Thursday, October 10, 2013

PTC - Adds ක්ලික් නොකර සල්ලි හොයන සෙට් එකට තල්ලුවක් #2

    දැකපු ගමන් හිතාගන්න පුලුවන් නෙ, කියන්න යන්නෙ probux ගැන කතාවක්. හැබැයි මේක මගේ රෙෆලල් වැඩි කරගන්න හදන කූට උපායක් කියල අවස්ථාව අතෑරගන්න එපා. විශ්වාසයෙන් කියන්නම් ලිපියෙ එකම තැනකදිවත් මගෙ රෙෆලල් ලින්ක් එකක් පල කරන්නෙ නැහැ.

 මුලින්ම කියන්න ඕන මම දාපු, "PTC - Adds ක්ලික් නොකර සල්ලි හොයමුද" පෝස්ට් එකේ විදියට auto adds බලන එක දැන් හරියට වැඩ කරන්නෙ නැත්නම් ඒ පෝස්ට් එකේ කමෙන්ටු බලන්න ගැටලුවක් උන යාලුවෙක්ට ඒක හදාගන්න විදිය මම කියල තියෙනවා.  මෙතනින් ඒ පොස්ට් එක බලන්න.

               අද කතාව කියන්න කලින් පොඩි දෙයක් මතක් කරන් ඕන. PTC ගැන කිසිම විශ්වාසයක් නැති ඒ වගේම කරන්න හදල උත්සහය අතෑරල දාපු පිරිසක් ඉන්නවනේ. ඒ හැම කනෙකේම E-money ගැන ආසාවක් තියන ඒත් මේ වැ‍ඩේ සාර්ථකත්වය නොදැකපු පිරිසක්. එතන වරදක් නැහැ මොකද මමත් මේ වැඩේ අතෑරල දාල ආයෙත් ඇදල ගත්තු කෙනෙක්. ඒ හැමදෙනෙක්ම මම වගේම freelancer, Odesk වැනි සයිට්ස් වල වැඩ කරන්න උත්සහ දරන්න ඇති. සමහර අය සාර්ථක වෙන්න ඇති. ඒත් මම වැටුනෙ අසාර්ථක කාණ්ඩයට. ඒ නිසා ඒ ගැන කියන්න මම දන්නෙ නැහැ. මොකද අපි අලුතෙන් එතනට ගියපු ගමන් අපිට වැඩ පවරන්නෙ නැති නිසා. ඒකට සතියක් මාසයක් හෝ මාස කිහිපයක් වෙහෙසෙන්න වෙනවා. මම වැරදි නම් දන්න කෙනෙක් මේ ගැන නිවැරදි කරන්න කියල ඉල්ලනවා. මේ දේවල් අසාර්ථකයි කියල නෙවෙයි මම කියන්නෙ, වැඩ කාරයෙක්ට හොයන්න සුපිරිම තැන්, නමුත් ඕන කෙනෙක්ට ලේසියෙන් කරන්න පුලුවන් දේවල් නෙවෙයි. ඇඩ් එකක් ක්ලික් කරන එක, සහ විනාඩි 10ක් වෙන් කරගන්න එක ඕන කෙනෙක්ට කරන්න පුලුවන් නිසයි කියන්නෙ.

         probux කිරිල්ලත් මීට දෙවැනි නැහැ. ඒ කියන්නෙ අපි සාර්ථක වෙන්න නම් මාස 4ක් 5ක් වෙහෙසෙන්න වෙයි කිසිම ලාබයක් නැතුව. වෙහෙසෙන්න කිව්වට කරන්න මහ දෙයක් නැහැ, දන්නවනෙ දවසට විනාඩි 10ක් වගේ පුංචි කාලයයි වෙන් කරන්න ඕන. හැබැයි එක වෙනසක් තියනවා. අපි මේ යොදවන කාලයෙන් කිසිම නාස්තියක් වෙන්නෙ නැහැ කියල 100%ක් විශ්වාසයි. මොන දේ උනත් පටන් ගත්ත ගමන් අමාරුයිනෙ, හරියට මේක අල්ලගත්තොත් බලන් ඉද්දි $ වැඩිවෙයි.ඔක්කොට කලින් මෙන්න මේ පිංතූරෙ බලන්නකෝ. (පැහැදිලි මදි නම් ක්ලික් කරල බලන්න)



