Showing posts with label Probux. Show all posts
Showing posts with label Probux. Show all posts

Sunday, November 17, 2013

How to complete probux/ neobux Tasks simply

මෙන්න probux/ neobux වලින් ගොඩයන රහස. දැනට ලිපි හතරක් විතර ලිව්වනෙ ඇඩ් ක්ලික් කරන එක ගැන. මේක අන්තිම එක ගොඩක් වෙලාවට :)  ලියපු හැම එකකින්ම මම කිව්ව task කරන්න ආරම්භයක් ගන්න කියල. හැබැයි ඉතිං කට්ටිය ඒක කරන්න නැතුව ඇති :D මටත් මුලින් එපාම උනා, track එකට වැටුනම ගේමක් නෑ. තියෙන්න ඕන එකම දේ, උනන්දුව සහ ඉවසීම. එහෙම නැත්තන් ඉතිං මේ ලිපිය කියෙව්වත් task කිරිල්ල ලේසි වෙන එකක් නැහැ, මොකද මම හොර ක්‍රම කියල දෙන්න දන්නෙ නෑ. පොඩි තල්ලුවක් දෙන්න හදන්නෙ track එකට වැටෙන්න ;)

කලින් ටිකත් බලලම වැඩේ පටන් ගන්නකො..


මොනවද task කියන්නෙ?

task කරන්න කියල කිව්වට තාම මේ මොකද්ද කියල දන්නැති අයත් ඇතිනෙ.  task එකකින් කරන්නෙ අපිට කියල පොඩි පොඩි වැඩ කරගන්න එක. සාමාන්‍යයයෙන්   task විදියට ලැබෙන්නෙ එයාල දෙන ලින්ක් එකකට ගිහින් එයාලට ඕන විස්තර හොයල දෙන්න කියල.
උදා:
  • article එකක්ද/නැද්ද, article එකක් නම් author කව්ද?
  • address එක, telephone no එක, email එක හරිද, නැත්තන් වෙනස් කම් මොනවද?
  • blog එකක්ද, නැද්ද?
  • සයිට් වල තියන බඩුවල prize, description, offers වගේ ඒව   copy&paste කරන්න
  • youtube video category වලට වෙන් කරන්න
  • web/blog  category වලට වෙන් කරන්න
මෙන්න මේ වගේ ගොඩක් පොඩි දේවල් කරන්න ඕන. එක task එකක් complete වෙන්න විනාඩි 4-5ක් උපරිම යන්නෙ. ඇඩ් ක්ලික් එක තරම් ලේසි නැති උනාට වැඩිපුර හොයන්න මරු.

කොහොමද පටන් ගන්නෙ?

මුලින්ම  probux වලට ලොග් වෙලා task කියන ටැබ් එකට යන්න. neobux වල නම් මේක offers යටතෙ mini jobs කියල තියෙන්නෙ. තාම මේ වැඩේ පටන් ගන්න තියා නිකන් වත් බලලා තිබුනෙ නැත්තන් "crowd flower" site එකේ register වෙන්න කියයි. ඒක නම් කරන්න පුලුවන් වෙයි කියල හිතනවා :p ඊට පස්සෙ හදපු  crowd flower එකට ලොග් උනාම available task ටික පෙන්නනවා.
  • මේව දවස ගානෙ අලුත් වෙනවා. සමහර දවසට එකක්වත් නැතිවෙන්නත් පුලුවන්. a
  • vailable task වල තියන වැඩත් 100ට අඩුයි නම් කරන්න බැහැ. 
  • ඒ වගේම accuracy එක 75% වඩා තියාගත්තෙ නැත්තන් ඒත් කරන්න දෙන්නෙ නැහැ.
  • ගොඩක් වෙලාවට Spanish, Italy, Portuguese, french, වගේ භාෂා වල task එනවා. ගෙවීමත් හොදයි, මොනා කරන්නද අපි ඔවා දන්නෙ නැහැ නේ :p මම ඒවත් කරන්න කියල දෙනවා ;)

task එකක් කරන්නෙ කොහොමද?

මෙතන තමා ගොඩක් අය ඇනගන්නෙ, බැරිකමට නෙවෙයි තියන කම්මැලි කමට :p  task එකක් කරන්න ගන්න කලින් හොදට කියවන්න වෙනවා. දීල තියන instruction ටික නොදැන කණා ෂොට් වලින් මේක කරන්න බැහැ.
උදා:
මෙතන තියන 3 වෙනි එක ගන්නම්. "Help us validate Authors and Articles" කියල එක. මේ විදියට කරන්න ඕන පිළිවෙල දෙනවා.
දැන් ඉතිං කෑ ගහන්න එපා මූ නම් කියයි අමු කඩ්ඩනෙ කියල, ඇති මගුලක් නෑ. උඩින් පල්ලෙන් කියවන්න, අදහස ඔලුවට දාගන්න. A-Z කියවන්න ඕන නෑ.
01. ලිනක් එක ක්ලික් කරන්න
02. article එකක්ද නැද්ද බලන්න.
  • මෙන්න මේකට තවත් instruction ටික පහළින් දෙනවා එයාලා. article එකක් විදියට සලක්නෙ මොනවද කියල, කියවන්නම කම්මැලි නම් example click කරල sample ටිකක් බලන්න.
  •  ඊට පස්සෙ දෙනවා article එකක් කියල සලකන්නෙ නැත්තෙ මොනවද කියල, slideshow, video, read more article, forum, signup තියන ඒවා වගේ. ඒකටත් example click කරල sample ටිකක් බලන්න.
03.  article එකක් නම් බලන්න ඕන author කව්ද කියල, වැඩිය දගලන්න දෙයක් නැහැ දන්නවනෙ authorගේ නම් එක්කො post එකේ උඩ තියෙනවා, නැත්තන් යට තියනවා.

04. article 5-10 අතර ගානක් බලන්න වෙයි එක task එකක් complete වෙන්න, විනාඩි 4ක් වගේ යන්නෙ, පාඩ්වක් නෑ 0.01-0.25$ ගන්න පුලුවන් task එකකින්.

05. එක task එකකට අදාල instruction ටික එක පාරක් ඔලුවට දාගත්තා නම් දිගටම කරන්න පුලුවන්, මොකද හැමදාම එකම වගේ task ලැබෙන්නෙ. උදාහරණය විදියට මේකම ගත්තෙ හැමදාම මේ task එක ලැබෙන් නිසා :D හැබැයි මේක neobux හොදේ, probux වල task අඩුයි ගෙවීම් වැඩියි ;)

මේ තියෙන්නෙ මම task එකක් complete කරපු විදිය. මේක බලලා තේරුම් ගන්න මහ ලොකු දෙයක් නෑ කියල, ඒ වගේම ගොඩක් හිතන්නවත්, හොයන්නවත්, කිසිම දෙයක් ඕන නැහැ මේව කරන්න :D පැහැදිලි වෙන්න ඕන නිසා මම හෙමින් මේක කරේ, නැත්තන් ඔච්චරවත් වෙලා යන්නෙ නැහැ ;)


මේ තියෙන්නෙ මගේ තව task ටිකක්, මේවගේ accuracy පොඩ්ඩක් බලන්න. සමහර ලේසි ඒව මට දැන් කරන්න දෙන්නෙ නැහැ low accuracy නිසා :p


යන්තන් ඒකෙන් 3ක් ගොඩදැම්මා. මේක probux task එකක්. low accuracy උනොත් අන්තිම task එකට ගෙවන්නෙ නැහැ, හැබැයි මම ඒකත් ගත්තා :D

මේව දැක්කම හරි පොඩි ගටක් එන්න ඇති මමත් task වලින් ගොඩයනවා කියල, අන්න ඒ නිසයි දැම්මෙ.

වෙනත් භාෂාවල task කරන්නෙ කොහොමද?

අපෝ.....මේව නම් කරන්න බෑ කියල අතාරින්න එපා. මේවට තමා වැඩිපුර ගෙවන්නෙ, ගොඩක් වෙලාවට probux වලදි හම්බෙන්නෙ. කම්මැලි කම ගසල දාලා පොඩි try එකක් දෙන්න, මේ බලන්න මේව කරන විදිය.

මෙන්න තියනවා අන්ඩර දෙමළ task එකක්,

මෙහෙම තිබුනොත් ඕක කරන්න පුලුවන් වෙයි නෙ :D

මුලින්ම කිව්ව වගේ මැජික්, හොර ක්‍රම නෑ, තමන්ගෙ මහන්සියෙන් විතරයි පුලුවන් ඈ..පහළින් ගිහින් add on එක දාගන්න. 2 රූපෙ විදියට එන T අකුර උඩ ක්ලික් කරල දන්න ඉංග්‍රිසියට හරවන් කරන්න දැන් :D

http://adf.ly/ZSwdp

chrome එකට නම් මේවගේ හොදට ලස්සනට ඇඩෝනයක් නම් හම්බුනෙ නෑ :p ඒ නිසා chrome අතාරින්නම බැරි නම් ටිකක් හොයල බලන්න :D මේ වැඩේ 100%ක් සාර්ථකයි, උනන්දුවක් තියනව නම් කරල ගොඩයන්න :)

මේවගේ task නම් බර ගානක් කරන්න අමාරුයි, දෙක තුනක් හරි ගොඩදාගන්න බලන්න. හැමදේම කියවල තේරුම් අරන් කරන්න ඕන නැහැනෙ, හැමදාම එකම ටික. උඩින් පල්ලෙන් කියවල task එකට ගිහින් බැලුවම නිකන්ම තේරෙනවා. 

