Saturday, October 26, 2013

මාර්ක් අයියගෙ ප්‍රහාරය හෙලා දකිමු, facebook block වීම නවත්තමු!


අපොයි ඔයාලත් දන්නවනෙ මේ දවස්වල මාර්ක් අයියා බුකිය පුරා ඉන්න හැමෝටම එක එක විදියට පහර ගහනවා. අන්න ඒ නිසා මේ වගේ පොඩි පෝස්ට් කෑල්ලක් දාන්න හිතුව කාටත් ප්‍රයෝජනයක් වෙන්නත් එක්කම. මම මේ කියන්න යන්නෙ මාර්ක් අයියව හැක් කරා, දැන් අපිට ඕන විදියට බුකිය පුරා නටන්න පුලුවන් කියල නෙවෙයි හොදේ..:p මේකත් හරියට ඩෙන්ගු හැදෙනව වගේ වැඩක්, දන්නවනෙ ඩෙන්ගු හැදෙන්න කලින් වළක්වගන්න එකනෙ ලොකුම ප්‍රතිකාරය. අන්න ඒ වගේ බුකියත් බ්ලොක් වෙන්න කලින් බේරගන්න එක තමා ලොකුම ප්‍රතිකාරය. ඒ නිසා මේ ලෙඩේ වළක්වගන්න පොඩි පොඩි ප්‍රතිකාර ටිකක් කියන්නම්.

ඒකට කලින් මෙන්න මේ දේ මතක් කරන්නම ඕන. මාර්ක් අයියගෙ මේ ප්‍රහාරය අපි විසින් ඇදගෙන නෑමක් කිව්වොත් 100%ක් හරි. බුකිය වටෙ එක රවුමක් ගියොත් 18+ කුනුහරප වැඩ කොච්චර නම් දකිනවද? කෙල්ලොන්ගෙ ජීවිත වලට එන තර්ජන මරණයෙන් කෙලවර උන ඒව දකිනවද? fake profiles කොච්චර නම් සෙට් වෙනවද අනිත් අයව අපහසුවට පත් කරන, ලෝකේ පුරා ප්‍රසිද්ද ඈයො කීදෙනෙක් ජෝකරල වෙලාද? :D මේ හැමදේම නවත්තමු වැරදි වැඩ මේව කියල කෑගහනව නෙවෙයි යාලුවනෙ, මෙන්න මේව තමයි මාර්ක් අයියගෙ ප්‍රහාරයට හේතු වෙන්න ඇත්තෙ කියලයි මට හිතෙන්නෙ. මේක මගේ මතයක් විතරයි ඈ.. මේ ටික කිව්වෙ වෙන මොකටවත් නෙවෙයි, කවද හරිදවසක අපිට නොමිලේ බුකියට එන්න බැරි තත්වයක් උදා වෙයිද? membership එකට මුදල් ගෙවන්න වෙයිද? මේ ගැන මට නම් තියෙන්නෙ ලොකු සැකයක්, මොකද දැන් යන විදියට ඒ වැඩේ නොවන්නත් බැරි කමක් නැහැ.

දැනට මම දන්න මාර්ක් අයියගෙ ප්‍රහාර ටික මෙන්න
  • පරණ profile එකකින් අසීමිතව friend request යවන්න ගියොත් friend request බ්ලොක් වෙනවා.
මේක නම් හැමොටම විදින්න ලැබෙන අත්දැකීමක්නෙ. මේක මල කරදරයක්නෙ ඇත්තටම කිව්වොත්. මේක වෙන්නෙ අපි නොදන්න අය ගොඩකට friend request යවන්න ගියාම, වැඩිපුරම කෙල්ලන්ට. අපි request දැම්මට පස්සෙ මේ විදියට පේනවනෙ.


මෙතනින් confirm හෝ ​not now එකක්වත් ක්ලික් නොකලොත් request දාපු කෙනාට කෙලවෙනවා. හැබැයි එක request එකකින් නම් නෙවෙයි. 10කට 15කට වඩා මේ විදියට උනොත් බ්ලොක් වේවි. හරියටම ගාන කියන්න දන්නෙ නැහැ. confirm කරාට පස්සෙත් මෙන්න මේක අහනව, අපිව කලින් දන්නවද නැද්ද කියල.


මේකට no කියල කිව්වොත් බුකියට feedback එකක් යනව අපි නොදන්න උන්ට  friend request දානව කියල. ඒ විදියට ගොඩක් සෙට් වෙලා ප්‍රතිචාර නැති ඒවත් සෙට් උනාම බ්ලොක් වීම ඉක්මණින් කරගන්න පුලුවන්. නොදන්න උන්ට වැඩිය friend request නොදා ඉන්න එක සහ, දවසකට  request 5, 6 කට වඩා නොදා ඉන්නව නම් ටික දවසකට මේකෙන් ගැලවෙන්න පුලුවන්. ඒත් වැඩක්ද නේ?

