Showing posts with label E-bay සහ Paypal. Show all posts
Showing posts with label E-bay සහ Paypal. Show all posts

Monday, November 4, 2013

Commercial debit card එකෙන් Paypal ගිණුම verify කරමු


මෙන්න Paypal වලට වැදගත්ම ලිපියක්. paypal හදන්න කියල දුන්නට මදිනෙ, ඒක verify කරන විදියත් කියල දෙන්න ඕන නෙ. ගොඩක් තැන් වල මම දැකල තියනව HNB debit card එකෙන් verify කරන විදිය තියනවා. මම කියන්නෙ Commercial debit card එකෙන් කොහොමද මේ වැඩේ කරගන්නෙ කියල.

ඔයාල හදල තියෙන්නෙ ලංකාවෙ paypal එකක් උනත්, විදේශයක් එකක් උනත් මේ විදියට verify කරන්න පුලුවන්. Commercial බැංකුවෙ ගිණුමක් අරඹන්න මට ගියෙ රු1400/= යි. ඒ වෙලාවෙම card එකත් දෙනවා. ඊට පස්සෙ හම්බෙන card එක atm එකකට දාලා active වෙලා තියෙන්න ඕන. card එක active වෙන්න නම් ගිණුම හදල පැය දෙකක්වත් ඉන්න ඕන. එතකොට card එක link කරන්න පුලුවන් තත්වයට පත්වෙනවා. normally commercial debit card එක අන්තර්ජාල ගණුදෙනු සදහා වලංගුයි. HNB debit card එක වගේ bank එකට call කරල  active කරල දෙන්න කියන්න ඕන නැහැ.

හදපු Commercial debit card එක අතට අරන් මේ තියන පියවර ටික කරන්න.

01. හදපු paypal ගිණුමට ලොග් වෙන්න
02. ඊට පස්සෙ profile >> add/edit credit card  ක්ලික් කරන්න මේ විදියට

03. දැන්මේ විස්තර ටික පුරවන්න.  ඊට පස්සෙ continue කරන්න.
  • මෙතනට එන address එක account එක හදනකොට දීපු එක. බැංකු ගිණුමෙ තියන address එකයි මේකයි සමාන නම් ඔහොමම තියන්න. එහෙම නැත්තම් බැංකු ගිණුමෙ තියන address එක දෙන්න change address ක්ලික් කරල.
  • රට විදියට එන malasiya වෙනස් කරන්න බැහැ, ඒක එහෙමම තියන්න.
  • security code කියල ඉල්ලන්නෙ මෙන්න මේක

 04. දැන් එන message එකත් continue කරල මුලට එන්න.(over view)

05. ඔන්න එතකොට ඔයාගෙ ගිණුමෙන් 10MYR (3.07$)ක transaction එකක් වෙනවා. ඊටපස්සෙ Paypal pin එක ඉල්ලන්න bank එකට call කරල. එතකොට personal details ටිකක් අහනවා, ඒ නිසා bank account එක වෙන කෙනෙක්ගෙ නම් එයාගෙ විස්තර දැනගෙන call කරන්න.

06. Paypal pin එක ලැබුනට පස්සෙ account එකට ලොග් වෙලා, "Get verified" කියන තැන ක්ලික් කරන්න. නැත්තම් 02 රූපයෙ විදියට add කරපු card එකට යන්න.

07. මෙතනින් ගිහින් අංක 4ක paypal pin එක දෙන්න.
08. ඔන්න එතකොට වැඩේ හරි. over view වලට ගියාම මේ වගේ verified කියල වැටෙයි. එ වගේම ඔයාට gift එකක් විදියට 10MYR ලැබෙනවා. card එකෙන් කැපුන 10MYR පැය 24ක් ඇතුළත ආයෙක් ලැබෙනවා.
09. ඔන්න දැන් අපි හැදුව Paypal එක ඕන දේකට ඔට්ටුයි. view limits කියන තැනට ගිහින් බලන්න වැටිල තිබුන limits අයින් වෙලා තියනවා. දවසකට 500$ උපරිමයක් withdraw කරන්න පුලුවන් මේකෙන්.

හදල verify කරගත්ත paypal එක පරිස්සමට පාවිච්චි කරන්න, E-bay කරන්න මේක use කරන්න ගිහින් හරි දෙකකට ලොග් වෙන්න ගිහින් හරි limit කරගත්තොත් කරදර ගොඩයි. එහෙනම් මම යනවා හැමොටම සුභපැතුම්!!