හදිස්සියෙ හරි ගොඩක් වැරදිල low accuracy උනොත් අන්තිම task එකට pay කරන්නෙ නෑනෙ, ඒකට පොඩි වැඩක් කරන්න. task එක ඉවර උනාම එයාල වැරදි පෙන්නල දෙනකොට "that's ok" කියල ඉන්නෙ නැතුව ඔයාලා හරියි, කියල මොකක් හරි හෙතුවක් දාන්න. එතකොට accuracy 65-75% වගේ තිබුනොත් payment ගන්න පුලුවන් ;)

දැන් ඉතිං ඔයාල try කරල බලන්න. සාර්ථක හෝ අසාර්ථක උනොත් ඇවිත් කියල යන්න හොදේ :D ඔන්න මගේ වැඩේ ඉවරයි, දවස් 4ක් තිස්සෙ මේක ලියන්න උනා.  ඇඩ් ක්ලික් ගැන ආය ලියන්න ඕන නැතිවෙයි, මේ දෙක හරියට කරොත් නම් මාසෙකට 60$-200$ වෙනකන් යන්න පුලුවන්. කට්ටයටම සුභපැතුම්!! මම යනවා, අදහසක් එකතු කරල like එකක් දාලා යන්න ;)



මූණුපොතෙන් ආපු අයගෙ අදහස්

Monday, November 11, 2013

How to multiply neobux earnings ~ Top Secrets ~


ගොඩ දවසක ඉදන් ලියන්න හිත හිත හිටියට ටිකක් විතර පරක්කු උනා.. කියන්න කලින් මම කරල සාර්ථකද කියල බලන්න ඕනනේ :D neobux කිරිල්ල 3 වෙනි පාරට මම පටන් ගත්තෙ ගිය මාසෙ 8 වෙනිද. මේ පාර නම් ටිකක් සාර්ථකයි. කරන්න උත්සාහයක් හරි ගත්ත නම් දන්නව neobux කරන්න ලේසි නැහැ කියල. හැබැයි අමාරුත් නෑ :D මම කලින් ලිපි දෙක තුනක් දැම්මනෙ probux වලට අදාලව. ඒ තියන දේවල් කරපු අය දැන් යන්තමට track එකට වැටිල ඇති කියල හිතනවා. මේ තියෙන්න ඒ ලිපි ටිකක්. ඒවත් කියවන්න, මේ ලිපියට ඒවත් අදාළ වෙන නිසා.


මෙන්න මේ බැනර් එක බලන්නකො, පටන් ගෙන පළවෙනි මාසෙට මම හොයපු මුදල. referral link එක නෙවේ :D


මහ ගානක් ද කියල හිතෙයි :p හැබැයි හිතන්න neobux වලින් කව්ද පළවෙනි මාසෙන්ම මෙච්චර හොයල තියෙන්නෙ? දන්නවනෙ එක ක්ලික් එකකට 0.001$යි දෙන්නෙ. දවසකට ඒ වගේ ඇඩ්ස් 20-30යි දෙන්නෙ.මම සත 5ක් වත් ආයෝජනය කරල නැහැ, 0$න් පටන් ගෙන මේ ගාන හෙව්වෙ. neobux adds ක්ලික් කරල 1$ වත් හොයාගන්න බැරිවුනා නම් මෙන්න neobux earnings mutiply කරගන්න ක්‍රම ටික.

~ Neobux Top Secrets ~

  • probux වලදි වගේම ඒ කරපු දේවල් මේකෙත් කරන්න ඕන. RRල ගන්න එක, autopay කරන එක වගේ දේවල්. ඒ දේවල් ආය කියන්නෙ නැහැ වෙනස් කම් ටික විතරක් කිව්වම ඇතිනෙ :p
  • neobux අලුතෙන් පටන් ගන්නව නම් දවස් 15ක් යනකම් RRල ගන්න හෝ cashout කරන්න, upgrade කරන්න කිසිම දෙයක් කරන්න බෑ.
  • ඒ නිසා මුල් දවස් ටිකේ adds බලල, task කරල කීයක් හරි හොයාගන්න RRල ගන්න.

 01.   RRල recycle කිරීම සහ extend කිරීම 

මෙන්න මේකෙදි පොඩි වෙනසක් තියනවා. probux වලදි මේ දෙක කරන්න නම් main balance එකෙන් pay කරන්න උනානෙ. neobux වලදි අපි මේ වැඩේ කරන්න ඕන neopoints වලින් ;) ක්ලික් කරන හැම ඇඩ් එකකටම  neopoints ලැබෙනවනේ. ඒ නිසා ඉතිං ඒව use කරල මේ දෙක කරගන්න.
උදා : RRල extend කරන්න ගියාම මේ වගේ payment made with "neo points" දෙන්න.

02. server time & local time

මෙන්න මේක තමා ගොඩක් අය ඇනගන්න තැන. මේක බලපාන්නෙ අපි RRල රෙන්ට් එකට ගත්තට පස්සෙ. සාමාන්‍යෙයන් අපේ ඇඩ්ස් reset වෙන්නෙ server time එකටනෙ. හැබැයි neobux වලදි ඇඩ්ස් reset වෙන්නෙ local time එකට. අන්න ඒ නිසා මේක හරියට තේරුම් ගත්තෙ නැති උනොත් RRල ගෙන් එන ආදායම නැතිවෙනවා. එතකොට පාඩුද නැද්ද කියල තේරෙනවනෙ ඉතිං නේ...:D

මොකද්ද local time කියන්නෙ?
මේ රතු පාටින් පෙන්නුවෙ local time එක, කහ පාටින් තියෙන්නෙ server time එක.  local time එක කියන්නෙ අපේ daily ads reset වෙන වෙලාව.

මොකද්ද server time කියන්නෙ?
 local time එකට ads reset උනාට ඒ වෙලාවෙම ඒව ක්ලික් කරන්න ගියොත් පොඩි අවුලක් වෙනවා. මොකද අපි ලග RRල ඉන්නව නම් අනිවාර්යයෙන් අපිට ලැබුන fixed advertisement 4 දින පතා බලන්නම ඕන. අපි මේ  fixed advertisement 4 බලනකොට server time එකේ pass 00:00 වෙලා තිබුනෙ නැත්නම් ඒ බලපු fixed ads 4 වැටෙන්නෙත් කලින් දවසට.තේරුනාද මන්ද?

උදා:
කලින් පිංතූරෙ විදියටlocal time එක තියෙන්නෙ 00.27AM. හැබැයි මගේ අත්දැකීම අනුව server time අනුව 00:00 වෙන්නෙ ලංකාවෙ time එකෙන් 10:30AM. මේක තේරෙන්නෙම නැත්තන් මෙහෙම කරන්න,  ads reset උනාම server time එක ලගින් වැටෙන දිනය බලන්න, එකම දවසෙ fixed ads 8 ම බැලුවොත් පස්සෙ දවසෙ RR earnings නැති නිසා මෙච්චර කිව්වෙ හොදේ :p

තාම tubelight වගේ නම් මෙන්න මේ msg එක ආවට පස්සෙ fixed ads 4 බලන්න වැඩේ shape :D මෙක එන්නෙ server time එකෙන 00:00 උනාට ප්සසෙ ;)

03. neobux adalert

neobux වලදි මෙන්න මේ service එක ගොඩක් වටිනව. මේක දාගත්තට පස්සෙ අපිට අලුතෙන් add එකක් ලැබුන ගමන්, task එකක් ලැබුන ගමන් notification එකක් එනවා. අන්න එතකොට අර probux වල වගේ කළුනික type ads සෙට් වෙනවා. chat එකක් දාගෙන online ඉන්න අතරෙ මේ වගේ ads එකක් ලැබෙන්න පුලුවන් :D

මෙන්න මේ විදියට සයිට් එකේ යටින්ම තියන adalert ක්ලික් කරල browser එක තෝරල මේක දාගන්න.

04. Ad Prize service

ඔයාලගෙ account එකේ view advertisements ලගින්ම Ad Prize button එක තියනවා. මේක හරියට progrid වගේම සෙල්ලමක්. දවසට chances 3ක් දෙනවා. luck එක අනුව win කරන්න පුලුවන්. මේක මට නම් අමතක වෙනවා එකදිගට කරන්න ඒ නිසා තාම දිනල නැහැ හොදේ :p

05. Task complete කිරීම

probux වගේම earnings වැඩි කරන මන්තරෙ තමයි මේක. කලින් ලිපියක මම කිව්වනෙ Task complete කරන ලේසි ක්‍රම ටිකක් කියනව කියල. අන්න ඒක කියන්න කලින් මේ ලිපියත් දැම්මෙ දෙකටම task අදාල වෙන නිසා. ඒ ලිපිය හැකි ඉක්මණින් දානකල් පුලුවන් try එකක් දාන්න මේව ගොඩ දාගන්න :D කල් ගන්නවට තරහ වෙන්න එපා යාලුවනෙ, ලිපියක් සම්පූර්ණ කරන්න සැලකිය යුතු කාලයක් යනව අනිත් වැඩත් එක්ක. ඉක්මණටම ඒ ලිපිය දෙන්න උත්සහ කරනවා, දිගටම රැදිල ඉන්නකො අපිත් එක්ක.

ප.ලි.
PTC - ඇඩ් ක්ලික් ගැන මම ලියන්නෙ තව එක ලිපියක් විතරයි. ඒ කලින් කිව්ව Task සම්බන්ධ එක. එතකොට ඇඩ් ක්ලික් කරන කෙනෙක් දැනගන්න ඕන ගොඩක් විස්තර දැනගෙන ඉවරයි. ඒ නිසා දැනුවත් කිරීමක් කරන්න හිතුන, මේ ලිපි වලින් මගේ අරමුණ උනෙ PTCකියල ඇඩ් දෙක තුන බලලා, දවසට 0.01$- 0.1$ වගේ හොයපු අයට අඩුම 1$ දක්වා යන්න පාර පෙන්නන එක. එහෙම නැතුව මගෙ referral link දීල මගේ direct referral වැඩි කරගන්න නෙවෙයිනෙ, ඒක ඔයාලත්  දන්නව :D

PTC කියන්නෙ සුලු අමතර ආදායමක් ගන්න පුලුවන් දෙයක් ඕනම කෙනෙක්ට ලේසියෙන්ම කරන්න පුලුවන් දෙයක්. එහෙම නැතුව හිතන්න එපා මේක emoney කිරිල්ලක් විදියට :p හැමතැනම කියන විදියට ලක්ෂලතියො වෙන්න මේ ක්‍රමයෙන් බැහැ :p

කිසිම තැනක නිකන් ඉදල සල්ලි හොයන්න ක්‍රම නැහැ, තමන් දන්න දෙයින් යමක් කරල හොයන්න පුලුවන්, එහෙමත් නැත්නම් වටින දෙයක් ඉගෙනගෙන සල්ලි හොයන්න පුලුවන්. හැමදේටම ඕන උත්සාහය. අන්න ඒ නිසා photoshop, webdeveloping, flash, වගේ දේවල් ඉගෙන ගත්තට පාඩු නැහැ. මොකද ඉස්සරහට මේ දේවල් වලින් සල්ලි හොයන්න පුලුවන් ක්‍රම ගැන ලියන්න හිතන් ඉන්නවා. මෙහෙම කිව්වට මම මේ subject එකේ මහා කෙරුමෙක් නෙවෙයි, හැබැයි මමත් මේ දේවල් ඉගෙන ගන්න උත්සාහ කරන කෙනෙක්. අන්න ඒ නිසා දන්න හැමදේම බෙදාගෙන එකට ගමනක් යන්නයි මෙහෙම කිව්වෙ හොදේ :D

හරි එහෙනම් මම ගියා. මේ ක්‍රම ටිකෙන් සාර්ථකත්වයක් තියනව නම් අදහසක් දක්වල යන්න අමතක කරන්න එපා හොදෙ ;) ඉස්සරහට ලියන ලිපි ගැන දැනගන්න like එකක් දාලා fan page එකට සෙට් වෙන්නකො. සාර්ථක වෙන්න සුභ පැතුම් හැමොටම!!! 

