Saturday, October 5, 2013

Derana Lux Film Awords' 13

ඔන්න අද උදේ පාන්දරම පසුගිය දවසක( සැප් 27 ) තිබුන සම්මාන උලෙලක් ගැන දාන්න හිතුවා. ලංකාවේ කලා ශිල්පීන්ට, ශිල්පිනියන්ට අපි හැමෝම ආදරෙ කරනවා, ඉතිං ඔවුන් වෙනුවෙන් තියන මේ වගේ සම්මාන උලෙලවල් නිසා ඔවුන් තවත් දිරිගැන්වෙනවා වගේම අගනා ශක්තියක් වෙනවා. දෙරණ නාළිකාව විසින් දෙවන වරට පැවත්වපු මෙවර සිනෙමා සම්මාන උලෙල කොළඹ මියුසියස් විද්‍යාලයෙදි අති උත්කර්ෂවත් ලෙස පැවැත්වුනා. මෙහිදි පිරිනැමුන සම්මාන කිහිපයක් සහ ඡායාරූප සෙට් එකක්ම දැම්ම බලන්නකො..

ජනප්‍රියතම සිනෙමා පටය : සුනිල් ආරියරත්න මහතාගේ "කුස පබා"


 ජනප්‍රියතම සිනෙමා නිළිය සහ නළුවා : කුස පබා චිත්‍රපටයේ රංගන දායකත්වය දැක්වූ "පූජා උමාශංකර්" සමග "රොෂාන් රණවන"


හොදම චිත්‍රපටය, හොදම අධක්ෂණය, හොදම තිර රචනය සදහා "ඉනි අවන්" චිත්‍රපටය වෙනුවෙන් අශෙකෙ හදගම මහතා සම්මාන ලැබුවා. 


ජීවිතයෙ එක්වරක් පමණක් ලැබෙන වටිනාම වූ පරම ජීවන සම්මානයෙන් පිදුම් ලැබුවේ ආචාර්යය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතායි. ඔහු වෙනුවෙන් එතුමන්ගෙ බිරිද සම්මානය ලබාගන්නා අයුරු


ඒ වගේම තවත් විශෙෂාංග රුසකින් මේ සම්මාන රාත්‍රිය වර්ණවත් උනා.











මේ වගේම තවත් බොහො දෙනා මෙදින සම්මාන වලින් පිදුම් ලැබුවා.

