Sunday, October 20, 2013

Paypal #2 - ලංකාවෙ අපිටත් money recieve පුලුවන් Payapal එකක්


මෙන්න අද ගෙනාවෙ ගොඩදෙනෙක්ට වටිනා කියන ලිපියක්. නොහිතපු විදියට මමත් E-bay ගැන පෝස්ට් එකක් දැම්මනෙ. ඒ නිසාම ලංකාවෙ අපිට ගැලපෙනම නීත්‍යානුකූල Paypal එකක් හදන විදියත් කිව්වා. ඒ පෝස්ට් දෙකේදි වගේම ඊට කලින් ඉදලම මම කිව්ව Paypal හරි අවබෝධයක් නැත්තන් සල්ලි withdraw කරන්න එපා කියල. ඔන්න මේ පෝස්ට් එකෙන් පස්සෙ ඒ කතාව ඉවරයි :D මේකට අදාල කලින් පොස්ට් දෙකත් බලන්නකො.

හරි දැන් අපි වැඩේ පටන් ගන්න කලින් ඔයාට ඕන මොන විදියෙ Paypal එකක්ද කියල තීරණය කරගන්න. මොකද ආසාවට facebook account හදනව වගෙ Paypal හදන්න බැහැ. හැදුව කියල අවුලක් නෑ, ඒත් නිකන් ලෙඩ වැටෙන එක විතරයි වෙන්නෙ. Paypal හදන විදිය ගොඩක් අය කියල දෙනව, ඒත් හරියටම කියල දුන්නෙ iplus බ්ලොගය හරහා. අවාසනාවට දැන් ඒ බ්ලොගය වැඩ කරන්නෙ නැහැ. එයාගෙ ක්‍රමය 100%ක් විශ්වාස කරන්න පුලුවන්, මොකද එයා Paypal ගැන නොදැන අම්බානෙක කරදර වෙලා, සල්ලි නාස්ති වෙලා ඒ අත්දැකීම් එක්ක අපිට එහෙම නොවෙන්න තමා කියල දීල තිබුනෙ. ඒ නිසා හැම විස්තරයක්ම හරියට කියවල කරන්න. මේක මම හිතල දාන විදියක් එහෙම නෙවෙයි ඕන්, ගොඩක් හොයල හොයල අත්දැකීම් එක්කම කියන්නෙ. 

වැදගත්

  • අන්තරජාලයෙ මුදල් හොයල ලංකාවට ගෙන්නගන්න ඕන අය මේ ක්‍රමයට හදන්න. අපි හදන මේ Paypal එක හරහා E-bay ගණුදෙනු කරන්න යන්න එපා.
  • මේ ක්‍රමයට හදන්න කලින් IP hide කරන softaware මොකුත් පාවිච්චි කරන්න එපා. proxy වෙනස් කරන්න අරව මේව මොකුත්ම කරන්න  එපා.
  • යොදාගන්න e-mail ලිපිනයෙත් ඇත්තම විස්තර තියනව නම් හොදයි.
  • computer එකෙන් එකම Paypal ගිණුමකට විතරක් ලොග් වෙන්න. cafe වලින් එහෙම ලොග් වෙන්න එපා.

කලින් හදපු Paypal එකක් තියනවද?

  • කලින් හදපු  Paypal එකක් තියනව නම් computer එක format කරල හදන එක තමා වඩා හොද. එහෙම නැත්තන් browser එක මාරු කරල හදාගන්න හරි firefox වල cookies, cache clear කරල හරි අලුත් එක හදන්න පටන් ගන්න.

ඇත්තම විස්තර දීල Paypal එක හදන්නෙ ඇයි?