PTC - Adds ක්ලික් නොකර සල්ලි හොයන සෙට් එකට තල්ලුවක් #2 - See more at: http://www.lattalotta.info/2013/10/ptc-adds-2_1710.html#sthash.KWa02NT9.dpuf
PTC - Adds ක්ලික් නොකර සල්ලි හොයමුද
PTC - Adds ක්ලික් නොකර සල්ලි හොයමුද
PTC - Adds ක්ලික් නොකර සල්ලි හොයමුද

Tuesday, October 22, 2013

Probux Earnings වැඩි කරගමු - Probux රහස් #3

 

 පෝස්ට් ලියන්න පට්ට කම්මැලි කමේ ඉන්නකොට මුණුපොතේ දැක්කා පෝස්ට් එකක් "Emoney courses" ගැන. අපොයි ඒක අහපු වෙලේම ඉක්මණටම මේක දාන්න හිතුව. කලින්ම දෙනව කිව්ව SLT Intenet ගැන සහ paypal ගැන ඒව ලියන්න තියෙද්දිත් මේක ඉක්මණටම දාන්නෙ තවත් යාලුවො හොරුන්ට අහුවෙන්න එපා කියල. මේ ලිපිය කියවන හැම යාලුවෙක්ම දන්න කෙනෙක්ට Emoney හොරුන්ට සල්ලි දෙන්න කියල කියන්න එපා. උන්ගෙ courses වල කියල දෙන ඒවගෙන් අපිට සත 5ක් හොයන්න පුලුවන් වෙයිද කියල සැකයි. නිකං හිතන්න රු.5000/= ක් දීල course කරන වෙලාවෙ ඒ 5000න් රෙෆලල් 200ක් එක්ක ඇඩ් ක්ලික් කරන්න ගත්තත් මාසයක් යද්දි රු5000ට වඩා ආයෙත් අතට එනවා. මම කාටවත් කියන්නෙ නැ හැමදාම ඇඩ් ක්ලික් කරපල්ල කියල, අනිත් දේවල් උත්සහ කරන ගමන් මේකත් කරන්න. අමතර ආදායමක් ගන්න. හරි අපේ වැඩේ පටන් ගන්න කලින් දෙයක් කියන්න ඕන, මේ තියෙන්නෙ මම කලින් දාපු  Probux පෝස්ට් දෙක.

Probux වල ඇඩ් auto ක්ලික් වෙන්න දුන්නෙ java script එකක් හරහා, මේක පොඩි වංචාවක්නෙ ඒක දැන් Probux කාරයට අහුවෙලා අලුතෙන් එන එකක්වත් මේ වැඩේට support කරන්නෙ නැහැ. ඒ නිසා ඇඩ් auto ක්ලික් වැඩේ sry.com තමා. java script වලින් කරන හොර වැඩ වලට වැඩි අයුෂ නෑනෙ, දන්නෝ දනිති. ආයෙත් ඒ වැඩේ හරිගියොත් මම කියන්නම් දිගටම බ්ලොගයත් එක්ක ඉන්නකො. දැන් advertisement ටික ඉවරයි මෙන්න අද කතන්දරය :p

Probux Earnings වැඩි කරගමු

ගොඩක් අය හිතන්නෙ මේ ඇඩ් ක්ලික් කියන්නෙ දවසට හම්බෙන ඇඩ් 10- 15 ක් ක්ලික් කරල සල්ලි හොයන එක කියල. ඒ උනාට ඇත්තම කතාව ඒක නෙවෙයි. දිගටම හිටියොත් ඔයාලටම ඒක තේරෙයි. මේ ලිපියට මම කලින් ලියපු ඒවත් සම්බන්ධයි. ඒ නිසා RR ල ගැන දැනගන්න ඒ ලිපියත් බලලම ඉන්න. කොටස් දෙක තුනකින් අලුත් tricks ටිකක් කියන්නම්. මේව ගැන නොදන්න අය තමන්ගෙ Earnings වැඩිකරගන්න මේ ක්‍රම යොදාගන්න ;) දාල තියන පිංතූර පැහැදිලි මදි නම් ඒව උඩ කිලික් කරල බලන්න.

00. මේව දැකලවත් නැද්ද.
ඔන්න ලිපිය ලියල ලියල ඉවර කරන්න යනකොට මුලින් ලියන්න ඕන එකක මතක් උනා. ඒ නිසා 00 කියල ඒකත් දැම්ම ගණන් ගන්න එපා හේ හේ..
මේ මොනවද කියලවත් නිකං හිතල තියනවද? sure එකටම නැතුව ඇති. මේව හරියට කළුනික වගේ. ලේසියෙන් හම්බවෙන්නෙ නැහැ, වටිනාකම වැඩියි.  මේ ගැන මාත් වැඩිය දැනගෙන හිටියෙ නැ, ෆෝරමෙ කෙනෙක්ගෙන් දැනගත්තෙ. බොහොම කලාතුරකින් ඉදල හිටල මේ ඇඩ්ස් එනව, එනව කිව්වට එනවට වඩා වේගෙන් යනවා. මට මේවගෙන් ඇඩ්ස් දෙකක් විතර දැනට සෙට් උනා. ඔයාලත් online ඉන්නකොට පොඩ්ඩක් touch එකේ ඉන්න luck එක අනුව මේවත් ලැබෙයි :D

01. Fixed advertisement හැමදාම බලන්න.
මේක නම් ඉතිං කියන්නත් ඕන නෑ, දන්නවනෙ අර වැඩියෙන් ගෙවන තැඹිලි පාට ඇඩ්ස් 4 හරි දවසට බලන්න. ඒව බැලුවෙ නැත්තන් පස්සෙ දවසෙ රෙෆලල් ක්ලික් වලට අපිට ගෙවන්නෙ නෑ.
 
02. RRල වැඩි කරගන්න.  
දැන් හිතයි මේකත් කියන්න ඔනද කියල,  RRල වැඩි කර ගන්නව කියන්නෙ 3දෙනා ගානෙ අරන් හොදට ක්ලික් කරන උන් ඉතිරි කරන් අනිත් උන්ට යන්න දෙන එක නෙවෙයි. අපි ගන්න අයත් තියන් අලුත් අයත් අරන් පුලුවන් තරන් ඉක්මණට 100- 150ක් හදාගන්න එක. ක්ලික් කරනවද නැද්ද කියල නෙවෙයි පිරිස ගැන හිතන්න.
  
03. DRල හොයන්න දත කන එක නවත්තන්න.
රෙෆලල් ඉන්න තරමට සල්ලි කියල ඇහුන ගමන් කට්ටිය කරන්නෙ තමන්ගෙ රෙෆලල් ලින්ක් එක sale කරල කව්රු හරි සෙට් කරගන්න. මේක නම් වැඩක්ම නෑ යාලුවනෙ. එච්චර දගලල හොයාගන්න DR කෙනෙක් ඇඩ්ස් 4ම බැලුවත් 0.002$යි. ඒ නිසා වැඩක්ම නැත. අපරාදෙ කාලය, ඒ වෙලාවෙන් වෙන ප්‍රෙයාජනයක් ගමු.  

04. RRලට auotopay කරන්න.  
මේ ගැන නම් දැන් කියන්නෙ නැහැ කලින් ලිපියෙ විස්තර කරල තියනව මේ ගැන. earnings වැඩි කරගන්න මේක නම් කරන්නම ඕන කියල මගේ අදහස. කලින් ලිපිය කියවල බලන්නකො.
  
05. අනිත් එක progrid කියන game එකමේක නම් ටිකක් එපා කරපු වැඩක්, ඇඩ් ක්ලික් වගේම තමා. 0.1$ ඉදල 5$ වෙනකන් හම්බෙනවා. ලොතරැයි දිනුම් වගේ ක්ලික් කරන ගානට තමා මේක හරියන්නෙ. කැමති නම් කරන්න. මට නම් මේක හරිගියෙ නැතෝ. ඉදල හිටල මේක ගහල 0.1ක් හම්බුනා මෙන්න.

ඔයාල ක්ලික් කරනවද නැද්ද කියල මෙන්න මේකත් බලල හිතන්නකෝ..
 
06. RRල recycle කරන්න 
මෙන්න Earnings වැඩි කරගන්න නම් අපි කරන්නම ඕන දේ. RRල අරන් auotopay කරන්නෙත් නැතුව මාසයක් තියන් ඉදල යන්න දුන්නොත් මාසෙකට උපරිම ක්ලික් 50-60ක් හම්බෙන්නෙ. එහෙම එකෙක්ව තවත් දවස් 30කට ගත්තොත් ඒ දවස් 30ට ක්ලික් 40ක් වත් නෑ. ඒ කියන්නෙ අපිට අතින් පාඩුයි. අත්දැකීම ඇති කියල හිතනව ඔයාලටත්. මට නම් හැමදාම උනේ ඒකයි. මේට හේතුව ඇත්තටම අපේ RRල ක්ලික් නොකරන එක නෙවෙයි. probux කාරයො හොර කරනව. අපේ RRල හොදට ක්ලික් කරල average එක වැඩි වෙනකොට උන් ක්ලික් අඩුකරනව

මේකට තියන විසදුම තමා RRලගෙ average එක අඩු වෙනකොට recycle කරන එක. මේකෙන් වෙන්නෙ  average එක අඩු උන RR අයින් වෙලා අලුත් කෙනෙක් හම්බෙනව. අලුත් එක්කෙනාගෙ average එක 0න් පටන් ගන්න නිසා ආයෙත් හොදට ක්ලික්ස් ලැබෙනව අපිට :D සාමාන්‍යයයෙන් නම් 1.5ට වැඩි average එකක් වඩාත් හොදයි. අඩුම 1ක් වත් තියාගන්න බලන්න නැත්තම් පාඩුයි.