  • හොඳම නළුවා – දර්ශන් ධර්මරාජ් ( ඉනි අවන් වෙනුවෙන් )
  • හොඳම නිලිය – නිරංජලී ශංමුගරාජා ( ඉනි අවන් වෙනුවෙන් )
  • හොඳම සහය නළුවා – රාජා ගනේෂන් ( ඉනි අවන් වෙනුවෙන් )
  • හොඳම සහය නිළිය – වීණා ජයෙකාඩි ( කුස පබා )
  • ජූරියේ විශේෂ සම්මාන ( හෙට දවසේ සිනමාව ) – චන්න දේශප්‍රිය ( කැමරාකරණය )
  • ජූරීයේ විශේෂ සම්මානය – විමුක්ති ජයසුන්දර ( Between Two Worlds )
  • හොඳම චිත්‍රපටය ( හෙට දිනයේ සිනමාව )- සමනළ සංධ්වනිය ( ජයන්ත චන්ද්‍රසිරි )
  • හොඳම අධ්‍යක්ෂණය ( හෙට දිනයේ සිනමාව ) – උදය ධර්මවර්ධන ( මයිල්ස් ඔෆ් අ ඩීම් වෙනුවෙන් )
  • හොඳම කෙටි චිත්‍රපටය ( හෙට දිනයේ සිනමාව ) – ඉලම් හුසෙයින් ( චාවොස් කෙටි චිත්‍රපටය )
  • ජූරියේ විශේෂ සම්මාන – මතු බලාපොරොත්තු තැබිය හැකි අධ්‍යක්ෂණය – ඉසුරු වීරසිංහමුදලි (කලර් වෙනුවෙන් )
  • හොඳම නළුවා ( ප්‍රතිවීර අංශය ) – බුද්ධික ජයරත්න ( සෙනසුරු මාරුව වෙනුවෙන් )
  • හොඳම සටන් අධ්‍යක්ෂණය – ටෙඩී විද්‍යාලංකාර ( සෙනසුරු මාරුව වෙනුවෙන් )
  • හොඳම ළමා නළු – කේ එම් පවිත්‍ර ( මාතා වෙනුවෙන් )
  • හොඳම පසුබිම් සංගීතය – රෝහන වීරසිංහ ( කුස පබා වෙනුවෙන් )
  • හොඳම සංගීත සංරචනය – රෝහොන වීරසිංහ ( කුස පබා වෙනුවෙන් )
  • හොඳම ගීත ගායනය (පිරිමි) – කසුන් කල්හාර ( මධුචන්ද්‍රයාමේ – කුස පබා වෙනුවෙන් )
  • හොඳම ගීත ගායනය – නිරෝෂා විරාජිනී ( ප්‍රේමයේ මන්දිරය – කුස පබා වෙනුවෙන් )
  • හොඳම සිනමා සංගීත රූප රචනය – මධුර වසන්තේ ( කුස පබා වෙනුවෙන් )
  • හොඳම පද රචනය – සුනිල් විමලවීර ( සෙනසුරු මාරුව වෙනුවෙන් )
  • හොඳම කැමරාකරණය – මිල්ටන් කෑම්, ඩොනල්ඩ් කරුණරත්න සහ කේත ඒ ධර්මසේන ( මාතා වෙනුවෙන් )
  • හොඳම සංස්කරණය – ස්ටීවන් ප්ලිප්සන් ( මාතා වෙනුවෙන් )
  • හොඳම දෘශ්‍ය ප්‍රයෝග – බූඩ් කීර්තිසේන ( මාතා වෙනුවෙන් )
  • හොඳම ශබ්ද පරිපාලනය – ලයනල් ගුණරත්න සහ සජිත රුවන් ( කර්ම වෙනුවෙන් )
  • හොඳම රංග වින්‍යාසය – චන්දන වික්‍රමසිංහ ( කුස පබා වෙනුවෙන් )
  • හොඳම කලා අධ්‍යක්ෂණය – හීනටිගල ප්‍රේමදාස ( කුස පබා වෙනුවෙන් )
  • හොඳම වේෂ නිරූපණය – වසන්ත විට්ටච්චි සහ උපුල් මහානාම (මාතා වෙනුවෙන්)
  • හොඳම ඇදුම් නිර්මාණය – වෙනුක වික්‍රමාරච්චි (කුස පබා වෙනුවෙන්)

සේරම ඡායාරූප බලන්න යන්න.
derana.lk
cinema.lk


    Thursday, October 3, 2013

    SLT Internet configuration support - part 1


    ඔන්න SLT Internet පාවිච්චි කරන අයට සහ අලුතෙන්  ගන්න බලන් ඉන්න අයට උදව් වෙන විදියෙ පෝස්ට් ටිකක් දාන්න හිතුවා. පෝස්ට් දෙක තුනකින් වගේ සේරම කරුණු ටික කියන්න පුලුවන් වෙයි කියල හිතනවා. මෙතනදි,
    • අලුතෙන්ම SLT Internet ගන්න අයට මූලික සකස් කිරීම්,
    • router/modem එකක settings සැකසීම,
    • පරිගණකයෙ dial-up එකක් සෑදීම,
    • errors fix කරගැනීම,
    • wifi ආරක්ෂාකාරීව භාවිතකිරීම.
    වගේ විස්තර ටිකක් කියල දෙන්නයි හදන්නෙ. ඕන කෙනෙක්ට තේරෙන්න පුලුවන් තරම් සරලව මේ ටික කියන්නම්ග ගැටලු ආවොතින් අහන්න හොදේ :D

