Monday, November 4, 2013

Commercial debit card එකෙන් Paypal ගිණුම verify කරමු


මෙන්න Paypal වලට වැදගත්ම ලිපියක්. paypal හදන්න කියල දුන්නට මදිනෙ, ඒක verify කරන විදියත් කියල දෙන්න ඕන නෙ. ගොඩක් තැන් වල මම දැකල තියනව HNB debit card එකෙන් verify කරන විදිය තියනවා. මම කියන්නෙ Commercial debit card එකෙන් කොහොමද මේ වැඩේ කරගන්නෙ කියල.

ඔයාල හදල තියෙන්නෙ ලංකාවෙ paypal එකක් උනත්, විදේශයක් එකක් උනත් මේ විදියට verify කරන්න පුලුවන්. Commercial බැංකුවෙ ගිණුමක් අරඹන්න මට ගියෙ රු1400/= යි. ඒ වෙලාවෙම card එකත් දෙනවා. ඊට පස්සෙ හම්බෙන card එක atm එකකට දාලා active වෙලා තියෙන්න ඕන. card එක active වෙන්න නම් ගිණුම හදල පැය දෙකක්වත් ඉන්න ඕන. එතකොට card එක link කරන්න පුලුවන් තත්වයට පත්වෙනවා. normally commercial debit card එක අන්තර්ජාල ගණුදෙනු සදහා වලංගුයි. HNB debit card එක වගේ bank එකට call කරල  active කරල දෙන්න කියන්න ඕන නැහැ.

හදපු Commercial debit card එක අතට අරන් මේ තියන පියවර ටික කරන්න.

01. හදපු paypal ගිණුමට ලොග් වෙන්න
02. ඊට පස්සෙ profile >> add/edit credit card  ක්ලික් කරන්න මේ විදියට

03. දැන්මේ විස්තර ටික පුරවන්න.  ඊට පස්සෙ continue කරන්න.
  • මෙතනට එන address එක account එක හදනකොට දීපු එක. බැංකු ගිණුමෙ තියන address එකයි මේකයි සමාන නම් ඔහොමම තියන්න. එහෙම නැත්තම් බැංකු ගිණුමෙ තියන address එක දෙන්න change address ක්ලික් කරල.
  • රට විදියට එන malasiya වෙනස් කරන්න බැහැ, ඒක එහෙමම තියන්න.
  • security code කියල ඉල්ලන්නෙ මෙන්න මේක

 04. දැන් එන message එකත් continue කරල මුලට එන්න.(over view)

05. ඔන්න එතකොට ඔයාගෙ ගිණුමෙන් 10MYR (3.07$)ක transaction එකක් වෙනවා. ඊටපස්සෙ Paypal pin එක ඉල්ලන්න bank එකට call කරල. එතකොට personal details ටිකක් අහනවා, ඒ නිසා bank account එක වෙන කෙනෙක්ගෙ නම් එයාගෙ විස්තර දැනගෙන call කරන්න.

06. Paypal pin එක ලැබුනට පස්සෙ account එකට ලොග් වෙලා, "Get verified" කියන තැන ක්ලික් කරන්න. නැත්තම් 02 රූපයෙ විදියට add කරපු card එකට යන්න.

07. මෙතනින් ගිහින් අංක 4ක paypal pin එක දෙන්න.
08. ඔන්න එතකොට වැඩේ හරි. over view වලට ගියාම මේ වගේ verified කියල වැටෙයි. එ වගේම ඔයාට gift එකක් විදියට 10MYR ලැබෙනවා. card එකෙන් කැපුන 10MYR පැය 24ක් ඇතුළත ආයෙක් ලැබෙනවා.
09. ඔන්න දැන් අපි හැදුව Paypal එක ඕන දේකට ඔට්ටුයි. view limits කියන තැනට ගිහින් බලන්න වැටිල තිබුන limits අයින් වෙලා තියනවා. දවසකට 500$ උපරිමයක් withdraw කරන්න පුලුවන් මේකෙන්.

