Wednesday, October 30, 2013

Network Marketing company වල සල්ලි දැම්ම නම් නම් බලන්න




මේ දවස් වල ලංකාවෙ හැමතැනම ඇහෙන පේන කතාවක්නෙ ලංකාවෙ තියන Network Marketing කියන කතාව. මේ ගැන කියන්න මම වැඩිය දන්නෙ නැහැ. හැබැයි අන්තිමට ඒවගෙන් වෙන්නෙත් අන්තර්ජාලය හරහා advertisement බලන්න දෙන එක. ලෝකෙ පිලිගත්ත bux සයිට් තියෙද්දිත් ඒවගෙ සල්ලි ආයෝජනය කරන්න කලින් දෙපාරක් හිතන්න වෙනවා. මේ තියෙන්නෙ අද උදේ "nethfm balungala" වැඩසටහනෙන් පොඩි කොටසක්.

මේ වැඩේට අතගහපු කෙනෙක් හරි අතගහන්න ඉන්න කෙනෙක් හරි නම් අනිවාර්යයෙන් මේක බලල ඉන්න එක වටිනවා. ඊට පස්සෙ හිතන්න මොකද කරන්නෙ කියල.


මේක මගේ කණට වැටුන ගමන් හැමෝටම කියන්න පටස් ගාලා පෝස්ට් එක දැම්මෙ. මොකද ඊයෙ පෙරේදා බුකියෙ මම මේ කතාව දැක්කා. අනිත් යාලුවො හැමොටමත් මේක share කරන්න අමතක කරන්න එපා. මම යනවා. සුභ දවසක්!! 10ට බලන්න www.nwthfm.com අඩවිය නිකුත් කරන විඩියොවත් ;)

මූණුපොතෙන් ආපු අයගෙ අදහස්

SLT Internet #3 errors fix කරමු


පටන් ගන්න කලින්ම ඉතිං මේ ලිපිය සෙට් එක ගැන කියන්න ඕන.  SLT Internet ගන්න අලුත්ම කෙනෙක්ට තනියම හැමදේම සෙට් කරගෙන, එන ගැටලු ටිකත් හදාගන්න පුලුවන් වෙන විදියෙ අවබෝධයක් දෙන්න මේක පටන් ගත්තෙ. මුල් ලිපි දෙක දාල ටිකක් කල් වෙනව, මේක පරක්කු උනෙ අනිත් ලිපි වලට අවධානය දාපු එක සහ මේ ගැන දැනගන්න අවශ්‍යය හදිස්සිකාරයො හම්බවුන නැති නිසා :D පටන් ගත්ත වැඩේ ඉවර කරල දාන්න සහ  wifi router එකකින් SLT Internet use කරන කෙනෙක් නම් දැනගත යුතුම කරුණු සෙට් එකක කියන්න තියන නිසා ආයෙත් ඔන්න SLT Internet ගැන ලියන්න ගත්තා. Wifi hacking ගැන වැටෙන පෝස්ට් දැකල ඇතිනෙ, කරුමෙට අපෙ එක හැක් කරොත් මොකෝ වෙන්නෙ :p

අන්න ඒ නිසා මේ ලිපි ටික SLT Internet තියන හැමකෙනෙක්ටම කොයි වෙලාවෙ හරි වැදගත් වෙයි. ඒ නිසා ctrl+D ගහල bookmark කරගත්තට පාඩු නෑ හොදේ. SLT Internet use කරද්දි එන errors ගැන නම් අම්බානෙක ලියන්න වෙයි දන්නවනෙ ඉතිං පාවිච්චි කරන ඈයො ඒ ගැන හේ හේ. මුලින්ම මම කතා කරන්නෙ කලින් පෝස්ට් දෙක ලියාගෙන යද්දි මතුවුන ගැටලු ගැන. මෙන්න කලින්ම පෝස්ට් දෙකත් බලන්න.


