Wednesday, October 30, 2013

SLT Internet #3 errors fix කරමු


පටන් ගන්න කලින්ම ඉතිං මේ ලිපිය සෙට් එක ගැන කියන්න ඕන.  SLT Internet ගන්න අලුත්ම කෙනෙක්ට තනියම හැමදේම සෙට් කරගෙන, එන ගැටලු ටිකත් හදාගන්න පුලුවන් වෙන විදියෙ අවබෝධයක් දෙන්න මේක පටන් ගත්තෙ. මුල් ලිපි දෙක දාල ටිකක් කල් වෙනව, මේක පරක්කු උනෙ අනිත් ලිපි වලට අවධානය දාපු එක සහ මේ ගැන දැනගන්න අවශ්‍යය හදිස්සිකාරයො හම්බවුන නැති නිසා :D පටන් ගත්ත වැඩේ ඉවර කරල දාන්න සහ  wifi router එකකින් SLT Internet use කරන කෙනෙක් නම් දැනගත යුතුම කරුණු සෙට් එකක කියන්න තියන නිසා ආයෙත් ඔන්න SLT Internet ගැන ලියන්න ගත්තා. Wifi hacking ගැන වැටෙන පෝස්ට් දැකල ඇතිනෙ, කරුමෙට අපෙ එක හැක් කරොත් මොකෝ වෙන්නෙ :p

අන්න ඒ නිසා මේ ලිපි ටික SLT Internet තියන හැමකෙනෙක්ටම කොයි වෙලාවෙ හරි වැදගත් වෙයි. ඒ නිසා ctrl+D ගහල bookmark කරගත්තට පාඩු නෑ හොදේ. SLT Internet use කරද්දි එන errors ගැන නම් අම්බානෙක ලියන්න වෙයි දන්නවනෙ ඉතිං පාවිච්චි කරන ඈයො ඒ ගැන හේ හේ. මුලින්ම මම කතා කරන්නෙ කලින් පෝස්ට් දෙක ලියාගෙන යද්දි මතුවුන ගැටලු ගැන. මෙන්න කලින්ම පෝස්ට් දෙකත් බලන්න.


01. dsl/adsl බල්බ් එක blink වෙනව නම්,
  • පළවෙනි ලිපිය ලියල ඉවරවෙනකොට මේ ප්‍රශ්නෙ ආවනෙ. ඒ ලිපියෙ කියපු විදියට සේරම ටික සම්බන්ධ කරන්න ඇති කියල හිතනව. මෙන්න මේ dsl/adsl බල්බ් එකෙන් කියන්නෙ අපේ router එකට Internet connection එක ලැබුනද නැද්ද කියල එක.
  • ඒක blink වෙනව නම් connection එක ලැබිල නැහැ.
  • දිගටම පත්තු වෙමින් තියනව නම් connection එක ලැබිල තියනව.
  • ඒ බල්බ් එක blink වෙනව නම් මුලින්ම splitter එක check කරන්න Modem/Phone කියන එක මාරු වෙලාද කියල.
  • මාරුවෙලා නැතිනම් telephone එක ගලවගෙන ඇවිත් router එකට සම්බන්ධ උන line කෙලවර ගහල dial tone එනවද බලන්න. එන්නෙ නැත්නම් අපි සම්බන්ධ කරපු wire/Rosette ආයෙත් check කරගන්න.
  • මේ එකකින් වත් හරිගියෙ නැත්නම් 1212 අංකයට කතා කරල කියන්න, එතකොට ටෙලිකොම් එකෙන් check කරල හදනව.
  • අලුත්ම connection එකක් නම් ටෙලිකොම් එකෙන් configuration හදල නැති උනාම තමා මේ ගැටලුව මතුවෙන්නෙ.
 02. local area connection එකේ "unidentified network" කියල වැටුනොත්,
 03. sent & received අගය 0ට වැඩි අගයක් නැත්නම්,
  • මේව මම දෙවෙනි පෝස්ට් එකෙන් ඉතිරි කරල ආපු ගැටලුවක්. ගොඩක්ම windows xp වලදි මේ ගැටලු මතුවෙන්න පුලුවන්. 
  • මේ දෙකටම විසදුම මේ තියෙන්නෙ, ලේසියෙන්ම මේ විදියට හදාගන්න එතකොට හරි. ඔක්කොටම ලේසි වෙන්න video එකක් හැදුව බලන්න


මෙ විදියට ගොඩ ගියෙ නැති අය, මේ විදියට IP සහ DNS දාගන්න.

IP Address : 192.168.1.5
Subnet Mask : 255.255.255.0 (tab එක ඔබන්න නිකන්ම fill වෙනව)
Default Gateway : 192.168.1.1 (router settings අනුව වෙනස් වෙන්න පුලුවන්)

මෙතනින් කැමති එකක් දාන්න පුලුවන්.
SLT DNS
Preferred DNS Server : 203.115.0.46
Alternate DNS Server : 203.115.0.47

GOOGLE DNS
Preferred DNS Server : 8.8.8.8
Alternate DNS Server : 8.8.4.4

මේ IP Address කියල තියෙන්නෙ පොදුවෙ තියන විදිය. මේ විදියටත් වැඩ කරේ නැත්තම් පහත පියවර ටික කරන්න.
  • මුලින් කියපු විදියට IP auto දාන්න.
  • cmd එකේ ​ipconfig කියල search කරන්න.
  • එතනින් පෙන්නන IP Address ටික local area connection එකට දාන්න, එතකොට හරි.
  • මීට අමතරව network card එකේ ප්‍රශ්න නිසා මේක වෙන්නත් පුලුවන්. ගැටලුවක් ආවොත්omment කරන්නකො ආහ්!!
මේ ලිපිය මෙතනින් නවත්තනවා. ටිකක් පරක්කු උනා මේක දාන්න. අනිත් වැඩත් එක්ක වෙලාව මදි නිසා. මේ ගැටලු දෙක දැම්මෙ කලින් ලිපි වලට අදාලවනෙ, ඔයාලට Internet use කරද්දි නිතරම එන ප්‍රශ්න අහන්න, එතකොට ඒවටත් මේ වගේම පෝස්ට් එකකින් උත්තර ටික දාන්න පුලුවන් :)

එහෙනම් මම යනවා. උදව්වක් ගන්න තව කෙනෙක්ට share කරල යන්න අමතක කරන්න එපා ;)  අනිත් ලිපි ආව ගමන් දැනගන්න like එකකුත් දාගෙනම යන්න. සුභ දවසක් හැමොටම!!


මූණුපොතෙන් ආපු අයගෙ අදහස්

0 comments:

Post a Comment

col3best sinhala movies