Sunday, November 17, 2013

How to complete probux/ neobux Tasks simply

මෙන්න probux/ neobux වලින් ගොඩයන රහස. දැනට ලිපි හතරක් විතර ලිව්වනෙ ඇඩ් ක්ලික් කරන එක ගැන. මේක අන්තිම එක ගොඩක් වෙලාවට :)  ලියපු හැම එකකින්ම මම කිව්ව task කරන්න ආරම්භයක් ගන්න කියල. හැබැයි ඉතිං කට්ටිය ඒක කරන්න නැතුව ඇති :D මටත් මුලින් එපාම උනා, track එකට වැටුනම ගේමක් නෑ. තියෙන්න ඕන එකම දේ, උනන්දුව සහ ඉවසීම. එහෙම නැත්තන් ඉතිං මේ ලිපිය කියෙව්වත් task කිරිල්ල ලේසි වෙන එකක් නැහැ, මොකද මම හොර ක්‍රම කියල දෙන්න දන්නෙ නෑ. පොඩි තල්ලුවක් දෙන්න හදන්නෙ track එකට වැටෙන්න ;)

කලින් ටිකත් බලලම වැඩේ පටන් ගන්නකො..


මොනවද task කියන්නෙ?

task කරන්න කියල කිව්වට තාම මේ මොකද්ද කියල දන්නැති අයත් ඇතිනෙ.  task එකකින් කරන්නෙ අපිට කියල පොඩි පොඩි වැඩ කරගන්න එක. සාමාන්‍යයයෙන්   task විදියට ලැබෙන්නෙ එයාල දෙන ලින්ක් එකකට ගිහින් එයාලට ඕන විස්තර හොයල දෙන්න කියල.
උදා:
  • article එකක්ද/නැද්ද, article එකක් නම් author කව්ද?
  • address එක, telephone no එක, email එක හරිද, නැත්තන් වෙනස් කම් මොනවද?
  • blog එකක්ද, නැද්ද?
  • සයිට් වල තියන බඩුවල prize, description, offers වගේ ඒව   copy&paste කරන්න
  • youtube video category වලට වෙන් කරන්න
  • web/blog  category වලට වෙන් කරන්න
මෙන්න මේ වගේ ගොඩක් පොඩි දේවල් කරන්න ඕන. එක task එකක් complete වෙන්න විනාඩි 4-5ක් උපරිම යන්නෙ. ඇඩ් ක්ලික් එක තරම් ලේසි නැති උනාට වැඩිපුර හොයන්න මරු.

කොහොමද පටන් ගන්නෙ?

මුලින්ම  probux වලට ලොග් වෙලා task කියන ටැබ් එකට යන්න. neobux වල නම් මේක offers යටතෙ mini jobs කියල තියෙන්නෙ. තාම මේ වැඩේ පටන් ගන්න තියා නිකන් වත් බලලා තිබුනෙ නැත්තන් "crowd flower" site එකේ register වෙන්න කියයි. ඒක නම් කරන්න පුලුවන් වෙයි කියල හිතනවා :p ඊට පස්සෙ හදපු  crowd flower එකට ලොග් උනාම available task ටික පෙන්නනවා.
  • මේව දවස ගානෙ අලුත් වෙනවා. සමහර දවසට එකක්වත් නැතිවෙන්නත් පුලුවන්. a
  • vailable task වල තියන වැඩත් 100ට අඩුයි නම් කරන්න බැහැ. 
  • ඒ වගේම accuracy එක 75% වඩා තියාගත්තෙ නැත්තන් ඒත් කරන්න දෙන්නෙ නැහැ.
  • ගොඩක් වෙලාවට Spanish, Italy, Portuguese, french, වගේ භාෂා වල task එනවා. ගෙවීමත් හොදයි, මොනා කරන්නද අපි ඔවා දන්නෙ නැහැ නේ :p මම ඒවත් කරන්න කියල දෙනවා ;)

task එකක් කරන්නෙ කොහොමද?

මෙතන තමා ගොඩක් අය ඇනගන්නෙ, බැරිකමට නෙවෙයි තියන කම්මැලි කමට :p  task එකක් කරන්න ගන්න කලින් හොදට කියවන්න වෙනවා. දීල තියන instruction ටික නොදැන කණා ෂොට් වලින් මේක කරන්න බැහැ.
උදා:
මෙතන තියන 3 වෙනි එක ගන්නම්. "Help us validate Authors and Articles" කියල එක. මේ විදියට කරන්න ඕන පිළිවෙල දෙනවා.
දැන් ඉතිං කෑ ගහන්න එපා මූ නම් කියයි අමු කඩ්ඩනෙ කියල, ඇති මගුලක් නෑ. උඩින් පල්ලෙන් කියවන්න, අදහස ඔලුවට දාගන්න. A-Z කියවන්න ඕන නෑ.
01. ලිනක් එක ක්ලික් කරන්න
02. article එකක්ද නැද්ද බලන්න.
  • මෙන්න මේකට තවත් instruction ටික පහළින් දෙනවා එයාලා. article එකක් විදියට සලක්නෙ මොනවද කියල, කියවන්නම කම්මැලි නම් example click කරල sample ටිකක් බලන්න.
  •  ඊට පස්සෙ දෙනවා article එකක් කියල සලකන්නෙ නැත්තෙ මොනවද කියල, slideshow, video, read more article, forum, signup තියන ඒවා වගේ. ඒකටත් example click කරල sample ටිකක් බලන්න.
03.  article එකක් නම් බලන්න ඕන author කව්ද කියල, වැඩිය දගලන්න දෙයක් නැහැ දන්නවනෙ authorගේ නම් එක්කො post එකේ උඩ තියෙනවා, නැත්තන් යට තියනවා.

