Tuesday, September 24, 2013

Mouse pad එකක් free ගෙදරටම ගෙන්න ගමුද

ඔන්න මන් මේ කියන්න යන්නෙ හැමොටම ලේසියෙන් Mouse pad එකක් නොමිලේම ගෙදරට ගෙන්න ගන්න විදියක්. මේකට කිසිම අන්තර්ජාල මූල්‍ය ගිණුමක් (paypal, payza), credit card අනන් මනන් මොකුත්ම ඕන නැහැ. ඒ නිසා බයක් ඇති කරගන්න දේකුත් නැහැනෙ. e-mail ගිණුමක් විතරක් තිබුනම හොදටම ප්‍රමාණවත්. 

ඔන්න බලන්නකො මේ තියෙන්නෙ මට ඊයෙ ලැබුන  Mouse pad එක. 


 

මීට කලින් නම් මාත් මෙව්වා පාවිච්චි කලේ නෑ, නිකන්ම ලැබුන නිසයි ගත්තේ :p විශෙෂයෙන් කියන්න එපැයි මේ ගැන මම දැනගත්තෙ zoom කොමියුනිටියෙ jk perera කියන කොලුවගෙන්.ගොඩක් ස්තූති මේ ගැන දැනුවත් කළාට. මේක ගන්න විදිය එයාගෙම පෝස්ට් එකකින් එළටම තියනවා screen shot වලින්ම. එහෙම එකේ මම මොකට ආයෙත් ඒ ටිකම දානවද :p මෙතනින් ගිහින් ඒ ලිපිය බලලා අදම order එකක් දාන්න සති දෙක තුනකින් ගෙදරටම එනවා.

පහළ රූපෙත් බලන්නකෝ...


 මං වැඩි පණ්ඩිත කමට ඔන්න ඔය ටික් එක අයින් කරල වැඩේ කරා. එතකොට අපිට ලැබෙන්නෙ points50 යි. Mouse pad එක ගන්න points70ක් ඕන. ඉතිරි 20 තමා ඔය ටික් එක. ඒ නිසා මතක ඇතුව ඒක දාල ඉන්න ඕන්....:p

එහෙනම් මම ගියා. ඕන අය දැන්ම ගන්න. තව ටික කාලෙකින් මේක නවත්තල දැම්මොතින් අපරාදෙනෙ :p ගැටලුවක් උනොත් අහන්නකෝ!


Monday, September 23, 2013

PTC - Adds ක්ලික් නොකර සල්ලි හොයමුද


PTC කියන්නෙ මොකක්ද? ඇත්තටම සල්ලි ගෙවනවද? කොහොමද හරියට ඇඩ්ස් බලන්න ඕන කියල ගොඩක් කරුණු කලින් පෝස්ට් එකකින් දැම්මා. එතනදි මම කිව්වෙ ලේසියෙන් සල්ලි අතටම ගන්න පුලුවන් ලංකාවෙ සයිට් එකක් ගැන. ඒ ලිපිය බලන්න ඕන අය මෙතනින් ගිහින් ඒකත් කියවලම ඉන්නකෝ..
                අද මේ කියන්න දුවගෙන ආවෙ තවත් පට්ට වැඩක් ගැන. කෙටියෙන්ම කිව්වොත් ඇඩ් ක්ලික් කර කර දුක් විදින්නෙ නැතුව PTC වලින් සල්ලි හොයන ක්‍රමයක්. මෙහෙම කරන්න පුලුවන් සයිට් එක probux. PTC වලින් ඉස්සරහින්ම තියන සයිට් එකක් තමා මේක. ඒ වගේම අනිත් ඒව වගේ වැඩි කතන්දර නැතුව ලේසියෙන් වැඩි ගානක් හොයාගන්න පුලුවන් සයිට් එකක්. 
            ඔන්න වැඩි අනම් මනන් නැතුව ඇඩ් ක්ලික් නොකර සල්ලි හොයන විදිය කියන්නම්. මේ වැඩේ කරන්න වෙන්නෙ ගිනිනරියා ඉන්න අයට තමා. ඒ නිසා පහළ ලෝගුව ක්ලික් කරල  ගිනිනරියාඅරන් install කරගන්න.


හරි දැන් පහළ ලින්කුවෙන් ගිහින් Greasemonkey කියන ඇඩෝනය install කරගන්න.


දැන් වැඩේ ටිකක් හරි. හැබැයි ඉවර නෑ :p  ඉවරවෙන්නෙ මෙතනින් ගිහින් පහළ රූපෙ විදියට JavaScript එක  install කරගත්තට පස්සෙ.