      මේක මගේ screen shot එකක් එහෙම නෙවෙයි ඕන්. එළකිරියට වැඩේ අල්ලගත්ත කොල්ලෙක්ගෙ. මේකෙන් දැනගන්න තියන දේ තමයි probux වලින් අපි හොයන මුදල රැදෙන්නෙ අපේ Referral click ගණන මත. ඒ වෙනස හොදටම පේනවනෙ මේ screen shot එකෙන්. අනිත් වැදගත්ම දේ Referral හොයනව කියල අපි Direct Referra-DR පස්සෙ දුවන්න ඕන නැහැ. පේනවනෙ මෙයාගෙ  DR 10යි. RR 365යි. දැන් බලමු කොහොමද මේ තැනට අපි එන්නෙ කියල.

කොහොමද R. Referrals ගන්නෙ?
හරි අපි දැන් DR ලව අමතක කරල දාලා RRල ගැන බලමු. මුලින්ම වැඩේ පටන් ගත්තු කෙනෙක්ට නම් පට්ටම අමාරුයි. RRල අවමය 3ක් ගන්න 0.6$ ඕන වෙනවනෙ. ඒකට එකම විසදුම ඉවසීමෙන් ඒ ගාන එකතු කරන එක තමා :p ඊට පස්සෙ RRල 3ක් ගන්නව දවස් 30ක් සදහා. මේක කරන්න නොදන්න කෙනෙක් නම් නැතුව ඇති. කමක් නෑ ඔන්න පිංතූරෙකුත් දැම්මා.


  • My account >> Rent referrals >> 3 >> yes අන්න ඒ විදියට  RRල ගන්න පුලුවන්.

RReferral ගන්න එක වාසිද? අවාසිද?
මේක තමා තියන වාසිදායකම විදිය. සමහරවෙලාවට පාඩුවක් විදියට පේනවා. ඒ උනත් ඇත්තටම එහෙම නැහැ.  RRල 3ක් ඉන්න කෙනෙක්ට ලොකු වාසියක් නැහැ. ඒ උනත් අපේ target එක RRල 150ක් විතර කරගත්තම මේක පට්ටම වාසිදායකයි. සාමාන්‍යයයෙන් RR එක්කෙනනෙක් වෙනුවෙන් අපි ගෙවන ගාන 0.2$ ලැබෙන්න එයාගේ ක්ලික්ස් 40ක් තියෙන්න ඕන. ඊට වැඩිවෙන තරමට අපිට ලාබයි. සාමාන්‍ය බැලුවොත් 1.3 වගේ තියෙන්න ඕන. ඒ නිසා අවාසියක් වෙන ඉඩ අඩුයි. බයවෙන්න දෙයක් නැහැ :D

කොහොමද RReferrals වැඩිකරගන්නෙ?
 RRල ගත්තම එයාල ඉන්නෙ දවස් 30යි. ඊට පස්සෙ අයින් වෙනවනෙ. එයාලගෙ හොදට ක්ලික් කරන බුවෙක් හිටියොත් සාමාන්‍ය 1.5ක් වගේ තියෙනව නම් තවත් දවස් 30කට ගන්න පුලුවන් අපිට. ඒ වගේම වැඩිය කට්ටිය නොදන්න එළකිරි ක්‍රමයක් තියනවා. ඒක පහලින් දැම්ම බලන්නකො.

RReferrals වැඩිපුර තියාගන්න autopay කරමුද?
මේ වැඩේ කරන්න අවශ්‍යතා 2 3ක් තියනවා.
  • අපිට RRල ඉන්න ඕන
  • අපේ probux ගිණුමෙ මුදල් තියෙන්න ඕන
  • අපිත් එක්ක ඉන්න දවස් 20ට වඩා ඉතිරිවෙලා තියන RRල ඉන්න ඕන.
 මේ ටික සම්පූර්ණ නම් RRල ඉන්න පිටුවට ගිහින් ඒකෙ උඩම තියෙන AutoPay: Enable කරන්න.