තව RRල කට්ටියක් ඉන්නව ජීවිතෙට ක්ලික්ස් නෑ. මෙහෙම අය දවස් 14ක් එක දිගට ක්ලික් කරෙ නැත්නම් auto recycle වෙනව සල්ලි ගෙවන්න ඕන නෑ. හැබැයි ඉතිං මේ පිං බත් කාරයො තියන් දවස් 14ක් බලන් ඉන්න එක පාඩුයි හොදේ. මොකද recycle කරල අලුත් කෙනෙක් ගන්න 0.07$ ඔනෙ වෙන්නෙ. දවස් 3-4 ක් බලල උන්ව අයින් කරල දාන්නයි තියෙන්නෙ. කරුමෙ කියන්නෙ recycle කරල ගන්න බුවත් මේ වගේම ක්ලික් නැති එකෙක් උනොත්. 10%ක් ඒ අවදානම අරන් මේ වැඩේ කරන්න පස්සෙ මට බනින්නෙ නැතුව හොදේ.
මතකනෙ මම මුලින් කිව්ව RRලගෙ ක්ලික් ගැන හිතන්නෙ නැතුව පිරිස වැඩි කරගන්න කියල. ඒකට හේතුව තමා ක්ලික් නොකරන RRල උනත් පොඩි ගානක් දීල හදල ගන්න පුලුවන්. හැබැයි ඔන්න දවස ගානෙ recycle කරල අමාරුවෙන් හොයාගත්ත ඔක්කොම එකපාර නැති කරගන්න දගලන්නෙ නැතුව තේරුම් අරන් කරන්න හොදේ. මෙන්න බලන්න මගේ RRල ටික දෙනෙක්. එයාලගෙ average එක බලන්න.

පැහැදිලි මදි නම් උඩ ක්ලික් කරන්න හොදේ. පේනවනෙ ඔක්කොම active RRල, මේ විදියට 150ක් විතර හදාගත්තම නිකන්ම සල්ලි. RRල recycle කරන්න දන්නැති අය මේ විදියට කරන්න. හොද වෙලාවට මගෙත් වැඩකට නැති එකෙක් ඉන්නව අයින් කරල දාන්න :D

මුලින්ම අයින් කරන කෙනා තෝරගන්න.

දැන් පහළට ගිහින් මේක විදියට කරන්න.

ඒ වැඩෙත් හරි, මෙන්න අනිත් කතාව.

07. RRලගෙ දවස් 30 ඉවර උනාම යන්න දෙන්න එපා
ඇයි දන්නවද මුන් අයින් වෙලා යන්නෙ අපෙන් ගාණකුත් කපාගෙන. එකෙක් අයින් වෙද්දි 0.02$ ක් ගන්නව. ක්ලික් කරන්නෙත් නැතුව ඉන්න එකෙක් තියන එකත් අරන් යන්න දෙන්නෙ ඇයි නෙ? මෙච්චර වෙලා කිව්ව විදියට උන්ව recycle කරගත්ත නම් ගොඩනෙ. එක පාර RRල 50ක් විතර අයින් උනොත් අපිටමනෙ පාඩුව :p

08. Task complete කරන්න.  
හොද හොද සෙල්ලම් එළිවෙන ජාමෙට කියනව වගෙ මේක තමා Probux Earnings double කරගන්න තියන හොදම විදිය. ගොඩක් අය මේව දිහා බලන්නෙවත් නෑ. මං බැලුවෙත් නෑ හේ හේ. දැන් දවස් 03කට කලින් තමා මාත් Task complete කරන්න පටන් ගත්තෙ, මෙන්න බලන්න වැඩේ.

තාම මේ Task complete කරන්න try එකක් දුන්නෙ නැත්නම් ගිහින් බලන්න. පොඩි පොඩි වැඩ තියෙන්නෙ විනාඩි 4න් 5න් ඉවර කරන්න පුලවන්. ඇඩ්ස් ක්ලික් වලට වඩා පොඩ්ඩක් කට්ට තමා, ඒත් පාඩු නෑ. මේව කරනකොට 75% ක වත් accuracy එකක් තියාගන්න බලන්න. නැත්නම් task කරන්න බැරිවෙයි. English ඒව ලැබෙන්නෙ ඉදල හිටල, ඒවලැබෙන විදියට කරන්න try එකක් දාන්න. තියෙන්න ඕන එකම දේ ඉවසීම විතරයි හොදේ :D මම උඩදි කිව්ව නෙ DRල හොයන්න දත කන එක නවත්තන්න කියල, අන්න ඒ වෙලාව අරන් Taskඑකක් කරගන්න එක ලාබයි. මෙහෙම කිව්වෙ මම දැක්ක සමහර යාලුවො රෙෆලල් හොයන්න බ්ලොග් පවා හදල දෙනව. මොකට එච්චර දගලනවද මේ වගේ ලේසි වැඩ තියෙද්දිත් :p

මේක දිගවෙන නිසා මෙතනින් නවත්තන්නම්, Task complete කරන එක ගැන තව විස්තර ටිකක් කියල දෙන්නම් අනිත් ලිපියෙන්. මේ ටික ප්‍රයොජනවත් උන අය, fb page එකට like එකක් දාලම යන්න. අලුත් ලිපිය "Probux රහස් #4 - ලේසියෙන් Task complete කරමු" දාපු ගමන් බලන්න පුලුවන්. 

ඒ වගේම මගෙ රෙෆලල් ලින්ක් sale නොකර මේව දාන්නෙ මම මාස ගාණක් කට්ට කාලා හොයාගත්ත දේවල් අලුත් කෙනෙක්ට උනත් ලේසියෙන් දැනගෙන වැඩිපුර කීයක් හරි හොයාගන්න පුලුවන් වෙන්න කියල, ඒ නිසා උදව්වක් උන අය comment එකක් දාලා අනිත් යාලුවන්ටත් බලන්න share කරල යන්න අමතක කරන්න එපා හොදේ. එහෙනම් මම ගියා. Probux කරන සෙට් එකටම සුභ පැතුම්!!


මූණුපොතෙන් ආපු අයගෙ අදහස්

Sunday, October 20, 2013

Paypal #2 - ලංකාවෙ අපිටත් money recieve පුලුවන් Payapal එකක්


මෙන්න අද ගෙනාවෙ ගොඩදෙනෙක්ට වටිනා කියන ලිපියක්. නොහිතපු විදියට මමත් E-bay ගැන පෝස්ට් එකක් දැම්මනෙ. ඒ නිසාම ලංකාවෙ අපිට ගැලපෙනම නීත්‍යානුකූල Paypal එකක් හදන විදියත් කිව්වා. ඒ පෝස්ට් දෙකේදි වගේම ඊට කලින් ඉදලම මම කිව්ව Paypal හරි අවබෝධයක් නැත්තන් සල්ලි withdraw කරන්න එපා කියල. ඔන්න මේ පෝස්ට් එකෙන් පස්සෙ ඒ කතාව ඉවරයි :D මේකට අදාල කලින් පොස්ට් දෙකත් බලන්නකො.

හරි දැන් අපි වැඩේ පටන් ගන්න කලින් ඔයාට ඕන මොන විදියෙ Paypal එකක්ද කියල තීරණය කරගන්න. මොකද ආසාවට facebook account හදනව වගෙ Paypal හදන්න බැහැ. හැදුව කියල අවුලක් නෑ, ඒත් නිකන් ලෙඩ වැටෙන එක විතරයි වෙන්නෙ. Paypal හදන විදිය ගොඩක් අය කියල දෙනව, ඒත් හරියටම කියල දුන්නෙ iplus බ්ලොගය හරහා. අවාසනාවට දැන් ඒ බ්ලොගය වැඩ කරන්නෙ නැහැ. එයාගෙ ක්‍රමය 100%ක් විශ්වාස කරන්න පුලුවන්, මොකද එයා Paypal ගැන නොදැන අම්බානෙක කරදර වෙලා, සල්ලි නාස්ති වෙලා ඒ අත්දැකීම් එක්ක අපිට එහෙම නොවෙන්න තමා කියල දීල තිබුනෙ. ඒ නිසා හැම විස්තරයක්ම හරියට කියවල කරන්න. මේක මම හිතල දාන විදියක් එහෙම නෙවෙයි ඕන්, ගොඩක් හොයල හොයල අත්දැකීම් එක්කම කියන්නෙ. 

වැදගත්

  • අන්තරජාලයෙ මුදල් හොයල ලංකාවට ගෙන්නගන්න ඕන අය මේ ක්‍රමයට හදන්න. අපි හදන මේ Paypal එක හරහා E-bay ගණුදෙනු කරන්න යන්න එපා.
  • මේ ක්‍රමයට හදන්න කලින් IP hide කරන softaware මොකුත් පාවිච්චි කරන්න එපා. proxy වෙනස් කරන්න අරව මේව මොකුත්ම කරන්න  එපා.
  • යොදාගන්න e-mail ලිපිනයෙත් ඇත්තම විස්තර තියනව නම් හොදයි.
  • computer එකෙන් එකම Paypal ගිණුමකට විතරක් ලොග් වෙන්න. cafe වලින් එහෙම ලොග් වෙන්න එපා.

කලින් හදපු Paypal එකක් තියනවද?

  • කලින් හදපු  Paypal එකක් තියනව නම් computer එක format කරල හදන එක තමා වඩා හොද. එහෙම නැත්තන් browser එක මාරු කරල හදාගන්න හරි firefox වල cookies, cache clear කරල හරි අලුත් එක හදන්න පටන් ගන්න.

ඇත්තම විස්තර දීල Paypal එක හදන්නෙ ඇයි?