01. dsl/adsl බල්බ් එක blink වෙනව නම්,
  • පළවෙනි ලිපිය ලියල ඉවරවෙනකොට මේ ප්‍රශ්නෙ ආවනෙ. ඒ ලිපියෙ කියපු විදියට සේරම ටික සම්බන්ධ කරන්න ඇති කියල හිතනව. මෙන්න මේ dsl/adsl බල්බ් එකෙන් කියන්නෙ අපේ router එකට Internet connection එක ලැබුනද නැද්ද කියල එක.
  • ඒක blink වෙනව නම් connection එක ලැබිල නැහැ.
  • දිගටම පත්තු වෙමින් තියනව නම් connection එක ලැබිල තියනව.
  • ඒ බල්බ් එක blink වෙනව නම් මුලින්ම splitter එක check කරන්න Modem/Phone කියන එක මාරු වෙලාද කියල.
  • මාරුවෙලා නැතිනම් telephone එක ගලවගෙන ඇවිත් router එකට සම්බන්ධ උන line කෙලවර ගහල dial tone එනවද බලන්න. එන්නෙ නැත්නම් අපි සම්බන්ධ කරපු wire/Rosette ආයෙත් check කරගන්න.
  • මේ එකකින් වත් හරිගියෙ නැත්නම් 1212 අංකයට කතා කරල කියන්න, එතකොට ටෙලිකොම් එකෙන් check කරල හදනව.
  • අලුත්ම connection එකක් නම් ටෙලිකොම් එකෙන් configuration හදල නැති උනාම තමා මේ ගැටලුව මතුවෙන්නෙ.
 02. local area connection එකේ "unidentified network" කියල වැටුනොත්,
 03. sent & received අගය 0ට වැඩි අගයක් නැත්නම්,
  • මේව මම දෙවෙනි පෝස්ට් එකෙන් ඉතිරි කරල ආපු ගැටලුවක්. ගොඩක්ම windows xp වලදි මේ ගැටලු මතුවෙන්න පුලුවන්. 
  • මේ දෙකටම විසදුම මේ තියෙන්නෙ, ලේසියෙන්ම මේ විදියට හදාගන්න එතකොට හරි. ඔක්කොටම ලේසි වෙන්න video එකක් හැදුව බලන්න


මෙ විදියට ගොඩ ගියෙ නැති අය, මේ විදියට IP සහ DNS දාගන්න.

IP Address : 192.168.1.5
Subnet Mask : 255.255.255.0 (tab එක ඔබන්න නිකන්ම fill වෙනව)
Default Gateway : 192.168.1.1 (router settings අනුව වෙනස් වෙන්න පුලුවන්)

මෙතනින් කැමති එකක් දාන්න පුලුවන්.
SLT DNS
Preferred DNS Server : 203.115.0.46
Alternate DNS Server : 203.115.0.47

GOOGLE DNS
Preferred DNS Server : 8.8.8.8
Alternate DNS Server : 8.8.4.4

මේ IP Address කියල තියෙන්නෙ පොදුවෙ තියන විදිය. මේ විදියටත් වැඩ කරේ නැත්තම් පහත පියවර ටික කරන්න.
  • මුලින් කියපු විදියට IP auto දාන්න.
  • cmd එකේ ​ipconfig කියල search කරන්න.
  • එතනින් පෙන්නන IP Address ටික local area connection එකට දාන්න, එතකොට හරි.
  • මීට අමතරව network card එකේ ප්‍රශ්න නිසා මේක වෙන්නත් පුලුවන්. ගැටලුවක් ආවොත්omment කරන්නකො ආහ්!!
මේ ලිපිය මෙතනින් නවත්තනවා. ටිකක් පරක්කු උනා මේක දාන්න. අනිත් වැඩත් එක්ක වෙලාව මදි නිසා. මේ ගැටලු දෙක දැම්මෙ කලින් ලිපි වලට අදාලවනෙ, ඔයාලට Internet use කරද්දි නිතරම එන ප්‍රශ්න අහන්න, එතකොට ඒවටත් මේ වගේම පෝස්ට් එකකින් උත්තර ටික දාන්න පුලුවන් :)

එහෙනම් මම යනවා. උදව්වක් ගන්න තව කෙනෙක්ට share කරල යන්න අමතක කරන්න එපා ;)  අනිත් ලිපි ආව ගමන් දැනගන්න like එකකුත් දාගෙනම යන්න. සුභ දවසක් හැමොටම!!