දැන් වැඩේ ගොඩ, කරන්න තියන එකම දේ තමන්ගෙ probux account එකට log වෙලා view ads ක්ලික් කරන එක විතරයි. ඊට පස්සෙ කට ඇරන් බලන් ඉන්න මැජික් එක දිහා. අෆොයි එහෙනන් ක්ලික් කර කරම ඉන්න තිබුනනෙ.  view ads ක්ලික් කරල වෙන වැඩක් කරගෙන ඉන්නයි තියෙන්නෙ වදුරුපැටියා වැඩේ කරල දෙනකන්. තවමත් probux account නැති අය පහළ බැනර් එක උඩින් ගිහින් හදාගන්න. පේනවනෙ නිකන්ම සල්ලි :D


view ads ක්ලික් කරපු ගමන් පහළ 1න් පේන විදියෙ කොටුවක් මතුවෙයි. ඇඩ් එක බලලා ඉවර උනාම 2න් පේන විදියට වැටෙනවා.


ඔන්න මම නම් සේරම ටික බලව ගත්තා :D දෙයියනේ කියල page load වෙන data ටිකත් ඉතිරියි.


දැන් බලයි සමහර ඒව done, අනිත් ඒය මොකුත් නෑනෙ කියල.. බලපු ඇඩ් එකක් උඩින් මීයා අරන් ගියාම වෙනවා, ගණන් ගන්න එපා හික්ස් :p දැන් කට්ටිය බලයි හැම එකට මේ වැඩේ පුලුවන් නෙ කියල. අපේ අයියල රට කම්මැලියො නෙ :D වැඩේ හරියන්නෙ කිහිපයකට විතරයි. සමහර ඒවගේ ඇඩ්ස් බැලුවම රූපයක් තෝරන්න, අංකයක් තෝරන්න දෙනවනේ. එතකොට ඉතිං මේ හොරේ අහුවෙනවා :p probux වලට 100%ක් වැඩ.

කොහොමද වැඩියෙන් හොයන්නෙ?
              මන් කලින් ලිපියෙ කිවවනේ මේ වැඩෙන් දවසට දහස් ගණන් හොයන්න බෑ. තමන්ගෙ දක්ෂතාවය අනුව හොයන ගාන වැඩිකරගන්න පුලුවන්. තමුන් සේරම ඇඩ් බැලුවොත් ලැබෙන්නෙ $0.05- $0.06 ක් වගේ දවසකට. PTC වලින් දියුණු වෙන කලාව තමා referrals හොයනව කියන්නෙ.

01. Direct referrals
      අපේ referral ලින්කුව දීල කට්ටිය එකතු කරල දෙනව සයිට් එකට. මේ ගැන වැඩි විස්තර පළවෙනි ලිපියෙත් ලිව්වා. ඒකත් බලන්න. මේ වැඩේ ටිකක් අසාර්ථකයි. මොකද කට්ටිය වැඩි කැමැත්තක් නෑ කාගෙවත් referral ලින්කුවකින් වැඩේට බහින්න. නමුත්සහයක් දරන්න එක්කෙනෙක් උනත් ඔයාලටයි. දැන් ඉතින් ක්ලික් කෙරිලි නෑනෙ ;) ඒ නිසා කස්ටිය වරඩේට කැමති වෙයි.

මේක අසාර්ථක වෙන්න තව හේතුවක් තියනවා. අපි හිතමු කෙනෙක් direct referral 50ක් හොයාගත්තා.
එතකොට දවසකට ලැබෙන ගාන 50*4=200 , 150*0.0005= 0.075$ යි. දැන් බලයි ක්ලික් 200න් 150ක් ගත්තෙ ඇයි කියල. හැමකෙනෙක්ම දිනපතා ක්ලික් කරන්නෙ නෑනෙ ඉතිං :p අෆොයි පේනවද 50ක් හිටියත් වැඩක්ද?

01. Rent referrals
        මම දකින සාර්ථක විදිය මේක. ක්ලික් කරලම හම්බෙන ගානක් දීල  referral rent කරනවා. වැඩේ ලේසිනෙ. මුල්ම 0.6$ එකතුවුන ගමන් ලෝබ නැතුව referral 3ක් rent කරන්න. ප්‍රතිලාබ මාසෙකින් ඔන්න බලන්නකො. 