  • අපි මේ කරන්නෙ හොර වැඩක්නෙ, සුද්දට සැක හිතුනොත් account limit කරනව. එතකොට ඒකෙ තියන සල්ලි withdraw කරන්න බැරිවෙනවා.
  • ඒ විදියට සුද්ද අපිට මොකක් හරි ලෙඩක් දැම්මොත් අපි කියන්නෙ, අපි විදේශයෙ රැකියාවකට ගිහින් ඉන්නකොට මේ Paypal එක හැදුව, දැන් ලංකාවෙ ඉදල ඒක පාවිච්චි කරනව කියල. 
  • අන්න එතකොට අපි දුන්න විස්තර ඇත්ත කියල ඔප්පු කරන්න passport copy, ගෙදර address එක ඔප්පු කරන්න මොනව හරි බිල් copy යක්, bank statement එකක් වගේ සුද්ද ඉල්ලන දේවල් ටිකක් යවන්න වෙනවා. (NIC එක නැතුව ඉංග්‍රිරිසියෙන් අනන්‍යතාව ඔප්පු කරන්න පුලුවන් ඒව තමා යවන්න ඕන)

අපෙත්  account limit වෙයිද?

  • මේක තියෙන්නෙ අපේ අතේ. අපි ප්‍රවේශම් නම් සුද්ද අපිව අල්ලනව බොරු. උඩින් කියපු වැදගත් කරුණු අමතක නොකර ඉන්න එතකොට කරදරයක් වෙන්නෙ නැහැ.

මොකද්ද හොදම රට තෝරගන්න?

  • ලංකාවෙ බහුතරය හදන්නෙ මැලේසියන් විදියට, තව පිලිපීන. සංගප්පූරු විදියට උනත් හදන්න පුලුවන්. 

 මැලේසියන් විදියට  Paypal ගිණුම හදමු.

01. මුලින්ම මේ ලෝගො එක උඩ ක්ලික් කරල සයිට් එකට යන්න.


03. දැන් රට විදියට මැලේසියා තෝරල "Get started" ක්ලික් කරන්න

04. දැන් අපේ පෞද්ගලික විස්තර දෙන්න ඕන. මතක තියාගන්න මෙතන බොරු විස්තර දුන්නොත් අමාරුවෙ වැටෙයි හොදේ.


05. ඔන්න මේ ටික නම් වරද්දන්න එපා හොදේ!!

  • malasiyan විදියට paypal හැදුවට අපි ලංකාවෙ මතකනෙ, දැන් අපි මැලේසියාවෙ රැකියාවකට ගිහින් ඉන්නෙ. ඒ නිසා රට malasiya උනාට, Nationality එකSri Lanka කියල දෙන්න.
  • ඊට පස්සෙ ගෙදරදට bill ලැබෙන address එක ඒ විදියටම දෙන්න.
  • ඔයාලගෙ postal code එක දන්නෙ නැත්තම් google search පාරක් දාල හොයන්න.
  • මැලේසියාවෙ no එකකුත් හොයාගන්න හොදේ ;)
  • මේ ටික fill කරල "Agree and create account" ඔබන්න.

06. දැන් වැඩේ හරි, මේ වගේ එකක් ආවම "go to my account" click කරල මුලට යන්න.

07. දැන් මේ වගේ Overview එකක් තියෙයි.මුලින්ම ගණුදෙනු කරන්න කලින් පොඩි වැඩ ටිකක් කරන්න තියනව.

  • මුලින්ම බලන්න 1 කොටුව දිහා, E-mail එක confirm කරන්න ඕන.
  • ඊළගට security question දෙකක් දෙන්න. (මේව  ගැන නම් වැඩිය කියන්නෙ නැහැ, කරගන්න බැරි කෙනෙක් ඉන්නව නම් comment කරන්න, කියල දෙන්නම්)

08. උඩ පිංතූරෙ 2 කොටුව බලන්න. 

  • Primary Currency විදියට තියෙන්නෙ MYR, මේක අපිට පුරුදු USD වලට මාරු කරගමු.
  • 3 කොටුව බලන්න, මෙතන verified කියල වැටෙන්නෙ අපි card එකක add කරගත්තට පස්සෙ හොදේ.

