Sunday, October 13, 2013

ලංකාවෙ අපිට Ebay ගණුදෙනු කරන්න paypal එකක්



මුලින්ම paypal ගැන නොදන්න අයට මේ ගැන පොඩි අදහසක් දෙන්නම්. කෙටියෙන්ම නම් මේක අන්තර්ජාලයෙ හදාගන්න බැංකු ගිණුමක්. ඒ වගේම අපි අන්තර්ජාලය හා ගණුදෙනු කරන වෙලාවට උදව් වෙන අතරමැදියෙක්. මූල්‍යමය ගණුදෙනු නිසා paypal වල නීති ටිකක් තදයි. මහ ලොකු දේවල් නොවුනට අපි නිතර කරන වැරදි මෙතනදි කරන්න හොද නැහැ.
  • අසත්‍ය තොරතුරු දීල  paypal account සෑදීම
  • paypal account එකකට වඩා භාවිතය
  • එකම පරිඝණකයකින්  paypal account ගොඩකට ලොග් වීම. (cafe වලින් ලොග් වෙන්න එපා)
මේව පොඩි දේවල් උනත් මතක් කරල දුන්නෙ නිකං ටොපි කන්න වෙයි කියල. මොකද මේ වගේ දේවල් ගැන සැලකිල්ලක් දක්වන්නෙ නැතුව නොයෙකුත් විදියට paypal ගැන කියන අය ඕන තරම් ඉන්නව. මම මේ ගැන ගොඩක්ම දැනගත්තෙ iplus එකෙන්. අවාසනාවකට දැන් ඒ සයිට් එක වැඩ කරන්නෙ නැහැ. ඒ නිසාමයි මේ දේවල් කියන්න හිතුවෙත්. 

 paypal සහ ලංකාවෙ අපි

paypal වල කාණ්ඩ 03ක් ගැන මම කලිනුත් කිව්ව මතක ඇති. ඒ තමයි,
01. send only - මේ account එකෙන් මුදල් ගෙවන්න විතරයි පුලුවන්
02. send and receive - මේ account එකෙන් මුදල් ගෙවන්න සහ paypal එකට මුදල් ගෙන්නගන්න පුලුවන්
03. send receive and withdraw - මුදල් ගෙවන්න, ගෙන්නගන්න සහ මුදල් අපේ බැංකු ගිණුමට ගන්න පුලුවන්

මෙන්න මේ කාණ්ඩ තමන්ගෙ රට අනුව වෙනස් වෙනවා. ලංකාවෙ අපිට හිමි  send only කාණ්ඩය. මට අහන්න ලැබුන විදියට අපේ රටේ සිදුවුන වංචනික ක්‍රියා නිසයි මේ තත්වෙ උදාවෙල තියෙන්නෙ. සත්‍යතාව නම් දන්නෙ නැත. මේ නිසා අපිට පුලුවන් මෙම කාණ්ඩයෙ paypal ගිණුමක් යොදාගෙන online shopping කරන්න පමණයි. E-bay ගණුදෙනු කරන්න අවශ්‍යය අය තෝරගත යුත්තෙ මේ ක්‍රමය. ඒකට හේතුව පහතින් විස්තර කරන්නම්.

දැන් බලමු උඩින්ම කියපු වැරදි දේවල් අපිට අදාල වෙන්නෙ කොහොමද කියල.

  • අසත්‍ය තොරතුරු දීල  paypal account සෑදීම
සමහර අය කැමති නෑ කිසිම වෙලාවක තමන්ගෙ සත්‍ය තොරතුරු වලින් අන්තර්ජාලයත් එක්ක ගණුදෙනු කරන්න. එහෙම උනත් මේ වැඩේට අසත්‍ය තොරතුරු යොදාගන්න එක නුවණට හුරු නෑ.මොකද paypal වලට බොරු කරනව කියල සැකයක් ආවොත් අපේ account එක limit කරනව. ගොඩක්ම මේක වෙන්නෙ අපි විදේශයක විදියට paypal හදන්න ගියාම. ලංකාව send only නිසා කට්ටය මැලෙසියන් විදියට paypal හදනව send receive and withdraw කරන්න කියල. ඊට පස්සෙ අමාරුවෙන් හොයාගත්ත සල්ලි ටිකත් withdraw කරගෙන එහෙම E-bay shopping කරන්න යනවා. එතකොට ඉතිං දෙයියන්ගෙම පිහිටයි.
මතකනෙ මම කිව්ව E-bay සහ paypal සහොදරයො වගේ. අන්න ඒ නිසා හොරාට හදපු paypal මගින් E-bay ගණුදෙනු කරන්න එපා අහුවෙනවා. එහෙම අහුවෙලා limit උන account එකක් ආය ගොඩදාගන්න අපේ අනන්‍යතාව ඔප්පු කරන්න ඕන. මේක කරන්න බැරි උනොත් අපි withdraw කරපු සල්ලි ටික අමතක කරන්න තමා තියෙන්නෙ. විදේශයක විදියට නම් අපි ඒ රටේ කියල ඔප්පු කරන්නෙ කොහොමද? බයවෙන්න එපා මේකට විසදුමක් තියනව. ඒ ගැන වෙනම විස්තර කරන්නම්. නමුත් මේක කරදරයි, සුද්දා අපිව විශ්වාස කරයි කියල 100% ක් හිතන්න බෑනේ. අන්න ඒ නිසා E-bay ගණුදෙනුවක් කරන්න නීත්‍යානුකූල විදියෙ paypal එකක් හදමු.