මූණුපොතෙන් ආපු අයගෙ අදහස්

Sunday, October 27, 2013

HighWay එකේ මහින්ද මාමා ගිය හැටි

කට්ටිය මේක දකින්න ඇතිනෙ අද උදේ ඉදන්, මහින්ද මාමා ඔන්න තවත් Highway එකක් හදල විවෘත කලා. කොළඹ ඉදන් කටුනායක airport යන්න 26KM කට තමා මේ වැඩේ කරේ. ඇමෙරිකානු ඩොලර් මිලියන 291ක් චීන්නුන්ට ණය වෙලා. සමහර අයට හොදයිලු, සමහර අයට නරකයිලු. මේව්ව කියන්න ගිහින් සුදු වෑන් වල යන්න වෙයිද දන්ද :p මගෙ අදහස, රටකට සංවර්ධනය විතරක් නෙවෙයි ඕන, මිනිස්සුන්ට ඔලුව උස්සල ජීවත් වෙන්න පුලුවන්, ණය බරින් මිදුන රටක් හදල අපේම සල්ලි වලින් මේ වගේ සංවර්ධනයක් ලැබෙනව නම් කොච්චර හොදද නේ. හැබැයි ඉතිං තව කල්පෙකින් වත් ඒ වගේ දවසක් එයිද දන්නෙ නෑ :D







මේව බලල ඉස්සරහටත් වෙන දේ බලන් ඉන්න තමා තියෙන්නෙ අපිට, ආශ්චර්යයට යන පාර නොවැ ;)
මූණුපොතෙන් ආපු අයගෙ අදහස්

Saturday, October 26, 2013

මාර්ක් අයියගෙ ප්‍රහාරය හෙලා දකිමු, facebook block වීම නවත්තමු!


අපොයි ඔයාලත් දන්නවනෙ මේ දවස්වල මාර්ක් අයියා බුකිය පුරා ඉන්න හැමෝටම එක එක විදියට පහර ගහනවා. අන්න ඒ නිසා මේ වගේ පොඩි පෝස්ට් කෑල්ලක් දාන්න හිතුව කාටත් ප්‍රයෝජනයක් වෙන්නත් එක්කම. මම මේ කියන්න යන්නෙ මාර්ක් අයියව හැක් කරා, දැන් අපිට ඕන විදියට බුකිය පුරා නටන්න පුලුවන් කියල නෙවෙයි හොදේ..:p මේකත් හරියට ඩෙන්ගු හැදෙනව වගේ වැඩක්, දන්නවනෙ ඩෙන්ගු හැදෙන්න කලින් වළක්වගන්න එකනෙ ලොකුම ප්‍රතිකාරය. අන්න ඒ වගේ බුකියත් බ්ලොක් වෙන්න කලින් බේරගන්න එක තමා ලොකුම ප්‍රතිකාරය. ඒ නිසා මේ ලෙඩේ වළක්වගන්න පොඩි පොඩි ප්‍රතිකාර ටිකක් කියන්නම්.

ඒකට කලින් මෙන්න මේ දේ මතක් කරන්නම ඕන. මාර්ක් අයියගෙ මේ ප්‍රහාරය අපි විසින් ඇදගෙන නෑමක් කිව්වොත් 100%ක් හරි. බුකිය වටෙ එක රවුමක් ගියොත් 18+ කුනුහරප වැඩ කොච්චර නම් දකිනවද? කෙල්ලොන්ගෙ ජීවිත වලට එන තර්ජන මරණයෙන් කෙලවර උන ඒව දකිනවද? fake profiles කොච්චර නම් සෙට් වෙනවද අනිත් අයව අපහසුවට පත් කරන, ලෝකේ පුරා ප්‍රසිද්ද ඈයො කීදෙනෙක් ජෝකරල වෙලාද? :D මේ හැමදේම නවත්තමු වැරදි වැඩ මේව කියල කෑගහනව නෙවෙයි යාලුවනෙ, මෙන්න මේව තමයි මාර්ක් අයියගෙ ප්‍රහාරයට හේතු වෙන්න ඇත්තෙ කියලයි මට හිතෙන්නෙ. මේක මගේ මතයක් විතරයි ඈ.. මේ ටික කිව්වෙ වෙන මොකටවත් නෙවෙයි, කවද හරිදවසක අපිට නොමිලේ බුකියට එන්න බැරි තත්වයක් උදා වෙයිද? membership එකට මුදල් ගෙවන්න වෙයිද? මේ ගැන මට නම් තියෙන්නෙ ලොකු සැකයක්, මොකද දැන් යන විදියට ඒ වැඩේ නොවන්නත් බැරි කමක් නැහැ.