දැන් අපේ වැඩේ 75% ක් ඉවරයි. දැන් බලයි කෝ ඉතිරි 25% කියල :p ඒකත් සම්පූර්ණ වෙන්නෙ අපි ගණුදෙනු කරන බැංකු card එක මේකට link කරගත්තම. මේකට HNB debit card එකක් හරි, Commercial debit card එකක් හරි ලේසියෙන්ම link කරල verify කරගන්න පුලුවන්. කලින් paypal use කරපු කෙනෙක් නම් ක්‍රමය දන්නවනෙ. එහෙනම් මේ ලිපිය නවත්තනව මං.

ඊළග ලිපියෙන්  card එකක් link කරල verify කරගන්න විදිය මේ වගේම screenshot එක්කම කියල දෙනවා හොදේ. මම කියල දෙන්නෙ Commercial debit card එකක් link කරල verify කරගන්න විදිය. HNB උනත් අවුලක් නැහැ. අනිත් බැංකු card එක්ක නම් මේ වැඩේ ටිකක් අමාරුයි. ඒ නිසා මේ දෙකෙන් එකක් වත් නැති අය කැමති බැංකුවකින් ගිණුමක් open කරන්න. Commercial bank එකේ නම් 1400/= ක් දීල එක දවසින් card එක ගන්න පුලුවන්. card එකට 400/=ක් ගන්නව හොදේ. ඒකයි 1400/= :p

එහෙනම් මම ගියා. ප්‍රශ්න තියනව නම් comment වලින් අහන්න. සැකයක් තියාගෙන ඉන්න එපා හොදේ...හේ හේ. අනිත් පෝස්ට් එකත් ලියපු ගමන් දැනගන්න like එකකුත් දාගෙනම යන්නකෝ. ජයවේවා!!


මූණුපොතෙන් ආපු අයගෙ අදහස්

Friday, October 18, 2013

Facebook password එක browser එකේ save උනොත් මොකද කරන්නෙ?



මේ වගේ වැඩක් කොයි වෙලාවෙ වෙයිද sure නැති නිසා facebook යන සේරම අය දැනගෙන ඉන්න එක හොදයිනෙ. ඔන්න තනියම computer එකක් පාවිච්චි කරන කෙනෙක් නම් මේ ගැටලුව නැහැ. හැබැයි ඉතිං fb hacking ගැන මේ දවස් වල අහන්න දකින්න ලැබෙන විස්තරත් එක්ක password එක cafe එකකදි එහෙම save උනොත් දෙයියන්ගෙම පිහිටයි නෙ. හදිස්සියෙ හරි වෙන කෙනෙක් අතට ගියොත් මොනව වෙයිද දන්නෙ නැහැ. මේක ඉතිං Facebook එකට විතරක් නෙවෙයි. අපි රෙජිස්ටර් වෙලා ඉන්න හැම සයිට් එකකටම අදාලයි නෙ. ගොඩ  දෙනෙක් sure එකටම fbයනව එනවනෙ දවස ගානෙ, අන්න ඒ නිසා මේක දැනගෙන ඉන්න එක ගොඩක් වැදගත්. චූටි නංගියෙක්ගෙ password එකක් එහෙම save උනොත් සේරම පැටිකිරිය අයියට අතේ මාට්ටු නෙ හේ හේ..

