Monday, January 20, 2014

අලුත් උන SLT Usage මීටරය


 දැනට ටික දවසකට කලින් SLT එකෙන් එයාලගෙ Usage meter එක වෙනස් කරානෙ. මේ ගැන දැනටමත් ගොඩක් දෙනා දන්නවත් ඇති, නොදන්න අය වෙනුවෙන් ඒ ගැන පොඩි පෝස්ට් එකක් දාන්න හිතුව free වෙලාවක් set උන නිසා :D 

අලුත් විදියට කලින් වගේ අපේ SLT username/ password දීල Usage එක බලන්න විදයක් නෑනෙ.. මුලින්ම අපි register වෙලා ඉන්න ඕන. කලින් තිබුන link එකත් දැන් වැඩ නැහැ. පහලින් තියන link එකෙන් ගිහින් අපේ package එක අනුව එයාලගෙ සයිට් එකේ register වෙන්න ඕන මුලින්ම.

http://www.slt.lk/broadband/usage-meter

register වෙන්න ගියාම e-mail එකක්, mobile no එකක්, වගේ විස්තර අහනවා. මේ තියන portal password කියන එක හොද මතක තියන එකක් දෙන්න, අපිට usage එක් බලාගන්න ඕන වෙන්නෙ අන්න ඒ password එක නිසා.


ඊට පස්සෙ සාමාන්‍ය විදියට login වෙලා "MY Usage" tab එකට ගියා නම් හරි. හැබැයි මෙතනත් පොඩි වෙනසක් තියනවා. කලින් වගේ නෙවෙයි ප්‍රතිශත විදියට තමා usage එක පෙන්නන්නෙ, login port & time details පේන්නෙ නැහැ. මෙන්න මේ විදියට peak/ total time වලට use කරන්න ඉතිරි data volume එක තමා තියෙන්නෙ. මගෙ නම් රතු කට්ටටම බැහැල දැන් :p





මේක ලේසියෙන්ම බලාගන්න පහළ තියන add-on දෙක use කරන්න පුලුවන්.. මේක දීපු ගමන් සමහර උන් කෑගහනව username/ password ගන්න මේව දෙන්නෙ කියල. මේකට use කරන්නෙ portal password එක, නැතුව broadband password එක නෙවෙයි. ඒ නිසා බයවෙන්නැතුව use කරන්න පුලුවන් මාර ලේසි :D firefox අලුත් version වලට නම් එළටම වැඩ, පරණ ඒවට නම් නෑ හොදේ'

firefox අයට මෙන්න,

http://adf.ly/cQXTw

 Google chrome අයට මෙන්න,
http://adf.ly/cQYSi

මොනව හරි ප්‍රශනයක් ආවොත් comment එකකින් අහන්නකො... යාලුවන්ටත් බලන්න share පාරකුත් දාගෙනම යන්න. දිගටම අලුත් වෙන ලිපි බලන්න page එකට like එකක් දාන්න අමතක කරන්න එපා ;) එහෙනම් මම ගියා තවත් එළකිරි පොස්ට් එකකින් හමුබෙමු. සුභ දවසක්!!!


මූණුපොතෙන් ආපු අයගෙ අදහස්

Sunday, January 12, 2014

Direct Download ~ The Wolverine 2013 ~


මේ දෙන්න යන්නෙ තවත් සුපිරිම ෆිල්ම් එකක්. ගොඩ දවසකින් බ්ලොගෙ පැත්තෙ එන්නත් බැරි උනා. කොහොමහරි ආයෙත් ඔන්න වැඩේට සෙට් උනා :) මේ ෆිල්ම් එක ඇවිත් ගොඩක් කල් නිසා කට්ටිය බලලා ඇති, පට්ටම ෆිල්ම් එක නිසා direct link එකක් දෙන්න හිතුව torrent ෆයිල් වලට කැමති නැති යාලුවො සෙට් එකට :D

කතාව ගැන කියනව නම් මෙහි ප්‍රධාන චරිතය "ලෝගන්" නැතිනම් Wolverine කියන අරුම පුදුම පුද්ගලය වටා ගෙතුන කතාවක්. ඔහුගෙ හැකියාවන් සහ විශේෂත්වය ගැන කියන්න යන්නෙ නැහැ කතාවෙ රසය නැතිවෙන නිසා. මේ චරිතයට පණ පොවන්නෙ Hugh Jackman විසින්. ඒ වගේම මෙහි එන අනෙකුත් චරිත සදහා Tao Okamoto, Rila Fukushima, Hal Yamanouchi යන කට්ටිය දායක වෙනවා.

