Wednesday, October 12, 2016

Laptop බැටරියෙ ආයුකාලය වැඩිකරගමු!!

ගොඩක් දවසකින් පෝස්ට් එකක් දාන්නවත් එන්න බැරිඋනා. කාලෙකට පස්සෙ laptop එකක් use කරන හැමොටම වැදගත් Battery saving tips ටිකක් අරන් ආවා ඉතිං. මේ දේවල් ගැන අමුතුවෙන් කියන්න නම් දෙයක් නැහැ, හැමෝම දන්නවා. ඒ උනත් මේ ගැන වැඩිය සැලකිල්ලක් නොදක්වන නිසා නිකං battery එක විනාශ වෙලා යනවා. අලුතෙන් battery එකක් ගන්න ගියාම ලොකු වියදමක් යනව වගේම මුල් battery එක වගේ හොදම තත්වයෙ එකක් ද කියන ප්‍රශ්නය එනවනෙ. ඒ නිසා අපේ laptop battery එක මුල ඉදන් පරිස්සම් කරගන්න එක අපිටම හොදයි :D

01. Reduce the screen brightness level

Battery එකට බලපාන ප්‍රධානම සාධකයක් තමයි මේ screen brightness කියන්නෙ. ඒ නිසා battery එකෙන් use කරන හැමවෙලාවෙම පුලුවන් තරම් අඩු brightness level එකක් 50%ක් වගේ පාවිච්ච් කරන එක හොදයි. brightness level එක අඩුවෙන් භාවිත කරන එක අපේ battery එකට වගේම අපේ ඇස් දෙකටත් ගොඩක් හොදයි..:)

02. Change the power settings

සාමාන්‍යයයෙන් power plan 2ක් නිෂ්පාදකයන් විසින්ම plan කරල එවනවා. එතනින් power saver නිතරම use කරන එක battery ආයුකාලය වැඩිවෙන්න හේතුවක් කරගන්න පුලුවන්. එහෙමත් නැත්තන් අපිට කැමති custom power plan එකක හදාගන්නත් පුලුවන්. මෙතනදි screen brightness වලට අමතරව Display dim time out, screen off time out, computer sleep time out එක අවශ්‍ය පමණින් අඩු අගයන් වල තියාගන්න එක ගොඩක්ම වැදගත්.






Blogger Tricks

Monday, January 20, 2014

අලුත් උන SLT Usage මීටරය


 දැනට ටික දවසකට කලින් SLT එකෙන් එයාලගෙ Usage meter එක වෙනස් කරානෙ. මේ ගැන දැනටමත් ගොඩක් දෙනා දන්නවත් ඇති, නොදන්න අය වෙනුවෙන් ඒ ගැන පොඩි පෝස්ට් එකක් දාන්න හිතුව free වෙලාවක් set උන නිසා :D 

අලුත් විදියට කලින් වගේ අපේ SLT username/ password දීල Usage එක බලන්න විදයක් නෑනෙ.. මුලින්ම අපි register වෙලා ඉන්න ඕන. කලින් තිබුන link එකත් දැන් වැඩ නැහැ. පහලින් තියන link එකෙන් ගිහින් අපේ package එක අනුව එයාලගෙ සයිට් එකේ register වෙන්න ඕන මුලින්ම.

http://www.slt.lk/broadband/usage-meter

register වෙන්න ගියාම e-mail එකක්, mobile no එකක්, වගේ විස්තර අහනවා. මේ තියන portal password කියන එක හොද මතක තියන එකක් දෙන්න, අපිට usage එක් බලාගන්න ඕන වෙන්නෙ අන්න ඒ password එක නිසා.


ඊට පස්සෙ සාමාන්‍ය විදියට login වෙලා "MY Usage" tab එකට ගියා නම් හරි. හැබැයි මෙතනත් පොඩි වෙනසක් තියනවා. කලින් වගේ නෙවෙයි ප්‍රතිශත විදියට තමා usage එක පෙන්නන්නෙ, login port & time details පේන්නෙ නැහැ. මෙන්න මේ විදියට peak/ total time වලට use කරන්න ඉතිරි data volume එක තමා තියෙන්නෙ. මගෙ නම් රතු කට්ටටම බැහැල දැන් :p





