Monday, January 20, 2014

අලුත් උන SLT Usage මීටරය


 දැනට ටික දවසකට කලින් SLT එකෙන් එයාලගෙ Usage meter එක වෙනස් කරානෙ. මේ ගැන දැනටමත් ගොඩක් දෙනා දන්නවත් ඇති, නොදන්න අය වෙනුවෙන් ඒ ගැන පොඩි පෝස්ට් එකක් දාන්න හිතුව free වෙලාවක් set උන නිසා :D 

අලුත් විදියට කලින් වගේ අපේ SLT username/ password දීල Usage එක බලන්න විදයක් නෑනෙ.. මුලින්ම අපි register වෙලා ඉන්න ඕන. කලින් තිබුන link එකත් දැන් වැඩ නැහැ. පහලින් තියන link එකෙන් ගිහින් අපේ package එක අනුව එයාලගෙ සයිට් එකේ register වෙන්න ඕන මුලින්ම.

http://www.slt.lk/broadband/usage-meter

register වෙන්න ගියාම e-mail එකක්, mobile no එකක්, වගේ විස්තර අහනවා. මේ තියන portal password කියන එක හොද මතක තියන එකක් දෙන්න, අපිට usage එක් බලාගන්න ඕන වෙන්නෙ අන්න ඒ password එක නිසා.


ඊට පස්සෙ සාමාන්‍ය විදියට login වෙලා "MY Usage" tab එකට ගියා නම් හරි. හැබැයි මෙතනත් පොඩි වෙනසක් තියනවා. කලින් වගේ නෙවෙයි ප්‍රතිශත විදියට තමා usage එක පෙන්නන්නෙ, login port & time details පේන්නෙ නැහැ. මෙන්න මේ විදියට peak/ total time වලට use කරන්න ඉතිරි data volume එක තමා තියෙන්නෙ. මගෙ නම් රතු කට්ටටම බැහැල දැන් :p





මේක ලේසියෙන්ම බලාගන්න පහළ තියන add-on දෙක use කරන්න පුලුවන්.. මේක දීපු ගමන් සමහර උන් කෑගහනව username/ password ගන්න මේව දෙන්නෙ කියල. මේකට use කරන්නෙ portal password එක, නැතුව broadband password එක නෙවෙයි. ඒ නිසා බයවෙන්නැතුව use කරන්න පුලුවන් මාර ලේසි :D firefox අලුත් version වලට නම් එළටම වැඩ, පරණ ඒවට නම් නෑ හොදේ'

firefox අයට මෙන්න,

http://adf.ly/cQXTw

 Google chrome අයට මෙන්න,
http://adf.ly/cQYSi

මොනව හරි ප්‍රශනයක් ආවොත් comment එකකින් අහන්නකො... යාලුවන්ටත් බලන්න share පාරකුත් දාගෙනම යන්න. දිගටම අලුත් වෙන ලිපි බලන්න page එකට like එකක් දාන්න අමතක කරන්න එපා ;) එහෙනම් මම ගියා තවත් එළකිරි පොස්ට් එකකින් හමුබෙමු. සුභ දවසක්!!!


මූණුපොතෙන් ආපු අයගෙ අදහස්

0 comments:

Post a Comment

col3best sinhala movies