Showing posts with label අලුත් News. Show all posts
Showing posts with label අලුත් News. Show all posts

Friday, November 8, 2013

2012/13 academic year University Cut off Marks released!!




ඔන්න ඊයෙ cut off දෙනව කිව්වට පස්සෙ කට්ටයම බලන් ඉන්නෙ කොයි වෙලෙ දෙයිද කියලනෙ, මෙන්න දැන් මේක දාලා තියනවා. තාම UGC site එකේ නම් update වෙලා නැහැ. අද දෙරණ කට්ටිය දාලා තිබුන. බලන්න බැරි උන අයට ගන්න පහළින් දැම්ම. download කරගෙනම නිදහසේ බලන්න පුලුවන් වෙන්න :D




දැක්කෙ නැති අනිත් සෙට් එකටත් බලන්න පෝස්ට් එක share කරගෙනම යන්නකො!! කැම්පස් යන්න සුදුසුකම් ලබපු හැමොටම සුභපැතුම්!!

Wednesday, October 30, 2013

Network Marketing company වල සල්ලි දැම්ම නම් නම් බලන්න




මේ දවස් වල ලංකාවෙ හැමතැනම ඇහෙන පේන කතාවක්නෙ ලංකාවෙ තියන Network Marketing කියන කතාව. මේ ගැන කියන්න මම වැඩිය දන්නෙ නැහැ. හැබැයි අන්තිමට ඒවගෙන් වෙන්නෙත් අන්තර්ජාලය හරහා advertisement බලන්න දෙන එක. ලෝකෙ පිලිගත්ත bux සයිට් තියෙද්දිත් ඒවගෙ සල්ලි ආයෝජනය කරන්න කලින් දෙපාරක් හිතන්න වෙනවා. මේ තියෙන්නෙ අද උදේ "nethfm balungala" වැඩසටහනෙන් පොඩි කොටසක්.

මේ වැඩේට අතගහපු කෙනෙක් හරි අතගහන්න ඉන්න කෙනෙක් හරි නම් අනිවාර්යයෙන් මේක බලල ඉන්න එක වටිනවා. ඊට පස්සෙ හිතන්න මොකද කරන්නෙ කියල.


මේක මගේ කණට වැටුන ගමන් හැමෝටම කියන්න පටස් ගාලා පෝස්ට් එක දැම්මෙ. මොකද ඊයෙ පෙරේදා බුකියෙ මම මේ කතාව දැක්කා. අනිත් යාලුවො හැමොටමත් මේක share කරන්න අමතක කරන්න එපා. මම යනවා. සුභ දවසක්!! 10ට බලන්න www.nwthfm.com අඩවිය නිකුත් කරන විඩියොවත් ;)

මූණුපොතෙන් ආපු අයගෙ අදහස්

Sunday, October 27, 2013

HighWay එකේ මහින්ද මාමා ගිය හැටි

කට්ටිය මේක දකින්න ඇතිනෙ අද උදේ ඉදන්, මහින්ද මාමා ඔන්න තවත් Highway එකක් හදල විවෘත කලා. කොළඹ ඉදන් කටුනායක airport යන්න 26KM කට තමා මේ වැඩේ කරේ. ඇමෙරිකානු ඩොලර් මිලියන 291ක් චීන්නුන්ට ණය වෙලා. සමහර අයට හොදයිලු, සමහර අයට නරකයිලු. මේව්ව කියන්න ගිහින් සුදු වෑන් වල යන්න වෙයිද දන්ද :p මගෙ අදහස, රටකට සංවර්ධනය විතරක් නෙවෙයි ඕන, මිනිස්සුන්ට ඔලුව උස්සල ජීවත් වෙන්න පුලුවන්, ණය බරින් මිදුන රටක් හදල අපේම සල්ලි වලින් මේ වගේ සංවර්ධනයක් ලැබෙනව නම් කොච්චර හොදද නේ. හැබැයි ඉතිං තව කල්පෙකින් වත් ඒ වගේ දවසක් එයිද දන්නෙ නෑ :D







මේව බලල ඉස්සරහටත් වෙන දේ බලන් ඉන්න තමා තියෙන්නෙ අපිට, ආශ්චර්යයට යන පාර නොවැ ;)
මූණුපොතෙන් ආපු අයගෙ අදහස්

Thursday, October 10, 2013

Campz යන්න බලන් ඉන්න කොල්ලො කෙල්ලන්ට ආරංචියක්

   