මුල ඉදන් අග දක්වාම සටන් පිරුණු action, adventure movie එකක් නිසා ආසාවෙන් බලන්න පුලුවන් :) තවමත් බලන්න බැරිඋන අයට පහළින් දීල තියනව 550mb direct link එකෙන් අරගෙන, සිංහල උපසිරැසියත් එකකම බලන්න :)


film එක බලලා ඇවිත් හොද නරක කොටලම යන්නකො එහෙනම්, මම යනවා තවත් පොස්ට් කෑල්ලකින් හම්බෙමු!! සුභ දවසක්!

මූණුපොතෙන් ආපු අයගෙ අදහස්

Friday, January 10, 2014

SLT Internet ~ How to create dail-up connection #4


SLT Internet Configuration support වල හතරවෙනි කොටස තමයි මේ. කලින් ලිපි ගැන මතක් කරොත් අලුතෙන්ම SLT Internet ගන්න කෙනෙක්ට තනියම 100% නිවැරදිව තමන්ගෙ Internet connection එක වැඩ කරන විදියට හදාගන්න කියල දුන්නනෙ. ඒ වගේම පොදුවෙ එන ගැටලු ගැනත් කිව්ව,  ඊට අමතරව වෙනත් ගැටලු තියෙනව නම් අහන්න ඒවත් හදාගන්න උදව් වෙන්නම්. මෙන්න කලින් ටික, බලන්න බැරිඋන අය බලන්න.


අද කියන්න යන්නෙ computer එකෙන් dail-up එකක් හදල Internet use කරන විදිය. දෙවෙනි පෝස්ට් එකෙන් කියල දුන්න විදයට use කරනවා නම් dail-up ඕන වෙන්නෙ නෑ, හැබැයි සමහර අය මේ ක්‍රමය use කරල computer එක format කරාට පස්සෙ dail-up එක හදාගන්න බැරුව ඉන්නවා. ඒ වගේම ඉස්සරහට ලියන තවත් පෝස්ට් එකකට මේක වැදගත් වෙනවා ;)

සැ.යු.
මේ විදියට  dail-up එක use කරන්න නම් router එකේ bridge mood දාලා තියෙන්න ඕන. ඒ ගැන වැඩි විස්තර කියන්නම්, මේ පෝස්ට් එක දාන්නෙ computer එක format කරල dail-up එක හදාගන්න බැරි අය වෙනුවෙන් :)

windows 7,8 සදහා
  • පියවර 01
    • Start ---> Control panel ---> Network & Internet

  •   පියවර 02
    •  Network Sharing Center එකට යන්න
  • පියවර 03
    •  දැන් set up a new connection or network එකට යන්න

  •  පියවර 04
    • එතකොට මේ වගේ pop-up window එකක් එනවා.  
    • පහළ පිංතූර වල තියන විදියට කරගෙන යන්න.

  • පියවර 05
    • ඊලගට එන window එකේදි SLT එකෙන් දිල තියන username/ password හරියටම type කරල,  remember password කියන tic එකත් දාලා connect කරන්න.
    • ඔයා දුන්න username/ password කිසිම වැරැද්දක් නැතිනම් connect වෙනවා. එහෙම connect නොවී error එකක් ආවොත් 691 වගෙ, ඒ කියන්නෙ  username/ passwordවැරදි කියල.
    • ඒක හදාගන්න ආයෙත් username/ password හරියට ටයිප් කරන්න, capital, simple අකුරු ගැන බලන්න.
    • ඒත් හරිගියෙ නැත්නම් 1212 call කරල password එක reset කරගන්න.
මේකට අමතරව තවත් errors ටිකක් එන්න පුලුවන්, එහෙම එකක් එනවනම් comment එකක් දාන්න උදව් කරන්නම් :) ඒ වගේම මේ විදියට හදාගන්න පුලුවන් වෙන්නෙ windows 7/8 අයට, xp අයටත් ඕන නම් comment එකකින් අහන්න. 
 