    අලුතෙන්ම SLT Internet ගන්න අයට මූලික සකස් කිරීම්

    හරි මුලින්ම බලමු අලුතෙන්ම router/modem එකක් අරන් එන කෙනෙක් කොහොමද ඒක නිවැරදිව සම්බන්ධ කරගන්නෙ කියල.
    අවශ්‍ය දේවල්:
    •  router/modem එක


    •  splitter එකක්


    • rj 11 cable 2ක් (රොසට් කෝර්ඩ්)


    •  cat cable 1ක් (ප්‍රමාණවත් දිගක් ඇති)



    මේ ටික තමා අලුතින්ම SLT Internet ගන්න කෙනෙක්ට ඕන වෙන්නෙ. computer parts, electronic බඩු විකුණන කඩේකින් ලේසියෙන්ම මේව හොයාගන්න පුලුවන්. නැත්නම් ඔයාල SLT zte router එකක් ගන්නවනම් මේ ටිකත් ලැබෙනවා.
           හරි පටන් ගමු. මේ වෙනකොට ඔයාලට දුරකතන සම්බන්ධතාවයක් සහ ලබාගත්ත  Internet connection එක active වෙලා තියෙන්න ඕන. ඒක දැනගන්න ප්‍රාදේශිය ටෙලිකොම් ශාඛාවට call එකක් දීල අහන්න. දැන් කරන්න තියෙන්නෙ මේ කෑලි ටික පිළිවෙලකට සම්බන්ධ කරගන්න එක.මේ පියවර ටික කරගන්න වැඩේ ගොඩ.

    1. ප්‍රධාන  සම්බන්ධතාව, ඒ කියන්නෙ දැනට telephone එක ළගට යන සම්බන්ධතාව ගලවල splitter එකේ  line කියන තැනට සම්බන්ධ කරන්න.
    2. ඊළගට අපි ගලවපු  සම්බන්ධතාව, ඒ කියන්නෙ ගෙදර telephone එක ළගට යන සම්බන්ධතාව splitter එකේ phone කියන තැනට සම්බන්ධ කරන්න.
    3. ඊට පස්සෙ splitter එකේ adsl /modem කියන තැන ඉදල  router/modem එකේ WAN කියන තැනට සම්බන්ධ කරගන්න. (splitter එකට සම්බන්ධ කරීම් වලට rj 11 cable 2 ගන්න)
    4. අන්තිමට  router එකේ LAN port ඉදල cat cable 1ක් computer network port එකට සම්බන්ධ කරගන්න.
    මේ ටික තමා ප්‍රධාන වශයෙන් කරගන්න ඕන. පහළ පිංතූරයත් බලන්නකො තවව ටිකක් පැහැදිලි වෙයි.
    වැදගත් කරුණු :
    • මේ විදියට ලේසියෙන්ම සම්බන්ධ කරන්න නම් දුරකතනය, පරිගණකය ටිකක් ළගින් තියෙන්න වෙනවා. එහෙම නැත්නම් මොකද කරන්නෙ?
    1 ක්‍රමය  
      අවශ්‍ය තැන දක්වා දිග මැනගෙන ගිහින්  rj 11 cable එකක් ගෙනත් splitter එක හා router එක සම්බන්ධ කිරීම. 

    2 ක්‍රමය   
     අවශ්‍ය දිගට සුදුසු cat cable 1ක් මගින් router එක හා computer එක සම්බන්ධ කිරීම.


    3 ක්‍රමය  
    අමතර wire භාවිතා කරල main Rosette එකේ ඉදල නව සම්බන්ධතාවක් computer එක ළගට ගන්න ඕන.
    එතකොට  router එක computer එක ළගින් තියන නිසා සාමාන්‍ය rj 11 cable එකක්, cat cable එකක් භාවිත කරන්න පුලුවන්. ඒත් අපි ගත්ත අමතර wire එක කෙළවරට rosette box එකක් සවි කරගන්න වෙනවා නැත්නම් මේ  rj 11 cable සම්බන්ධ කරගන්න බෑනෙ. ඒ නිසා rosette box එකකුත් දාගමුකො. rosette box ඒකෙ උඩ පියන ගැලෙව්වම මේ වගේ පේනවා.