    මුලු ඇඩ්ස්= (3*4)*30 = 360
    360/2 ක්ලික් කරාම = 180*0.005 = 0.9$

ඒ වැඩේ පාඩු නෑනේ,  හොදම referral 3ක් සෙට් උනොත් මීට වැඩිය ලැබෙනවා. මේ වැඩේට පොඩි කට්ටක් කන්න වෙනව මුල් ටිකේ. මුලින්ම හම්බෙන හැම 0.6$ ම දීල referral rent කරන්න ඔන. දවස් 30න් අයින් වෙන අයගෙන් ක්ලික්ස් වැඩි referrals ආයෙත් ගන්න. මාසයක් හමාරක් හරියට වැඩේ කරගත්තා නම් rent referral 50ක් ගේමක් නොවෙයි. ඔන්න බලන්න rent referral 50ක් නම් වැඩේ,

50*4=200 , 150*0.005= 0.75$

direct referral 50ක් හොයාගත්තා වගේ 10 ගුණයක්..මේක මෙහෙම දාන්න තරන් ලොකු ගානක් නෙවෙයි. කට්ටිය බනියි මුට පිස්සුද කියල. ඔන්න බලන්න මම මුල් ලිපියෙන් කිව්ව කතාව ඇත්ත වෙනවා.

දවසක මුලු ආදායම (තමන්, rent referral 50, direct referral 50)
         
$0.05+ 0.075+ $0.75= $0.875

මාසයකින්,

$0.875*30= $26.25*132= රු 3465/=

ඔන්න මන් කිව්ව කතාව, නිදහසෙ මලක් කඩන්න ෆොන් එකට හරි දාගන්න පුලුවන් :D බෑ බෑ කිය කිය ඉන්නවට වඩා මෙහෙම දේකින් හරි නිකන් ලැබෙන දේ ගන්න එක හොදයි කියලයි මට නම් හිතෙන්නෙ. රු 3000ක් කියන්නෙ අද කාලෙ පොඩිගානක් උනාට ඒකවත් නැති අයත් ඉන්නවනේ. 

වැදගත්ම කතාව තමා පළවෙනි දවසෙ, පළවෙනි මාසෙ මේ විදියට හොයන්න බැරිවෙයි. ඔයාලගෙ  referral ගැන වැඩි කරගත්ත ගමන් මීට වඩා හෙයන්න පුලුවන් වෙයි. ඒ වගේම ගන්න referrals ල ඇක්ටිව් ද නැද්ද කියන එකත් මේකට බලපානව. අනිත් දේ තමා referrals ලගෙ ක්ලික් වලට මුදල් ලැබෙන්නෙ අපි ඇඩ් ක්ලික් කරනව නම් විතරයි.

එහෙනම් මම ගියා. ඔනවටත් වඩා දිග උනා. එක්කනෙක්ට හරි ප්‍රෙයාජනයක් උනා නම් ඒ ඇති...:D

සැ.යු - මුදල් හොයල paypal වලට නම් ගන්න එපා  paypal  ගැන හරියට දන්නෙ නැත්නම්. payza කියන්නෙ ලංකාවට මුදල් ගෙන්නන්න පුලුවන් account එකක්. ඒ උනාට payza වලට ගන්න යන්නතු එපා $5ක් උන ගමන්. paypal, payza  ගැන නොදන්න අය සහ දැනගන්න කැමති අය ඉන්නව නම් comment එකකින් හරි අහන්න දන්න සේරම කියල දෙන්නම්.                      

Saturday, September 21, 2013

desktop gadget - අමතක වෙන ලෙඩේට බෙහෙතක්

ඔන්න මේ දෙන්න හදන්නෙ අමතක වෙන ලෙඩේට පොඩි බෙහෙතක්. තව තව ගොඩක් වැඩ ගන්න පුලුවන් විදියෙ පුංචි  desktop gadget එකක් කිව්වොත් හරි. වැඩි විස්තර ඕන නෑ කතන්දරෙ තේරෙන විදියට මේකෙන් කරන්න පුලුවන් ටික දාන්නමිකෝ...

අපිට ඕනම දෙයක් note down කරගන්න පුලුවන්
         දැන් හිතයි ඕක මොකටද, notepad එක තියනවනෙ කියල :D අපේ note එකට ලේසියෙන්ම password එකක් දාල තියන්න පුලුවන් මේකෙන්. ජංජාලෙදි හම්බෙන සයිට් වල රෙජ් වෙලා ටික කාලෙකින් username, password අමතක වෙනවට මේක නරකම නෑනේ...ආරක්ෂාව ගැන බයවෙන්න දේකුත් නෑ..