මූණුපොතෙන් ආපු අයගෙ අදහස්

Wednesday, November 20, 2013

oDesk Readiness Quiz answers ~ 2013/11

 oDesk කියන්නෙ මොකද්ද කියල නොදන්න කෙනෙක් නැතුව ඇති කියල හිතනවා. අන්තර්ජාලයෙ වැඩපෙන්නල මුදල් හොයන්න පටන් ගන්න තියන හොදම තැනක් මේ oDesk කියන්නෙ. හැබැයි ඉතිං මුලින් නම් මේ වැඩේ ලේසි වෙන්නෙ නැහැ, මොකද අපිට කලින් මෙතනට ගිහින් වැඩ පෙන්නන අය ඉන්න නිසා :p අන්න ඒ නිසා oDesk වලින් දීල තියන skill test කිහිපයක් හරි pass වෙලා ඉන්න එක ගොඩක් වැදගත්. දන්නවනේ Readiness Quiz කියන්නෙ අලුතෙන්ම register උන කෙනෙක් අනිවාර්යෙන් සමත් වෙන්න ඕන test එකක්, අමාරු ප්‍රශ්න නම් නැහැ ඒත් එකපාරටම register උන ගමන් pass වෙන්න බෑනෙ. ඒ නිසා මෙන්න උත්තර ටික :D

මෙතනින් ගිහින් test එක පටන් ගන්න.

ප්‍රශ්න 10ක් තියෙන්නෙ, මේ ඒවට උත්තර ටික. copy කරද්දිත් ටිකක් කියවල කරන්න ප්‍රශ්න එන අනුපිළිවෙල වෙනස් වෙනවා හොදේ :p









උත්තර ටික නිකන් දුන්නට මොකද මේව හරිද වැරදිද කියල සැක ඇතිනෙ :D මෙන්න බලන්නකො ඒ සැකෙත් නැතිවෙලාම යන්න ;)

ඔන්න එහෙනම් කට්ටියටම ලේසියෙන් test එක ගොඩයන්න සුභ පැතුම්!! මේ වගෙ තවත් උත්තර සෙට් එකක් අරන් එන්නම්කෝ :D page එකට like එකක් දාලා අදහසකුත් කොටාගෙනම යන්න අලුත් පෝස්ට් එකක් ආව ගමන් දැනගන්න :)


මූණුපොතෙන් ආපු අයගෙ අදහස්

Sunday, November 17, 2013

How to complete probux/ neobux Tasks simply

මෙන්න probux/ neobux වලින් ගොඩයන රහස. දැනට ලිපි හතරක් විතර ලිව්වනෙ ඇඩ් ක්ලික් කරන එක ගැන. මේක අන්තිම එක ගොඩක් වෙලාවට :)  ලියපු හැම එකකින්ම මම කිව්ව task කරන්න ආරම්භයක් ගන්න කියල. හැබැයි ඉතිං කට්ටිය ඒක කරන්න නැතුව ඇති :D මටත් මුලින් එපාම උනා, track එකට වැටුනම ගේමක් නෑ. තියෙන්න ඕන එකම දේ, උනන්දුව සහ ඉවසීම. එහෙම නැත්තන් ඉතිං මේ ලිපිය කියෙව්වත් task කිරිල්ල ලේසි වෙන එකක් නැහැ, මොකද මම හොර ක්‍රම කියල දෙන්න දන්නෙ නෑ. පොඩි තල්ලුවක් දෙන්න හදන්නෙ track එකට වැටෙන්න ;)

කලින් ටිකත් බලලම වැඩේ පටන් ගන්නකො..


මොනවද task කියන්නෙ?

task කරන්න කියල කිව්වට තාම මේ මොකද්ද කියල දන්නැති අයත් ඇතිනෙ.  task එකකින් කරන්නෙ අපිට කියල පොඩි පොඩි වැඩ කරගන්න එක. සාමාන්‍යයයෙන්   task විදියට ලැබෙන්නෙ එයාල දෙන ලින්ක් එකකට ගිහින් එයාලට ඕන විස්තර හොයල දෙන්න කියල.
උදා:
  • article එකක්ද/නැද්ද, article එකක් නම් author කව්ද?
  • address එක, telephone no එක, email එක හරිද, නැත්තන් වෙනස් කම් මොනවද?
  • blog එකක්ද, නැද්ද?
  • සයිට් වල තියන බඩුවල prize, description, offers වගේ ඒව   copy&paste කරන්න
  • youtube video category වලට වෙන් කරන්න
  • web/blog  category වලට වෙන් කරන්න
මෙන්න මේ වගේ ගොඩක් පොඩි දේවල් කරන්න ඕන. එක task එකක් complete වෙන්න විනාඩි 4-5ක් උපරිම යන්නෙ. ඇඩ් ක්ලික් එක තරම් ලේසි නැති උනාට වැඩිපුර හොයන්න මරු.