            දැන් වැඩේ upset වගේද :p අපි ගත්ත wire එකේ කම්බි 2යි, මේකේ 4යි. බයවෙන්න එපා.මෙහෙමයි වැඩේ කරන්නෙ, rosette box එකකට එකක් වෙනස් වෙනවා. මේ වගේ එකක් නම් බොහො විට රතු සහ කොළ පාට තියන තැනට wire එකේ කම්බි 2 සම්බන්ධ කරගත්තා නම් හරි. main Rosette එකට සම්බන්ධ කරනකොටත් මේ විදියටම කරන්න. හරියට සම්බන්ධ උනාද කියල දැනගන්න telephone එක සම්බන්ධ කරල dial tone එනවද බැලුව නම් හරි. 
             ඔයාල තෝරගත්තෙ 3වෙනි ක්‍රමය නම් splitter එක තියෙන්න ඕන main Rosette එකට හා  telephone එකට සම්බන්ධ වෙලා. එතකොට modem/adsl කියන පැත්ත හිස් වෙලා තියෙන්න ඕන. කැමති විදියක් තෝරගෙන කරන්න මට නම් හිතෙන්නෙ 1 හා 2 කරන එක ටිකක් ලේසි වෙයි. මතක තියාගන්න මේ දේවල් කරනකොට සාමාන්‍යයෙන් 15m - 25m වලට වැඩි දිගක් යොදාගන්න එපා. ඒක ඔයාලගෙ connection එකට ප්‍රශ්නයක් වෙන්න පුලුවන්.
    • අනිත් වැදගත්ම කරුණ තමා, මං මේ විස්තර කරේ ගෙදර එක දුරකතනයක් විතරක් තියාගන්න විදිය. අපි හිතමුකො එකට වඩා තිබුන කියල. එතකොට ඒව සම්බන්ධ කරගන්නෙ මෙහෙමයි. 
    1 ක්‍රමය
    අපි දාපු splitter එකට පස්සෙ අවශ්‍ය ගානට බෙදල දෙන්න පුලුවන්. පිංතූරෙ බැලවම පැහැදිලි වෙයි.
    අවශ්‍ය තාවය අනුව 2ට 3ට 4... බෙදන්න පුලුවන් rosette ගන්න පුලුවන්. එහෙමයි කියලල අසීමිතව පාවිච්චි කරන්න යන්නත් එපා නැති ලෙඩ ඇතිවෙයි :p 

    2 ක්‍රමය
    දෙවෙනි විදිය ලේසි වගේම ටිකක් වියදම් වැඩක්. අපි යොදන හැම telephone එකක් ළගටම splitter එක බැගින් සම්බන්ධ කරන්න ඕන. අවශ්‍යතාවය මත telephoneදෙකක් පමණක් යොදා ගන්නව නම් හොදයි කියල මට හිතෙන්නෙ.