      මේ ප්‍රශ්නෙ මතුවෙන්නෙ මං වගේ firefox ලෝලියො ඉන්නව නම්. google chrome එකේ නම් කතන්දර ඕන නැහැ, autofilldata, cache, cookies, ටිකත් එක්ක history clear කරා නම් ලේසියෙන්ම save උන විස්තර අයින් වෙනව. හැබැයි දන්නවනෙ firefoxවල ඔය ටික clear කරාට save උන password අයින් වෙන්නෙ නැහැ. එතකොට මොකද කරන්නෙ? අපොයි දැන් ඉතිං මේ ටික අයින් කරගන්න autofilldata, cache, cookies, history ඔක්කොම clear කරනව හරියන්නෙ නැහැ. වැඩකාරයෙක් නම් රෙජිස්ට්‍රියත් clear කරනව ඒත් නැහැ. ගෙදර computer එක නම් ඔන්න uninstall කරල ආයෙත් install කරනව. (මේකෙනුත් හරියනවද දන්නෙ නැහැ, මම කරල නැහැ) එළම සීන් එක වෙන්නෙ cafe එකකදි  save උනොත්, අන්තිමට අර අහිංසක cafe කාරයගෙ firefox තියන ෆෝල්ඩරෙම delete කරල දාල එනව :p (admin access කිබුනොත් තමා ඈ)


password එකක් අපේ  browser එකේ save වෙන විදිය දන්නවනෙ, මෙන්න මෙතනින් remember password ක්ලික් උනොත් තමා ලෙඩේ වැටෙන්නෙ.


මේ වගේ ලෙඩේ වැටුන නම් මෙන්න විසදුම. firefox වල save උන ඕනම password අයින් කරගන්නෙ මෙහෙමයි.

01. ඔන්න password එක save වෙලා තියනව.
 


02. දැන් මේ විදියට tools >> options යන්න.


03. දැන් open වෙන එකෙන් security >> saved passswords යන්න.

04. ඊට පස්සෙ  open වෙන එක දැකල බයවෙන්න එහෙම එපා :p මෙච්චර කාලෙකට save උන password ලොට් එකක් එයි. සමහරිවිට දැන් save උන එක විතරක් වෙන්න ඇති.

05. මගේ වගේ ලොට් එකක්ම ආවොත් www.facebook.com හොයාගෙන ඒක ක්ලික් කරන්න. ඊටපස්සෙ remove දෙන්න.


 07. ඔන්න වැඩේ ඉවරයි. save උන password එක දැන් අයින් වෙලා.

08. ඉවර උනාට කමක් නෑ, save උන password ලොට් එකක් ආපු අය මේකත් බලන්න. දැන් ක්ලික් කරන්න show password.

අම්මේ....සැපයි නේද? කොහොමද කව්රුහරි නොදන්න කෙනෙක් අතට මේ ටික ගියොත් එහෙම? ඔන්න ඒව remove කරල දාගන්න එක ඔයාලට බාරයි. හදිස්සියකදි ප්‍රයෝජනයක් වෙන්න පුලුවන් නෙ, ctrl+ D ඔබල bookmark කරල තියාගත්තට පාඩු නෑ, මේ වගේ තව අම්බානෙක ලට්ට ලොට්ට අරන් එනව පුලුවන් හැම වෙලාවෙම. එහෙනම් මම ගියා. යන්න කලින් fb page එකට like එකක් දාගෙනම යන්න හොදේ. අලුත් ලට්ට ලොට්ටයක් ආපු ගමන් දැන ගන්න පුලුවන්. සුභ දවසක් යාලුවනේ!!
මූණුපොතෙන් ආපු අයගෙ අදහස්

Wednesday, October 16, 2013

fb photo comments දෙවෙනි ලොට් එක- 250+


මෙන්න මං ලග එකතු උන තවත් fb photo comments ලොට් එකක් ඔයාලට. මෙතන 250කට වඩා තියනව. ගියසැරෙ වගේම මේ ටිකත් මූණූ පොතෙන්ම ගත්තු ඒව. එකක් දෙකක් මම හදපුව. අනිත් ඈයො වගෙ අනුන්ගෙ ඒව අරන් මගේ නම උඩින් ගහල බෙදුවෙ නෑ ඕන්....:D ඒව තිබුන විදියටම එකම තැනකින් ගන්න පුලුවන් විදියට upload කලා. මෙතන තිබුන සමහර ඒව wallpaper එකට දාන්න පුලුවන් තරම් පත size :p ඔන්න කලින් වගේම ඒ ටිකත් resize කලා. කලින් සැරෙ මම දීපු  fb photo comments 500 ලොට් එක ගත්ත අය දන්නවනෙ. එක වගේ ඒව දෙකක් නැති තරමට තෝරල තෝරල දුන්නෙ. මේ සැරෙත් ඒ විදියෙම හෙන ගේමක් දීල ගිය සැරෙ දීපු නැති 250කට වඩා සෙට් කරල තියෙන්නෙ. කවුරු උනත් බාගත්ත කියල පැඩුවක් නෑ 2.65MB වගේ පොඩි ෆයිල් එකක් තියෙන්නෙ ;)