දැනට මම දන්න මාර්ක් අයියගෙ ප්‍රහාර ටික මෙන්න
  • පරණ profile එකකින් අසීමිතව friend request යවන්න ගියොත් friend request බ්ලොක් වෙනවා.
මේක නම් හැමොටම විදින්න ලැබෙන අත්දැකීමක්නෙ. මේක මල කරදරයක්නෙ ඇත්තටම කිව්වොත්. මේක වෙන්නෙ අපි නොදන්න අය ගොඩකට friend request යවන්න ගියාම, වැඩිපුරම කෙල්ලන්ට. අපි request දැම්මට පස්සෙ මේ විදියට පේනවනෙ.


මෙතනින් confirm හෝ ​not now එකක්වත් ක්ලික් නොකලොත් request දාපු කෙනාට කෙලවෙනවා. හැබැයි එක request එකකින් නම් නෙවෙයි. 10කට 15කට වඩා මේ විදියට උනොත් බ්ලොක් වේවි. හරියටම ගාන කියන්න දන්නෙ නැහැ. confirm කරාට පස්සෙත් මෙන්න මේක අහනව, අපිව කලින් දන්නවද නැද්ද කියල.


මේකට no කියල කිව්වොත් බුකියට feedback එකක් යනව අපි නොදන්න උන්ට  friend request දානව කියල. ඒ විදියට ගොඩක් සෙට් වෙලා ප්‍රතිචාර නැති ඒවත් සෙට් උනාම බ්ලොක් වීම ඉක්මණින් කරගන්න පුලුවන්. නොදන්න උන්ට වැඩිය friend request නොදා ඉන්න එක සහ, දවසකට  request 5, 6 කට වඩා නොදා ඉන්නව නම් ටික දවසකට මේකෙන් ගැලවෙන්න පුලුවන්. ඒත් වැඩක්ද නේ?

ඔන්න ඕකට තව එළකිරි විසදුමක් තියනවා. අපි දාන request 50%ක් වත් accept වෙන්නෙ නෑනෙ වෙලාවකට. අන්න ඒ නිසා accept කරන්නෙ නැති පරණ request සතියකට සැරයක්වත් clear කරගත්තොත් වැඩේ ගොඩ :D සමහර අය මේ ගැන හිතුවට කරගන්න දන්නෙ නැහැ. මේ විදියට ඔය ටික අයින් කරල දාගන්න. 

01. profile එකට ගිහින් activity log කියන එකට යන්න.
 
02. මෙන්න මෙතනින් more කියන එක ක්ලික් කරල friends තොරන්න.


03. ඔන්න දැන් තියනව අපි දාපු request සහ accept උන ඒවගෙ විස්තර ලොට් එකම මෙන්න මේ විදියට.
04. මේ රතු පාටින් කොටු කරල තියන මාර්ක් එකෙන් කියන්නෙ අපි දාපු request ගැන. ඒ ටික බලල පරණ ඒව අයින් කරගන්න. ඒකත් විස්තර කරන්න දෙයක් නෑනෙ ඉතිං :p