අදහසක් දක්වල, අනිත් අයටත් බලන්න share කරලම යන්න අමතක කරන්න එපා හොදේ ;) සුභ දවසක්!!

Sunday, October 20, 2013

Paypal #2 - ලංකාවෙ අපිටත් money recieve පුලුවන් Payapal එකක්


මෙන්න අද ගෙනාවෙ ගොඩදෙනෙක්ට වටිනා කියන ලිපියක්. නොහිතපු විදියට මමත් E-bay ගැන පෝස්ට් එකක් දැම්මනෙ. ඒ නිසාම ලංකාවෙ අපිට ගැලපෙනම නීත්‍යානුකූල Paypal එකක් හදන විදියත් කිව්වා. ඒ පෝස්ට් දෙකේදි වගේම ඊට කලින් ඉදලම මම කිව්ව Paypal හරි අවබෝධයක් නැත්තන් සල්ලි withdraw කරන්න එපා කියල. ඔන්න මේ පෝස්ට් එකෙන් පස්සෙ ඒ කතාව ඉවරයි :D මේකට අදාල කලින් පොස්ට් දෙකත් බලන්නකො.

හරි දැන් අපි වැඩේ පටන් ගන්න කලින් ඔයාට ඕන මොන විදියෙ Paypal එකක්ද කියල තීරණය කරගන්න. මොකද ආසාවට facebook account හදනව වගෙ Paypal හදන්න බැහැ. හැදුව කියල අවුලක් නෑ, ඒත් නිකන් ලෙඩ වැටෙන එක විතරයි වෙන්නෙ. Paypal හදන විදිය ගොඩක් අය කියල දෙනව, ඒත් හරියටම කියල දුන්නෙ iplus බ්ලොගය හරහා. අවාසනාවට දැන් ඒ බ්ලොගය වැඩ කරන්නෙ නැහැ. එයාගෙ ක්‍රමය 100%ක් විශ්වාස කරන්න පුලුවන්, මොකද එයා Paypal ගැන නොදැන අම්බානෙක කරදර වෙලා, සල්ලි නාස්ති වෙලා ඒ අත්දැකීම් එක්ක අපිට එහෙම නොවෙන්න තමා කියල දීල තිබුනෙ. ඒ නිසා හැම විස්තරයක්ම හරියට කියවල කරන්න. මේක මම හිතල දාන විදියක් එහෙම නෙවෙයි ඕන්, ගොඩක් හොයල හොයල අත්දැකීම් එක්කම කියන්නෙ. 

වැදගත්

  • අන්තරජාලයෙ මුදල් හොයල ලංකාවට ගෙන්නගන්න ඕන අය මේ ක්‍රමයට හදන්න. අපි හදන මේ Paypal එක හරහා E-bay ගණුදෙනු කරන්න යන්න එපා.
  • මේ ක්‍රමයට හදන්න කලින් IP hide කරන softaware මොකුත් පාවිච්චි කරන්න එපා. proxy වෙනස් කරන්න අරව මේව මොකුත්ම කරන්න  එපා.
  • යොදාගන්න e-mail ලිපිනයෙත් ඇත්තම විස්තර තියනව නම් හොදයි.
  • computer එකෙන් එකම Paypal ගිණුමකට විතරක් ලොග් වෙන්න. cafe වලින් එහෙම ලොග් වෙන්න එපා.

කලින් හදපු Paypal එකක් තියනවද?

  • කලින් හදපු  Paypal එකක් තියනව නම් computer එක format කරල හදන එක තමා වඩා හොද. එහෙම නැත්තන් browser එක මාරු කරල හදාගන්න හරි firefox වල cookies, cache clear කරල හරි අලුත් එක හදන්න පටන් ගන්න.

ඇත්තම විස්තර දීල Paypal එක හදන්නෙ ඇයි?

  • අපි මේ කරන්නෙ හොර වැඩක්නෙ, සුද්දට සැක හිතුනොත් account limit කරනව. එතකොට ඒකෙ තියන සල්ලි withdraw කරන්න බැරිවෙනවා.
  • ඒ විදියට සුද්ද අපිට මොකක් හරි ලෙඩක් දැම්මොත් අපි කියන්නෙ, අපි විදේශයෙ රැකියාවකට ගිහින් ඉන්නකොට මේ Paypal එක හැදුව, දැන් ලංකාවෙ ඉදල ඒක පාවිච්චි කරනව කියල. 
  • අන්න එතකොට අපි දුන්න විස්තර ඇත්ත කියල ඔප්පු කරන්න passport copy, ගෙදර address එක ඔප්පු කරන්න මොනව හරි බිල් copy යක්, bank statement එකක් වගේ සුද්ද ඉල්ලන දේවල් ටිකක් යවන්න වෙනවා. (NIC එක නැතුව ඉංග්‍රිරිසියෙන් අනන්‍යතාව ඔප්පු කරන්න පුලුවන් ඒව තමා යවන්න ඕන)

අපෙත්  account limit වෙයිද?