UPDATED on 2013/10/15
cmpz කතාවෙ අලුතම විස්තරෙ දැන් කට්ටිය දන්නව වෙන්න ඕන. මට මේ ගැන Janith jayasinha යාලුව කමෙන්ටුවකින් කිව්වට පස්සෙ ටිකක් හොයන්න හිතුන ආයෙත්. කිව්ව වගේම නිව්ස් එක අලුත් වෙලා. කාණ්ඩ 03කින් නායකත්ව පුහුණුව අරඹන්න දින දීල තියනවා. තෝරගත්ත අයගෙ විස්තර නම් තාම update වෙලා නෑ වගේ. 
  • පළමු කාණ්ඩය නොවැ 25 සිට දෙසැ 16
  • දෙවන කාණ්ඩය දෙසැ 21 සිට ජන 11
  • තෙවන කාණ්ඩය ජන 28 සිට පෙබ 18 වෙනකන්
දැන් ඉතිං නාලා වරෙන්කො. මේ අවුරුද්දෙ දෙසැ  කැම්පස් යන්න හිතුව අපිට ලබන අවුරුද්දෙ පෙබ 18 පහු වෙනකන් යන්න වෙන්නෙ නෑ sure එකටම. හේ හේ... ඒකත් මරු හැබැයි. මේ නිව්ස් එක ගත්තෙත් කලින් වගේම යටින් දාල තියන Uni news එකෙන් හොදේ. 

2013/10/10      
  අපොස උසස් පෙළ ලියල, කැම්පස් එකට ඇප්ලිකේෂන් එකත් දාල ඉන්න කෙනෙක් නම් මේ දවස්වල හොදට ඇහැ කන ඇරගෙන බලන් ඉන්නෙ, කොයිවෙලාවෙද මොකක් හරි අලුත් විස්තරයක් දැනගන්නෙ කියලනෙ. හැබැයි ඉතිං ආශ්චර්යය කියන්නෙ ඒ දේවල් ගැන හරි හමන් තොරතුරක් ප්‍රසිද්ධ නොකරන එක.
         ඔන්න පහුගිය ටිකේ නම් කෑගැහුවනෙ ඔක්තෝබර් මුල් සතියෙ නායකත්ව පුහුණුවට ගන්නවාය, කඩඉම් ලකුණු දෙනවාය  අනං මනං කියල. එහෙම කියපු අය ඊයෙ කියන්නෙ වෙනස් කතාවක්. හැමකෙනෙක්ම දන්නවනෙ මේ දවස් ටිකෙ ලංකාවෙ අර පොදුරාජ්‍ය මණිඩලයෙ මොකද්ද තියන්න ලැහැස්ති වෙනවනෙ. අන්න ඒ නිසා ඒක ඉවරවෙනකන් ඒ කියන්නෙ නොවැම්බර් 17 වෙනකම් නායකත්ව පුහුණු පවතවන්නෙ නැහැලු. මේ මාසෙ යන්න බලන් උන්න අපිට sry.com හේ හේ. ගණන් ගන්න දෙයක් නැහැ කොහොමත් කියන වෙලාවට ඕව උනොත්නෙ අවුල තියෙන්නෙ :p

          ඒත් එක්කම කියනව අපේ කඩඉම් ලකුණු ටික නම් මේ මාසෙ අන්තිම හරි ලබන මාසෙ මුලදි හරි දෙනව කියල. ඒකත් ඉතිං දෙනකන් විශ්වාස කරන්නෙ කොහොමද නෙ, ආශ්චර්‍යයනෙ හේ හේ..එතකොට කලින් කිව්ව විදිය කණපිට හැරෙනවා. ඒ කියන්නෙ කඩඉම් ලකුණු ටික දුන්නට පස්සෙ තමා මෙයාල නායකත්ව පුහුණුව තියන්නෙ. කොහොමහරි කමක් නෑ වැඩේ වෙනවන නම් නෙ. මේ සැරෙ කොල්ලො කෙල්ලො 23,125 ක් ගන්නවලු පාඨමාලා 94කට. ටිකක් වැඩිවෙලා තියෙනවා. ඒක නම් හොදයි මේ පාරත් මොන අඩව්වක් තියෙයිද දන්නෙ නැහැනෙ නැත්නම්.

