Thursday, October 3, 2013

SLT Internet configuration support - part 1


ඔන්න SLT Internet පාවිච්චි කරන අයට සහ අලුතෙන්  ගන්න බලන් ඉන්න අයට උදව් වෙන විදියෙ පෝස්ට් ටිකක් දාන්න හිතුවා. පෝස්ට් දෙක තුනකින් වගේ සේරම කරුණු ටික කියන්න පුලුවන් වෙයි කියල හිතනවා. මෙතනදි,
  • අලුතෙන්ම SLT Internet ගන්න අයට මූලික සකස් කිරීම්,
  • router/modem එකක settings සැකසීම,
  • පරිගණකයෙ dial-up එකක් සෑදීම,
  • errors fix කරගැනීම,
  • wifi ආරක්ෂාකාරීව භාවිතකිරීම.
වගේ විස්තර ටිකක් කියල දෙන්නයි හදන්නෙ. ඕන කෙනෙක්ට තේරෙන්න පුලුවන් තරම් සරලව මේ ටික කියන්නම්ග ගැටලු ආවොතින් අහන්න හොදේ :D

අලුතෙන්ම SLT Internet ගන්න අයට මූලික සකස් කිරීම්

හරි මුලින්ම බලමු අලුතෙන්ම router/modem එකක් අරන් එන කෙනෙක් කොහොමද ඒක නිවැරදිව සම්බන්ධ කරගන්නෙ කියල.
අවශ්‍ය දේවල්:
  •  router/modem එක


  •  splitter එකක්


  • rj 11 cable 2ක් (රොසට් කෝර්ඩ්)


  •  cat cable 1ක් (ප්‍රමාණවත් දිගක් ඇති)



මේ ටික තමා අලුතින්ම SLT Internet ගන්න කෙනෙක්ට ඕන වෙන්නෙ. computer parts, electronic බඩු විකුණන කඩේකින් ලේසියෙන්ම මේව හොයාගන්න පුලුවන්. නැත්නම් ඔයාල SLT zte router එකක් ගන්නවනම් මේ ටිකත් ලැබෙනවා.
       හරි පටන් ගමු. මේ වෙනකොට ඔයාලට දුරකතන සම්බන්ධතාවයක් සහ ලබාගත්ත  Internet connection එක active වෙලා තියෙන්න ඕන. ඒක දැනගන්න ප්‍රාදේශිය ටෙලිකොම් ශාඛාවට call එකක් දීල අහන්න. දැන් කරන්න තියෙන්නෙ මේ කෑලි ටික පිළිවෙලකට සම්බන්ධ කරගන්න එක.මේ පියවර ටික කරගන්න වැඩේ ගොඩ.

  1. ප්‍රධාන  සම්බන්ධතාව, ඒ කියන්නෙ දැනට telephone එක ළගට යන සම්බන්ධතාව ගලවල splitter එකේ  line කියන තැනට සම්බන්ධ කරන්න.
  2. ඊළගට අපි ගලවපු  සම්බන්ධතාව, ඒ කියන්නෙ ගෙදර telephone එක ළගට යන සම්බන්ධතාව splitter එකේ phone කියන තැනට සම්බන්ධ කරන්න.
  3. ඊට පස්සෙ splitter එකේ adsl /modem කියන තැන ඉදල  router/modem එකේ WAN කියන තැනට සම්බන්ධ කරගන්න. (splitter එකට සම්බන්ධ කරීම් වලට rj 11 cable 2 ගන්න)
  4. අන්තිමට  router එකේ LAN port ඉදල cat cable 1ක් computer network port එකට සම්බන්ධ කරගන්න.
මේ ටික තමා ප්‍රධාන වශයෙන් කරගන්න ඕන. පහළ පිංතූරයත් බලන්නකො තවව ටිකක් පැහැදිලි වෙයි.
වැදගත් කරුණු :
  • මේ විදියට ලේසියෙන්ම සම්බන්ධ කරන්න නම් දුරකතනය, පරිගණකය ටිකක් ළගින් තියෙන්න වෙනවා. එහෙම නැත්නම් මොකද කරන්නෙ?
1 ක්‍රමය  
  අවශ්‍ය තැන දක්වා දිග මැනගෙන ගිහින්  rj 11 cable එකක් ගෙනත් splitter එක හා router එක සම්බන්ධ කිරීම. 

2 ක්‍රමය   
 අවශ්‍ය දිගට සුදුසු cat cable 1ක් මගින් router එක හා computer එක සම්බන්ධ කිරීම.


3 ක්‍රමය  
අමතර wire භාවිතා කරල main Rosette එකේ ඉදල නව සම්බන්ධතාවක් computer එක ළගට ගන්න ඕන.
එතකොට  router එක computer එක ළගින් තියන නිසා සාමාන්‍ය rj 11 cable එකක්, cat cable එකක් භාවිත කරන්න පුලුවන්. ඒත් අපි ගත්ත අමතර wire එක කෙළවරට rosette box එකක් සවි කරගන්න වෙනවා නැත්නම් මේ  rj 11 cable සම්බන්ධ කරගන්න බෑනෙ. ඒ නිසා rosette box එකකුත් දාගමුකො. rosette box ඒකෙ උඩ පියන ගැලෙව්වම මේ වගේ පේනවා.