  • මේක තියෙන්නෙ අපේ අතේ. අපි ප්‍රවේශම් නම් සුද්ද අපිව අල්ලනව බොරු. උඩින් කියපු වැදගත් කරුණු අමතක නොකර ඉන්න එතකොට කරදරයක් වෙන්නෙ නැහැ.

මොකද්ද හොදම රට තෝරගන්න?

  • ලංකාවෙ බහුතරය හදන්නෙ මැලේසියන් විදියට, තව පිලිපීන. සංගප්පූරු විදියට උනත් හදන්න පුලුවන්. 

 මැලේසියන් විදියට  Paypal ගිණුම හදමු.

01. මුලින්ම මේ ලෝගො එක උඩ ක්ලික් කරල සයිට් එකට යන්න.


03. දැන් රට විදියට මැලේසියා තෝරල "Get started" ක්ලික් කරන්න

04. දැන් අපේ පෞද්ගලික විස්තර දෙන්න ඕන. මතක තියාගන්න මෙතන බොරු විස්තර දුන්නොත් අමාරුවෙ වැටෙයි හොදේ.


05. ඔන්න මේ ටික නම් වරද්දන්න එපා හොදේ!!

  • malasiyan විදියට paypal හැදුවට අපි ලංකාවෙ මතකනෙ, දැන් අපි මැලේසියාවෙ රැකියාවකට ගිහින් ඉන්නෙ. ඒ නිසා රට malasiya උනාට, Nationality එකSri Lanka කියල දෙන්න.
  • ඊට පස්සෙ ගෙදරදට bill ලැබෙන address එක ඒ විදියටම දෙන්න.
  • ඔයාලගෙ postal code එක දන්නෙ නැත්තම් google search පාරක් දාල හොයන්න.
  • මැලේසියාවෙ no එකකුත් හොයාගන්න හොදේ ;)
  • මේ ටික fill කරල "Agree and create account" ඔබන්න.

06. දැන් වැඩේ හරි, මේ වගේ එකක් ආවම "go to my account" click කරල මුලට යන්න.

07. දැන් මේ වගේ Overview එකක් තියෙයි.මුලින්ම ගණුදෙනු කරන්න කලින් පොඩි වැඩ ටිකක් කරන්න තියනව.

  • මුලින්ම බලන්න 1 කොටුව දිහා, E-mail එක confirm කරන්න ඕන.
  • ඊළගට security question දෙකක් දෙන්න. (මේව  ගැන නම් වැඩිය කියන්නෙ නැහැ, කරගන්න බැරි කෙනෙක් ඉන්නව නම් comment කරන්න, කියල දෙන්නම්)

08. උඩ පිංතූරෙ 2 කොටුව බලන්න. 

  • Primary Currency විදියට තියෙන්නෙ MYR, මේක අපිට පුරුදු USD වලට මාරු කරගමු.
  • 3 කොටුව බලන්න, මෙතන verified කියල වැටෙන්නෙ අපි card එකක add කරගත්තට පස්සෙ හොදේ.

දැන් අපේ වැඩේ 75% ක් ඉවරයි. දැන් බලයි කෝ ඉතිරි 25% කියල :p ඒකත් සම්පූර්ණ වෙන්නෙ අපි ගණුදෙනු කරන බැංකු card එක මේකට link කරගත්තම. මේකට HNB debit card එකක් හරි, Commercial debit card එකක් හරි ලේසියෙන්ම link කරල verify කරගන්න පුලුවන්. කලින් paypal use කරපු කෙනෙක් නම් ක්‍රමය දන්නවනෙ. එහෙනම් මේ ලිපිය නවත්තනව මං.