  • අපි මේ කරන්නෙ හොර වැඩක්නෙ, සුද්දට සැක හිතුනොත් account limit කරනව. එතකොට ඒකෙ තියන සල්ලි withdraw කරන්න බැරිවෙනවා.
  • ඒ විදියට සුද්ද අපිට මොකක් හරි ලෙඩක් දැම්මොත් අපි කියන්නෙ, අපි විදේශයෙ රැකියාවකට ගිහින් ඉන්නකොට මේ Paypal එක හැදුව, දැන් ලංකාවෙ ඉදල ඒක පාවිච්චි කරනව කියල. 
  • අන්න එතකොට අපි දුන්න විස්තර ඇත්ත කියල ඔප්පු කරන්න passport copy, ගෙදර address එක ඔප්පු කරන්න මොනව හරි බිල් copy යක්, bank statement එකක් වගේ සුද්ද ඉල්ලන දේවල් ටිකක් යවන්න වෙනවා. (NIC එක නැතුව ඉංග්‍රිරිසියෙන් අනන්‍යතාව ඔප්පු කරන්න පුලුවන් ඒව තමා යවන්න ඕන)

අපෙත්  account limit වෙයිද?

  • මේක තියෙන්නෙ අපේ අතේ. අපි ප්‍රවේශම් නම් සුද්ද අපිව අල්ලනව බොරු. උඩින් කියපු වැදගත් කරුණු අමතක නොකර ඉන්න එතකොට කරදරයක් වෙන්නෙ නැහැ.

මොකද්ද හොදම රට තෝරගන්න?

  • ලංකාවෙ බහුතරය හදන්නෙ මැලේසියන් විදියට, තව පිලිපීන. සංගප්පූරු විදියට උනත් හදන්න පුලුවන්. 

 මැලේසියන් විදියට  Paypal ගිණුම හදමු.

01. මුලින්ම මේ ලෝගො එක උඩ ක්ලික් කරල සයිට් එකට යන්න.


03. දැන් රට විදියට මැලේසියා තෝරල "Get started" ක්ලික් කරන්න

04. දැන් අපේ පෞද්ගලික විස්තර දෙන්න ඕන. මතක තියාගන්න මෙතන බොරු විස්තර දුන්නොත් අමාරුවෙ වැටෙයි හොදේ.


05. ඔන්න මේ ටික නම් වරද්දන්න එපා හොදේ!!

  • malasiyan විදියට paypal හැදුවට අපි ලංකාවෙ මතකනෙ, දැන් අපි මැලේසියාවෙ රැකියාවකට ගිහින් ඉන්නෙ. ඒ නිසා රට malasiya උනාට, Nationality එකSri Lanka කියල දෙන්න.
  • ඊට පස්සෙ ගෙදරදට bill ලැබෙන address එක ඒ විදියටම දෙන්න.
  • ඔයාලගෙ postal code එක දන්නෙ නැත්තම් google search පාරක් දාල හොයන්න.
  • මැලේසියාවෙ no එකකුත් හොයාගන්න හොදේ ;)
  • මේ ටික fill කරල "Agree and create account" ඔබන්න.

06. දැන් වැඩේ හරි, මේ වගේ එකක් ආවම "go to my account" click කරල මුලට යන්න.

07. දැන් මේ වගේ Overview එකක් තියෙයි.මුලින්ම ගණුදෙනු කරන්න කලින් පොඩි වැඩ ටිකක් කරන්න තියනව.

  • මුලින්ම බලන්න 1 කොටුව දිහා, E-mail එක confirm කරන්න ඕන.
  • ඊළගට security question දෙකක් දෙන්න. (මේව  ගැන නම් වැඩිය කියන්නෙ නැහැ, කරගන්න බැරි කෙනෙක් ඉන්නව නම් comment කරන්න, කියල දෙන්නම්)

08. උඩ පිංතූරෙ 2 කොටුව බලන්න. 

  • Primary Currency විදියට තියෙන්නෙ MYR, මේක අපිට පුරුදු USD වලට මාරු කරගමු.
  • 3 කොටුව බලන්න, මෙතන verified කියල වැටෙන්නෙ අපි card එකක add කරගත්තට පස්සෙ හොදේ.

දැන් අපේ වැඩේ 75% ක් ඉවරයි. දැන් බලයි කෝ ඉතිරි 25% කියල :p ඒකත් සම්පූර්ණ වෙන්නෙ අපි ගණුදෙනු කරන බැංකු card එක මේකට link කරගත්තම. මේකට HNB debit card එකක් හරි, Commercial debit card එකක් හරි ලේසියෙන්ම link කරල verify කරගන්න පුලුවන්. කලින් paypal use කරපු කෙනෙක් නම් ක්‍රමය දන්නවනෙ. එහෙනම් මේ ලිපිය නවත්තනව මං.

ඊළග ලිපියෙන්  card එකක් link කරල verify කරගන්න විදිය මේ වගේම screenshot එක්කම කියල දෙනවා හොදේ. මම කියල දෙන්නෙ Commercial debit card එකක් link කරල verify කරගන්න විදිය. HNB උනත් අවුලක් නැහැ. අනිත් බැංකු card එක්ක නම් මේ වැඩේ ටිකක් අමාරුයි. ඒ නිසා මේ දෙකෙන් එකක් වත් නැති අය කැමති බැංකුවකින් ගිණුමක් open කරන්න. Commercial bank එකේ නම් 1400/= ක් දීල එක දවසින් card එක ගන්න පුලුවන්. card එකට 400/=ක් ගන්නව හොදේ. ඒකයි 1400/= :p

එහෙනම් මම ගියා. ප්‍රශ්න තියනව නම් comment වලින් අහන්න. සැකයක් තියාගෙන ඉන්න එපා හොදේ...හේ හේ. අනිත් පෝස්ට් එකත් ලියපු ගමන් දැනගන්න like එකකුත් දාගෙනම යන්නකෝ. ජයවේවා!!


මූණුපොතෙන් ආපු අයගෙ අදහස්

Thursday, October 10, 2013

PTC - Adds ක්ලික් නොකර සල්ලි හොයන සෙට් එකට තල්ලුවක් #2

    දැකපු ගමන් හිතාගන්න පුලුවන් නෙ, කියන්න යන්නෙ probux ගැන කතාවක්. හැබැයි මේක මගේ රෙෆලල් වැඩි කරගන්න හදන කූට උපායක් කියල අවස්ථාව අතෑරගන්න එපා. විශ්වාසයෙන් කියන්නම් ලිපියෙ එකම තැනකදිවත් මගෙ රෙෆලල් ලින්ක් එකක් පල කරන්නෙ නැහැ.
 
මුලින්ම කියන්න ඕන මම දාපු, "PTC - Adds ක්ලික් නොකර සල්ලි හොයමුද" පෝස්ට් එකේ විදියට auto adds බලන එක දැන් නම් හරියට වැඩ කරනවා. වෙලාවකට නැතිවෙනවා. ඒක java script වල හැටිනෙ ඉතිං :p එහෙම හරියට වැඩ නැත්නම් ඒ පෝස්ට් එකේ කමෙන්ටු බලන්න ගැටලුවක් උන යාලුවෙක්ට ඒක හදාගන්න විදිය මම කියල තියෙනවා.  මෙතනින් ඒ පොස්ට් එක බලන්න.

               අද කතාව කියන්න කලින් පොඩි දෙයක් මතක් කරන් ඕන. PTC ගැන කිසිම විශ්වාසයක් නැති ඒ වගේම කරන්න හදල උත්සහය අතෑරල දාපු පිරිසක් ඉන්නවනේ. ඒ හැම කනෙකේම E-money ගැන ආසාවක් තියන ඒත් මේ වැ‍ඩේ සාර්ථකත්වය නොදැකපු පිරිසක්. එතන වරදක් නැහැ මොකද මමත් මේ වැඩේ අතෑරල දාල ආයෙත් ඇදල ගත්තු කෙනෙක්. ඒ හැමදෙනෙක්ම මම වගේම freelancer, Odesk වැනි සයිට්ස් වල වැඩ කරන්න උත්සහ දරන්න ඇති. සමහර අය සාර්ථක වෙන්න ඇති. ඒත් මම වැටුනෙ අසාර්ථක කාණ්ඩයට. ඒ නිසා ඒ ගැන කියන්න මම දන්නෙ නැහැ. මොකද අපි අලුතෙන් එතනට ගියපු ගමන් අපිට වැඩ පවරන්නෙ නැති නිසා. ඒකට සතියක් මාසයක් හෝ මාස කිහිපයක් වෙහෙසෙන්න වෙනවා. මම වැරදි නම් දන්න කෙනෙක් මේ ගැන නිවැරදි කරන්න කියල ඉල්ලනවා. මේ දේවල් අසාර්ථකයි කියල නෙවෙයි මම කියන්නෙ, වැඩ කාරයෙක්ට හොයන්න සුපිරිම තැන්, නමුත් ඕන කෙනෙක්ට ලේසියෙන් කරන්න පුලුවන් දේවල් නෙවෙයි. ඇඩ් එකක් ක්ලික් කරන එක, සහ විනාඩි 10ක් වෙන් කරගන්න එක ඕන කෙනෙක්ට කරන්න පුලුවන් නිසයි කියන්නෙ.

         probux කිරිල්ලත් මීට දෙවැනි නැහැ. ඒ කියන්නෙ අපි සාර්ථක වෙන්න නම් මාස 4ක් 5ක් වෙහෙසෙන්න වෙයි කිසිම ලාබයක් නැතුව. වෙහෙසෙන්න කිව්වට කරන්න මහ දෙයක් නැහැ, දන්නවනෙ දවසට විනාඩි 10ක් වගේ පුංචි කාලයයි වෙන් කරන්න ඕන. හැබැයි එක වෙනසක් තියනවා. අපි මේ යොදවන කාලයෙන් කිසිම නාස්තියක් වෙන්නෙ නැහැ කියල 100%ක් විශ්වාසයි. මොන දේ උනත් පටන් ගත්ත ගමන් අමාරුයිනෙ, හරියට මේක අල්ලගත්තොත් බලන් ඉද්දි $ වැඩිවෙයි.ඔක්කොට කලින් මෙන්න මේ පිංතූරෙ බලන්නකෝ. (පැහැදිලි මදි නම් ක්ලික් කරල බලන්න)


මේක මගේ screen shot එකක් එහෙම නෙවෙයි ඕන්. එළකිරියට වැඩේ අල්ලගත්ත කොල්ලෙක්ගෙ. මේකෙන් දැනගන්න තියන දේ තමයි probux වලින් අපි හොයන මුදල රැදෙන්නෙ අපේ Referral click ගණන මත. ඒ වෙනස හොදටම පේනවනෙ මේ screen shot එකෙන්. අනිත් වැදගත්ම දේ Referral හොයනව කියල අපි Direct Referra-DR පස්සෙ දුවන්න ඕන නැහැ. පේනවනෙ මෙයාගෙ  DR 10යි. RR 365යි. දැන් බලමු කොහොමද මේ තැනට අපි එන්නෙ කියල.