        දැන් වැඩේ upset වගේද :p අපි ගත්ත wire එකේ කම්බි 2යි, මේකේ 4යි. බයවෙන්න එපා.මෙහෙමයි වැඩේ කරන්නෙ, rosette box එකකට එකක් වෙනස් වෙනවා. මේ වගේ එකක් නම් බොහො විට රතු සහ කොළ පාට තියන තැනට wire එකේ කම්බි 2 සම්බන්ධ කරගත්තා නම් හරි. main Rosette එකට සම්බන්ධ කරනකොටත් මේ විදියටම කරන්න. හරියට සම්බන්ධ උනාද කියල දැනගන්න telephone එක සම්බන්ධ කරල dial tone එනවද බැලුව නම් හරි. 
         ඔයාල තෝරගත්තෙ 3වෙනි ක්‍රමය නම් splitter එක තියෙන්න ඕන main Rosette එකට හා  telephone එකට සම්බන්ධ වෙලා. එතකොට modem/adsl කියන පැත්ත හිස් වෙලා තියෙන්න ඕන. කැමති විදියක් තෝරගෙන කරන්න මට නම් හිතෙන්නෙ 1 හා 2 කරන එක ටිකක් ලේසි වෙයි. මතක තියාගන්න මේ දේවල් කරනකොට සාමාන්‍යයෙන් 15m - 25m වලට වැඩි දිගක් යොදාගන්න එපා. ඒක ඔයාලගෙ connection එකට ප්‍රශ්නයක් වෙන්න පුලුවන්.
  • අනිත් වැදගත්ම කරුණ තමා, මං මේ විස්තර කරේ ගෙදර එක දුරකතනයක් විතරක් තියාගන්න විදිය. අපි හිතමුකො එකට වඩා තිබුන කියල. එතකොට ඒව සම්බන්ධ කරගන්නෙ මෙහෙමයි. 
1 ක්‍රමය
අපි දාපු splitter එකට පස්සෙ අවශ්‍ය ගානට බෙදල දෙන්න පුලුවන්. පිංතූරෙ බැලවම පැහැදිලි වෙයි.
අවශ්‍ය තාවය අනුව 2ට 3ට 4... බෙදන්න පුලුවන් rosette ගන්න පුලුවන්. එහෙමයි කියලල අසීමිතව පාවිච්චි කරන්න යන්නත් එපා නැති ලෙඩ ඇතිවෙයි :p 

2 ක්‍රමය
දෙවෙනි විදිය ලේසි වගේම ටිකක් වියදම් වැඩක්. අපි යොදන හැම telephone එකක් ළගටම splitter එක බැගින් සම්බන්ධ කරන්න ඕන. අවශ්‍යතාවය මත telephoneදෙකක් පමණක් යොදා ගන්නව නම් හොදයි කියල මට හිතෙන්නෙ.

  • අනිත් දේ තමා අපේ splitter එක වැදගත් වෙන්නෙ telephone එකක් ළගට විතරයි. router connection එකට splitter එක ඕන වෙන්නෙ නැහැ. අපේ connection එක දෙකට බෙදාගන්න සහ දුරකතනය නිසි ලෙස ක්‍රියා කරන්න තමා splitter එක ඕන වෙන්නෙ.
  • දැන් නම් අපේ වැඩේ ගොඩක් දුරට ඉවරයි. අපි අමාරුවෙන් ගොඩ දාගත්ත වැඩේ සාර්ථකද කියල බලමු.
       උඩින් කතා කරපු මොන විදියකින් හරි දැන් සේරම ටික සෙට් කරගත්තා නම්, අපේ router එක ON කරල ටික වෙලාවක් තිබුනම DSL/ adsl කියන කොළ පාට bulb එකක් පත්තු වෙලාම තියෙන්න පටන් ගන්නවා. zte, prolink, tp- link වගේ ඒවගේ. belkin එකක් නම් කොළ හෝ තැබිලි පාට වෙයි.  router වර්ග සහ එක එක මාදිලි ගොඩක් තියනවනෙ ඉතිං ඒව එකකට එකක් වෙනස්. සාමාන්‍යයෙන් DSL/adsl කොළ පාට වීම තමා දකින්න තියෙන්නෙ.
        ඒ විදියට වෙන්නෙ නැත්නම් telephone එක අරන් ඇවිත් ගහල බලන්න router එකට සම්බන්ධ කරපු rj 11 cable එකට. dial tone එක එනව නම් අපේ වරදක් වෙලා නෑ. එන්නෙ නැත්නම් මුල ඉදන් check කරගන්න කොහෙහරි වැරද්දක් වෙලා තියනවා. හිතුවටත් වඩා ටිකක් දිග උන නිසා ඉතිරි කතාව අනිත් පෝස්ට් එකත් එක්ක අරන් එන්නම්. ඊළග පෝස්ට් එකෙන් router settings හදන විදිය සහ දැන් ටිකකට කලින් කිව්ව  dial tone එක තිබිලත් connection එක නැත්නම් මොකද කරන්නෙ කියන ඒව ගැන කියන්නම්. එහෙනම් මම ගියා. ප්‍රශ්නයක් ආවොතින් comment එකක් දාගෙනම යන්නකෝ...ජය වේවා!!
 

0 comments:

Post a Comment

col3best sinhala movies