Friday, October 18, 2013

Facebook password එක browser එකේ save උනොත් මොකද කරන්නෙ?



මේ වගේ වැඩක් කොයි වෙලාවෙ වෙයිද sure නැති නිසා facebook යන සේරම අය දැනගෙන ඉන්න එක හොදයිනෙ. ඔන්න තනියම computer එකක් පාවිච්චි කරන කෙනෙක් නම් මේ ගැටලුව නැහැ. හැබැයි ඉතිං fb hacking ගැන මේ දවස් වල අහන්න දකින්න ලැබෙන විස්තරත් එක්ක password එක cafe එකකදි එහෙම save උනොත් දෙයියන්ගෙම පිහිටයි නෙ. හදිස්සියෙ හරි වෙන කෙනෙක් අතට ගියොත් මොනව වෙයිද දන්නෙ නැහැ. මේක ඉතිං Facebook එකට විතරක් නෙවෙයි. අපි රෙජිස්ටර් වෙලා ඉන්න හැම සයිට් එකකටම අදාලයි නෙ. ගොඩ  දෙනෙක් sure එකටම fbයනව එනවනෙ දවස ගානෙ, අන්න ඒ නිසා මේක දැනගෙන ඉන්න එක ගොඩක් වැදගත්. චූටි නංගියෙක්ගෙ password එකක් එහෙම save උනොත් සේරම පැටිකිරිය අයියට අතේ මාට්ටු නෙ හේ හේ..

      මේ ප්‍රශ්නෙ මතුවෙන්නෙ මං වගේ firefox ලෝලියො ඉන්නව නම්. google chrome එකේ නම් කතන්දර ඕන නැහැ, autofilldata, cache, cookies, ටිකත් එක්ක history clear කරා නම් ලේසියෙන්ම save උන විස්තර අයින් වෙනව. හැබැයි දන්නවනෙ firefoxවල ඔය ටික clear කරාට save උන password අයින් වෙන්නෙ නැහැ. එතකොට මොකද කරන්නෙ? අපොයි දැන් ඉතිං මේ ටික අයින් කරගන්න autofilldata, cache, cookies, history ඔක්කොම clear කරනව හරියන්නෙ නැහැ. වැඩකාරයෙක් නම් රෙජිස්ට්‍රියත් clear කරනව ඒත් නැහැ. ගෙදර computer එක නම් ඔන්න uninstall කරල ආයෙත් install කරනව. (මේකෙනුත් හරියනවද දන්නෙ නැහැ, මම කරල නැහැ) එළම සීන් එක වෙන්නෙ cafe එකකදි  save උනොත්, අන්තිමට අර අහිංසක cafe කාරයගෙ firefox තියන ෆෝල්ඩරෙම delete කරල දාල එනව :p (admin access කිබුනොත් තමා ඈ)


password එකක් අපේ  browser එකේ save වෙන විදිය දන්නවනෙ, මෙන්න මෙතනින් remember password ක්ලික් උනොත් තමා ලෙඩේ වැටෙන්නෙ.


මේ වගේ ලෙඩේ වැටුන නම් මෙන්න විසදුම. firefox වල save උන ඕනම password අයින් කරගන්නෙ මෙහෙමයි.

01. ඔන්න password එක save වෙලා තියනව.
 


02. දැන් මේ විදියට tools >> options යන්න.


03. දැන් open වෙන එකෙන් security >> saved passswords යන්න.

04. ඊට පස්සෙ  open වෙන එක දැකල බයවෙන්න එහෙම එපා :p මෙච්චර කාලෙකට save උන password ලොට් එකක් එයි. සමහරිවිට දැන් save උන එක විතරක් වෙන්න ඇති.

05. මගේ වගේ ලොට් එකක්ම ආවොත් www.facebook.com හොයාගෙන ඒක ක්ලික් කරන්න. ඊටපස්සෙ remove දෙන්න.


 07. ඔන්න වැඩේ ඉවරයි. save උන password එක දැන් අයින් වෙලා.

08. ඉවර උනාට කමක් නෑ, save උන password ලොට් එකක් ආපු අය මේකත් බලන්න. දැන් ක්ලික් කරන්න show password.

අම්මේ....සැපයි නේද? කොහොමද කව්රුහරි නොදන්න කෙනෙක් අතට මේ ටික ගියොත් එහෙම? ඔන්න ඒව remove කරල දාගන්න එක ඔයාලට බාරයි. හදිස්සියකදි ප්‍රයෝජනයක් වෙන්න පුලුවන් නෙ, ctrl+ D ඔබල bookmark කරල තියාගත්තට පාඩු නෑ, මේ වගේ තව අම්බානෙක ලට්ට ලොට්ට අරන් එනව පුලුවන් හැම වෙලාවෙම. එහෙනම් මම ගියා. යන්න කලින් fb page එකට like එකක් දාගෙනම යන්න හොදේ. අලුත් ලට්ට ලොට්ටයක් ආපු ගමන් දැන ගන්න පුලුවන්. සුභ දවසක් යාලුවනේ!!
මූණුපොතෙන් ආපු අයගෙ අදහස්

0 comments:

Post a Comment

col3best sinhala movies