Thursday, October 10, 2013

Campz යන්න බලන් ඉන්න කොල්ලො කෙල්ලන්ට ආරංචියක්

   

UPDATED on 2013/10/15
cmpz කතාවෙ අලුතම විස්තරෙ දැන් කට්ටිය දන්නව වෙන්න ඕන. මට මේ ගැන Janith jayasinha යාලුව කමෙන්ටුවකින් කිව්වට පස්සෙ ටිකක් හොයන්න හිතුන ආයෙත්. කිව්ව වගේම නිව්ස් එක අලුත් වෙලා. කාණ්ඩ 03කින් නායකත්ව පුහුණුව අරඹන්න දින දීල තියනවා. තෝරගත්ත අයගෙ විස්තර නම් තාම update වෙලා නෑ වගේ. 
  • පළමු කාණ්ඩය නොවැ 25 සිට දෙසැ 16
  • දෙවන කාණ්ඩය දෙසැ 21 සිට ජන 11
  • තෙවන කාණ්ඩය ජන 28 සිට පෙබ 18 වෙනකන්
දැන් ඉතිං නාලා වරෙන්කො. මේ අවුරුද්දෙ දෙසැ  කැම්පස් යන්න හිතුව අපිට ලබන අවුරුද්දෙ පෙබ 18 පහු වෙනකන් යන්න වෙන්නෙ නෑ sure එකටම. හේ හේ... ඒකත් මරු හැබැයි. මේ නිව්ස් එක ගත්තෙත් කලින් වගේම යටින් දාල තියන Uni news එකෙන් හොදේ. 

2013/10/10      
  අපොස උසස් පෙළ ලියල, කැම්පස් එකට ඇප්ලිකේෂන් එකත් දාල ඉන්න කෙනෙක් නම් මේ දවස්වල හොදට ඇහැ කන ඇරගෙන බලන් ඉන්නෙ, කොයිවෙලාවෙද මොකක් හරි අලුත් විස්තරයක් දැනගන්නෙ කියලනෙ. හැබැයි ඉතිං ආශ්චර්යය කියන්නෙ ඒ දේවල් ගැන හරි හමන් තොරතුරක් ප්‍රසිද්ධ නොකරන එක.
         ඔන්න පහුගිය ටිකේ නම් කෑගැහුවනෙ ඔක්තෝබර් මුල් සතියෙ නායකත්ව පුහුණුවට ගන්නවාය, කඩඉම් ලකුණු දෙනවාය  අනං මනං කියල. එහෙම කියපු අය ඊයෙ කියන්නෙ වෙනස් කතාවක්. හැමකෙනෙක්ම දන්නවනෙ මේ දවස් ටිකෙ ලංකාවෙ අර පොදුරාජ්‍ය මණිඩලයෙ මොකද්ද තියන්න ලැහැස්ති වෙනවනෙ. අන්න ඒ නිසා ඒක ඉවරවෙනකන් ඒ කියන්නෙ නොවැම්බර් 17 වෙනකම් නායකත්ව පුහුණු පවතවන්නෙ නැහැලු. මේ මාසෙ යන්න බලන් උන්න අපිට sry.com හේ හේ. ගණන් ගන්න දෙයක් නැහැ කොහොමත් කියන වෙලාවට ඕව උනොත්නෙ අවුල තියෙන්නෙ :p

          ඒත් එක්කම කියනව අපේ කඩඉම් ලකුණු ටික නම් මේ මාසෙ අන්තිම හරි ලබන මාසෙ මුලදි හරි දෙනව කියල. ඒකත් ඉතිං දෙනකන් විශ්වාස කරන්නෙ කොහොමද නෙ, ආශ්චර්‍යයනෙ හේ හේ..එතකොට කලින් කිව්ව විදිය කණපිට හැරෙනවා. ඒ කියන්නෙ කඩඉම් ලකුණු ටික දුන්නට පස්සෙ තමා මෙයාල නායකත්ව පුහුණුව තියන්නෙ. කොහොමහරි කමක් නෑ වැඩේ වෙනවන නම් නෙ. මේ සැරෙ කොල්ලො කෙල්ලො 23,125 ක් ගන්නවලු පාඨමාලා 94කට. ටිකක් වැඩිවෙලා තියෙනවා. ඒක නම් හොදයි මේ පාරත් මොන අඩව්වක් තියෙයිද දන්නෙ නැහැනෙ නැත්නම්.

          තාම දවසක් කියල නම් නෑ. නමුත් කඩඉම් ලකුණු දාන්නෙ www.ugc.ac.lk අඩවිය ඔස්සෙ. මේ ලිපිය තිබුනෙ මෙන්න මේ Lanka University News කියන අඩවියෙ. එහෙනම් මම ගියා. මේ ගැන බලන්ඉන්න අනිත් සෙට් එකටත් බලන්න share කරන්නකො..;)


මූණුපොතෙන් ආපු අයගෙ අදහස්

3 comments:

  1. යාලුවා අද හිරු News වලට දැම්මා ලබන 25 වෙනිදා නායකත්ව පුහුණුව පටන් ගන්නවා කියලා. ඒ කිව්වට ඉතින් පටන් ගන්නකම් ෂුවර් නෑ.

    ReplyDelete
    Replies
    1. ආහ් ඔව් මටත් ඔය වගේ කතවෙක් කණින් කොණින් ඇහුන, බොහොවිට 25 පටන් ගනී. නැත්තම් තවත් කල් යනවනෙ. ස්තූතියි කට්ටයට දැනගන්න කිව්වට:D

      Delete
  2. හපොයි... මදැයි දෙසැම්බර් කැම්පස් යන්න හිටියා... දැන් ඉතින් පටන් ගන්නකොට මාර්තුවත් වෙයි... :(

    ReplyDelete

col3best sinhala movies