Tuesday, October 8, 2013

Gmail alerts - අලුත් mail එකක් ආපු ගමන් දැනගන්න



   Gmail account එකක් පාවිච්චි කරන කෙනෙක්ට අලුත් mail එකක් ආපු ගමන්ම දැනගන්න තිබුන නම් කොහොමද? වෙනත් E-mail account වර්ග තියන අයත් ඇති, මට නම් ඔය හැම එකකින්ම හොදම එක Gmail තමා :D ගොඩක් අය පාවිච්චි කරන්නෙත් Gmail account එකක් නිසා මේ ගැන පෝස්ට් එකක් දැම්මෙ. එන්න එන්නම තාක්ෂණය දියුනු වෙමින් තියන කාලෙක Gmail වල තියන වටිනාකම අමුතුවෙන් කියන්න ඕන නෑනෙ. ලංකාවෙ ලොකුවට භාවිතයක් තවමත් නැති උනත්, දැන් නව ප්‍රවණතාවක් විදියට පෞද්ගලික අංශයෙ බොහෝ රැකියා අවස්ථා සදහා ඉල්ලුම් කරන්න අවස්ථාව දීල තියෙන්නෙ අන්තර්ජාලය හරහනෙ. ඒ වගේම අපේ application වලට ඔවුන්ගෙ ප්‍රතිචාර දක්වන්නෙත් අන්තර්ජාලය ඔස්සේම මෙම mail services මාර්ගයෙන්. ඉතිං ඒ වගේ ලැබෙන mail එකක් ඉක්මණින් බලන එකේ තියන වටිනාකම කියන්න ඕන නැනෙ :D මේ විතරක් නෙවෙයි ව්‍යාපාර කටයුතු කරන කෙනෙක්ට, online රැකියාවක් කරන කෙනෙක්ට කාර්යබහුල වෙලා ඉන්න වෙලාවට inbox check කරන එක කරදරයක්නෙ, මෙන්න ඒකට සුපිරි විසදුමක්.

Gmail Notifier - firefox සදහා

        මේක firefox browser එකත් එක්ක පාවිච්චි කළ හැකි ඇඩෝනයක්. අපි browser එක පාවිච්චි කරමින් ඉන්න වෙලාවට mail එකක් ආපු සැනින් පෙන්නනවා. නැත්නම් අපි firefox browser එක open කරනකොට මේ විදියට ලැබුන අලුත් mail ටික පෙන්නනවා.


හැමවෙලේම Inbox check කරනවට වඩා මේ වැඩේ ලේසිනෙ. firefox සදහා ඇඩෝනය ගන්න සහ තවත් විස්තර දැනගන්න පහළ ලින්කුවෙන් යන්න. (skip ad>> to continue)


firefox පාවිච්චි කරන්න අකමැති අයට මේක. මම ඉතිං firefox වලට ආස උනාට ගොඩක් අය google chrome වලට කැමතිනෙ. මට නම් ඔය කියන තරන් වෙනසක් නැති නිසා firefox හොදයි :D


Gmail notifier for windows
          මේක පුංචි application එකක්, කලින් වලේම අපේ Gmail account එකට මේක හරහා sign in වෙලා හිටියම ලැබෙන අලුත්  mail ඒ වෙලාවෙම දැනගන්න පුලුවන්. හරියටම කිව්වොත් Gmail alert service එකක්. install කරගත්තම අපේ quick launch panel එකේ මේ application එක තියනවා. අලුත් mail නැතිනම් මේ විදියට පේනවා.

ඒ වගේම අලුත්  mail එකක් ආපු ගමන් alert එකක් විදියට ඒක පෙන්නනවා. මෙන්න මේ වගේ.

install කරගත්තට පස්සෙ Gmail username/password දීල sign in වෙන්න. පහළින් ගිහින් අරගන්නකො app එක.( skip ad >> to continue)

මේක install කරගන්න විදිය කියන්න ඕන නෑනෙ ඉතිං, ලේසියෙන්ම install කරන්න පුලුවන් app එක run කරලා. එහෙනම් මම ගියා. තවත් ලෝස්ට් එකකින් එන්නම්කෝ :D

0 comments:

Post a Comment

col3best sinhala movies