ඊළග ලිපියෙන්  card එකක් link කරල verify කරගන්න විදිය මේ වගේම screenshot එක්කම කියල දෙනවා හොදේ. මම කියල දෙන්නෙ Commercial debit card එකක් link කරල verify කරගන්න විදිය. HNB උනත් අවුලක් නැහැ. අනිත් බැංකු card එක්ක නම් මේ වැඩේ ටිකක් අමාරුයි. ඒ නිසා මේ දෙකෙන් එකක් වත් නැති අය කැමති බැංකුවකින් ගිණුමක් open කරන්න. Commercial bank එකේ නම් 1400/= ක් දීල එක දවසින් card එක ගන්න පුලුවන්. card එකට 400/=ක් ගන්නව හොදේ. ඒකයි 1400/= :p

එහෙනම් මම ගියා. ප්‍රශ්න තියනව නම් comment වලින් අහන්න. සැකයක් තියාගෙන ඉන්න එපා හොදේ...හේ හේ. අනිත් පෝස්ට් එකත් ලියපු ගමන් දැනගන්න like එකකුත් දාගෙනම යන්නකෝ. ජයවේවා!!


මූණුපොතෙන් ආපු අයගෙ අදහස්

Sunday, October 13, 2013

ලංකාවෙ අපිට Ebay ගණුදෙනු කරන්න paypal එකක්



මුලින්ම paypal ගැන නොදන්න අයට මේ ගැන පොඩි අදහසක් දෙන්නම්. කෙටියෙන්ම නම් මේක අන්තර්ජාලයෙ හදාගන්න බැංකු ගිණුමක්. ඒ වගේම අපි අන්තර්ජාලය හා ගණුදෙනු කරන වෙලාවට උදව් වෙන අතරමැදියෙක්. මූල්‍යමය ගණුදෙනු නිසා paypal වල නීති ටිකක් තදයි. මහ ලොකු දේවල් නොවුනට අපි නිතර කරන වැරදි මෙතනදි කරන්න හොද නැහැ.
  • අසත්‍ය තොරතුරු දීල  paypal account සෑදීම
  • paypal account එකකට වඩා භාවිතය
  • එකම පරිඝණකයකින්  paypal account ගොඩකට ලොග් වීම. (cafe වලින් ලොග් වෙන්න එපා)
මේව පොඩි දේවල් උනත් මතක් කරල දුන්නෙ නිකං ටොපි කන්න වෙයි කියල. මොකද මේ වගේ දේවල් ගැන සැලකිල්ලක් දක්වන්නෙ නැතුව නොයෙකුත් විදියට paypal ගැන කියන අය ඕන තරම් ඉන්නව. මම මේ ගැන ගොඩක්ම දැනගත්තෙ iplus එකෙන්. අවාසනාවකට දැන් ඒ සයිට් එක වැඩ කරන්නෙ නැහැ. ඒ නිසාමයි මේ දේවල් කියන්න හිතුවෙත්. 

 paypal සහ ලංකාවෙ අපි

paypal වල කාණ්ඩ 03ක් ගැන මම කලිනුත් කිව්ව මතක ඇති. ඒ තමයි,
01. send only - මේ account එකෙන් මුදල් ගෙවන්න විතරයි පුලුවන්
02. send and receive - මේ account එකෙන් මුදල් ගෙවන්න සහ paypal එකට මුදල් ගෙන්නගන්න පුලුවන්
03. send receive and withdraw - මුදල් ගෙවන්න, ගෙන්නගන්න සහ මුදල් අපේ බැංකු ගිණුමට ගන්න පුලුවන්

මෙන්න මේ කාණ්ඩ තමන්ගෙ රට අනුව වෙනස් වෙනවා. ලංකාවෙ අපිට හිමි  send only කාණ්ඩය. මට අහන්න ලැබුන විදියට අපේ රටේ සිදුවුන වංචනික ක්‍රියා නිසයි මේ තත්වෙ උදාවෙල තියෙන්නෙ. සත්‍යතාව නම් දන්නෙ නැත. මේ නිසා අපිට පුලුවන් මෙම කාණ්ඩයෙ paypal ගිණුමක් යොදාගෙන online shopping කරන්න පමණයි. E-bay ගණුදෙනු කරන්න අවශ්‍යය අය තෝරගත යුත්තෙ මේ ක්‍රමය. ඒකට හේතුව පහතින් විස්තර කරන්නම්.

දැන් බලමු උඩින්ම කියපු වැරදි දේවල් අපිට අදාල වෙන්නෙ කොහොමද කියල.