  • අලුතෙන් හදාගත්ත profile එකක නම් මේ බයිල නැනෙ, වැඩිපුර reuest දැම්මොත් කෙලින්ම account block කරල image tag අදුරගන්න දෙනවා. මේක මල කරුමයක් ඊට හොදයි වෙන එකක් හදාගන්නව :p මේකට විසදුමක් දන්න කෙනෙක්ට comment එකකින් විස්තර දාන්න කියල ඉල්ලනව හැමොටම දැනගන්න.
  •   request යැව්වොත් විතරක් නෙවෙයි එකපාර request 50ක් විතර accept කලත් account එකට ටොපිය සෙට් වෙනවා.
  • අනිත් case එක group එකක් කරගෙන යන යාලුවන්ට තියෙන අවුල, කොච්චර ලේසි උනත් java script  එකට නම් මාර්ක් අයිය පහර ගහනවමයි. ටිකෙන් ටික ස්ථාවර උනාම කාටවත් අපිව වට්ටන්න බැහැ, ඒ නිසා දවසට එකා දෙන්න හරි කමක් නැහැ තමන්ගෙ මහන්සියෙන් කට්ටිය එකතු කරගන්න තරමට group එකේ කල් පැවැත්ම රදා පවතීවි.
  • මෙන්න මට අලුතෙන්ම උන වින්නැහිය, මම 4ts tag කරනව වැඩි කියල දවස් 14කට ඒක block කරා. ගාණ නම් මෙච්චරයි කියන්න දන්නෙ නැහැ 50ක් වගේ කියල හිතනව.
දැනට නම් දන්න තරමින් මේ කතන්දර ටික දරුණුවටම මාර්ක් අයියගෙ අමානුෂික ප්‍රහාරයට ලක්වෙන දේවල්. තව ටික කාලෙකින් likes දාන එක බ්ලොක් වෙලා, chat කරන එක ලිමිට් වෙලා, share කරන එක ලිමිට් වෙලා, free membership limit වෙලා ලැබෙන කාලයක් මතුවෙයිද? :D අන්න ඒ දවසට අපිටත් බුකියට ආයුබෝවන කියන්න වෙයිද? වැරදියට හිතන්න එපා යාලුවනෙ මේක නිකන් මට හිතුන දෙයක් විතරයි, එහෙම නොවේවා කියල ප්‍රාර්ථනා කරනවා. අපේ facebook account එක බේරගන්න ඕන නිසයි මේක දැම්මෙ. අන්න ඒ නිසා ඉස්සරහට පරිස්සමට බුකිය පාව්ච්චි කරල තමන්ගෙ account එකත් බ්ලොක් වෙන එක නවත්තගන්න. හැමදාම දවස් 30ට friend request block කරගන්න අයටත් දැන් සහනයක් වේවි :D 

එහෙනම් මම යනව යාලුවනෙ, යාලුවන්ටත් මේ ටික දැනගන්න like එකක් දාල share කරගෙනම යන්න හොදේ. ජයවේවා!! 

 
මූණුපොතෙන් ආපු අයගෙ අදහස්

Tuesday, October 22, 2013

Probux Earnings වැඩි කරගමු - Probux රහස් #3

 

 පෝස්ට් ලියන්න පට්ට කම්මැලි කමේ ඉන්නකොට මුණුපොතේ දැක්කා පෝස්ට් එකක් "Emoney courses" ගැන. අපොයි ඒක අහපු වෙලේම ඉක්මණටම මේක දාන්න හිතුව. කලින්ම දෙනව කිව්ව SLT Intenet ගැන සහ paypal ගැන ඒව ලියන්න තියෙද්දිත් මේක ඉක්මණටම දාන්නෙ තවත් යාලුවො හොරුන්ට අහුවෙන්න එපා කියල. මේ ලිපිය කියවන හැම යාලුවෙක්ම දන්න කෙනෙක්ට Emoney හොරුන්ට සල්ලි දෙන්න කියල කියන්න එපා. උන්ගෙ courses වල කියල දෙන ඒවගෙන් අපිට සත 5ක් හොයන්න පුලුවන් වෙයිද කියල සැකයි. නිකං හිතන්න රු.5000/= ක් දීල course කරන වෙලාවෙ ඒ 5000න් රෙෆලල් 200ක් එක්ක ඇඩ් ක්ලික් කරන්න ගත්තත් මාසයක් යද්දි රු5000ට වඩා ආයෙත් අතට එනවා. මම කාටවත් කියන්නෙ නැ හැමදාම ඇඩ් ක්ලික් කරපල්ල කියල, අනිත් දේවල් උත්සහ කරන ගමන් මේකත් කරන්න. අමතර ආදායමක් ගන්න. හරි අපේ වැඩේ පටන් ගන්න කලින් දෙයක් කියන්න ඕන, මේ තියෙන්නෙ මම කලින් දාපු  Probux පෝස්ට් දෙක.

Probux වල ඇඩ් auto ක්ලික් වෙන්න දුන්නෙ java script එකක් හරහා, මේක පොඩි වංචාවක්නෙ ඒක දැන් Probux කාරයට අහුවෙලා අලුතෙන් එන එකක්වත් මේ වැඩේට support කරන්නෙ නැහැ. ඒ නිසා ඇඩ් auto ක්ලික් වැඩේ sry.com තමා. java script වලින් කරන හොර වැඩ වලට වැඩි අයුෂ නෑනෙ, දන්නෝ දනිති. ආයෙත් ඒ වැඩේ හරිගියොත් මම කියන්නම් දිගටම බ්ලොගයත් එක්ක ඉන්නකො. දැන් advertisement ටික ඉවරයි මෙන්න අද කතන්දරය :p