    • අනිත් දේ තමා අපේ splitter එක වැදගත් වෙන්නෙ telephone එකක් ළගට විතරයි. router connection එකට splitter එක ඕන වෙන්නෙ නැහැ. අපේ connection එක දෙකට බෙදාගන්න සහ දුරකතනය නිසි ලෙස ක්‍රියා කරන්න තමා splitter එක ඕන වෙන්නෙ.
    • දැන් නම් අපේ වැඩේ ගොඩක් දුරට ඉවරයි. අපි අමාරුවෙන් ගොඩ දාගත්ත වැඩේ සාර්ථකද කියල බලමු.
           උඩින් කතා කරපු මොන විදියකින් හරි දැන් සේරම ටික සෙට් කරගත්තා නම්, අපේ router එක ON කරල ටික වෙලාවක් තිබුනම DSL/ adsl කියන කොළ පාට bulb එකක් පත්තු වෙලාම තියෙන්න පටන් ගන්නවා. zte, prolink, tp- link වගේ ඒවගේ. belkin එකක් නම් කොළ හෝ තැබිලි පාට වෙයි.  router වර්ග සහ එක එක මාදිලි ගොඩක් තියනවනෙ ඉතිං ඒව එකකට එකක් වෙනස්. සාමාන්‍යයෙන් DSL/adsl කොළ පාට වීම තමා දකින්න තියෙන්නෙ.
            ඒ විදියට වෙන්නෙ නැත්නම් telephone එක අරන් ඇවිත් ගහල බලන්න router එකට සම්බන්ධ කරපු rj 11 cable එකට. dial tone එක එනව නම් අපේ වරදක් වෙලා නෑ. එන්නෙ නැත්නම් මුල ඉදන් check කරගන්න කොහෙහරි වැරද්දක් වෙලා තියනවා. හිතුවටත් වඩා ටිකක් දිග උන නිසා ඉතිරි කතාව අනිත් පෝස්ට් එකත් එක්ක අරන් එන්නම්. ඊළග පෝස්ට් එකෙන් router settings හදන විදිය සහ දැන් ටිකකට කලින් කිව්ව  dial tone එක තිබිලත් connection එක නැත්නම් මොකද කරන්නෙ කියන ඒව ගැන කියන්නම්. එහෙනම් මම ගියා. ප්‍රශ්නයක් ආවොතින් comment එකක් දාගෙනම යන්නකෝ...ජය වේවා!!
     

    Wednesday, October 2, 2013

    Windows 7 Logon Screen එක වෙනස් කරමුද?

              Computer එකට වැඩකෑලි ටිකක් දාල ලස්සනට තියන් ඉන්න හැමෝම ආසයිනෙ. දැන් මම කියන්න යන්නෙ අපි කැමති පිංතූරෙකින් අපේ  Logon Screen එක ලස්සන කරගන්න පුලුවන් ලේසිම විදිය ගැන. Windows 7 තියන අයට මේක කරල බලන්න පුලුවන්.මුලින්ම පහළින් මේ software එක බාගන්නකෝ.
    සැ.යු. download කරගැනීමට skip add ක්ලික් කරන්න.


    ඕක extract කරගෙන open කරගන්න. ඊට පස්සෙ change logon screen ඔබල කැමති පිංතූරයක් තෝරල දෙන්න තියෙන්නෙ.


     දැන් test ඔබල තියන විදිය බලාගන්න පුලුවන්. නැත්නම් log off කරල බලන්න. මෙතනට පිංතූරයක් තෝරනකොට වැදගත් දෙයක් තියනවා.

    1.  තමන්ගෙ screen resolution එකට ගැළපෙන විදියෙ පිංතූරයක් තෝරගන්න. ( screen resolution නොදන්න කෙනෙක් නැහැ කියල හිතනවා, හොයාගන්න දන්නැති කෙනෙක් නම් අහන්න කියල දෙන්නම්)
    2. අනිත් වැදගත්ම දේ තමා size එක පොඩි image එකක් තෝරගන්න. නැත්නම් edit කරල  size එක අඩු කරන්න.(300KB වගේ)
    හරි එහෙමනම් දැන්ම ඔයාලගෙ logon screen එකත් මේ වගේ ලස්සන කරගන්න. මම ගිහින් එන්නම් තවත් පෝස්ට් එකකුත් එක්කම. ප්‍රශ්නයක් තිබුනොත් අහන්නකෝ.....ජයවේවා!!


    Tuesday, October 1, 2013

    Temple Run 2- cheat ඇතිවෙන්න දුවමු

    ඔන්න මේ වැඩ කෑල්ල android game ගහන කස්ටියට.. Temple Run 2 කියන්නෙ මොකද්ද කියල ඉතිං දන්නවනෙ ගොඩක් අය. දන්නැති අය මේ screen shot ටික බලලම ඉන්නකො. Google Play එකෙන් free ගන්න පුලුවන් මේක. ඕන අය මෙතනින් යන්න.