කලින් දීපු 500+ ගන්න බැරි උන අයට මෙන්න,  fb photo comments 500+ මෙතනින් ගිහින් ඒකත් ගන්න. මේ 500+ම 5MB ක් විතර තියෙන්නෙ. අරන් තියාගත්ත කියල පාඩුවක් නෑනෙ. :D


සැ.යු.
උඩ බට්න් එක ක්ලික් කිරීමෙන් පසු ත්තපර 5කින් "skip ad" ඔබන්න. ඉන්පසු download කරගැනීමට mediafire ලින්කුව ලැබනෙව.
   
එහෙනම් මම යනවෝ...මේ වගේම තවත් ලට්ට ලොට්ට අරගන්න දිගටම ඉන්න අපේ page එකට like කරගෙනම යන්න හොදේ.


මූණුපොතෙන් ආපු අයගෙ අදහස්

Tuesday, October 15, 2013

Twitter followers ලේසියෙන්ම වැඩිකරගමුද?

  
Twitter
 ඔන්න දැන් මම කියන්න යන්නෙ  twitter account එකක් තියන යාලුවන්ට එළකිරි වැඩක්.  twitter ගැන අහල නැති කෙනෙක් නම් නැතුව ඇති. ඒ වගේම twitter account එකක් තියන ඈයො දන්නවනෙ twitter follower කෙනෙක්ගෙ තියන වටිනාකම. අපිට මුන්ව බලෙන් ගන්න බෑනෙ, අපෙ tweets දැකල අපිව follow කරන අය එකතුවෙන්න ගොඩක් කල් බලන් ඉන්න වෙනව. අනික ඉතිං ඔතන ඉන්න සුද්දන්ගෙන් වැඩිදෙනා අපිව follow කරන්නෙත් නෑනෙ :p අන්න ඒකට නියම විසදුමක් මේ ක්‍රමය. ගොඩක් අය මේක ගැන දන්නවත් ඇති. නොදන්න අය දැන්ම බලන්න ඇති තරම් followers වැඩිකරගන්න.
          
      මෙන්න ඒකට එළකිරි විසදුමක්. ඔයාලගෙ twitter account එකට sign in වෙලා පහළ තියන සයිට්ස් හරහා නැවත sign in වෙන්න. මේව traffic exchange sites, මේ ගැන අමුතුවෙන් කියන්න ඕන නෑනෙ. අපි වගේම followers ල හොයන ලක්ෂ ගණන් කට්ටිය මෙතන ඉන්නව, අපිටත් එතන කිහිප දෙනෙක්ව follow කරන්න වෙනව, ඒ වෙනුවෙන් අපිව follow කරන සෙට් එකක් ලැබෙනව. මේ සයිට් අනුව එක් වරකදි 10-50ක් පමණ followers ල හොයන්න පුලුවන්. මේ ගැන බය වෙලා කෙනෙක් හිතයි මට අනිත් අයව follow කරල followers හොයන එක ලේසි කියල :D එහෙනම් ඉතිං ඒක කරලම බලන්න. scam කියල බ්ලොක් උන දාට තේරෙයි. හේ හේ....මටත් ඒ වැඩේ උනා. මෙතනදි නම් එහෙම අවුලක් වෙන්නෙම නෑ. බය නැතුව followers ල වැඩිකරගන්න පුලුවන් ;)

දැන් එහෙනම් වැඩේ පටන් ගමු. මෙන්න සයිට් ලිස්ට් එක. එකින් එක ගිහින් sign in වෙන්න.
මුලින්ම ඔය ලින්කුවක් ක්ලික් කරල තත්පර 5කින් "skip ad" ක්ලික් කරා නම් අදාල වෙබ් පේජය ලැබෙනවා. වැඩි හොදට screen shot ටිකකුත් දැම්මා ඒවත් බලන්නකො.