  • අසත්‍ය තොරතුරු දීල  paypal account සෑදීම
සමහර අය කැමති නෑ කිසිම වෙලාවක තමන්ගෙ සත්‍ය තොරතුරු වලින් අන්තර්ජාලයත් එක්ක ගණුදෙනු කරන්න. එහෙම උනත් මේ වැඩේට අසත්‍ය තොරතුරු යොදාගන්න එක නුවණට හුරු නෑ.මොකද paypal වලට බොරු කරනව කියල සැකයක් ආවොත් අපේ account එක limit කරනව. ගොඩක්ම මේක වෙන්නෙ අපි විදේශයක විදියට paypal හදන්න ගියාම. ලංකාව send only නිසා කට්ටය මැලෙසියන් විදියට paypal හදනව send receive and withdraw කරන්න කියල. ඊට පස්සෙ අමාරුවෙන් හොයාගත්ත සල්ලි ටිකත් withdraw කරගෙන එහෙම E-bay shopping කරන්න යනවා. එතකොට ඉතිං දෙයියන්ගෙම පිහිටයි.
මතකනෙ මම කිව්ව E-bay සහ paypal සහොදරයො වගේ. අන්න ඒ නිසා හොරාට හදපු paypal මගින් E-bay ගණුදෙනු කරන්න එපා අහුවෙනවා. එහෙම අහුවෙලා limit උන account එකක් ආය ගොඩදාගන්න අපේ අනන්‍යතාව ඔප්පු කරන්න ඕන. මේක කරන්න බැරි උනොත් අපි withdraw කරපු සල්ලි ටික අමතක කරන්න තමා තියෙන්නෙ. විදේශයක විදියට නම් අපි ඒ රටේ කියල ඔප්පු කරන්නෙ කොහොමද? බයවෙන්න එපා මේකට විසදුමක් තියනව. ඒ ගැන වෙනම විස්තර කරන්නම්. නමුත් මේක කරදරයි, සුද්දා අපිව විශ්වාස කරයි කියල 100% ක් හිතන්න බෑනේ. අන්න ඒ නිසා E-bay ගණුදෙනුවක් කරන්න නීත්‍යානුකූල විදියෙ paypal එකක් හදමු.

  • paypal account එකකට වඩා භාවිතය සහ එකම පරිඝණකයකින් ලොග් වීම
සමහරක් ආසම වැඩේ මේක. facebook, gamil, twitter අරව මේව තියෙන සේරගෙම  account ලොඩක් හදනවා. ඒ විදියට paypalවල කරන්න යන්න එපා ඔන්න. අපි මොනවමහරි account එකකට පරිඝණකය හරහා ලොග් උනාට පස්සෙ browser එකෙ history, cache clear කරපු පමණින් කලින් විස්තර අයින් නොවෙන්න පුලුවන්. අන්න ඒ නිසා නිතරම එකම පරිඝණකයෙන් paypal account කිහිපයකට ලොග් වෙන්න හොද නැහැ. ඒකෙන් වෙන්නෙ අපි විසින් අපේ account limit කරගැනීමක් වෙන්න පුලුවන්. වැරදීමකින් හරි limit වෙන account එක  send only උනොත් අවුලක් නැහැ. තව එකක් හදාගන්න හරි පුලුවන්. නමුත් අපේ සල්ලි withdraw කරපු account එකක් නම් අපරාදයක් නේද.

ලංකාවෙ අපිට E-bay ගණුදෙනු කරන්න  paypal එකක්

දැන් තමා මාතෘකාවට ආවෙ. paypal ගැන මේ ටික කිව්වෙ තවමත් හරියට නොදැන කව්රු හරි කෙනෙක් තමන්ගෙ මුදල් නිකරුනෙ නාස්ති කරගනිවී කියල. E-bay ගණුදෙනු කරන්න ඉවසිල්ලක් නැතුව ඉන්න සෙට් එක මේ විදියට හදාගන්න කිසිම අවුලක් නැහැ එතකොට.

  •  මුලින්ම Paypal වලට යන්න. ඊටපස්සෙ පිංතූරෙ විදියට sign up ක්ලික් කරන්න. (පිංතූර පැහැදිලි නැත්නම් ඒව උඩ ක්ලික් කරල බලන්න)