    මේ තියෙන්නෙ මම ගහපු High Score එක. මේ ගාන ගහන්න පුලුවන් උනෙ අම්බානෙක Gems තිබුන නිසා. වැඩකාරයෙක්ට නම් ඉතිං  මීටත් වඩා ලේමක් නැතුවම ගහන්න පුලුවන් ;)


    ආසයි නේ....මෙතනින් game cheat එක අරගන්නකෝ. මේකෙන් coins & gems 999,999,000 ක් ගන්න පුලුවන්.බලන්නකො screen shot එක. ඇති වෙනකන් දුවන්න තමා තියෙන්නෙ දැන් :D


    දැන් බලමු අපි අරගත්ත gamedata text file එක කොහොමද replace කරගන්නෙ කියල. PC එකට කනෙක්ට් කරල හරි  file explorer එකක් use කරල හරි මේක කරන්න පුලුවන්.
    • මුලින්ම Internal storage එකට යන්න
    • ඊට පස්සෙ android කියන එක open කරන්න
    • දැන් data folder එක open කරන්න
    • එතනින් com.imangi.templerun2 කියන folder එක open කරන්න
    • ඊළගට files open කරන්න
    • දැන් පෙනෙයි  gamedata text file එකක් තියනවා. මේක කොපියක් දාගන්න ආය ඕන නම් replace කරගන්න පුලුවන් නෙ. ඊට පස්සෙ ඒක delete කරල දාන්න.
    • දැන් download කරගත්ත gamedata text file එක මේ path එකට copy&paste කරගන්න.
    • ඊට පස්සෙ recent apps වලින් temple run 2 අයින් කරල ආයෙත් game එක open කරන්න
    දැන් පෙනෙයි අම්බානෙක coins& Gems තියනවා. හති ඇරල ඇති තරම් දුවන්නයි තියෙන්නෙ :D එහෙනම් මම ගියා. හොදට දුවපු සෙට් එක screenshot එකක්වත් දාන්න හොදේ. ජයවේවා!!

    SLT Internet මාසෙ අන්තිමට Limit වෙනවද?

     මම මේ පෝස්ට් එක ලියන්න ගත්තෙ දැන් දවස් ගානකට කලින්. නොහිතපු අවුලක් නිසා පෝස්ට් එක සම්පූර්ණ වෙනස් කරන්න උනා. හරි පෝස්ට් එකට එන්ටර් වෙන්නම්කෝ, කියවනකොට තේරෙයි මොකද්ද මේ කියපු අවුල කියල :D ඔයාල පාවිච්චි කරන්නෙත් SLT Internet ද? මාසෙ අන්තිම කිට්ටුවෙනකොට Limit slow වෙනවද? මෙන්න බලන්නකො මගේ කතාව. 25GB package එකක් තියෙන්නෙ මට. (පැහැදිලි නැත්තනම් රූපෙ උඩ ක්ලික් කරන්න)


                           කොහොමද වැඩේ හොදයි නේ :D 25GB package එකක් තියාගෙන 35GB පන්නල use කරනවා. 35GB package එක රු.2690ක් වෙනවනෙ, මගේ කතාව රු.1490 න් shape වෙනවා. මොකද්ද මේ රහස කියල දැනගන්න කැමති අය ඇතිනෙ මං කියන්නම්. මුලින්ම කියල ඉන්න ඕන මේ ක්‍රමය ට්‍රයි කරන්න පුලුවන් වෙන්නෙ Unlimited package එකක් තියනව නම් විතරයි හොදේ.
                                   කට්ටිය බයවෙන්න එපා මේක නීතිවිරෝධි වැඩක් කියල එහෙම :D අපි මේ සෙල්ලම දාන්න යන්නෙ අපේ IP address එකත් එක්ක. අපි internet පාවිච්චි කරන්න router/modem එක on කරන හැමවෙලාවකම එකිනෙකට වෙනස් IP address එකක් තමයි ලැබෙන්නෙ. අන්න ඒකට තමා මේ dynamic IP එකක් කියන්නෙ. ඔයාලගෙ usage meter එක බැලුවොත් පේනව එකම දවසක උනත් usage එක පෙන්නන්නෙ කොටස් විදියට. කොහොමද මේ කොටස් වෙන් වෙන්නෙ? හැදෙන එක IP address එකක් තමයි එක කොටසක් වෙන්නෙ. මේ කතාව හොදට තේරෙයි පහළ screenshot එක බලන්නකො.