මේක ලේසියෙන්ම බලාගන්න පහළ තියන add-on දෙක use කරන්න පුලුවන්.. මේක දීපු ගමන් සමහර උන් කෑගහනව username/ password ගන්න මේව දෙන්නෙ කියල. මේකට use කරන්නෙ portal password එක, නැතුව broadband password එක නෙවෙයි. ඒ නිසා බයවෙන්නැතුව use කරන්න පුලුවන් මාර ලේසි :D firefox අලුත් version වලට නම් එළටම වැඩ, පරණ ඒවට නම් නෑ හොදේ'

firefox අයට මෙන්න,

http://adf.ly/cQXTw

 Google chrome අයට මෙන්න,
http://adf.ly/cQYSi

මොනව හරි ප්‍රශනයක් ආවොත් comment එකකින් අහන්නකො... යාලුවන්ටත් බලන්න share පාරකුත් දාගෙනම යන්න. දිගටම අලුත් වෙන ලිපි බලන්න page එකට like එකක් දාන්න අමතක කරන්න එපා ;) එහෙනම් මම ගියා තවත් එළකිරි පොස්ට් එකකින් හමුබෙමු. සුභ දවසක්!!!


මූණුපොතෙන් ආපු අයගෙ අදහස්

Sunday, January 12, 2014

Direct Download ~ The Wolverine 2013 ~


මේ දෙන්න යන්නෙ තවත් සුපිරිම ෆිල්ම් එකක්. ගොඩ දවසකින් බ්ලොගෙ පැත්තෙ එන්නත් බැරි උනා. කොහොමහරි ආයෙත් ඔන්න වැඩේට සෙට් උනා :) මේ ෆිල්ම් එක ඇවිත් ගොඩක් කල් නිසා කට්ටිය බලලා ඇති, පට්ටම ෆිල්ම් එක නිසා direct link එකක් දෙන්න හිතුව torrent ෆයිල් වලට කැමති නැති යාලුවො සෙට් එකට :D

කතාව ගැන කියනව නම් මෙහි ප්‍රධාන චරිතය "ලෝගන්" නැතිනම් Wolverine කියන අරුම පුදුම පුද්ගලය වටා ගෙතුන කතාවක්. ඔහුගෙ හැකියාවන් සහ විශේෂත්වය ගැන කියන්න යන්නෙ නැහැ කතාවෙ රසය නැතිවෙන නිසා. මේ චරිතයට පණ පොවන්නෙ Hugh Jackman විසින්. ඒ වගේම මෙහි එන අනෙකුත් චරිත සදහා Tao Okamoto, Rila Fukushima, Hal Yamanouchi යන කට්ටිය දායක වෙනවා.

මුල ඉදන් අග දක්වාම සටන් පිරුණු action, adventure movie එකක් නිසා ආසාවෙන් බලන්න පුලුවන් :) තවමත් බලන්න බැරිඋන අයට පහළින් දීල තියනව 550mb direct link එකෙන් අරගෙන, සිංහල උපසිරැසියත් එකකම බලන්න :)


film එක බලලා ඇවිත් හොද නරක කොටලම යන්නකො එහෙනම්, මම යනවා තවත් පොස්ට් කෑල්ලකින් හම්බෙමු!! සුභ දවසක්!

මූණුපොතෙන් ආපු අයගෙ අදහස්

Friday, January 10, 2014

SLT Internet ~ How to create dail-up connection #4


SLT Internet Configuration support වල හතරවෙනි කොටස තමයි මේ. කලින් ලිපි ගැන මතක් කරොත් අලුතෙන්ම SLT Internet ගන්න කෙනෙක්ට තනියම 100% නිවැරදිව තමන්ගෙ Internet connection එක වැඩ කරන විදියට හදාගන්න කියල දුන්නනෙ. ඒ වගේම පොදුවෙ එන ගැටලු ගැනත් කිව්ව,  ඊට අමතරව වෙනත් ගැටලු තියෙනව නම් අහන්න ඒවත් හදාගන්න උදව් වෙන්නම්. මෙන්න කලින් ටික, බලන්න බැරිඋන අය බලන්න.