01. මුලින්ම මෙතන ක්ලික් කරන්න.
twitter1

02. දැන් sign in වෙන්න.
twitter2

 03.දැන් මෙන්න මේ වගේ එකක් එනවා.
twitter3
දැක්ක ගමන් ඔබල දාන්නැතුව ඒකත් ටිකක් කියවල බලන්නකො. මේ ඇප්ලිකේෂන් එකට කරන්න අවසර තියන දේ සහ නැති දේ දාල තියනවා. මේවට අකමැති නම් sign in වෙලා පස්සෙ මට බනින්න එපා ඕන්..

 04. මෙතනට පස්සෙ ටික වෙලාවකින් මේ විදියට වැටෙනකම් close නොකර තියන්න.
twitter4
 දැන් වැඩේ හරි, ටික වෙලාවකින් බලන්න ඔයාලගෙ followers ගාණ වැඩිවෙලා තියෙයි.


 සැ.යු. හරි ඔන්න දැන් මේක කියවපු ගමන් ගිහින් ඔක්කොම pages ටිකේ එකපාර sign in වෙන්න හදල මේව වැඩ කරන්නෙ නෑ කියල කෑ ගහන්න එපා හොදේ :D සේරම ටික check කරලයි දැම්මෙ. ගොඩකට sign in වෙද්දි error එකක් එනව නම් පැයක් දෙකක් ඉදල ආයෙත් කරන්න එතකොට හරි. එහෙනම් ඉතිං twitter followers නැතුව වේලුන කාලෙ ඉවරයි. මේ ක්‍රමය නොදන්න තවත් අයට දැනගන්න share කරගෙනම යන්නකො ආහ්. මම යනවා, කට්ටයටම සුභ පැතුම් ඇති තරම්  twitter followers වැඩිකරගන්න.... ;)


මූණුපොතෙන් ආපු අයගෙ අදහස්

Sunday, October 13, 2013

ලංකාවෙ අපිට Ebay ගණුදෙනු කරන්න paypal එකක්



මුලින්ම paypal ගැන නොදන්න අයට මේ ගැන පොඩි අදහසක් දෙන්නම්. කෙටියෙන්ම නම් මේක අන්තර්ජාලයෙ හදාගන්න බැංකු ගිණුමක්. ඒ වගේම අපි අන්තර්ජාලය හා ගණුදෙනු කරන වෙලාවට උදව් වෙන අතරමැදියෙක්. මූල්‍යමය ගණුදෙනු නිසා paypal වල නීති ටිකක් තදයි. මහ ලොකු දේවල් නොවුනට අපි නිතර කරන වැරදි මෙතනදි කරන්න හොද නැහැ.
  • අසත්‍ය තොරතුරු දීල  paypal account සෑදීම
  • paypal account එකකට වඩා භාවිතය
  • එකම පරිඝණකයකින්  paypal account ගොඩකට ලොග් වීම. (cafe වලින් ලොග් වෙන්න එපා)
මේව පොඩි දේවල් උනත් මතක් කරල දුන්නෙ නිකං ටොපි කන්න වෙයි කියල. මොකද මේ වගේ දේවල් ගැන සැලකිල්ලක් දක්වන්නෙ නැතුව නොයෙකුත් විදියට paypal ගැන කියන අය ඕන තරම් ඉන්නව. මම මේ ගැන ගොඩක්ම දැනගත්තෙ iplus එකෙන්. අවාසනාවකට දැන් ඒ සයිට් එක වැඩ කරන්නෙ නැහැ. ඒ නිසාමයි මේ දේවල් කියන්න හිතුවෙත්. 