 අපිට වැදගත් දෙයක් මතක් කරවගන්න පුලුවන් 
         ඒ කිව්වෙ මේක reminder එකක් විදියට පාවිච්චි කරන්නත් පුලුවන්. විශේෂ උපන්දිනයක් අරව මේව සේරම. අපිට ඕන දවස වෙලාව දීල තිබුනම එලාම් එකත් එක්කම නෝට් එක open වෙනවා. open නොවි තියෙන්න හදන්නත් පුලුවන්. (වෙන කව්රු හරි ඉන්න වෙලාවක private එකක් open උනොත් අවුල් නේ :p)

අනිත් කතාව මේක dairy එකක් විදියට use කරන්නත් පුලුවන්.
         අකුරු ලියන්න කම්මැලි අයට හොදයිනෙ.. password එකක් දාල තියාගන්නත් පුලුවන්.

ඕන කට්ටිය මෙතනින් ගිහින් බාගන්න.. install කරගන්න සහ reminder schedule එකක් හදාගන්න නොදන්න කෙනෙක්ට ලේසි වෙන්න screen shot ටිකකුත් දැම්මා ඔන්න.

01.උඩ ලින්කුව ක්ලික් කරන්න. දැන් මේ රූපවල ඊතල දාල පෙන්නුව තැන් ක්ලික් කරන්න.



 02.download now ක්ලික් කරල ටිකක් ඉවසන්න. එතකොට පහළ රූපෙ ලැබෙයි.පොඩි දේ ඉදන් කිව්වෙ සමහර අය මෙතන හැම එකම ක්ලික් කරල නාගන්න නිසා. සමහර අයට cnet, softonit පුරුදු උනාට නොදන්න අය වෙනුවෙන් මේ ටික.



03,04,05 පිළිවෙලින් කරගෙන ආවම තමයි software එක install කරගන්න සුපුරුදු විදිය දකින්න පුලුවන් වෙන්නෙ. ඊටපස්සෙ p-note එක ඕපන් කරගන්න.

 06.අවශය දේ ටයිප් කරල උඩ පෙන්නල තියන බටන් එක ක්ලික් කරල කැමති නමකින් save කරගන්න පුලුවන්.

07. දැන් මේ save කරන notes බලන්න quick launch icon right click කරල  control panel කියන තැනට යන්න. 1න් පෙන්නල තියෙන්නෙ ඔයාලගෙ notes ටික. 2න් ගියාම remind දවස වෙලාව හදාගන්න පුලුවන්. note එක ලියල save කරගන්න කලින්  right click කරල මේ වැඩ ටික කරගන්නත් පුලුවන්.
08. වැඩේ සාර්ථකව ගොඩදාගත්තා නම් මේ විදියට alert එකත් එක්ක note එක හරි වෙලාවට පෙන්නයි :D


හරි ඉතිරි ටික ඔයාලට බාරයි. dairy එක,  password එකක් දාල තියාගන්න එක ට්‍රයි එකක් දාල බලන්න...දැන් බලනව ඇති මොකට මේක මෙච්චර විස්තර කරාද කියල :P කොල්ලෙක්ට නම් ඉතිං වටින කියන දෙයක් ගැන ලින්ක් එකක් ලැබුනොත් ඇති. කෙල්ලො එහෙම නෑනෙ, download කරගන්න install කරගන්න ගියාම ටිකක් අවුල් කරගන්නවනෙ. ඒ නිසාම පොඩි දේවල් විස්තර කරලම දැම්මෙ හැමෝටම ප්‍රයෝජනයක් ගන්න පුලුවන් වෙන්න කියල.එහෙනම් මම ගියා.ජයවේවා!!



Friday, September 20, 2013

PTC - ගැන දැනගෙන පහසුවෙන් මුදල් හොයන්න එන්න

මාතෘකාව ටිකක් අපන්බ්‍රංශ උනාද මන්ද.... :p කියවලම බලන්නකො මේ කතාව ටිකක් ඊට පස්සෙ PTC ඈයොන්ට පහසුවක් වෙයි වැඩේට... :D සමහර අය නම් PTC කිව්ව ගමන් වැඩේ දන්නවා. නොදන්න අය සහ මේ ගැන හොයන අයත් ඇතිනෙ, මේ එයාල වෙනුවෙන්. PTC කියන්නෙ paid for click කියන එක කෙටි කරල. නමින්ම තේරෙනවනෙ, ක්ලික් කරල සල්ලි හොයන්න පලුවන්...වැඩේ හරිම ලේසි වගේ නේ :p
මුලින්ම කියන්න ඕන මේ විදියට සෑහෙන තරම් ලොකු ගණනක් හොයන එක හිතන තරම් ලේසි වැඩක්වත් ප්‍රායෝගික වැඩක්වත් නෙවෙයි...ඒ උනාට පුංචි කැපකිරීමක් කරල නිකන්ම අතට ගානක් ගන්න පුලුවන් විදියෙ වැඩක් මේක...