අද කියන්න යන්නෙ computer එකෙන් dail-up එකක් හදල Internet use කරන විදිය. දෙවෙනි පෝස්ට් එකෙන් කියල දුන්න විදයට use කරනවා නම් dail-up ඕන වෙන්නෙ නෑ, හැබැයි සමහර අය මේ ක්‍රමය use කරල computer එක format කරාට පස්සෙ dail-up එක හදාගන්න බැරුව ඉන්නවා. ඒ වගේම ඉස්සරහට ලියන තවත් පෝස්ට් එකකට මේක වැදගත් වෙනවා ;)

සැ.යු.
මේ විදියට  dail-up එක use කරන්න නම් router එකේ bridge mood දාලා තියෙන්න ඕන. ඒ ගැන වැඩි විස්තර කියන්නම්, මේ පෝස්ට් එක දාන්නෙ computer එක format කරල dail-up එක හදාගන්න බැරි අය වෙනුවෙන් :)

windows 7,8 සදහා
  • පියවර 01
    • Start ---> Control panel ---> Network & Internet

  •   පියවර 02
    •  Network Sharing Center එකට යන්න
  • පියවර 03
    •  දැන් set up a new connection or network එකට යන්න

  •  පියවර 04
    • එතකොට මේ වගේ pop-up window එකක් එනවා.  
    • පහළ පිංතූර වල තියන විදියට කරගෙන යන්න.

  • පියවර 05
    • ඊලගට එන window එකේදි SLT එකෙන් දිල තියන username/ password හරියටම type කරල,  remember password කියන tic එකත් දාලා connect කරන්න.
    • ඔයා දුන්න username/ password කිසිම වැරැද්දක් නැතිනම් connect වෙනවා. එහෙම connect නොවී error එකක් ආවොත් 691 වගෙ, ඒ කියන්නෙ  username/ passwordවැරදි කියල.
    • ඒක හදාගන්න ආයෙත් username/ password හරියට ටයිප් කරන්න, capital, simple අකුරු ගැන බලන්න.
    • ඒත් හරිගියෙ නැත්නම් 1212 call කරල password එක reset කරගන්න.
මේකට අමතරව තවත් errors ටිකක් එන්න පුලුවන්, එහෙම එකක් එනවනම් comment එකක් දාන්න උදව් කරන්නම් :) ඒ වගේම මේ විදියට හදාගන්න පුලුවන් වෙන්නෙ windows 7/8 අයට, xp අයටත් ඕන නම් comment එකකින් අහන්න. 
 


මූණුපොතෙන් ආපු අයගෙ අදහස්

Wednesday, November 20, 2013

oDesk Readiness Quiz answers ~ 2013/11

 oDesk කියන්නෙ මොකද්ද කියල නොදන්න කෙනෙක් නැතුව ඇති කියල හිතනවා. අන්තර්ජාලයෙ වැඩපෙන්නල මුදල් හොයන්න පටන් ගන්න තියන හොදම තැනක් මේ oDesk කියන්නෙ. හැබැයි ඉතිං මුලින් නම් මේ වැඩේ ලේසි වෙන්නෙ නැහැ, මොකද අපිට කලින් මෙතනට ගිහින් වැඩ පෙන්නන අය ඉන්න නිසා :p අන්න ඒ නිසා oDesk වලින් දීල තියන skill test කිහිපයක් හරි pass වෙලා ඉන්න එක ගොඩක් වැදගත්. දන්නවනේ Readiness Quiz කියන්නෙ අලුතෙන්ම register උන කෙනෙක් අනිවාර්යෙන් සමත් වෙන්න ඕන test එකක්, අමාරු ප්‍රශ්න නම් නැහැ ඒත් එකපාරටම register උන ගමන් pass වෙන්න බෑනෙ. ඒ නිසා මෙන්න උත්තර ටික :D

මෙතනින් ගිහින් test එක පටන් ගන්න.

ප්‍රශ්න 10ක් තියෙන්නෙ, මේ ඒවට උත්තර ටික. copy කරද්දිත් ටිකක් කියවල කරන්න ප්‍රශ්න එන අනුපිළිවෙල වෙනස් වෙනවා හොදේ :p









උත්තර ටික නිකන් දුන්නට මොකද මේව හරිද වැරදිද කියල සැක ඇතිනෙ :D මෙන්න බලන්නකො ඒ සැකෙත් නැතිවෙලාම යන්න ;)

ඔන්න එහෙනම් කට්ටියටම ලේසියෙන් test එක ගොඩයන්න සුභ පැතුම්!! මේ වගෙ තවත් උත්තර සෙට් එකක් අරන් එන්නම්කෝ :D page එකට like එකක් දාලා අදහසකුත් කොටාගෙනම යන්න අලුත් පෝස්ට් එකක් ආව ගමන් දැනගන්න :)


මූණුපොතෙන් ආපු අයගෙ අදහස්

col3best sinhala movies