  • මෙතන ඔයාලගෙ ඇත්තම විස්තර දෙන්න. 1න් පෙන්නපු ටික් එක අයින් කරල කොළ පාටින් පෙන්නපු කොටුව ක්ලික් කරන්න
  • දැන් මේ capcha එක type කරල continue කරන්න.
  •  ඊටපස්සෙ දැනට card add නොකර my account ක්ලික් කරල මුලට එන්න.
  • ඊටපස්සෙ ඔයාලගෙ e-mail/ password දීල ලොග් වෙන්න. e-mail එක confirm කරන්න කියයි. mail check කරල paypal වලින් ආපු එකේ තියන අදාල ලින්ක් එක ක්ලික් කරල ඒකත් කරන්න.
  • දැන් මේ විදියෙ unverified paypal එකක් හැදිල තියෙයි. 
  • දැන් වැඩේ ඉවරයි. ඔයාලත් නීත්‍යානුකූල paypal හිමිනරුවෙක් :D
ඉවරයි කිව්වට තාම මේක ගණුදෙනු කරන්න බැහැ. මේ සදහ අපේ බැංකුවකින් card එකක් add කරන්න එපැයි. ඒ ටික හරියට කියවන්න කලින් දාපු බය නැතුව E-bay ගණුදෙනු කරමුද? බලන්න. ඊටපස්සෙ ඔයාලටත් සාර්ථක E-bay ගණුදෙනුවක අත්දැකීමක් ගන්න පුලුවන්. එහෙනම් මම ගියා. ප්‍රශ්නයක්  ආවොත් comments වලින් අහන්න, ඒ වගේම ප්‍රයෝජනවත් උන කෙනෙක් අදහසකුත් දකවලම යන්නකෝ. ජයවේවා!!


මූණුපොතෙන් ආපු අයගෙ අදහස්

Saturday, October 12, 2013

බය නැතුව E-bay ගණුදෙනු කරමුද?

          

      මම මේ බ්ලොගය ලියන්න ගන්නකොටම මං හිතුව දෙයක් තමා E-bay, paypal,  ගැන ලියන්නෙ නෑ කියල. මොකද ඒ තරමටම මේ දේවල් ගැන විස්තර ඕන තරම් තියනවනෙ කියවන්න. නොහිතපු විදියට මේ පෝස්ට් එක දාන්න ගත්තෙ paypal,  E-bay ගැන මට උන අත්දැකීමක් කියන්න සහ අලුත් කෙනෙක්ට මට වගේ කරදරයක් නොවෙන්න කියල හිතාගෙන. දැන් බලයි paypal ගැන කියන්නත් E-bay පෝස්ට් දාන්නෙ පිස්සුද කියල :p කට්ටිය දන්නවනෙ  E-bay සහ paypal හරියට රයිගමයයි, ගම්පොලයයි වගේනේ...හේ හේ. ඒ නිසා ඉතිං දෙන්න ගැනම කියන්න හිතුව. මම මේ දේවල් ගැන මුල ඉදන් step by step කියල දෙන්නෙ නම් නැහැ. ඒ ගැන කියවන්න එළටම ලියපු පෝස්ට් වගයක් තියනවා. පහළ ලින්කු වලින් ගිහින් කියවන්න.මේ මාතෘකාවට ආධුනික අයෙකුට හොද දැනුමක් ගන්න පුලුවන්.

ඒ ලිපි කියෙව්ව නම් E-bay ගැන හොද මූලික අවබෝධයක් ලැබෙනවා. දැන් ඉතිං පොඩි ප්‍රශ්නයක් ආයෙත් මතුවෙනව කොහොමද paypal ගිණුමක් හරියට හදාගන්නෙ කියල. ඒ ගැන කියන්න කලින් පොඩි දේවල් ටිකක් කියන්න ඕන. paypal ගිණුමක් කියන්නෙ අන්තර්ජාල බැංකු ගිණුමක් කිව්වොත් හරි. අපේ සාමාන්‍ය බැංකු ගිණුමක් වගේ නෙවෙයි හැබැයි. මේකට pass book අනම් මනම් නන් නැත. ඒ වගේම මේකෙ account type කිහිපයක් සහ කළ හැකි නොහැකි දේවල් තියනවා. මෙයාලගෙ account type 3ක් තියනවා. මෙතිනින් ලංකාවෙ අපිට හිමිවෙවලා තියෙන්නෙ  send only කියනකාණ්ඩයේ ගිණුම්. මේක තමා ශ්‍රී ලාංකික අපිට නීත්‍යානුකූලව paypal වලින් දීල තියන කාණ්ඩය. ඔයාලගෙ අවශ්‍යතාවය E-bay හරහා යම් භාණ්ඩයක් මිළදි ගන්න නම් මේ ගිණුම හොදටම ප්‍රමාණවත්. ලංකාවෙ අපිට ගැලගෙන paypal ගිණුමක් හදාගන්න පහලින් ගිහින් බලන්න.