කොහොමද පටන් ගන්නෙ?

මුලින්ම  probux වලට ලොග් වෙලා task කියන ටැබ් එකට යන්න. neobux වල නම් මේක offers යටතෙ mini jobs කියල තියෙන්නෙ. තාම මේ වැඩේ පටන් ගන්න තියා නිකන් වත් බලලා තිබුනෙ නැත්තන් "crowd flower" site එකේ register වෙන්න කියයි. ඒක නම් කරන්න පුලුවන් වෙයි කියල හිතනවා :p ඊට පස්සෙ හදපු  crowd flower එකට ලොග් උනාම available task ටික පෙන්නනවා.
  • මේව දවස ගානෙ අලුත් වෙනවා. සමහර දවසට එකක්වත් නැතිවෙන්නත් පුලුවන්. a
  • vailable task වල තියන වැඩත් 100ට අඩුයි නම් කරන්න බැහැ. 
  • ඒ වගේම accuracy එක 75% වඩා තියාගත්තෙ නැත්තන් ඒත් කරන්න දෙන්නෙ නැහැ.
  • ගොඩක් වෙලාවට Spanish, Italy, Portuguese, french, වගේ භාෂා වල task එනවා. ගෙවීමත් හොදයි, මොනා කරන්නද අපි ඔවා දන්නෙ නැහැ නේ :p මම ඒවත් කරන්න කියල දෙනවා ;)

task එකක් කරන්නෙ කොහොමද?

මෙතන තමා ගොඩක් අය ඇනගන්නෙ, බැරිකමට නෙවෙයි තියන කම්මැලි කමට :p  task එකක් කරන්න ගන්න කලින් හොදට කියවන්න වෙනවා. දීල තියන instruction ටික නොදැන කණා ෂොට් වලින් මේක කරන්න බැහැ.
උදා:
මෙතන තියන 3 වෙනි එක ගන්නම්. "Help us validate Authors and Articles" කියල එක. මේ විදියට කරන්න ඕන පිළිවෙල දෙනවා.
දැන් ඉතිං කෑ ගහන්න එපා මූ නම් කියයි අමු කඩ්ඩනෙ කියල, ඇති මගුලක් නෑ. උඩින් පල්ලෙන් කියවන්න, අදහස ඔලුවට දාගන්න. A-Z කියවන්න ඕන නෑ.
01. ලිනක් එක ක්ලික් කරන්න
02. article එකක්ද නැද්ද බලන්න.
  • මෙන්න මේකට තවත් instruction ටික පහළින් දෙනවා එයාලා. article එකක් විදියට සලක්නෙ මොනවද කියල, කියවන්නම කම්මැලි නම් example click කරල sample ටිකක් බලන්න.
  •  ඊට පස්සෙ දෙනවා article එකක් කියල සලකන්නෙ නැත්තෙ මොනවද කියල, slideshow, video, read more article, forum, signup තියන ඒවා වගේ. ඒකටත් example click කරල sample ටිකක් බලන්න.
03.  article එකක් නම් බලන්න ඕන author කව්ද කියල, වැඩිය දගලන්න දෙයක් නැහැ දන්නවනෙ authorගේ නම් එක්කො post එකේ උඩ තියෙනවා, නැත්තන් යට තියනවා.

04. article 5-10 අතර ගානක් බලන්න වෙයි එක task එකක් complete වෙන්න, විනාඩි 4ක් වගේ යන්නෙ, පාඩ්වක් නෑ 0.01-0.25$ ගන්න පුලුවන් task එකකින්.