          තාම දවසක් කියල නම් නෑ. නමුත් කඩඉම් ලකුණු දාන්නෙ www.ugc.ac.lk අඩවිය ඔස්සෙ. මේ ලිපිය තිබුනෙ මෙන්න මේ Lanka University News කියන අඩවියෙ. එහෙනම් මම ගියා. මේ ගැන බලන්ඉන්න අනිත් සෙට් එකටත් බලන්න share කරන්නකො..;)


මූණුපොතෙන් ආපු අයගෙ අදහස්

Saturday, October 5, 2013

Derana Lux Film Awords' 13

ඔන්න අද උදේ පාන්දරම පසුගිය දවසක( සැප් 27 ) තිබුන සම්මාන උලෙලක් ගැන දාන්න හිතුවා. ලංකාවේ කලා ශිල්පීන්ට, ශිල්පිනියන්ට අපි හැමෝම ආදරෙ කරනවා, ඉතිං ඔවුන් වෙනුවෙන් තියන මේ වගේ සම්මාන උලෙලවල් නිසා ඔවුන් තවත් දිරිගැන්වෙනවා වගේම අගනා ශක්තියක් වෙනවා. දෙරණ නාළිකාව විසින් දෙවන වරට පැවත්වපු මෙවර සිනෙමා සම්මාන උලෙල කොළඹ මියුසියස් විද්‍යාලයෙදි අති උත්කර්ෂවත් ලෙස පැවැත්වුනා. මෙහිදි පිරිනැමුන සම්මාන කිහිපයක් සහ ඡායාරූප සෙට් එකක්ම දැම්ම බලන්නකො..

ජනප්‍රියතම සිනෙමා පටය : සුනිල් ආරියරත්න මහතාගේ "කුස පබා"


 ජනප්‍රියතම සිනෙමා නිළිය සහ නළුවා : කුස පබා චිත්‍රපටයේ රංගන දායකත්වය දැක්වූ "පූජා උමාශංකර්" සමග "රොෂාන් රණවන"


හොදම චිත්‍රපටය, හොදම අධක්ෂණය, හොදම තිර රචනය සදහා "ඉනි අවන්" චිත්‍රපටය වෙනුවෙන් අශෙකෙ හදගම මහතා සම්මාන ලැබුවා. 


ජීවිතයෙ එක්වරක් පමණක් ලැබෙන වටිනාම වූ පරම ජීවන සම්මානයෙන් පිදුම් ලැබුවේ ආචාර්යය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතායි. ඔහු වෙනුවෙන් එතුමන්ගෙ බිරිද සම්මානය ලබාගන්නා අයුරු


ඒ වගේම තවත් විශෙෂාංග රුසකින් මේ සම්මාන රාත්‍රිය වර්ණවත් උනා.











මේ වගේම තවත් බොහො දෙනා මෙදින සම්මාන වලින් පිදුම් ලැබුවා.

  • හොඳම නළුවා – දර්ශන් ධර්මරාජ් ( ඉනි අවන් වෙනුවෙන් )
  • හොඳම නිලිය – නිරංජලී ශංමුගරාජා ( ඉනි අවන් වෙනුවෙන් )
  • හොඳම සහය නළුවා – රාජා ගනේෂන් ( ඉනි අවන් වෙනුවෙන් )
  • හොඳම සහය නිළිය – වීණා ජයෙකාඩි ( කුස පබා )
  • ජූරියේ විශේෂ සම්මාන ( හෙට දවසේ සිනමාව ) – චන්න දේශප්‍රිය ( කැමරාකරණය )
  • ජූරීයේ විශේෂ සම්මානය – විමුක්ති ජයසුන්දර ( Between Two Worlds )
  • හොඳම චිත්‍රපටය ( හෙට දිනයේ සිනමාව )- සමනළ සංධ්වනිය ( ජයන්ත චන්ද්‍රසිරි )
  • හොඳම අධ්‍යක්ෂණය ( හෙට දිනයේ සිනමාව ) – උදය ධර්මවර්ධන ( මයිල්ස් ඔෆ් අ ඩීම් වෙනුවෙන් )
  • හොඳම කෙටි චිත්‍රපටය ( හෙට දිනයේ සිනමාව ) – ඉලම් හුසෙයින් ( චාවොස් කෙටි චිත්‍රපටය )
  • ජූරියේ විශේෂ සම්මාන – මතු බලාපොරොත්තු තැබිය හැකි අධ්‍යක්ෂණය – ඉසුරු වීරසිංහමුදලි (කලර් වෙනුවෙන් )
  • හොඳම නළුවා ( ප්‍රතිවීර අංශය ) – බුද්ධික ජයරත්න ( සෙනසුරු මාරුව වෙනුවෙන් )
  • හොඳම සටන් අධ්‍යක්ෂණය – ටෙඩී විද්‍යාලංකාර ( සෙනසුරු මාරුව වෙනුවෙන් )
  • හොඳම ළමා නළු – කේ එම් පවිත්‍ර ( මාතා වෙනුවෙන් )
  • හොඳම පසුබිම් සංගීතය – රෝහන වීරසිංහ ( කුස පබා වෙනුවෙන් )
  • හොඳම සංගීත සංරචනය – රෝහොන වීරසිංහ ( කුස පබා වෙනුවෙන් )
  • හොඳම ගීත ගායනය (පිරිමි) – කසුන් කල්හාර ( මධුචන්ද්‍රයාමේ – කුස පබා වෙනුවෙන් )
  • හොඳම ගීත ගායනය – නිරෝෂා විරාජිනී ( ප්‍රේමයේ මන්දිරය – කුස පබා වෙනුවෙන් )
  • හොඳම සිනමා සංගීත රූප රචනය – මධුර වසන්තේ ( කුස පබා වෙනුවෙන් )
  • හොඳම පද රචනය – සුනිල් විමලවීර ( සෙනසුරු මාරුව වෙනුවෙන් )
  • හොඳම කැමරාකරණය – මිල්ටන් කෑම්, ඩොනල්ඩ් කරුණරත්න සහ කේත ඒ ධර්මසේන ( මාතා වෙනුවෙන් )
  • හොඳම සංස්කරණය – ස්ටීවන් ප්ලිප්සන් ( මාතා වෙනුවෙන් )
  • හොඳම දෘශ්‍ය ප්‍රයෝග – බූඩ් කීර්තිසේන ( මාතා වෙනුවෙන් )
  • හොඳම ශබ්ද පරිපාලනය – ලයනල් ගුණරත්න සහ සජිත රුවන් ( කර්ම වෙනුවෙන් )
  • හොඳම රංග වින්‍යාසය – චන්දන වික්‍රමසිංහ ( කුස පබා වෙනුවෙන් )
  • හොඳම කලා අධ්‍යක්ෂණය – හීනටිගල ප්‍රේමදාස ( කුස පබා වෙනුවෙන් )
  • හොඳම වේෂ නිරූපණය – වසන්ත විට්ටච්චි සහ උපුල් මහානාම (මාතා වෙනුවෙන්)
  • හොඳම ඇදුම් නිර්මාණය – වෙනුක වික්‍රමාරච්චි (කුස පබා වෙනුවෙන්)