paypal ගිණුමක් හැදුවට පස්සේ අපිට ඕන වෙන්නෙ   paypal සමග ගණුදෙනු කරන්න පුලුවන් ලංකාවෙ බැංකු ගිණුමක්. මේ වැඩේට,
  • Sampath Webcard
  • HNB debit card
  • Commercial debit card 
 එකක් යොදාගන්න පුලුවන්. credit card එකක් උනත් link කරගන්න පුලුවන් උනාට වඩාත් ආරක්ෂිත වෙන්නෙ මෙවයින් එකක යොදාගන්න එකම තමා. මමත් sampath webcard එකක් හරහා ගණුදෙනු කලා කිසිම අවුලක් වෙන්නෙ නැතුව. debit card එකක් උනත් බය වෙන්න දෙයක් නැහැ. මේ විදියට හදාගත්ත card එකක් paypal වලට සම්බන්ධ කරන විදිය දැනගන්න පහළ ලිපි දෙකත් කියවන්නකෝ.


දැන් නම්  E-bay හරහා ගණුදෙනුවක් කරන්න අවශ්‍ය සියල්ලම තියනවා. ඊට කලින් තව වැදගත් දේවල් ටිකක් කියන් හිතුව. E-bay හරහා නිකන් ආසාවට දැක්ක ගමන් හැමදේම order කරන්න යන්න එපා. අපරාදෙනෙ සල්ලි. අවශ්‍යම දේවල් ගැන විතරක් ගන්නව නම් හොදයි. ඒ වගේම මේව රට ඉදන් එනව කියල හැමදෙයක්ම ලාබ නැහැ. අපි E-bay හරහා දෙයක් ගන්න ගාණට ලංකාවෙන් ඒ වගේ 2ක් ගන්න පුලුවන් වෙන්නත් ඉඩ තියනවා. අන්න ඒ නිසා ORDER එකක් දාන්න කලින් දෙපාරක් හිතන්න. අනිත් වැදගත් දේ free shipping දෙනව නම් විතරක් ගන්න එක අපිට ගොඩක් ලාබයි. E-bay වලට ගිහින් පොඩි රවුමක් ගැහුව නම් මේව නිකන්ම තේරෙයි. අපි ගෙවීම් කළාට පස්සෙ ඒව ගෙදරටම එයිද කියල සැක අය බලන්න මම ගෙන්නපු ඒවගෙ හොයාගත්ත cover ටිකක් ඔන්න දැම්මා. උඩින්ම මං දීපු ලින්ක් වලින් ගිහින් බැලුව නම් දකින්න ඇති E-bay වලින් ගෙනාපු බඩු වල photos දාල තියනවා තවත් කෙනෙක්.


මම ටික කාලයයි E-bay එක්ක ගණුදෙනු කලේ. ඒ කාලෙ ORDER කරපු සේරම ටික කිසිම අවුලක් නැතුව ගෙදරටම ආවා. දැන්  E-bay ගණුදෙනුවෙන්නෙ නැති තරම්, මොකද මම money receive කරන්න පුලුවන් paypal ගිණුමක් හදාගත්ත නිසා E-bay ගණුදෙනු අතෑරල දාල තියෙන්නෙ. මේ ගැන තවත් වැඩි විස්තර වෙනත් ලිපියකින් කියන්නම්කො.

 මේ මගේ අත්දැකීම් ටිකක්
  • එක පාරක් මගෙ ORDER එකක් එවනකොට address එක උඩින් stiker එකක් අලවල seller කෙනෙක්. නියමිත දවස් පහුවෙලා නිසා මාත් මොකද කරන්නෙ කියල හිත හිත ඉන්නකොට කොළඹ post office එකෙන් කතා කරල මගෙ address එක අහල ගෙදරටම එව්වා. එහෙම උනෙ මම address එකත් එක්ක mobile no එකත් දාල තිබුන නිසා. අන්න ඒ නිසා ඔයාලගෙ  address එක දෙනකොට mobile no එක දාන එක ප්‍රයොජනවත්.