Probux Earnings වැඩි කරගමු

ගොඩක් අය හිතන්නෙ මේ ඇඩ් ක්ලික් කියන්නෙ දවසට හම්බෙන ඇඩ් 10- 15 ක් ක්ලික් කරල සල්ලි හොයන එක කියල. ඒ උනාට ඇත්තම කතාව ඒක නෙවෙයි. දිගටම හිටියොත් ඔයාලටම ඒක තේරෙයි. මේ ලිපියට මම කලින් ලියපු ඒවත් සම්බන්ධයි. ඒ නිසා RR ල ගැන දැනගන්න ඒ ලිපියත් බලලම ඉන්න. කොටස් දෙක තුනකින් අලුත් tricks ටිකක් කියන්නම්. මේව ගැන නොදන්න අය තමන්ගෙ Earnings වැඩිකරගන්න මේ ක්‍රම යොදාගන්න ;) දාල තියන පිංතූර පැහැදිලි මදි නම් ඒව උඩ කිලික් කරල බලන්න.

00. මේව දැකලවත් නැද්ද.
ඔන්න ලිපිය ලියල ලියල ඉවර කරන්න යනකොට මුලින් ලියන්න ඕන එකක මතක් උනා. ඒ නිසා 00 කියල ඒකත් දැම්ම ගණන් ගන්න එපා හේ හේ..
මේ මොනවද කියලවත් නිකං හිතල තියනවද? sure එකටම නැතුව ඇති. මේව හරියට කළුනික වගේ. ලේසියෙන් හම්බවෙන්නෙ නැහැ, වටිනාකම වැඩියි.  මේ ගැන මාත් වැඩිය දැනගෙන හිටියෙ නැ, ෆෝරමෙ කෙනෙක්ගෙන් දැනගත්තෙ. බොහොම කලාතුරකින් ඉදල හිටල මේ ඇඩ්ස් එනව, එනව කිව්වට එනවට වඩා වේගෙන් යනවා. මට මේවගෙන් ඇඩ්ස් දෙකක් විතර දැනට සෙට් උනා. ඔයාලත් online ඉන්නකොට පොඩ්ඩක් touch එකේ ඉන්න luck එක අනුව මේවත් ලැබෙයි :D

01. Fixed advertisement හැමදාම බලන්න.
මේක නම් ඉතිං කියන්නත් ඕන නෑ, දන්නවනෙ අර වැඩියෙන් ගෙවන තැඹිලි පාට ඇඩ්ස් 4 හරි දවසට බලන්න. ඒව බැලුවෙ නැත්තන් පස්සෙ දවසෙ රෙෆලල් ක්ලික් වලට අපිට ගෙවන්නෙ නෑ.
 
02. RRල වැඩි කරගන්න.  
දැන් හිතයි මේකත් කියන්න ඔනද කියල,  RRල වැඩි කර ගන්නව කියන්නෙ 3දෙනා ගානෙ අරන් හොදට ක්ලික් කරන උන් ඉතිරි කරන් අනිත් උන්ට යන්න දෙන එක නෙවෙයි. අපි ගන්න අයත් තියන් අලුත් අයත් අරන් පුලුවන් තරන් ඉක්මණට 100- 150ක් හදාගන්න එක. ක්ලික් කරනවද නැද්ද කියල නෙවෙයි පිරිස ගැන හිතන්න.
  
03. DRල හොයන්න දත කන එක නවත්තන්න.
රෙෆලල් ඉන්න තරමට සල්ලි කියල ඇහුන ගමන් කට්ටිය කරන්නෙ තමන්ගෙ රෙෆලල් ලින්ක් එක sale කරල කව්රු හරි සෙට් කරගන්න. මේක නම් වැඩක්ම නෑ යාලුවනෙ. එච්චර දගලල හොයාගන්න DR කෙනෙක් ඇඩ්ස් 4ම බැලුවත් 0.002$යි. ඒ නිසා වැඩක්ම නැත. අපරාදෙ කාලය, ඒ වෙලාවෙන් වෙන ප්‍රෙයාජනයක් ගමු.  

04. RRලට auotopay කරන්න.  
මේ ගැන නම් දැන් කියන්නෙ නැහැ කලින් ලිපියෙ විස්තර කරල තියනව මේ ගැන. earnings වැඩි කරගන්න මේක නම් කරන්නම ඕන කියල මගේ අදහස. කලින් ලිපිය කියවල බලන්නකො.
  