හදල verify කරගත්ත paypal එක පරිස්සමට පාවිච්චි කරන්න, E-bay කරන්න මේක use කරන්න ගිහින් හරි දෙකකට ලොග් වෙන්න ගිහින් හරි limit කරගත්තොත් කරදර ගොඩයි. එහෙනම් මම යනවා හැමොටම සුභපැතුම්!!

අදහසක් දක්වල, අනිත් අයටත් බලන්න share කරලම යන්න අමතක කරන්න එපා හොදේ ;) සුභ දවසක්!!

Sunday, November 3, 2013

Screen capture කරන්න නියම software එකක් (with crack)



screen capture කරන්න අම්බානක් software නම් තියනව, සමහර ඒවගෙ serial key, crack හොයන්න ගියාම පණ යනවා. තව ඒවගෙ interface එක දැක්කම  පිස්සු හැදෙනවා. මෙන්න ඒකට සුපිරිම software එක. ලේසියෙන්ම crack කරගන්නත් පුලුවන්. user friendly interface එකක් තියන නිසා ඕන කෙනෙකුට ලේසියෙන්ම තමන්ගෙ වැඩේ කරගන්නත් පුලුවන්. මෙන්න පහළින් තියනවා ඕන අය අරගෙනම බලන්නකො.


http://adf.ly/Yj7nH


මුලින්ම සාමාන්‍ය විදියට මේ software එක install කරගන්න. ඊට පස්සෙ crack කියන folder එක ඇතුළෙ තියන file එක copy කරල මේක install කරපු location එකට paste කරගන්න. copy & replace කියන එක තෝරන්න වැඩේ ගොඩ.

 install කරගත්තට පස්සෙ මේ වගේ interface එකක් තියෙන්නෙ. දැක්කම පේනවනෙ හරිම ලේසි use කරන්න ඕනම කෙනෙකුට.

එහෙනම් මම යනවා. මේ වගේ තවත් එළකිරි ලට්ට ලොට්ට අරන් එනවා. ඒ නිසා Ctrl+D bookmark එකකුත් දාගෙන fan page එකට like එකකුත් දාගෙනම යන්න හොදේ ;)


මූණුපොතෙන් ආපු අයගෙ අදහස්

Wednesday, October 30, 2013

Network Marketing company වල සල්ලි දැම්ම නම් නම් බලන්න




මේ දවස් වල ලංකාවෙ හැමතැනම ඇහෙන පේන කතාවක්නෙ ලංකාවෙ තියන Network Marketing කියන කතාව. මේ ගැන කියන්න මම වැඩිය දන්නෙ නැහැ. හැබැයි අන්තිමට ඒවගෙන් වෙන්නෙත් අන්තර්ජාලය හරහා advertisement බලන්න දෙන එක. ලෝකෙ පිලිගත්ත bux සයිට් තියෙද්දිත් ඒවගෙ සල්ලි ආයෝජනය කරන්න කලින් දෙපාරක් හිතන්න වෙනවා. මේ තියෙන්නෙ අද උදේ "nethfm balungala" වැඩසටහනෙන් පොඩි කොටසක්.

මේ වැඩේට අතගහපු කෙනෙක් හරි අතගහන්න ඉන්න කෙනෙක් හරි නම් අනිවාර්යයෙන් මේක බලල ඉන්න එක වටිනවා. ඊට පස්සෙ හිතන්න මොකද කරන්නෙ කියල.


මේක මගේ කණට වැටුන ගමන් හැමෝටම කියන්න පටස් ගාලා පෝස්ට් එක දැම්මෙ. මොකද ඊයෙ පෙරේදා බුකියෙ මම මේ කතාව දැක්කා. අනිත් යාලුවො හැමොටමත් මේක share කරන්න අමතක කරන්න එපා. මම යනවා. සුභ දවසක්!! 10ට බලන්න www.nwthfm.com අඩවිය නිකුත් කරන විඩියොවත් ;)