  • සමහර වෙලාවට අපි ගෙන්නන භාණ්ඩයක් එන්න කල්ගත වෙනවා. සාමාන්‍යයයෙන් නම් දවස් 10ක් 14ක් ඇතුළත ලැබෙනවා. කලාතුරකින් දවස් 20-30 යන්නත් පුලුවන්. මම නම් කරන්නෙ දවස් 14-15න් ආවෙ නැත්තම් sellerව contact කරගෙන පොඩ්ඩක් චුරු චුරු ගානවා :D මොකද මුන් බොරුවක් කරනවද දන්නෙත් නෑනෙ. එයාල අහන්න අකමැතිම වචනය තමා "Negative feedback" කියන්නෙ, අන්න ඒ නිසා ඕක කියල මුල ඉදන් බය කරල තියාගන්නවා. දවස් 30නුත් නැත්නම් විකල්පයක් ඉල්ලනවා. අපි ඉල්ලන දේකට බොහොවිට එයාල කැමතියි. මොකද නැත්නම් "Negative feedback" ගන්න වෙනවනෙ. මම හිතන්නෙ දෙයක් අපිට නොලැබුනොත් reship කරන්න ඉල්ලන එක හොදයි.

  • මොකද දන්නවද මම reship ඉල්ලන එක හොදයි කිව්වෙ, එක පාරක් මම ORDER කරපු ITEM එකක් ආවා. ඒක මම බලාපොරොත්තු උනාට වඩා ටොයිස් එකක්. seller ගෙ විස්තරය අනුව හාත්පසින්ම වෙනස් එකක් ලැබුනෙ. මම මුට දුන්නා "Negative feedback" එකක් සහ scam review එකක්. මෙන්න හැරෙන තෑපැලෙන් mail එකක් එනවා feedback change කරන්න ලින්කුවකුත් එක්ක, එයා මට විකල්පයක් දෙන්න කැමතියි කියල. seller අහන්නෙ reship එකක් හරි වෙන දෙයක් හරි දෙන්න. මම ඉතිං ලෝබයා වෙලා full refund එකක් ඉල්ලුවා. ඉල්ලුව වගේම ලැබුන. ලැබුන කියන්නෙ paypal receipt එකක් ආවා. වැඩේ කියන්නෙ මට තිබුනෙ sapmath wecard  එකක් සහ send only paypal එකක්. sampath card center කතා කරල ඇහුවට ඒ refund මුදල ඇවිත් නැහැ. දවස් ගානක් ගියත් නෑ. ඒ නිසා refund එකක් තොරගන්න එපෝ....:D

  • මම තව වැඩක් කරා E-bay seller කෙනෙක් එක්ක. මුලින් මම වැඩියෙන්ම ගෙන්නුවෙ මගේ sony phone එකට cases, screen protectors වගේ පොඩි දේවල්. ඒව නම් ඇත්තටම ලාබයි සහ ලංකාවෙ ඒවට වඩා සුපිරි. ඒ නිසාම මගේ යාලුවන්ටත් ඒව ගෙන්නල දුන්නා. හැමදේම ගත්තෙ එකම  seller ගෙන්. Item 3ක් විතර ගෙන්නුවට පස්සෙ මම නිකමට වගේ  seller ගෙන් friendly discount එකක් ගැන ඇහුව mail එකක් මගින්. උඩින්ම කැමති උනා. E-bay එකේ $2.99 case එක $2ට දෙන්න කැමති උනා. හැබැයි මේ වැඩේ අවධානම වැඩි. seller හොරයක් කරොත් අපිට කියන්න E-bay buyer protection එකක් නැත. හැබැයි මම විශ්වාස කරපු seller මට හොර කරේ නැහැ. එයාගෙන් phone case 5කට වඩා මේ විදියට ගෙන්නගත්තා. මේ වගේ දේක අවධානම දෙපාරක් හිතල ගන්න කියලයි මම ඔයාලගෙන් ඉල්ලන්නෙ. කියන්න ඕන උනෙ මගෙ අත්දැකීම් විතරයි හොදේ ;)

දැන් ඉතිං ගොඩක් දේවල් කිව්වනෙ වැඩේ කරල අත්දැකීමක් ගන්න විතරයි ත්යෙන්නෙ.  sellerවcontact කරගන්න සහ E-bay buyer protection එක ගැන ප්‍රශ්නයක් නම් ධනිකගෙ සිතුවිලි බ්ලොගය බලන්න උඩින් දාපු ලින්කු වලින්. වෙනත් ප්‍රශ්න comment වලින් අහන්න, උදව් කරන්නම්. එහෙනම් මම ගියා. ජයවේවා!! සාර්ථක ගණුදෙනුවක් කරන්න පුලුවන් උනොත් අනිත් අයටත් පේන්න කමෙන්ටුවකින් කියන්න අමතක කරන්න එපා හොදේ.

මූණුපොතෙන් ආපු අයගෙ අදහස්

col3best sinhala movies