කොහොමද R. Referrals ගන්නෙ? 

හරි අපි දැන් DR ලව අමතක කරල දාලා RRල ගැන බලමු. මුලින්ම වැඩේ පටන් ගත්තු කෙනෙක්ට නම් පට්ටම අමාරුයි. RRල අවමය 3ක් ගන්න 0.6$ ඕන වෙනවනෙ. ඒකට එකම විසදුම ඉවසීමෙන් ඒ ගාන එකතු කරන එක තමා :p ඊට පස්සෙ RRල 3ක් ගන්නව දවස් 30ක් සදහා. මේක කරන්න නොදන්න කෙනෙක් නම් නැතුව ඇති. කමක් නෑ ඔන්න පිංතූරෙකුත් දැම්මා.

  • My account >> Rent referrals >> 3 >> yes අන්න ඒ විදියට  RRල ගන්න පුලුවන්.

RReferral ගන්න එක වාසිද? අවාසිද? 

මේක තමා තියන වාසිදායකම විදිය. සමහරවෙලාවට පාඩුවක් විදියට පේනවා. ඒ උනත් ඇත්තටම එහෙම නැහැ.  RRල 3ක් ඉන්න කෙනෙක්ට ලොකු වාසියක් නැහැ. ඒ උනත් අපේ target එක RRල 150ක් විතර කරගත්තම මේක පට්ටම වාසිදායකයි. සාමාන්‍යයයෙන් RR එක්කෙනනෙක් වෙනුවෙන් අපි ගෙවන ගාන 0.2$ ලැබෙන්න එයාගේ ක්ලික්ස් 40ක් තියෙන්න ඕන. ඊට වැඩිවෙන තරමට අපිට ලාබයි. සාමාන්‍ය බැලුවොත් 1.3 වගේ තියෙන්න ඕන. ඒ නිසා අවාසියක් වෙන ඉඩ අඩුයි. බයවෙන්න දෙයක් නැහැ :D

කොහොමද RReferrals වැඩිකරගන්නෙ? 

RRල ගත්තම එයාල ඉන්නෙ දවස් 30යි. ඊට පස්සෙ අයින් වෙනවනෙ. එයාලගෙ හොදට ක්ලික් කරන බුවෙක් හිටියොත් සාමාන්‍ය 1.5ක් වගේ තියෙනව නම් තවත් දවස් 30කට ගන්න පුලුවන් අපිට. ඒ වගේම වැඩිය කට්ටිය නොදන්න එළකිරි ක්‍රමයක් තියනවා. ඒක පහලින් දැම්ම බලන්නකො.

RReferrals වැඩිපුර තියාගන්න autopay කරමුද?

මේ වැඩේ කරන්න අවශ්‍යතා 2 3ක් තියනවා.
  •     අපිට RRල ඉන්න ඕන
  •     අපේ probux ගිණුමෙ මුදල් තියෙන්න ඕන
  •     අපිත් එක්ක ඉන්න දවස් 20ට වඩා ඉතිරිවෙලා තියන RRල ඉන්න ඕන.
මේ ටික සම්පූර්ණ නම් RRල ඉන්න පිටුවට ගිහින් ඒකෙ උඩම තියෙන AutoPay: Enable කරන්න.

autopay Enable කරාම මොකද වෙන්නෙ?

හරි අපි හිතමු අපිත් එක්ක තවත් දවස් 25ක් ඉන්න RRල 3ක් ඉන්කොට AutoPay: Enable කරනවා. එතකොට අද දවසෙ ඒ RRල 3න් එක්කෙනෙක් හරි ඇඩ්ස් ක්ලික් කරොත් එයා වෙනුවෙන් අපි 0.0057$ක් ගෙවනවා. ඒ වෙනුවෙන් එයා තව වැඩිපුර දවසක් අපිත් එක්ක ඉන්නවා. ක්ලික් නොකරන අනිත් දෙන්න වෙනුවෙන් කිසිම විශෙෂයක් නැහැ, සුපුරුදු ලෙස එයාලගෙ දවස් ගණන තියනවා. මේක Auto වෙන දෙයක් හොදේ.

autopay Enable කරාම වාසියක් තියනවද?

මාසයක් වෙනුවෙන්  RR කෙනෙක් ගන්න අපිට 0.2$ ඕන වෙනවා. දවස් 30ක් AutoPay උනොත් අපිට ඕන 0.0057*30 = 0.171$යි. පොඩි වාසියක් තයනවා. දැන් හිතන්න RR 100ක් ගැන. වාසිය පොඩිද?

අනිත් කරුණ,

RR කෙනෙක්ට දවසට 0.0057$ ගෙවනවා. එයා ඇඩ්ස් 4ම බැලුවොත් අපිට 0.02$ ලැබෙනවා. එතනොට වාසිය 0.0143$ පොඩි නේද? දැන් බල්නන් RR 100ක් ගැන. වාසිය පොඩිද?

autopay Enable කරාම ආවාසියක් වෙයිද?

ආවාසියක් වෙන එකම එක විදියයි තියෙන්නෙ. අපි හිතමු අපේ  RR කෙනෙක් දවසට එකම එක ඇඩ් එකක් විතරක් ක්ලික් කරනවා. කරුමෙ කියන්නෙ ඌටත් ම AutoPay ආදාලයි. අපි ගෙවනවා 0.0057$ ක්. අපිට ලැබෙන්නෙ 0.005$යි. එහෙනම් 0.0007&$ අවාසියි. RR 100ක් නම් 0.07$ ලොකු පාඩුවක් නෑනෙ? අනික ක්ලික් කරන RR කෙනෙක් නම් සාමාන්‍යයයෙන් 4ම ක්ලික් කරනව. නැත්තම් එකකවත් නෑ. ඒ නිසා මේකට බයවෙන්න ඕන නැහැ.

දැන් හිතයි මේ සතයක් වෙනුවෙන් මොකට නහිනවද කියල :D ලොකු ලොකු දේ කරන්න කලින් සතේ සතේ එකතු කරල හොද අඩිතාලමක් දාගත්තා නම් බලන් ඉද්දි තට්ටු ගහන්න පුලුවන්. මම පැහැදිලි කළ RR එකෙක් එක්කනෙ. ජොලියට වගේ අර උඩින්ම දාපු screenshot එකෙ විස්තර වලින් 50%ක් අරන් බලන්නකෝ.

 probux කරන සෙට් එක දන්නවද මන්ද මේකෙ තියනව sri lankan forum එකක්. මොනව හරි ගැටලුවක් ආවොත් විසදගන්න පුලුවන්. මේ වගේ tricks ඉගෙන ගන්නත් පුලුවන්. දියුණු උන සෙට් එක කොච්චර කට්ටක් කාලාද එතනට ගිහින් තියෙන්නෙ කියල බලාගන්නත් පුලුවන්. ඒකටත් ගොඩවලාම බලන්නකො එහෙනම්.

Sri Lankan Forum- Probux

එහෙනම් මම ගියා. ආහ්...මතකනෙ මගෙ පොරොන්දුව මේක මගේ referral ලින්ක් ප්‍රචාරයක් නෙවෙයි. මේ දේවල් මම මුලින් දැනගෙන හිටිය නම් අද මාත් අම්බානෙක හොයන එළකිරි probux කාරයෙක්. අන්න ඒ නිසයි මුලින් පටන් ගත්ත කෙනෙක්ට උදව්වක් කරේ. දවසට විනාඩි 10ක් ඕන කෙනෙක්ට කැප කරන්න පුලුවන් වෙලාවක්නෙ. අනික ක්ලික් නොකරම හොයන්නත් කියල දුන්නනේ.. :D තවත් කෙනෙක්ට උදව්වක් වෙන්න share කරන්න මේ පෝස්ට් එක උදව්වක් උන අය. මම ගියා, ජයවේවා!

PTC - Adds ක්ලික් නොකර සල්ලි හොයන සෙට් එකට තල්ලුවක් #2

    දැකපු ගමන් හිතාගන්න පුලුවන් නෙ, කියන්න යන්නෙ probux ගැන කතාවක්. හැබැයි මේක මගේ රෙෆලල් වැඩි කරගන්න හදන කූට උපායක් කියල අවස්ථාව අතෑරගන්න එපා. විශ්වාසයෙන් කියන්නම් ලිපියෙ එකම තැනකදිවත් මගෙ රෙෆලල් ලින්ක් එකක් පල කරන්නෙ නැහැ.

 මුලින්ම කියන්න ඕන මම දාපු, "PTC - Adds ක්ලික් නොකර සල්ලි හොයමුද" පෝස්ට් එකේ විදියට auto adds බලන එක දැන් හරියට වැඩ කරන්නෙ නැත්නම් ඒ පෝස්ට් එකේ කමෙන්ටු බලන්න ගැටලුවක් උන යාලුවෙක්ට ඒක හදාගන්න විදිය මම කියල තියෙනවා.  මෙතනින් ඒ පොස්ට් එක බලන්න.