මූණුපොතෙන් ආපු අයගෙ අදහස්

SLT Internet #3 errors fix කරමු


පටන් ගන්න කලින්ම ඉතිං මේ ලිපිය සෙට් එක ගැන කියන්න ඕන.  SLT Internet ගන්න අලුත්ම කෙනෙක්ට තනියම හැමදේම සෙට් කරගෙන, එන ගැටලු ටිකත් හදාගන්න පුලුවන් වෙන විදියෙ අවබෝධයක් දෙන්න මේක පටන් ගත්තෙ. මුල් ලිපි දෙක දාල ටිකක් කල් වෙනව, මේක පරක්කු උනෙ අනිත් ලිපි වලට අවධානය දාපු එක සහ මේ ගැන දැනගන්න අවශ්‍යය හදිස්සිකාරයො හම්බවුන නැති නිසා :D පටන් ගත්ත වැඩේ ඉවර කරල දාන්න සහ  wifi router එකකින් SLT Internet use කරන කෙනෙක් නම් දැනගත යුතුම කරුණු සෙට් එකක කියන්න තියන නිසා ආයෙත් ඔන්න SLT Internet ගැන ලියන්න ගත්තා. Wifi hacking ගැන වැටෙන පෝස්ට් දැකල ඇතිනෙ, කරුමෙට අපෙ එක හැක් කරොත් මොකෝ වෙන්නෙ :p

අන්න ඒ නිසා මේ ලිපි ටික SLT Internet තියන හැමකෙනෙක්ටම කොයි වෙලාවෙ හරි වැදගත් වෙයි. ඒ නිසා ctrl+D ගහල bookmark කරගත්තට පාඩු නෑ හොදේ. SLT Internet use කරද්දි එන errors ගැන නම් අම්බානෙක ලියන්න වෙයි දන්නවනෙ ඉතිං පාවිච්චි කරන ඈයො ඒ ගැන හේ හේ. මුලින්ම මම කතා කරන්නෙ කලින් පෝස්ට් දෙක ලියාගෙන යද්දි මතුවුන ගැටලු ගැන. මෙන්න කලින්ම පෝස්ට් දෙකත් බලන්න.


01. dsl/adsl බල්බ් එක blink වෙනව නම්,
  • පළවෙනි ලිපිය ලියල ඉවරවෙනකොට මේ ප්‍රශ්නෙ ආවනෙ. ඒ ලිපියෙ කියපු විදියට සේරම ටික සම්බන්ධ කරන්න ඇති කියල හිතනව. මෙන්න මේ dsl/adsl බල්බ් එකෙන් කියන්නෙ අපේ router එකට Internet connection එක ලැබුනද නැද්ද කියල එක.
  • ඒක blink වෙනව නම් connection එක ලැබිල නැහැ.
  • දිගටම පත්තු වෙමින් තියනව නම් connection එක ලැබිල තියනව.
  • ඒ බල්බ් එක blink වෙනව නම් මුලින්ම splitter එක check කරන්න Modem/Phone කියන එක මාරු වෙලාද කියල.
  • මාරුවෙලා නැතිනම් telephone එක ගලවගෙන ඇවිත් router එකට සම්බන්ධ උන line කෙලවර ගහල dial tone එනවද බලන්න. එන්නෙ නැත්නම් අපි සම්බන්ධ කරපු wire/Rosette ආයෙත් check කරගන්න.
  • මේ එකකින් වත් හරිගියෙ නැත්නම් 1212 අංකයට කතා කරල කියන්න, එතකොට ටෙලිකොම් එකෙන් check කරල හදනව.
  • අලුත්ම connection එකක් නම් ටෙලිකොම් එකෙන් configuration හදල නැති උනාම තමා මේ ගැටලුව මතුවෙන්නෙ.
 02. local area connection එකේ "unidentified network" කියල වැටුනොත්,
 03. sent & received අගය 0ට වැඩි අගයක් නැත්නම්,
  • මේව මම දෙවෙනි පෝස්ට් එකෙන් ඉතිරි කරල ආපු ගැටලුවක්. ගොඩක්ම windows xp වලදි මේ ගැටලු මතුවෙන්න පුලුවන්. 
  • මේ දෙකටම විසදුම මේ තියෙන්නෙ, ලේසියෙන්ම මේ විදියට හදාගන්න එතකොට හරි. ඔක්කොටම ලේසි වෙන්න video එකක් හැදුව බලන්න


මෙ විදියට ගොඩ ගියෙ නැති අය, මේ විදියට IP සහ DNS දාගන්න.