04. article 5-10 අතර ගානක් බලන්න වෙයි එක task එකක් complete වෙන්න, විනාඩි 4ක් වගේ යන්නෙ, පාඩ්වක් නෑ 0.01-0.25$ ගන්න පුලුවන් task එකකින්.

05. එක task එකකට අදාල instruction ටික එක පාරක් ඔලුවට දාගත්තා නම් දිගටම කරන්න පුලුවන්, මොකද හැමදාම එකම වගේ task ලැබෙන්නෙ. උදාහරණය විදියට මේකම ගත්තෙ හැමදාම මේ task එක ලැබෙන් නිසා :D හැබැයි මේක neobux හොදේ, probux වල task අඩුයි ගෙවීම් වැඩියි ;)

මේ තියෙන්නෙ මම task එකක් complete කරපු විදිය. මේක බලලා තේරුම් ගන්න මහ ලොකු දෙයක් නෑ කියල, ඒ වගේම ගොඩක් හිතන්නවත්, හොයන්නවත්, කිසිම දෙයක් ඕන නැහැ මේව කරන්න :D පැහැදිලි වෙන්න ඕන නිසා මම හෙමින් මේක කරේ, නැත්තන් ඔච්චරවත් වෙලා යන්නෙ නැහැ ;)


මේ තියෙන්නෙ මගේ තව task ටිකක්, මේවගේ accuracy පොඩ්ඩක් බලන්න. සමහර ලේසි ඒව මට දැන් කරන්න දෙන්නෙ නැහැ low accuracy නිසා :p


යන්තන් ඒකෙන් 3ක් ගොඩදැම්මා. මේක probux task එකක්. low accuracy උනොත් අන්තිම task එකට ගෙවන්නෙ නැහැ, හැබැයි මම ඒකත් ගත්තා :D

මේව දැක්කම හරි පොඩි ගටක් එන්න ඇති මමත් task වලින් ගොඩයනවා කියල, අන්න ඒ නිසයි දැම්මෙ.

වෙනත් භාෂාවල task කරන්නෙ කොහොමද?

අපෝ.....මේව නම් කරන්න බෑ කියල අතාරින්න එපා. මේවට තමා වැඩිපුර ගෙවන්නෙ, ගොඩක් වෙලාවට probux වලදි හම්බෙන්නෙ. කම්මැලි කම ගසල දාලා පොඩි try එකක් දෙන්න, මේ බලන්න මේව කරන විදිය.

මෙන්න තියනවා අන්ඩර දෙමළ task එකක්,

මෙහෙම තිබුනොත් ඕක කරන්න පුලුවන් වෙයි නෙ :D

මුලින්ම කිව්ව වගේ මැජික්, හොර ක්‍රම නෑ, තමන්ගෙ මහන්සියෙන් විතරයි පුලුවන් ඈ..පහළින් ගිහින් add on එක දාගන්න. 2 රූපෙ විදියට එන T අකුර උඩ ක්ලික් කරල දන්න ඉංග්‍රිසියට හරවන් කරන්න දැන් :D

http://adf.ly/ZSwdp

chrome එකට නම් මේවගේ හොදට ලස්සනට ඇඩෝනයක් නම් හම්බුනෙ නෑ :p ඒ නිසා chrome අතාරින්නම බැරි නම් ටිකක් හොයල බලන්න :D මේ වැඩේ 100%ක් සාර්ථකයි, උනන්දුවක් තියනව නම් කරල ගොඩයන්න :)

මේවගේ task නම් බර ගානක් කරන්න අමාරුයි, දෙක තුනක් හරි ගොඩදාගන්න බලන්න. හැමදේම කියවල තේරුම් අරන් කරන්න ඕන නැහැනෙ, හැමදාම එකම ටික. උඩින් පල්ලෙන් කියවල task එකට ගිහින් බැලුවම නිකන්ම තේරෙනවා. 

හදිස්සියෙ හරි ගොඩක් වැරදිල low accuracy උනොත් අන්තිම task එකට pay කරන්නෙ නෑනෙ, ඒකට පොඩි වැඩක් කරන්න. task එක ඉවර උනාම එයාල වැරදි පෙන්නල දෙනකොට "that's ok" කියල ඉන්නෙ නැතුව ඔයාලා හරියි, කියල මොකක් හරි හෙතුවක් දාන්න. එතකොට accuracy 65-75% වගේ තිබුනොත් payment ගන්න පුලුවන් ;)

දැන් ඉතිං ඔයාල try කරල බලන්න. සාර්ථක හෝ අසාර්ථක උනොත් ඇවිත් කියල යන්න හොදේ :D ඔන්න මගේ වැඩේ ඉවරයි, දවස් 4ක් තිස්සෙ මේක ලියන්න උනා.  ඇඩ් ක්ලික් ගැන ආය ලියන්න ඕන නැතිවෙයි, මේ දෙක හරියට කරොත් නම් මාසෙකට 60$-200$ වෙනකන් යන්න පුලුවන්. කට්ටයටම සුභපැතුම්!! මම යනවා, අදහසක් එකතු කරල like එකක් දාලා යන්න ;)



මූණුපොතෙන් ආපු අයගෙ අදහස්

2 comments:

  1. machan meke addon eka dan wada nnaa ne.. e adon eke name eka kiyapanko...

    ReplyDelete
    Replies
    1. වැඩකරනවා මචෝ මං අදත් ඒක use කරා ;) "google translater"

      Delete

col3best sinhala movies