            
                              මෙතන සැප්30 ට කොටස් 4ක් හැදිල තියනවා. ඒ කියන්නෙ මගෙ IP address 4ක් මාරු වෙලා තියනව දවසට. කොළපාට කොටුව බලන්නකො. 17:44:43ට end  වෙලා17:44:57ට ආයෙත් connect වෙලා. මේ වෙලා තියෙන්නෙ connection lost එකක්. නිතරම ඕව වෙන නිසා දන්නව ඇතිනෙ :p  දැන් කට්ටය බලයි මේ මොකාටද එන්නෙ කියල :p මේ විස්තර වැදගත් නෑ මේක කරන්න, ඒත් දැනගත්තා කියල වැඩිත් නෑනෙ.

                25GB package එකක් නම් 25600MB ඉවර උනාම  Limit වෙනවා. මේක කරන්න වෙන්නෙ ඒ 25600MB ඉවරවෙන්න කලින්. 25300MBක් විතර තියෙනකොට නම් වඩා හොදයි. ඒ වගේම හොදට මතක තියාගන්න මාසෙ අන්තිම දවස් වල විතරක් මේ වැඩේ කරන්න. හරි දැන් කරන විදිය බලමු. අපේ Limit එක ඉවරයි කියල SLT එකෙන් දැනගන්නෙ කොහොමද? කලින් නම් අපේ IP address එක වෙනස් වෙනකන් එයාලට දැනගන්න බැහැ. ඒ කියන්නෙ ඔයාලගෙ IP address එක මාරු වෙනකොට 25600MB ඉවරවෙලා නම් slow වෙනවා. එහෙනම් කරන්න තියෙන්නෙ IP address එක මාරුනොකර තියාගන්න. වැඩේ සරලයි. අදාළ MB ගණන ඉවරවෙන්න ළං උනාම router/modem එක UPS එකකට වගේ සම්බන්ධ කරල on එකේම තියාගෙන ඉන්නවා. connection lost එකක් නැත්නම් IP address එකමාරු වෙන්නෙ නෑ. එතකොට අසීමිතව download කරන්න පුලුවන්.

                                    හැබැයි පොඩි අවුලක් SLT එකෙන් මේ ක්‍රමය වෙනස් කරලද කියල සැකයක් තියනවා. මගෙ දැන් මාස 2ක් 25600MB ඉවරවුන ගමන් slow උනා. ඊට කලින් මාසෙ නම් ඒ අවුල උනෙ නෑ. දැන් බලයි  slow උනත් කොහොමද මෙච්චර  usage එකක් කියල :p මම සාමාන්‍යයෙන් download කරන්නෙ මාසෙ අන්තිමට. 25300MB දි විතර torrent සෙට් එකක් දානවා. slow වෙලා තිබුනත් 64KB වලට වැඩි speed එකකින් download වෙනවා. slow නොවි තිබුනොත් සාමාන්‍ය speed එකෙන්ම download වෙනවා.

                    මේක තමා මම කරන විදිය. ඔයාලත් try එකක් දීල බලන්න. දවස් ගානක් router/modem on එකේම තියාගෙන ඉන්න එකත් හොද නෑනෙ. ඒ නිසා මාසෙ අන්තිමට විතරක් කරල බලන්න. අනිත් එක slow උනාට පස්සෙ router/modem on එකේම තියාගන්න try කරන්නත් එපා. මාසෙ මුල ටික ඉවසල අන්තිම දවස් දෙකක් විතර අරන් බලන්නකෝ. හැබැයි පුතෝ  torrent download උනාට මොකද page එකක්වත් load නොවෙන ගානට slow වෙයි හොදේ... :p මටත් මේ පොස්ට් දාගන්න බැරි උන අවුල ඒක තමා. ඒත් පාඩුවක් නෑ හොදට ෆිල්ම් බැලුවා :D එහෙනම් මම ගියා..ජයවේවා!!

    col3best sinhala movies