PTC සයිට් එකක් කියන්නෙ ඉතිං ඇඩ්ස් ක්ලික් කරාම සල්ලි දෙන සයිට් නෙ...මට ලොකු ප්‍රශ්නයක් උනා 

"ඇයි යකෝ මුං මේකට සල්ලි දෙන්නෙ කියල" , සහ "ඇත්තටම සල්ලි දෙනවද කියල" අන්තිමට උත්තරෙ හම්බුනා.
මෙන්න මෙහෙමයි ඔය කතන්දරේ..කව්රු හරි සයිට් එකක් හදල ඒක ප්‍රචාරය කරන්නෙ ඩොමේන් නමක් හරහා නෙ..අපි දන්න " .com .lk .uk .me .tk " විදියට අනන්තවත් තියනවා. මෙහෙම එකක් ගන්න ගියාම සමහර ඒවා free, ඒත් ඉතිං හොද එකක් .com .lk වගේ ගන්න නම් ගෙවන්න වෙනවා..නාලා වරෙන්කෝ දෙයියනේ කියල සයිට් එකක් හදල launch කරල තව සල්ලිත් ගෙවන්න ඕන මාස ගානෙ නැත්නම් අවුරුදු ගානෙ... අතින් කයිට් කරගෙන සයිට් එකක් හදාගෙන බලන් ඉන්න කව්ද කැමති.

හැබැයි පුතෝ සයිට් එක ටිකක් ජනප්‍රිය කරගත්තොත් නම් වැඩේ ගොඩ..එතකොට තමන්ටත් ආදායමක් ලැබෙනවා  එහෙම ආදායමක් ලබන්න නම් සයිට් එක බලන්න කට්ටිය එන්න ඕන..මුලින්ම සයිට් එකක හදල දාපු ගමන් මොකාද එන්නෙ නේද..අන්න ඒ නිසා සයිට් එක බලන්න එන කට්ටිය බලෙන් ගෙන්නන විදියක් තමා මෙතන පදනම...PTC කරපු කෙනෙක් නම් දන්නවා අපි ඇඩ් එකක් ක්ලික් කරොත් වෙනත් සයිට් එකක විස්තරනෙ ලැබෙන්නෙ.ඒ කියන්නෙ අපි කැමැත්තෙන් හෝ අකමැත්තෙන් ඒ සයිට් එක බැලුවා..ඔන්න ඔහොමයි ඒ සයිට් එකේ visitor ප්‍රමාණය වැඩිවෙන්නෙ. 