               අද කතාව කියන්න කලින් පොඩි දෙයක් මතක් කරන් ඕන. PTC ගැන කිසිම විශ්වාසයක් නැති ඒ වගේම කරන්න හදල උත්සහය අතෑරල දාපු පිරිසක් ඉන්නවනේ. ඒ හැම කනෙකේම E-money ගැන ආසාවක් තියන ඒත් මේ වැ‍ඩේ සාර්ථකත්වය නොදැකපු පිරිසක්. එතන වරදක් නැහැ මොකද මමත් මේ වැඩේ අතෑරල දාල ආයෙත් ඇදල ගත්තු කෙනෙක්. ඒ හැමදෙනෙක්ම මම වගේම freelancer, Odesk වැනි සයිට්ස් වල වැඩ කරන්න උත්සහ දරන්න ඇති. සමහර අය සාර්ථක වෙන්න ඇති. ඒත් මම වැටුනෙ අසාර්ථක කාණ්ඩයට. ඒ නිසා ඒ ගැන කියන්න මම දන්නෙ නැහැ. මොකද අපි අලුතෙන් එතනට ගියපු ගමන් අපිට වැඩ පවරන්නෙ නැති නිසා. ඒකට සතියක් මාසයක් හෝ මාස කිහිපයක් වෙහෙසෙන්න වෙනවා. මම වැරදි නම් දන්න කෙනෙක් මේ ගැන නිවැරදි කරන්න කියල ඉල්ලනවා. මේ දේවල් අසාර්ථකයි කියල නෙවෙයි මම කියන්නෙ, වැඩ කාරයෙක්ට හොයන්න සුපිරිම තැන්, නමුත් ඕන කෙනෙක්ට ලේසියෙන් කරන්න පුලුවන් දේවල් නෙවෙයි. ඇඩ් එකක් ක්ලික් කරන එක, සහ විනාඩි 10ක් වෙන් කරගන්න එක ඕන කෙනෙක්ට කරන්න පුලුවන් නිසයි කියන්නෙ.

         probux කිරිල්ලත් මීට දෙවැනි නැහැ. ඒ කියන්නෙ අපි සාර්ථක වෙන්න නම් මාස 4ක් 5ක් වෙහෙසෙන්න වෙයි කිසිම ලාබයක් නැතුව. වෙහෙසෙන්න කිව්වට කරන්න මහ දෙයක් නැහැ, දන්නවනෙ දවසට විනාඩි 10ක් වගේ පුංචි කාලයයි වෙන් කරන්න ඕන. හැබැයි එක වෙනසක් තියනවා. අපි මේ යොදවන කාලයෙන් කිසිම නාස්තියක් වෙන්නෙ නැහැ කියල 100%ක් විශ්වාසයි. මොන දේ උනත් පටන් ගත්ත ගමන් අමාරුයිනෙ, හරියට මේක අල්ලගත්තොත් බලන් ඉද්දි $ වැඩිවෙයි.ඔක්කොට කලින් මෙන්න මේ පිංතූරෙ බලන්නකෝ. (පැහැදිලි මදි නම් ක්ලික් කරල බලන්න)



      මේක මගේ screen shot එකක් එහෙම නෙවෙයි ඕන්. එළකිරියට වැඩේ අල්ලගත්ත කොල්ලෙක්ගෙ. මේකෙන් දැනගන්න තියන දේ තමයි probux වලින් අපි හොයන මුදල රැදෙන්නෙ අපේ Referral click ගණන මත. ඒ වෙනස හොදටම පේනවනෙ මේ screen shot එකෙන්. අනිත් වැදගත්ම දේ Referral හොයනව කියල අපි Direct Referra-DR පස්සෙ දුවන්න ඕන නැහැ. පේනවනෙ මෙයාගෙ  DR 10යි. RR 365යි. දැන් බලමු කොහොමද මේ තැනට අපි එන්නෙ කියල.

කොහොමද R. Referrals ගන්නෙ?
හරි අපි දැන් DR ලව අමතක කරල දාලා RRල ගැන බලමු. මුලින්ම වැඩේ පටන් ගත්තු කෙනෙක්ට නම් පට්ටම අමාරුයි. RRල අවමය 3ක් ගන්න 0.6$ ඕන වෙනවනෙ. ඒකට එකම විසදුම ඉවසීමෙන් ඒ ගාන එකතු කරන එක තමා :p ඊට පස්සෙ RRල 3ක් ගන්නව දවස් 30ක් සදහා. මේක කරන්න නොදන්න කෙනෙක් නම් නැතුව ඇති. කමක් නෑ ඔන්න පිංතූරෙකුත් දැම්මා.


  • My account >> Rent referrals >> 3 >> yes අන්න ඒ විදියට  RRල ගන්න පුලුවන්.

RReferral ගන්න එක වාසිද? අවාසිද?
මේක තමා තියන වාසිදායකම විදිය. සමහරවෙලාවට පාඩුවක් විදියට පේනවා. ඒ උනත් ඇත්තටම එහෙම නැහැ.  RRල 3ක් ඉන්න කෙනෙක්ට ලොකු වාසියක් නැහැ. ඒ උනත් අපේ target එක RRල 150ක් විතර කරගත්තම මේක පට්ටම වාසිදායකයි. සාමාන්‍යයයෙන් RR එක්කෙනනෙක් වෙනුවෙන් අපි ගෙවන ගාන 0.2$ ලැබෙන්න එයාගේ ක්ලික්ස් 40ක් තියෙන්න ඕන. ඊට වැඩිවෙන තරමට අපිට ලාබයි. සාමාන්‍ය බැලුවොත් 1.3 වගේ තියෙන්න ඕන. ඒ නිසා අවාසියක් වෙන ඉඩ අඩුයි. බයවෙන්න දෙයක් නැහැ :D

කොහොමද RReferrals වැඩිකරගන්නෙ?
 RRල ගත්තම එයාල ඉන්නෙ දවස් 30යි. ඊට පස්සෙ අයින් වෙනවනෙ. එයාලගෙ හොදට ක්ලික් කරන බුවෙක් හිටියොත් සාමාන්‍ය 1.5ක් වගේ තියෙනව නම් තවත් දවස් 30කට ගන්න පුලුවන් අපිට. ඒ වගේම වැඩිය කට්ටිය නොදන්න එළකිරි ක්‍රමයක් තියනවා. ඒක පහලින් දැම්ම බලන්නකො.

RReferrals වැඩිපුර තියාගන්න autopay කරමුද?
මේ වැඩේ කරන්න අවශ්‍යතා 2 3ක් තියනවා.
  • අපිට RRල ඉන්න ඕන
  • අපේ probux ගිණුමෙ මුදල් තියෙන්න ඕන
  • අපිත් එක්ක ඉන්න දවස් 20ට වඩා ඉතිරිවෙලා තියන RRල ඉන්න ඕන.
 මේ ටික සම්පූර්ණ නම් RRල ඉන්න පිටුවට ගිහින් ඒකෙ උඩම තියෙන AutoPay: Enable කරන්න.

autopay Enable කරාම මොකද වෙන්නෙ?
හරි අපි හිතමු අපිත් එක්ක තවත් දවස් 25ක් ඉන්න RRල 3ක් ඉන්කොට AutoPay: Enable කරනවා. එතකොට අද දවසෙ ඒ RRල 3න් එක්කෙනෙක් හරි ඇඩ්ස් ක්ලික් කරොත් එයා වෙනුවෙන් අපි 0.0057$ක් ගෙවනවා. ඒ වෙනුවෙන් එයා තව වැඩිපුර දවසක් අපිත් එක්ක ඉන්නවා. ක්ලික් නොකරන අනිත් දෙන්න වෙනුවෙන් කිසිම විශෙෂයක් නැහැ, සුපුරුදු ලෙස එයාලගෙ දවස් ගණන තියනවා. මේක Auto වෙන දෙයක් හොදේ.

autopay Enable කරාම වාසියක් තියනවද?
මාසයක් වෙනුවෙන්  RR කෙනෙක් ගන්න අපිට 0.2$ ඕන වෙනවා. දවස් 30ක් AutoPay උනොත් අපිට ඕන 0.0057*30 = 0.171$යි. පොඩි වාසියක් තයනවා. දැන් හිතන්න RR 100ක් ගැන. වාසිය පොඩිද?

අනිත් කරුණ, 
RR කෙනෙක්ට දවසට 0.0057$ ගෙවනවා. එයා ඇඩ්ස් 4ම බැලුවොත් අපිට 0.02$ ලැබෙනවා. එතනොට වාසිය 0.0143$ පොඩි නේද? දැන් බල්නන් RR 100ක් ගැන. වාසිය පොඩිද?

autopay Enable කරාම ආවාසියක් වෙයිද?
ආවාසියක් වෙන එකම එක විදියයි තියෙන්නෙ. අපි හිතමු අපේ  RR කෙනෙක් දවසට එකම එක ඇඩ් එකක් විතරක් ක්ලික් කරනවා. කරුමෙ කියන්නෙ ඌටත් ම AutoPay ආදාලයි. අපි ගෙවනවා 0.0057$ ක්. අපිට ලැබෙන්නෙ 0.005$යි. එහෙනම් 0.0007&$ අවාසියි. RR 100ක් නම් 0.07$ ලොකු පාඩුවක් නෑනෙ? අනික ක්ලික් කරන RR කෙනෙක් නම් සාමාන්‍යයයෙන් 4ම ක්ලික් කරනව. නැත්තම් එකකවත් නෑ. ඒ නිසා මේකට බයවෙන්න ඕන නැහැ.

දැන් හිතයි මේ සතයක් වෙනුවෙන් මොකට නහිනවද කියල :D ලොකු ලොකු දේ කරන්න කලින් සතේ සතේ එකතු කරල හොද අඩිතාලමක් දාගත්තා නම් බලන් ඉද්දි තට්ටු ගහන්න පුලුවන්. මම පැහැදිලි කළ RR එකෙක් එක්කනෙ. ජොලියට වගේ අර උඩින්ම දාපු screenshot එකෙ විස්තර වලින් 50%ක් අරන් බලන්නකෝ.

 probux කරන සෙට් එක දන්නවද මන්ද මේකෙ තියනව sri lankan forum එකක්. මොනව හරි ගැටලුවක් ආවොත් විසදගන්න පුලුවන්. මේ වගේ tricks ඉගෙන ගන්නත් පුලුවන්. දියුණු උන සෙට් එක කොච්චර කට්ටක් කාලාද එතනට ගිහින් තියෙන්නෙ කියල බලාගන්නත් පුලුවන්. ඒකටත් ගොඩවලාම බලන්නකො එහෙනම්.