autopay Enable කරාම මොකද වෙන්නෙ?
හරි අපි හිතමු අපිත් එක්ක තවත් දවස් 25ක් ඉන්න RRල 3ක් ඉන්කොට AutoPay: Enable කරනවා. එතකොට අද දවසෙ ඒ RRල 3න් එක්කෙනෙක් හරි ඇඩ්ස් ක්ලික් කරොත් එයා වෙනුවෙන් අපි 0.0057$ක් ගෙවනවා. ඒ වෙනුවෙන් එයා තව වැඩිපුර දවසක් අපිත් එක්ක ඉන්නවා. ක්ලික් නොකරන අනිත් දෙන්න වෙනුවෙන් කිසිම විශෙෂයක් නැහැ, සුපුරුදු ලෙස එයාලගෙ දවස් ගණන තියනවා. මේක Auto වෙන දෙයක් හොදේ.

autopay Enable කරාම වාසියක් තියනවද?
මාසයක් වෙනුවෙන්  RR කෙනෙක් ගන්න අපිට 0.2$ ඕන වෙනවා. දවස් 30ක් AutoPay උනොත් අපිට ඕන 0.0057*30 = 0.171$යි. පොඩි වාසියක් තයනවා. දැන් හිතන්න RR 100ක් ගැන. වාසිය පොඩිද?

අනිත් කරුණ, 
RR කෙනෙක්ට දවසට 0.0057$ ගෙවනවා. එයා ඇඩ්ස් 4ම බැලුවොත් අපිට 0.02$ ලැබෙනවා. එතනොට වාසිය 0.0143$ පොඩි නේද? දැන් බල්නන් RR 100ක් ගැන. වාසිය පොඩිද?

autopay Enable කරාම ආවාසියක් වෙයිද?
ආවාසියක් වෙන එකම එක විදියයි තියෙන්නෙ. අපි හිතමු අපේ  RR කෙනෙක් දවසට එකම එක ඇඩ් එකක් විතරක් ක්ලික් කරනවා. කරුමෙ කියන්නෙ ඌටත් ම AutoPay ආදාලයි. අපි ගෙවනවා 0.0057$ ක්. අපිට ලැබෙන්නෙ 0.005$යි. එහෙනම් 0.0007&$ අවාසියි. RR 100ක් නම් 0.07$ ලොකු පාඩුවක් නෑනෙ? අනික ක්ලික් කරන RR කෙනෙක් නම් සාමාන්‍යයයෙන් 4ම ක්ලික් කරනව. නැත්තම් එකකවත් නෑ. ඒ නිසා මේකට බයවෙන්න ඕන නැහැ.

දැන් හිතයි මේ සතයක් වෙනුවෙන් මොකට නහිනවද කියල :D ලොකු ලොකු දේ කරන්න කලින් සතේ සතේ එකතු කරල හොද අඩිතාලමක් දාගත්තා නම් බලන් ඉද්දි තට්ටු ගහන්න පුලුවන්. මම පැහැදිලි කළ RR එකෙක් එක්කනෙ. ජොලියට වගේ අර උඩින්ම දාපු screenshot එකෙ විස්තර වලින් 50%ක් අරන් බලන්නකෝ.

 probux කරන සෙට් එක දන්නවද මන්ද මේකෙ තියනව sri lankan forum එකක්. මොනව හරි ගැටලුවක් ආවොත් විසදගන්න පුලුවන්. මේ වගේ tricks ඉගෙන ගන්නත් පුලුවන්. දියුණු උන සෙට් එක කොච්චර කට්ටක් කාලාද එතනට ගිහින් තියෙන්නෙ කියල බලාගන්නත් පුලුවන්. ඒකටත් ගොඩවලාම බලන්නකො එහෙනම්.

එහෙනම් මම ගියා. ආහ්...මතකනෙ මගෙ පොරොන්දුව මේක මගේ referral ලින්ක් ප්‍රචාරයක් නෙවෙයි. මේ දේවල් මම මුලින් දැනගෙන හිටිය නම් අද මාත් අම්බානෙක හොයන එළකිරි probux කාරයෙක්. අන්න ඒ නිසයි මුලින් පටන් ගත්ත කෙනෙක්ට උදව්වක් කරේ. දවසට විනාඩි 10ක් ඕන කෙනෙක්ට කැප කරන්න පුලුවන් වෙලාවක්නෙ. අනික ක්ලික් නොකරම හොයන්නත් කියල දුන්නනේ.. :D තවත් කෙනෙක්ට උදව්වක් වෙන්න share කරන්න මේ පෝස්ට් එක උදව්වක් උන අය. මම ගියා, ජයවේවා!

0 comments:

Post a Comment

col3best sinhala movies