විස්තරය අනුව හාත්පසින්ම වෙනස් එකක් ලැබුනෙ. මම මුට දුන්නා "Negative feedback" එකක් සහ scam review එකක්. මෙන්න හැරෙන තෑපැලෙන් mail එකක් එනවා feedback change කරන්න ලින්කුවකුත් එක්ක, එයා මට විකල්පයක් දෙන්න කැමතියි කියල. seller අහන්නෙ reship එකක් හරි වෙන දෙයක් හරි දෙන්න. මම ඉතිං ලෝබයා වෙලා full refund එකක් ඉල්ලුවා. ඉල්ලුව වගේම ලැබුන. ලැබුන කියන්නෙ paypal receipt එකක් ආවා. වැඩේ කියන්නෙ මට තිබුනෙ sapmath wecard  එකක් සහ send only paypal එකක්. sampath card center කතා කරල ඇහුවට ඒ refund මුදල ඇවිත් නැහැ. දවස් ගානක් ගියත් නෑ. ඒ නිසා refund එකක් තොරගන්න එපෝ....:D

  • මම තව වැඩක් කරා E-bay seller කෙනෙක් එක්ක. මුලින් මම වැඩියෙන්ම ගෙන්නුවෙ මගේ sony phone එකට cases, screen protectors වගේ පොඩි දේවල්. ඒව නම් ඇත්තටම ලාබයි සහ ලංකාවෙ ඒවට වඩා සුපිරි. ඒ නිසාම මගේ යාලුවන්ටත් ඒව ගෙන්නල දුන්නා. හැමදේම ගත්තෙ එකම  seller ගෙන්. Item 3ක් විතර ගෙන්නුවට පස්සෙ මම නිකමට වගේ  seller ගෙන් friendly discount එකක් ගැන ඇහුව mail එකක් මගින්. උඩින්ම කැමති උනා. E-bay එකේ $2.99 case එක $2ට දෙන්න කැමති උනා. හැබැයි මේ වැඩේ අවධානම වැඩි. seller හොරයක් කරොත් අපිට කියන්න E-bay buyer protection එකක් නැත. හැබැයි මම විශ්වාස කරපු seller මට හොර කරේ නැහැ. එයාගෙන් phone case 5කට වඩා මේ විදියට ගෙන්නගත්තා. මේ වගේ දේක අවධානම දෙපාරක් හිතල ගන්න කියලයි මම ඔයාලගෙන් ඉල්ලන්නෙ. කියන්න ඕන උනෙ මගෙ අත්දැකීම් විතරයි හොදේ ;)

දැන් ඉතිං ගොඩක් දේවල් කිව්වනෙ වැඩේ කරල අත්දැකීමක් ගන්න විතරයි ත්යෙන්නෙ.  sellerවcontact කරගන්න සහ E-bay buyer protection එක ගැන ප්‍රශ්නයක් නම් ධනිකගෙ සිතුවිලි බ්ලොගය බලන්න උඩින් දාපු ලින්කු වලින්. වෙනත් ප්‍රශ්න comment වලින් අහන්න, උදව් කරන්නම්. එහෙනම් මම ගියා. ජයවේවා!! සාර්ථක ගණුදෙනුවක් කරන්න පුලුවන් උනොත් අනිත් අයටත් පේන්න කමෙන්ටුවකින් කියන්න අමතක කරන්න එපා හොදේ.

මූණුපොතෙන් ආපු අයගෙ අදහස්

4 comments:

  1. බොහොම ස්තුතියි bro..

    ReplyDelete
  2. සහෝ මේ ගිණූමට අපි හදන්නේ ලංකාවේ එකක් විදියටමද?

    ReplyDelete
    Replies
    1. ou saho....sri lankan widiyata aththama vistara deela hadagnna one :)

      Delete

col3best sinhala movies