එහෙනම් මම ගියා. ආහ්...මතකනෙ මගෙ පොරොන්දුව මේක මගේ referral ලින්ක් ප්‍රචාරයක් නෙවෙයි. මේ දේවල් මම මුලින් දැනගෙන හිටිය නම් අද මාත් අම්බානෙක හොයන එළකිරි probux කාරයෙක්. අන්න ඒ නිසයි මුලින් පටන් ගත්ත කෙනෙක්ට උදව්වක් කරේ. දවසට විනාඩි 10ක් ඕන කෙනෙක්ට කැප කරන්න පුලුවන් වෙලාවක්නෙ. අනික ක්ලික් නොකරම හොයන්නත් කියල දුන්නනේ.. :D තවත් කෙනෙක්ට උදව්වක් වෙන්න share කරන්න මේ පෝස්ට් එක උදව්වක් උන අය. මම ගියා, ජයවේවා!

Monday, September 23, 2013

PTC - Adds ක්ලික් නොකර සල්ලි හොයමුද


PTC කියන්නෙ මොකක්ද? ඇත්තටම සල්ලි ගෙවනවද? කොහොමද හරියට ඇඩ්ස් බලන්න ඕන කියල ගොඩක් කරුණු කලින් පෝස්ට් එකකින් දැම්මා. එතනදි මම කිව්වෙ ලේසියෙන් සල්ලි අතටම ගන්න පුලුවන් ලංකාවෙ සයිට් එකක් ගැන. ඒ ලිපිය බලන්න ඕන අය මෙතනින් ගිහින් ඒකත් කියවලම ඉන්නකෝ..
                අද මේ කියන්න දුවගෙන ආවෙ තවත් පට්ට වැඩක් ගැන. කෙටියෙන්ම කිව්වොත් ඇඩ් ක්ලික් කර කර දුක් විදින්නෙ නැතුව PTC වලින් සල්ලි හොයන ක්‍රමයක්. මෙහෙම කරන්න පුලුවන් සයිට් එක probux. PTC වලින් ඉස්සරහින්ම තියන සයිට් එකක් තමා මේක. ඒ වගේම අනිත් ඒව වගේ වැඩි කතන්දර නැතුව ලේසියෙන් වැඩි ගානක් හොයාගන්න පුලුවන් සයිට් එකක්. 
            ඔන්න වැඩි අනම් මනන් නැතුව ඇඩ් ක්ලික් නොකර සල්ලි හොයන විදිය කියන්නම්. මේ වැඩේ කරන්න වෙන්නෙ ගිනිනරියා ඉන්න අයට තමා. ඒ නිසා පහළ ලෝගුව ක්ලික් කරල  ගිනිනරියාඅරන් install කරගන්න.


හරි දැන් පහළ ලින්කුවෙන් ගිහින් Greasemonkey කියන ඇඩෝනය install කරගන්න.


දැන් වැඩේ ටිකක් හරි. හැබැයි ඉවර නෑ :p  ඉවරවෙන්නෙ මෙතනින් ගිහින් පහළ රූපෙ විදියට JavaScript එක  install කරගත්තට පස්සෙ.



දැන් වැඩේ ගොඩ, කරන්න තියන එකම දේ තමන්ගෙ probux account එකට log වෙලා view ads ක්ලික් කරන එක විතරයි. ඊට පස්සෙ කට ඇරන් බලන් ඉන්න මැජික් එක දිහා. අෆොයි එහෙනන් ක්ලික් කර කරම ඉන්න තිබුනනෙ.  view ads ක්ලික් කරල වෙන වැඩක් කරගෙන ඉන්නයි තියෙන්නෙ වදුරුපැටියා වැඩේ කරල දෙනකන්. තවමත් probux account නැති අය පහළ බැනර් එක උඩින් ගිහින් හදාගන්න. පේනවනෙ නිකන්ම සල්ලි :D


view ads ක්ලික් කරපු ගමන් පහළ 1න් පේන විදියෙ කොටුවක් මතුවෙයි. ඇඩ් එක බලලා ඉවර උනාම 2න් පේන විදියට වැටෙනවා.


ඔන්න මම නම් සේරම ටික බලව ගත්තා :D දෙයියනේ කියල page load වෙන data ටිකත් ඉතිරියි.


දැන් බලයි සමහර ඒව done, අනිත් ඒය මොකුත් නෑනෙ කියල.. බලපු ඇඩ් එකක් උඩින් මීයා අරන් ගියාම වෙනවා, ගණන් ගන්න එපා හික්ස් :p දැන් කට්ටිය බලයි හැම එකට මේ වැඩේ පුලුවන් නෙ කියල. අපේ අයියල රට කම්මැලියො නෙ :D වැඩේ හරියන්නෙ කිහිපයකට විතරයි. සමහර ඒවගේ ඇඩ්ස් බැලුවම රූපයක් තෝරන්න, අංකයක් තෝරන්න දෙනවනේ. එතකොට ඉතිං මේ හොරේ අහුවෙනවා :p probux වලට 100%ක් වැඩ.

කොහොමද වැඩියෙන් හොයන්නෙ?
              මන් කලින් ලිපියෙ කිවවනේ මේ වැඩෙන් දවසට දහස් ගණන් හොයන්න බෑ. තමන්ගෙ දක්ෂතාවය අනුව හොයන ගාන වැඩිකරගන්න පුලුවන්. තමුන් සේරම ඇඩ් බැලුවොත් ලැබෙන්නෙ $0.05- $0.06 ක් වගේ දවසකට. PTC වලින් දියුණු වෙන කලාව තමා referrals හොයනව කියන්නෙ.

01. Direct referrals
      අපේ referral ලින්කුව දීල කට්ටිය එකතු කරල දෙනව සයිට් එකට. මේ ගැන වැඩි විස්තර පළවෙනි ලිපියෙත් ලිව්වා. ඒකත් බලන්න. මේ වැඩේ ටිකක් අසාර්ථකයි. මොකද කට්ටිය වැඩි කැමැත්තක් නෑ කාගෙවත් referral ලින්කුවකින් වැඩේට බහින්න. නමුත්සහයක් දරන්න එක්කෙනෙක් උනත් ඔයාලටයි. දැන් ඉතින් ක්ලික් කෙරිලි නෑනෙ ;) ඒ නිසා කස්ටිය වරඩේට කැමති වෙයි.

මේක අසාර්ථක වෙන්න තව හේතුවක් තියනවා. අපි හිතමු කෙනෙක් direct referral 50ක් හොයාගත්තා.
එතකොට දවසකට ලැබෙන ගාන 50*4=200 , 150*0.0005= 0.075$ යි. දැන් බලයි ක්ලික් 200න් 150ක් ගත්තෙ ඇයි කියල. හැමකෙනෙක්ම දිනපතා ක්ලික් කරන්නෙ නෑනෙ ඉතිං :p අෆොයි පේනවද 50ක් හිටියත් වැඩක්ද?

01. Rent referrals
        මම දකින සාර්ථක විදිය මේක. ක්ලික් කරලම හම්බෙන ගානක් දීල  referral rent කරනවා. වැඩේ ලේසිනෙ. මුල්ම 0.6$ එකතුවුන ගමන් ලෝබ නැතුව referral 3ක් rent කරන්න. ප්‍රතිලාබ මාසෙකින් ඔන්න බලන්නකො. 

    මුලු ඇඩ්ස්= (3*4)*30 = 360
    360/2 ක්ලික් කරාම = 180*0.005 = 0.9$

ඒ වැඩේ පාඩු නෑනේ,  හොදම referral 3ක් සෙට් උනොත් මීට වැඩිය ලැබෙනවා. මේ වැඩේට පොඩි කට්ටක් කන්න වෙනව මුල් ටිකේ. මුලින්ම හම්බෙන හැම 0.6$ ම දීල referral rent කරන්න ඔන. දවස් 30න් අයින් වෙන අයගෙන් ක්ලික්ස් වැඩි referrals ආයෙත් ගන්න. මාසයක් හමාරක් හරියට වැඩේ කරගත්තා නම් rent referral 50ක් ගේමක් නොවෙයි. ඔන්න බලන්න rent referral 50ක් නම් වැඩේ,

50*4=200 , 150*0.005= 0.75$

direct referral 50ක් හොයාගත්තා වගේ 10 ගුණයක්..මේක මෙහෙම දාන්න තරන් ලොකු ගානක් නෙවෙයි. කට්ටිය බනියි මුට පිස්සුද කියල. ඔන්න බලන්න මම මුල් ලිපියෙන් කිව්ව කතාව ඇත්ත වෙනවා.

දවසක මුලු ආදායම (තමන්, rent referral 50, direct referral 50)
         
$0.05+ 0.075+ $0.75= $0.875

මාසයකින්,

$0.875*30= $26.25*132= රු 3465/=

ඔන්න මන් කිව්ව කතාව, නිදහසෙ මලක් කඩන්න ෆොන් එකට හරි දාගන්න පුලුවන් :D බෑ බෑ කිය කිය ඉන්නවට වඩා මෙහෙම දේකින් හරි නිකන් ලැබෙන දේ ගන්න එක හොදයි කියලයි මට නම් හිතෙන්නෙ. රු 3000ක් කියන්නෙ අද කාලෙ පොඩිගානක් උනාට ඒකවත් නැති අයත් ඉන්නවනේ. 

වැදගත්ම කතාව තමා පළවෙනි දවසෙ, පළවෙනි මාසෙ මේ විදියට හොයන්න බැරිවෙයි. ඔයාලගෙ  referral ගැන වැඩි කරගත්ත ගමන් මීට වඩා හෙයන්න පුලුවන් වෙයි. ඒ වගේම ගන්න referrals ල ඇක්ටිව් ද නැද්ද කියන එකත් මේකට බලපානව. අනිත් දේ තමා referrals ලගෙ ක්ලික් වලට මුදල් ලැබෙන්නෙ අපි ඇඩ් ක්ලික් කරනව නම් විතරයි.

එහෙනම් මම ගියා. ඔනවටත් වඩා දිග උනා. එක්කනෙක්ට හරි ප්‍රෙයාජනයක් උනා නම් ඒ ඇති...:D

සැ.යු - මුදල් හොයල paypal වලට නම් ගන්න එපා  paypal  ගැන හරියට දන්නෙ නැත්නම්. payza කියන්නෙ ලංකාවට මුදල් ගෙන්නන්න පුලුවන් account එකක්. ඒ උනාට payza වලට ගන්න යන්නතු එපා $5ක් උන ගමන්. paypal, payza  ගැන නොදන්න අය සහ දැනගන්න කැමති අය ඉන්නව නම් comment එකකින් හරි අහන්න දන්න සේරම කියල දෙන්නම්.                      

col3best sinhala movies