Tuesday, October 1, 2013

Temple Run 2- cheat ඇතිවෙන්න දුවමු

ඔන්න මේ වැඩ කෑල්ල android game ගහන කස්ටියට.. Temple Run 2 කියන්නෙ මොකද්ද කියල ඉතිං දන්නවනෙ ගොඩක් අය. දන්නැති අය මේ screen shot ටික බලලම ඉන්නකො. Google Play එකෙන් free ගන්න පුලුවන් මේක. ඕන අය මෙතනින් යන්න.





මේ තියෙන්නෙ මම ගහපු High Score එක. මේ ගාන ගහන්න පුලුවන් උනෙ අම්බානෙක Gems තිබුන නිසා. වැඩකාරයෙක්ට නම් ඉතිං  මීටත් වඩා ලේමක් නැතුවම ගහන්න පුලුවන් ;)


ආසයි නේ....මෙතනින් game cheat එක අරගන්නකෝ. මේකෙන් coins & gems 999,999,000 ක් ගන්න පුලුවන්.බලන්නකො screen shot එක. ඇති වෙනකන් දුවන්න තමා තියෙන්නෙ දැන් :D


දැන් බලමු අපි අරගත්ත gamedata text file එක කොහොමද replace කරගන්නෙ කියල. PC එකට කනෙක්ට් කරල හරි  file explorer එකක් use කරල හරි මේක කරන්න පුලුවන්.
  • මුලින්ම Internal storage එකට යන්න
  • ඊට පස්සෙ android කියන එක open කරන්න
  • දැන් data folder එක open කරන්න
  • එතනින් com.imangi.templerun2 කියන folder එක open කරන්න
  • ඊළගට files open කරන්න
  • දැන් පෙනෙයි  gamedata text file එකක් තියනවා. මේක කොපියක් දාගන්න ආය ඕන නම් replace කරගන්න පුලුවන් නෙ. ඊට පස්සෙ ඒක delete කරල දාන්න.
  • දැන් download කරගත්ත gamedata text file එක මේ path එකට copy&paste කරගන්න.
  • ඊට පස්සෙ recent apps වලින් temple run 2 අයින් කරල ආයෙත් game එක open කරන්න
දැන් පෙනෙයි අම්බානෙක coins& Gems තියනවා. හති ඇරල ඇති තරම් දුවන්නයි තියෙන්නෙ :D එහෙනම් මම ගියා. හොදට දුවපු සෙට් එක screenshot එකක්වත් දාන්න හොදේ. ජයවේවා!!

0 comments:

Post a Comment

col3best sinhala movies