Saturday, October 5, 2013

Derana Lux Film Awords' 13

ඔන්න අද උදේ පාන්දරම පසුගිය දවසක( සැප් 27 ) තිබුන සම්මාන උලෙලක් ගැන දාන්න හිතුවා. ලංකාවේ කලා ශිල්පීන්ට, ශිල්පිනියන්ට අපි හැමෝම ආදරෙ කරනවා, ඉතිං ඔවුන් වෙනුවෙන් තියන මේ වගේ සම්මාන උලෙලවල් නිසා ඔවුන් තවත් දිරිගැන්වෙනවා වගේම අගනා ශක්තියක් වෙනවා. දෙරණ නාළිකාව විසින් දෙවන වරට පැවත්වපු මෙවර සිනෙමා සම්මාන උලෙල කොළඹ මියුසියස් විද්‍යාලයෙදි අති උත්කර්ෂවත් ලෙස පැවැත්වුනා. මෙහිදි පිරිනැමුන සම්මාන කිහිපයක් සහ ඡායාරූප සෙට් එකක්ම දැම්ම බලන්නකො..

ජනප්‍රියතම සිනෙමා පටය : සුනිල් ආරියරත්න මහතාගේ "කුස පබා"


 ජනප්‍රියතම සිනෙමා නිළිය සහ නළුවා : කුස පබා චිත්‍රපටයේ රංගන දායකත්වය දැක්වූ "පූජා උමාශංකර්" සමග "රොෂාන් රණවන"


හොදම චිත්‍රපටය, හොදම අධක්ෂණය, හොදම තිර රචනය සදහා "ඉනි අවන්" චිත්‍රපටය වෙනුවෙන් අශෙකෙ හදගම මහතා සම්මාන ලැබුවා. 


ජීවිතයෙ එක්වරක් පමණක් ලැබෙන වටිනාම වූ පරම ජීවන සම්මානයෙන් පිදුම් ලැබුවේ ආචාර්යය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතායි. ඔහු වෙනුවෙන් එතුමන්ගෙ බිරිද සම්මානය ලබාගන්නා අයුරු


ඒ වගේම තවත් විශෙෂාංග රුසකින් මේ සම්මාන රාත්‍රිය වර්ණවත් උනා.











මේ වගේම තවත් බොහො දෙනා මෙදින සම්මාන වලින් පිදුම් ලැබුවා.

  • හොඳම නළුවා – දර්ශන් ධර්මරාජ් ( ඉනි අවන් වෙනුවෙන් )
  • හොඳම නිලිය – නිරංජලී ශංමුගරාජා ( ඉනි අවන් වෙනුවෙන් )
  • හොඳම සහය නළුවා – රාජා ගනේෂන් ( ඉනි අවන් වෙනුවෙන් )
  • හොඳම සහය නිළිය – වීණා ජයෙකාඩි ( කුස පබා )
  • ජූරියේ විශේෂ සම්මාන ( හෙට දවසේ සිනමාව ) – චන්න දේශප්‍රිය ( කැමරාකරණය )
  • ජූරීයේ විශේෂ සම්මානය – විමුක්ති ජයසුන්දර ( Between Two Worlds )
  • හොඳම චිත්‍රපටය ( හෙට දිනයේ සිනමාව )- සමනළ සංධ්වනිය ( ජයන්ත චන්ද්‍රසිරි )
  • හොඳම අධ්‍යක්ෂණය ( හෙට දිනයේ සිනමාව ) – උදය ධර්මවර්ධන ( මයිල්ස් ඔෆ් අ ඩීම් වෙනුවෙන් )
  • හොඳම කෙටි චිත්‍රපටය ( හෙට දිනයේ සිනමාව ) – ඉලම් හුසෙයින් ( චාවොස් කෙටි චිත්‍රපටය )
  • ජූරියේ විශේෂ සම්මාන – මතු බලාපොරොත්තු තැබිය හැකි අධ්‍යක්ෂණය – ඉසුරු වීරසිංහමුදලි (කලර් වෙනුවෙන් )
  • හොඳම නළුවා ( ප්‍රතිවීර අංශය ) – බුද්ධික ජයරත්න ( සෙනසුරු මාරුව වෙනුවෙන් )
  • හොඳම සටන් අධ්‍යක්ෂණය – ටෙඩී විද්‍යාලංකාර ( සෙනසුරු මාරුව වෙනුවෙන් )
  • හොඳම ළමා නළු – කේ එම් පවිත්‍ර ( මාතා වෙනුවෙන් )
  • හොඳම පසුබිම් සංගීතය – රෝහන වීරසිංහ ( කුස පබා වෙනුවෙන් )
  • හොඳම සංගීත සංරචනය – රෝහොන වීරසිංහ ( කුස පබා වෙනුවෙන් )
  • හොඳම ගීත ගායනය (පිරිමි) – කසුන් කල්හාර ( මධුචන්ද්‍රයාමේ – කුස පබා වෙනුවෙන් )
  • හොඳම ගීත ගායනය – නිරෝෂා විරාජිනී ( ප්‍රේමයේ මන්දිරය – කුස පබා වෙනුවෙන් )
  • හොඳම සිනමා සංගීත රූප රචනය – මධුර වසන්තේ ( කුස පබා වෙනුවෙන් )
  • හොඳම පද රචනය – සුනිල් විමලවීර ( සෙනසුරු මාරුව වෙනුවෙන් )
  • හොඳම කැමරාකරණය – මිල්ටන් කෑම්, ඩොනල්ඩ් කරුණරත්න සහ කේත ඒ ධර්මසේන ( මාතා වෙනුවෙන් )
  • හොඳම සංස්කරණය – ස්ටීවන් ප්ලිප්සන් ( මාතා වෙනුවෙන් )
  • හොඳම දෘශ්‍ය ප්‍රයෝග – බූඩ් කීර්තිසේන ( මාතා වෙනුවෙන් )
  • හොඳම ශබ්ද පරිපාලනය – ලයනල් ගුණරත්න සහ සජිත රුවන් ( කර්ම වෙනුවෙන් )
  • හොඳම රංග වින්‍යාසය – චන්දන වික්‍රමසිංහ ( කුස පබා වෙනුවෙන් )
  • හොඳම කලා අධ්‍යක්ෂණය – හීනටිගල ප්‍රේමදාස ( කුස පබා වෙනුවෙන් )
  • හොඳම වේෂ නිරූපණය – වසන්ත විට්ටච්චි සහ උපුල් මහානාම (මාතා වෙනුවෙන්)
  • හොඳම ඇදුම් නිර්මාණය – වෙනුක වික්‍රමාරච්චි (කුස පබා වෙනුවෙන්)

සේරම ඡායාරූප බලන්න යන්න.
derana.lk
cinema.lk


    0 comments:

    Post a Comment

    col3best sinhala movies