ඔන්න ඕකට තව එළකිරි විසදුමක් තියනවා. අපි දාන request 50%ක් වත් accept වෙන්නෙ නෑනෙ වෙලාවකට. අන්න ඒ නිසා accept කරන්නෙ නැති පරණ request සතියකට සැරයක්වත් clear කරගත්තොත් වැඩේ ගොඩ :D සමහර අය මේ ගැන හිතුවට කරගන්න දන්නෙ නැහැ. මේ විදියට ඔය ටික අයින් කරල දාගන්න. 

01. profile එකට ගිහින් activity log කියන එකට යන්න.
 
02. මෙන්න මෙතනින් more කියන එක ක්ලික් කරල friends තොරන්න.


03. ඔන්න දැන් තියනව අපි දාපු request සහ accept උන ඒවගෙ විස්තර ලොට් එකම මෙන්න මේ විදියට.
04. මේ රතු පාටින් කොටු කරල තියන මාර්ක් එකෙන් කියන්නෙ අපි දාපු request ගැන. ඒ ටික බලල පරණ ඒව අයින් කරගන්න. ඒකත් විස්තර කරන්න දෙයක් නෑනෙ ඉතිං :p

  • අලුතෙන් හදාගත්ත profile එකක නම් මේ බයිල නැනෙ, වැඩිපුර reuest දැම්මොත් කෙලින්ම account block කරල image tag අදුරගන්න දෙනවා. මේක මල කරුමයක් ඊට හොදයි වෙන එකක් හදාගන්නව :p මේකට විසදුමක් දන්න කෙනෙක්ට comment එකකින් විස්තර දාන්න කියල ඉල්ලනව හැමොටම දැනගන්න.
  •   request යැව්වොත් විතරක් නෙවෙයි එකපාර request 50ක් විතර accept කලත් account එකට ටොපිය සෙට් වෙනවා.
  • අනිත් case එක group එකක් කරගෙන යන යාලුවන්ට තියෙන අවුල, කොච්චර ලේසි උනත් java script  එකට නම් මාර්ක් අයිය පහර ගහනවමයි. ටිකෙන් ටික ස්ථාවර උනාම කාටවත් අපිව වට්ටන්න බැහැ, ඒ නිසා දවසට එකා දෙන්න හරි කමක් නැහැ තමන්ගෙ මහන්සියෙන් කට්ටිය එකතු කරගන්න තරමට group එකේ කල් පැවැත්ම රදා පවතීවි.
  • මෙන්න මට අලුතෙන්ම උන වින්නැහිය, මම 4ts tag කරනව වැඩි කියල දවස් 14කට ඒක block කරා. ගාණ නම් මෙච්චරයි කියන්න දන්නෙ නැහැ 50ක් වගේ කියල හිතනව.
දැනට නම් දන්න තරමින් මේ කතන්දර ටික දරුණුවටම මාර්ක් අයියගෙ අමානුෂික ප්‍රහාරයට ලක්වෙන දේවල්. තව ටික කාලෙකින් likes දාන එක බ්ලොක් වෙලා, chat කරන එක ලිමිට් වෙලා, share කරන එක ලිමිට් වෙලා, free membership limit වෙලා ලැබෙන කාලයක් මතුවෙයිද? :D අන්න ඒ දවසට අපිටත් බුකියට ආයුබෝවන කියන්න වෙයිද? වැරදියට හිතන්න එපා යාලුවනෙ මේක නිකන් මට හිතුන දෙයක් විතරයි, එහෙම නොවේවා කියල ප්‍රාර්ථනා කරනවා. අපේ facebook account එක බේරගන්න ඕන නිසයි මේක දැම්මෙ. අන්න ඒ නිසා ඉස්සරහට පරිස්සමට බුකිය පාව්ච්චි කරල තමන්ගෙ account එකත් බ්ලොක් වෙන එක නවත්තගන්න. හැමදාම දවස් 30ට friend request block කරගන්න අයටත් දැන් සහනයක් වේවි :D 

එහෙනම් මම යනව යාලුවනෙ, යාලුවන්ටත් මේ ටික දැනගන්න like එකක් දාල share කරගෙනම යන්න හොදේ. ජයවේවා!! 

 
මූණුපොතෙන් ආපු අයගෙ අදහස්

0 comments:

Post a Comment

col3best sinhala movies