 paypal සහ ලංකාවෙ අපි

paypal වල කාණ්ඩ 03ක් ගැන මම කලිනුත් කිව්ව මතක ඇති. ඒ තමයි,
01. send only - මේ account එකෙන් මුදල් ගෙවන්න විතරයි පුලුවන්
02. send and receive - මේ account එකෙන් මුදල් ගෙවන්න සහ paypal එකට මුදල් ගෙන්නගන්න පුලුවන්
03. send receive and withdraw - මුදල් ගෙවන්න, ගෙන්නගන්න සහ මුදල් අපේ බැංකු ගිණුමට ගන්න පුලුවන්

මෙන්න මේ කාණ්ඩ තමන්ගෙ රට අනුව වෙනස් වෙනවා. ලංකාවෙ අපිට හිමි  send only කාණ්ඩය. මට අහන්න ලැබුන විදියට අපේ රටේ සිදුවුන වංචනික ක්‍රියා නිසයි මේ තත්වෙ උදාවෙල තියෙන්නෙ. සත්‍යතාව නම් දන්නෙ නැත. මේ නිසා අපිට පුලුවන් මෙම කාණ්ඩයෙ paypal ගිණුමක් යොදාගෙන online shopping කරන්න පමණයි. E-bay ගණුදෙනු කරන්න අවශ්‍යය අය තෝරගත යුත්තෙ මේ ක්‍රමය. ඒකට හේතුව පහතින් විස්තර කරන්නම්.

දැන් බලමු උඩින්ම කියපු වැරදි දේවල් අපිට අදාල වෙන්නෙ කොහොමද කියල.

  • අසත්‍ය තොරතුරු දීල  paypal account සෑදීම
සමහර අය කැමති නෑ කිසිම වෙලාවක තමන්ගෙ සත්‍ය තොරතුරු වලින් අන්තර්ජාලයත් එක්ක ගණුදෙනු කරන්න. එහෙම උනත් මේ වැඩේට අසත්‍ය තොරතුරු යොදාගන්න එක නුවණට හුරු නෑ.මොකද paypal වලට බොරු කරනව කියල සැකයක් ආවොත් අපේ account එක limit කරනව. ගොඩක්ම මේක වෙන්නෙ අපි විදේශයක විදියට paypal හදන්න ගියාම. ලංකාව send only නිසා කට්ටය මැලෙසියන් විදියට paypal හදනව send receive and withdraw කරන්න කියල. ඊට පස්සෙ අමාරුවෙන් හොයාගත්ත සල්ලි ටිකත් withdraw කරගෙන එහෙම E-bay shopping කරන්න යනවා. එතකොට ඉතිං දෙයියන්ගෙම පිහිටයි.
මතකනෙ මම කිව්ව E-bay සහ paypal සහොදරයො වගේ. අන්න ඒ නිසා හොරාට හදපු paypal මගින් E-bay ගණුදෙනු කරන්න එපා අහුවෙනවා. එහෙම අහුවෙලා limit උන account එකක් ආය ගොඩදාගන්න අපේ අනන්‍යතාව ඔප්පු කරන්න ඕන. මේක කරන්න බැරි උනොත් අපි withdraw කරපු සල්ලි ටික අමතක කරන්න තමා තියෙන්නෙ. විදේශයක විදියට නම් අපි ඒ රටේ කියල ඔප්පු කරන්නෙ කොහොමද? බයවෙන්න එපා මේකට විසදුමක් තියනව. ඒ ගැන වෙනම විස්තර කරන්නම්. නමුත් මේක කරදරයි, සුද්දා අපිව විශ්වාස කරයි කියල 100% ක් හිතන්න බෑනේ. අන්න ඒ නිසා E-bay ගණුදෙනුවක් කරන්න නීත්‍යානුකූල විදියෙ paypal එකක් හදමු.