05. අනිත් එක progrid කියන game එකමේක නම් ටිකක් එපා කරපු වැඩක්, ඇඩ් ක්ලික් වගේම තමා. 0.1$ ඉදල 5$ වෙනකන් හම්බෙනවා. ලොතරැයි දිනුම් වගේ ක්ලික් කරන ගානට තමා මේක හරියන්නෙ. කැමති නම් කරන්න. මට නම් මේක හරිගියෙ නැතෝ. ඉදල හිටල මේක ගහල 0.1ක් හම්බුනා මෙන්න.

ඔයාල ක්ලික් කරනවද නැද්ද කියල මෙන්න මේකත් බලල හිතන්නකෝ..
 
06. RRල recycle කරන්න 
මෙන්න Earnings වැඩි කරගන්න නම් අපි කරන්නම ඕන දේ. RRල අරන් auotopay කරන්නෙත් නැතුව මාසයක් තියන් ඉදල යන්න දුන්නොත් මාසෙකට උපරිම ක්ලික් 50-60ක් හම්බෙන්නෙ. එහෙම එකෙක්ව තවත් දවස් 30කට ගත්තොත් ඒ දවස් 30ට ක්ලික් 40ක් වත් නෑ. ඒ කියන්නෙ අපිට අතින් පාඩුයි. අත්දැකීම ඇති කියල හිතනව ඔයාලටත්. මට නම් හැමදාම උනේ ඒකයි. මේට හේතුව ඇත්තටම අපේ RRල ක්ලික් නොකරන එක නෙවෙයි. probux කාරයො හොර කරනව. අපේ RRල හොදට ක්ලික් කරල average එක වැඩි වෙනකොට උන් ක්ලික් අඩුකරනව

මේකට තියන විසදුම තමා RRලගෙ average එක අඩු වෙනකොට recycle කරන එක. මේකෙන් වෙන්නෙ  average එක අඩු උන RR අයින් වෙලා අලුත් කෙනෙක් හම්බෙනව. අලුත් එක්කෙනාගෙ average එක 0න් පටන් ගන්න නිසා ආයෙත් හොදට ක්ලික්ස් ලැබෙනව අපිට :D සාමාන්‍යයයෙන් නම් 1.5ට වැඩි average එකක් වඩාත් හොදයි. අඩුම 1ක් වත් තියාගන්න බලන්න නැත්තම් පාඩුයි.

තව RRල කට්ටියක් ඉන්නව ජීවිතෙට ක්ලික්ස් නෑ. මෙහෙම අය දවස් 14ක් එක දිගට ක්ලික් කරෙ නැත්නම් auto recycle වෙනව සල්ලි ගෙවන්න ඕන නෑ. හැබැයි ඉතිං මේ පිං බත් කාරයො තියන් දවස් 14ක් බලන් ඉන්න එක පාඩුයි හොදේ. මොකද recycle කරල අලුත් කෙනෙක් ගන්න 0.07$ ඔනෙ වෙන්නෙ. දවස් 3-4 ක් බලල උන්ව අයින් කරල දාන්නයි තියෙන්නෙ. කරුමෙ කියන්නෙ recycle කරල ගන්න බුවත් මේ වගේම ක්ලික් නැති එකෙක් උනොත්. 10%ක් ඒ අවදානම අරන් මේ වැඩේ කරන්න පස්සෙ මට බනින්නෙ නැතුව හොදේ.
මතකනෙ මම මුලින් කිව්ව RRලගෙ ක්ලික් ගැන හිතන්නෙ නැතුව පිරිස වැඩි කරගන්න කියල. ඒකට හේතුව තමා ක්ලික් නොකරන RRල උනත් පොඩි ගානක් දීල හදල ගන්න පුලුවන්. හැබැයි ඔන්න දවස ගානෙ recycle කරල අමාරුවෙන් හොයාගත්ත ඔක්කොම එකපාර නැති කරගන්න දගලන්නෙ නැතුව තේරුම් අරන් කරන්න හොදේ. මෙන්න බලන්න මගේ RRල ටික දෙනෙක්. එයාලගෙ average එක බලන්න.