සේරම ඡායාරූප බලන්න යන්න.
derana.lk
cinema.lk


    Wednesday, September 11, 2013

    Dialog Srilanka Cricket Awards 2013


    මේ දෙන්න යන්නෙ හොට් හොට් නිව්ස් එකක්... වසරක් පාසා පැවැත්වෙන,

     " Dialog Srilanka Cricket Awards " සම්මාන උළෙල
    මේ වසරෙදිත් අපේ ක්‍රිකට් ක්‍රීඩක ක්‍රීඩිකාවන් විනිසුරුවරුන් අගය කරමින් පසුගිය රාත්‍රියේදි උත්සවශ්‍රියෙන් අවසන් උනා. අපේ රටේ නම එදා ඉදන් අදටත් ඉහළ රදවන මේ ක්‍රිකට් ක්‍රීඩකයන්ව අගය කිරීම ඇත්තටම වටින දෙයක් නේ..ඒ නිසාම ඒ ගැන විස්තර ටිකක් අරන් ආවා "ලට්ට ලොට්ට ගන්න" තුළින්...:D

    ගිය වසරෙ වගේම වසරේ නැගී එන ක්‍රීඩකයා සම්මානය දිනේෂ් චන්දිමාල්ට ලැබුනා

    වසරේ ටෙස්ට් පිතිකරු කුමාර් සංගක්කාර,

    ඒ වගේම ජනතා සම්මානයෙන් වසරේ ජනප්‍රියම ක්‍රීඩකයා උනෙත් කුමාර් සංගක්කාර,



    මේ විදියට 2012 ජූනි ඉදල 2013 ජූනි වෙනකම් ක්‍රිකට් පිටියෙ දැක්වූ දක්ෂතා අගයමින් තව බොහො සම්මාන පිරි නැමුනා...සියලු ඡායාරූප ගන්න මෙතනින්




    මෙහිදි ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකවන්ද සම්මින වලින් පිදුම් ලැබුවා..කෙල්ලො ටිකත් නරකම නෑ ඕන්... :p










    ඒ වගේම ශ්‍රි ලංකා වයස අවුරුදු 23න් පහළ කණ්ඩායම, ක්‍රිකට් විනිසුරුවරුන් වගේම මාධ්‍ය වෙනුවෙන්ද සම්මාන වෙන්වෙලා තිබුනා...මේ සියලු විස්තර එක්කම සම්මාන උළෙලේ සියලු ඡායාරූප බලන්න මෙතනින් යන්න හොදේ...:D

    විස්තරේ හොද නම් කමෙන්ටුවක් දාගෙනම යනන් ඕන :p
    සුභ දවසක්!!

    col3best sinhala movies