05. එක task එකකට අදාල instruction ටික එක පාරක් ඔලුවට දාගත්තා නම් දිගටම කරන්න පුලුවන්, මොකද හැමදාම එකම වගේ task ලැබෙන්නෙ. උදාහරණය විදියට මේකම ගත්තෙ හැමදාම මේ task එක ලැබෙන් නිසා :D හැබැයි මේක neobux හොදේ, probux වල task අඩුයි ගෙවීම් වැඩියි ;)

මේ තියෙන්නෙ මම task එකක් complete කරපු විදිය. මේක බලලා තේරුම් ගන්න මහ ලොකු දෙයක් නෑ කියල, ඒ වගේම ගොඩක් හිතන්නවත්, හොයන්නවත්, කිසිම දෙයක් ඕන නැහැ මේව කරන්න :D පැහැදිලි වෙන්න ඕන නිසා මම හෙමින් මේක කරේ, නැත්තන් ඔච්චරවත් වෙලා යන්නෙ නැහැ ;)


මේ තියෙන්නෙ මගේ තව task ටිකක්, මේවගේ accuracy පොඩ්ඩක් බලන්න. සමහර ලේසි ඒව මට දැන් කරන්න දෙන්නෙ නැහැ low accuracy නිසා :p


යන්තන් ඒකෙන් 3ක් ගොඩදැම්මා. මේක probux task එකක්. low accuracy උනොත් අන්තිම task එකට ගෙවන්නෙ නැහැ, හැබැයි මම ඒකත් ගත්තා :D

මේව දැක්කම හරි පොඩි ගටක් එන්න ඇති මමත් task වලින් ගොඩයනවා කියල, අන්න ඒ නිසයි දැම්මෙ.

වෙනත් භාෂාවල task කරන්නෙ කොහොමද?

අපෝ.....මේව නම් කරන්න බෑ කියල අතාරින්න එපා. මේවට තමා වැඩිපුර ගෙවන්නෙ, ගොඩක් වෙලාවට probux වලදි හම්බෙන්නෙ. කම්මැලි කම ගසල දාලා පොඩි try එකක් දෙන්න, මේ බලන්න මේව කරන විදිය.

මෙන්න තියනවා අන්ඩර දෙමළ task එකක්,

මෙහෙම තිබුනොත් ඕක කරන්න පුලුවන් වෙයි නෙ :D

මුලින්ම කිව්ව වගේ මැජික්, හොර ක්‍රම නෑ, තමන්ගෙ මහන්සියෙන් විතරයි පුලුවන් ඈ..පහළින් ගිහින් add on එක දාගන්න. 2 රූපෙ විදියට එන T අකුර උඩ ක්ලික් කරල දන්න ඉංග්‍රිසියට හරවන් කරන්න දැන් :D

http://adf.ly/ZSwdp

chrome එකට නම් මේවගේ හොදට ලස්සනට ඇඩෝනයක් නම් හම්බුනෙ නෑ :p ඒ නිසා chrome අතාරින්නම බැරි නම් ටිකක් හොයල බලන්න :D මේ වැඩේ 100%ක් සාර්ථකයි, උනන්දුවක් තියනව නම් කරල ගොඩයන්න :)

මේවගේ task නම් බර ගානක් කරන්න අමාරුයි, දෙක තුනක් හරි ගොඩදාගන්න බලන්න. හැමදේම කියවල තේරුම් අරන් කරන්න ඕන නැහැනෙ, හැමදාම එකම ටික. උඩින් පල්ලෙන් කියවල task එකට ගිහින් බැලුවම නිකන්ම තේරෙනවා. 

හදිස්සියෙ හරි ගොඩක් වැරදිල low accuracy උනොත් අන්තිම task එකට pay කරන්නෙ නෑනෙ, ඒකට පොඩි වැඩක් කරන්න. task එක ඉවර උනාම එයාල වැරදි පෙන්නල දෙනකොට "that's ok" කියල ඉන්නෙ නැතුව ඔයාලා හරියි, කියල මොකක් හරි හෙතුවක් දාන්න. එතකොට accuracy 65-75% වගේ තිබුනොත් payment ගන්න පුලුවන් ;)

දැන් ඉතිං ඔයාල try කරල බලන්න. සාර්ථක හෝ අසාර්ථක උනොත් ඇවිත් කියල යන්න හොදේ :D ඔන්න මගේ වැඩේ ඉවරයි, දවස් 4ක් තිස්සෙ මේක ලියන්න උනා.  ඇඩ් ක්ලික් ගැන ආය ලියන්න ඕන නැතිවෙයි, මේ දෙක හරියට කරොත් නම් මාසෙකට 60$-200$ වෙනකන් යන්න පුලුවන්. කට්ටයටම සුභපැතුම්!! මම යනවා, අදහසක් එකතු කරල like එකක් දාලා යන්න ;)



මූණුපොතෙන් ආපු අයගෙ අදහස්

col3best sinhala movies