පැහැදිලි මදි නම් උඩ ක්ලික් කරන්න හොදේ. පේනවනෙ ඔක්කොම active RRල, මේ විදියට 150ක් විතර හදාගත්තම නිකන්ම සල්ලි. RRල recycle කරන්න දන්නැති අය මේ විදියට කරන්න. හොද වෙලාවට මගෙත් වැඩකට නැති එකෙක් ඉන්නව අයින් කරල දාන්න :D

මුලින්ම අයින් කරන කෙනා තෝරගන්න.

දැන් පහළට ගිහින් මේක විදියට කරන්න.

ඒ වැඩෙත් හරි, මෙන්න අනිත් කතාව.

07. RRලගෙ දවස් 30 ඉවර උනාම යන්න දෙන්න එපා
ඇයි දන්නවද මුන් අයින් වෙලා යන්නෙ අපෙන් ගාණකුත් කපාගෙන. එකෙක් අයින් වෙද්දි 0.02$ ක් ගන්නව. ක්ලික් කරන්නෙත් නැතුව ඉන්න එකෙක් තියන එකත් අරන් යන්න දෙන්නෙ ඇයි නෙ? මෙච්චර වෙලා කිව්ව විදියට උන්ව recycle කරගත්ත නම් ගොඩනෙ. එක පාර RRල 50ක් විතර අයින් උනොත් අපිටමනෙ පාඩුව :p

08. Task complete කරන්න.  
හොද හොද සෙල්ලම් එළිවෙන ජාමෙට කියනව වගෙ මේක තමා Probux Earnings double කරගන්න තියන හොදම විදිය. ගොඩක් අය මේව දිහා බලන්නෙවත් නෑ. මං බැලුවෙත් නෑ හේ හේ. දැන් දවස් 03කට කලින් තමා මාත් Task complete කරන්න පටන් ගත්තෙ, මෙන්න බලන්න වැඩේ.

තාම මේ Task complete කරන්න try එකක් දුන්නෙ නැත්නම් ගිහින් බලන්න. පොඩි පොඩි වැඩ තියෙන්නෙ විනාඩි 4න් 5න් ඉවර කරන්න පුලවන්. ඇඩ්ස් ක්ලික් වලට වඩා පොඩ්ඩක් කට්ට තමා, ඒත් පාඩු නෑ. මේව කරනකොට 75% ක වත් accuracy එකක් තියාගන්න බලන්න. නැත්නම් task කරන්න බැරිවෙයි. English ඒව ලැබෙන්නෙ ඉදල හිටල, ඒවලැබෙන විදියට කරන්න try එකක් දාන්න. තියෙන්න ඕන එකම දේ ඉවසීම විතරයි හොදේ :D මම උඩදි කිව්ව නෙ DRල හොයන්න දත කන එක නවත්තන්න කියල, අන්න ඒ වෙලාව අරන් Taskඑකක් කරගන්න එක ලාබයි. මෙහෙම කිව්වෙ මම දැක්ක සමහර යාලුවො රෙෆලල් හොයන්න බ්ලොග් පවා හදල දෙනව. මොකට එච්චර දගලනවද මේ වගේ ලේසි වැඩ තියෙද්දිත් :p

මේක දිගවෙන නිසා මෙතනින් නවත්තන්නම්, Task complete කරන එක ගැන තව විස්තර ටිකක් කියල දෙන්නම් අනිත් ලිපියෙන්. මේ ටික ප්‍රයොජනවත් උන අය, fb page එකට like එකක් දාලම යන්න. අලුත් ලිපිය "Probux රහස් #4 - ලේසියෙන් Task complete කරමු" දාපු ගමන් බලන්න පුලුවන්. 

ඒ වගේම මගෙ රෙෆලල් ලින්ක් sale නොකර මේව දාන්නෙ මම මාස ගාණක් කට්ට කාලා හොයාගත්ත දේවල් අලුත් කෙනෙක්ට උනත් ලේසියෙන් දැනගෙන වැඩිපුර කීයක් හරි හොයාගන්න පුලුවන් වෙන්න කියල, ඒ නිසා උදව්වක් උන අය comment එකක් දාලා අනිත් යාලුවන්ටත් බලන්න share කරල යන්න අමතක කරන්න එපා හොදේ. එහෙනම් මම ගියා. Probux කරන සෙට් එකටම සුභ පැතුම්!!


මූණුපොතෙන් ආපු අයගෙ අදහස්

col3best sinhala movies