  • paypal account එකකට වඩා භාවිතය සහ එකම පරිඝණකයකින් ලොග් වීම
සමහරක් ආසම වැඩේ මේක. facebook, gamil, twitter අරව මේව තියෙන සේරගෙම  account ලොඩක් හදනවා. ඒ විදියට paypalවල කරන්න යන්න එපා ඔන්න. අපි මොනවමහරි account එකකට පරිඝණකය හරහා ලොග් උනාට පස්සෙ browser එකෙ history, cache clear කරපු පමණින් කලින් විස්තර අයින් නොවෙන්න පුලුවන්. අන්න ඒ නිසා නිතරම එකම පරිඝණකයෙන් paypal account කිහිපයකට ලොග් වෙන්න හොද නැහැ. ඒකෙන් වෙන්නෙ අපි විසින් අපේ account limit කරගැනීමක් වෙන්න පුලුවන්. වැරදීමකින් හරි limit වෙන account එක  send only උනොත් අවුලක් නැහැ. තව එකක් හදාගන්න හරි පුලුවන්. නමුත් අපේ සල්ලි withdraw කරපු account එකක් නම් අපරාදයක් නේද.

ලංකාවෙ අපිට E-bay ගණුදෙනු කරන්න  paypal එකක්

දැන් තමා මාතෘකාවට ආවෙ. paypal ගැන මේ ටික කිව්වෙ තවමත් හරියට නොදැන කව්රු හරි කෙනෙක් තමන්ගෙ මුදල් නිකරුනෙ නාස්ති කරගනිවී කියල. E-bay ගණුදෙනු කරන්න ඉවසිල්ලක් නැතුව ඉන්න සෙට් එක මේ විදියට හදාගන්න කිසිම අවුලක් නැහැ එතකොට.

  •  මුලින්ම Paypal වලට යන්න. ඊටපස්සෙ පිංතූරෙ විදියට sign up ක්ලික් කරන්න. (පිංතූර පැහැදිලි නැත්නම් ඒව උඩ ක්ලික් කරල බලන්න)


  • මෙතන ඔයාලගෙ ඇත්තම විස්තර දෙන්න. 1න් පෙන්නපු ටික් එක අයින් කරල කොළ පාටින් පෙන්නපු කොටුව ක්ලික් කරන්න
  • දැන් මේ capcha එක type කරල continue කරන්න.
  •  ඊටපස්සෙ දැනට card add නොකර my account ක්ලික් කරල මුලට එන්න.
  • ඊටපස්සෙ ඔයාලගෙ e-mail/ password දීල ලොග් වෙන්න. e-mail එක confirm කරන්න කියයි. mail check කරල paypal වලින් ආපු එකේ තියන අදාල ලින්ක් එක ක්ලික් කරල ඒකත් කරන්න.
  • දැන් මේ විදියෙ unverified paypal එකක් හැදිල තියෙයි. 
  • දැන් වැඩේ ඉවරයි. ඔයාලත් නීත්‍යානුකූල paypal හිමිනරුවෙක් :D
ඉවරයි කිව්වට තාම මේක ගණුදෙනු කරන්න බැහැ. මේ සදහ අපේ බැංකුවකින් card එකක් add කරන්න එපැයි. ඒ ටික හරියට කියවන්න කලින් දාපු බය නැතුව E-bay ගණුදෙනු කරමුද? බලන්න. ඊටපස්සෙ ඔයාලටත් සාර්ථක E-bay ගණුදෙනුවක අත්දැකීමක් ගන්න පුලුවන්. එහෙනම් මම ගියා. ප්‍රශ්නයක්  ආවොත් comments වලින් අහන්න, ඒ වගේම ප්‍රයෝජනවත් උන කෙනෙක් අදහසකුත් දකවලම යන්නකෝ. ජයවේවා!!


මූණුපොතෙන් ආපු අයගෙ අදහස්

1 comment:

  1. මන් කලින් හදපු පෙ පැල් එකක් තියනවා. එක ලිමිට් කරලා. එක හදපු කොම් එකෙන් අය එකක් හැදුවොත් අව්ල්ද

    ReplyDelete

col3best sinhala movies