IP Address : 192.168.1.5
Subnet Mask : 255.255.255.0 (tab එක ඔබන්න නිකන්ම fill වෙනව)
Default Gateway : 192.168.1.1 (router settings අනුව වෙනස් වෙන්න පුලුවන්)

මෙතනින් කැමති එකක් දාන්න පුලුවන්.
SLT DNS
Preferred DNS Server : 203.115.0.46
Alternate DNS Server : 203.115.0.47

GOOGLE DNS
Preferred DNS Server : 8.8.8.8
Alternate DNS Server : 8.8.4.4

මේ IP Address කියල තියෙන්නෙ පොදුවෙ තියන විදිය. මේ විදියටත් වැඩ කරේ නැත්තම් පහත පියවර ටික කරන්න.
  • මුලින් කියපු විදියට IP auto දාන්න.
  • cmd එකේ ​ipconfig කියල search කරන්න.
  • එතනින් පෙන්නන IP Address ටික local area connection එකට දාන්න, එතකොට හරි.
  • මීට අමතරව network card එකේ ප්‍රශ්න නිසා මේක වෙන්නත් පුලුවන්. ගැටලුවක් ආවොත්omment කරන්නකො ආහ්!!
මේ ලිපිය මෙතනින් නවත්තනවා. ටිකක් පරක්කු උනා මේක දාන්න. අනිත් වැඩත් එක්ක වෙලාව මදි නිසා. මේ ගැටලු දෙක දැම්මෙ කලින් ලිපි වලට අදාලවනෙ, ඔයාලට Internet use කරද්දි නිතරම එන ප්‍රශ්න අහන්න, එතකොට ඒවටත් මේ වගේම පෝස්ට් එකකින් උත්තර ටික දාන්න පුලුවන් :)

එහෙනම් මම යනවා. උදව්වක් ගන්න තව කෙනෙක්ට share කරල යන්න අමතක කරන්න එපා ;)  අනිත් ලිපි ආව ගමන් දැනගන්න like එකකුත් දාගෙනම යන්න. සුභ දවසක් හැමොටම!!


මූණුපොතෙන් ආපු අයගෙ අදහස්

Sunday, October 27, 2013

HighWay එකේ මහින්ද මාමා ගිය හැටි

කට්ටිය මේක දකින්න ඇතිනෙ අද උදේ ඉදන්, මහින්ද මාමා ඔන්න තවත් Highway එකක් හදල විවෘත කලා. කොළඹ ඉදන් කටුනායක airport යන්න 26KM කට තමා මේ වැඩේ කරේ. ඇමෙරිකානු ඩොලර් මිලියන 291ක් චීන්නුන්ට ණය වෙලා. සමහර අයට හොදයිලු, සමහර අයට නරකයිලු. මේව්ව කියන්න ගිහින් සුදු වෑන් වල යන්න වෙයිද දන්ද :p මගෙ අදහස, රටකට සංවර්ධනය විතරක් නෙවෙයි ඕන, මිනිස්සුන්ට ඔලුව උස්සල ජීවත් වෙන්න පුලුවන්, ණය බරින් මිදුන රටක් හදල අපේම සල්ලි වලින් මේ වගේ සංවර්ධනයක් ලැබෙනව නම් කොච්චර හොදද නේ. හැබැයි ඉතිං තව කල්පෙකින් වත් ඒ වගේ දවසක් එයිද දන්නෙ නෑ :D







මේව බලල ඉස්සරහටත් වෙන දේ බලන් ඉන්න තමා තියෙන්නෙ අපිට, ආශ්චර්යයට යන පාර නොවැ ;)
මූණුපොතෙන් ආපු අයගෙ අදහස්

col3best sinhala movies