  • paypal account එකකට වඩා භාවිතය සහ එකම පරිඝණකයකින් ලොග් වීම
සමහරක් ආසම වැඩේ මේක. facebook, gamil, twitter අරව මේව තියෙන සේරගෙම  account ලොඩක් හදනවා. ඒ විදියට paypalවල කරන්න යන්න එපා ඔන්න. අපි මොනවමහරි account එකකට පරිඝණකය හරහා ලොග් උනාට පස්සෙ browser එකෙ history, cache clear කරපු පමණින් කලින් විස්තර අයින් නොවෙන්න පුලුවන්. අන්න ඒ නිසා නිතරම එකම පරිඝණකයෙන් paypal account කිහිපයකට ලොග් වෙන්න හොද නැහැ. ඒකෙන් වෙන්නෙ අපි විසින් අපේ account limit කරගැනීමක් වෙන්න පුලුවන්. වැරදීමකින් හරි limit වෙන account එක  send only උනොත් අවුලක් නැහැ. තව එකක් හදාගන්න හරි පුලුවන්. නමුත් අපේ සල්ලි withdraw කරපු account එකක් නම් අපරාදයක් නේද.

ලංකාවෙ අපිට E-bay ගණුදෙනු කරන්න  paypal එකක්

දැන් තමා මාතෘකාවට ආවෙ. paypal ගැන මේ ටික කිව්වෙ තවමත් හරියට නොදැන කව්රු හරි කෙනෙක් තමන්ගෙ මුදල් නිකරුනෙ නාස්ති කරගනිවී කියල. E-bay ගණුදෙනු කරන්න ඉවසිල්ලක් නැතුව ඉන්න සෙට් එක මේ විදියට හදාගන්න කිසිම අවුලක් නැහැ එතකොට.

  •  මුලින්ම Paypal වලට යන්න. ඊටපස්සෙ පිංතූරෙ විදියට sign up ක්ලික් කරන්න. (පිංතූර පැහැදිලි නැත්නම් ඒව උඩ ක්ලික් කරල බලන්න)


  • මෙතන ඔයාලගෙ ඇත්තම විස්තර දෙන්න. 1න් පෙන්නපු ටික් එක අයින් කරල කොළ පාටින් පෙන්නපු කොටුව ක්ලික් කරන්න
  • දැන් මේ capcha එක type කරල continue කරන්න.
  •  ඊටපස්සෙ දැනට card add නොකර my account ක්ලික් කරල මුලට එන්න.
  • ඊටපස්සෙ ඔයාලගෙ e-mail/ password දීල ලොග් වෙන්න. e-mail එක confirm කරන්න කියයි. mail check කරල paypal වලින් ආපු එකේ තියන අදාල ලින්ක් එක ක්ලික් කරල ඒකත් කරන්න.
  • දැන් මේ විදියෙ unverified paypal එකක් හැදිල තියෙයි. 
  • දැන් වැඩේ ඉවරයි. ඔයාලත් නීත්‍යානුකූල paypal හිමිනරුවෙක් :D
ඉවරයි කිව්වට තාම මේක ගණුදෙනු කරන්න බැහැ. මේ සදහ අපේ බැංකුවකින් card එකක් add කරන්න එපැයි. ඒ ටික හරියට කියවන්න කලින් දාපු බය නැතුව E-bay ගණුදෙනු කරමුද? බලන්න. ඊටපස්සෙ ඔයාලටත් සාර්ථක E-bay ගණුදෙනුවක අත්දැකීමක් ගන්න පුලුවන්. එහෙනම් මම ගියා. ප්‍රශ්නයක්  ආවොත් comments වලින් අහන්න, ඒ වගේම ප්‍රයෝජනවත් උන කෙනෙක් අදහසකුත් දකවලම යන්නකෝ. ජයවේවා!!


මූණුපොතෙන් ආපු අයගෙ අදහස්

col3best sinhala movies