 මේ PTC site වලින් කරන්නෙ අතරමැදියෙක් විදියට ඉන්න එක.  visitor ප්‍රමාණය වැඩි කරගන්න බලන් ඉන්න අයගෙන් ඇඩ්ස් ගන්නවා.ඒකත් හරියට TV එකට ඇඩ්ස් ගන්නවා වගේ. දවසට මෙච්චර ප්‍රමාණයක් ප්‍රචාරය කරනව කියල ගන්නෙ. TV එකේ නම් අකමැකි උනත් ඇඩ් බලන්න එපැයි. අන්තර්ජාලෙදි ඕව බලන්නෙ කව්ද ඉතිං :p අන්න ඒ නිසා තමයි මේ ඇඩ්ස් බලන අයට PTC site වලින් සල්ලි දෙන්නෙ...ලොකු ගානක් නොලැබෙන්න හේතුවත් මේකම තමා... ඇත්තටම නම් ඇඩ් එකක් බලනවට අපිට ලැබෙන්නෙ කොමිස් මුදලක් කිව්වොත් හරි....මට හිතෙන විදියට නම් 1%-2% වගේ තමා ලැබෙන්නෙ..ආදායම ලැබෙන්නෙ PTC කාරයට, ඒකට ඉතිං දුක් වෙන්න දෙයකුත් නෑ...නිකන්නෙ හම්බෙන්නෙ..බර වැඩ කරලද නෙ :p  මේ කතාව කියන්න හේතුව ගොඩක් අයට සැකයි මේව ඇත්තද, සල්ලි නිකන් දෙන්න පිස්සුද කියල..ඇත්තටම මේ සයිට් වලින් අතට ගානක් ගන්න පුලුවන් ඕන් :D හැබැයි මේක ලේසි නෑ.
තව වැදගත්ම දේවල් ටිකක් තියනවා කියවන්නකො දිගටම, මේ සයිට් එකකට ගිහින් රෙජිස්ටර් වෙලා දවසක් දෙකක් ඇඩ්ස් බැලුවට දහස් ගණනින් හොයන්න බෑ...ටිකක් ඉවසන්න ඕන. ඒ වගේම මේ සයිට් වල කොන්දේසි වලට යටත්ව ඉන්නත් ඕන..මුලින්ම දවසකට හම්බෙන ඇඩ්ස් සේරම බලන්න ඕන..ගොඩක් සයිට්ස් වල අනිවාර්ය ඇඩ්ස් 4ක් වගේ තියෙන්නෙ. විනාඩි 2 වැඩක් ඊට පස්සෙ අපිට පුලුවන් ඒ හොයාගත්තු සල්ලි දීල Referrals ව ගන්න..Referral කෙනෙක් කියන්නෙ අපි වගේම සයිට් එකට වැඩ කරන අය...ඇඩ්ස් බලන අය..එතකොට අපේ Referral කෙනෙක් බලන ඇඩ්ස්(අනිවාර්ය ඇඩ්ස්) වලට අපිට කොමිසක් ලැබෙනවා..ඒ විදියට Referral 100ක් පමණ හදාගත්ත නම් කිසිම වෙහෙසක් නැතුව දවසකට $2 3ක් හොයාගන්න පුලුවන්.. පොඩි කොස්සකට තියෙන්නෙ Referrals ලගේ ක්ලික් වලට සල්ලි ලැබෙන්නෙ අපිත් මේ අනිවාර්ය ඇඩ්ස් බැලුවොත් විතරයි.. ($2 උනත් තිකං දෙන්නෙ මොකාද ) මම දැන් කිව්වෙ rent Referral වලින් ගොඩයන විදිය...අනිත් විදිය තමයි direct Referral හොයාගන්න එක. අපි ඕනම PTC සයිට් එකක රෙජිස්ටර් උනාම අපේම කියල direct Referral ලින්ක් එකක් ලබල දෙනවා. ඒක තමන්ගෙ යාලුවොන්ට දීල එයාලව Referral කෙනෙක් විදියට තියාගන්න පුලුවන්...හැබැයි ඔන්න තමන්ගෙ ලින්ක් එකින් fake හදන්න යනන් එපා..login ip එකකට එක account එකයි ලැබෙන්නෙ direct Referral කරගන්න යාලුවො බලන ඇඩ්ස් වලටත් මං කලින් කිව්වා වගේ කොමිසක් ලැබෙනවා. මේක තමා network marketing වල සංකල්පය, අපි වැඩ කරන ගමන් තව අය සෙට් කරනවා. ඒකට අපිට ගානක් ලැබෙනවා. මේ විදියට PTC සයිට් හොද ආදායමක් ලබනවා,  ඒ නිසා ඉතිං අපිට $5 10ක් දෙන්න ලෝබ නෑ :D

PTC කරල අතෑරපු අය...හොය හොය හිටිය අයට මෙන්න හොද චාන්ස් එකක්..මං ඔයාලට හොද සයිට් එකක් දෙනවා..ගොඩක් විස්තර කිව්වනෙ දැන් ටිකක් ඉවසීමෙන් කරල බලන්න..සැළකිය යුතු ගානක් හොයාගන්න පුලුවන්. මේ සයිට් එකේ විශෙෂ කිහිපයක් තියනවා බලන්නකො කියවලම..


මේක ලංකාවෙ කොල්ලෙක් හදපු සයිට් එකක්
අනිත් එකකවත් නැති dailog eZcash වලින් සල්ලි අතටම ගන්න පුලුවන්
මේකෙන් දැනට සල්ලි ගත්තු අය ඉන්නව ලංකාවෙම.(බුකියෙන් හොයාගන්න පුලුවන්)
මුල් 2500කට Free life time premium membership ලැබෙනවා
Referral  50ක් හදාගත්තම මාස 6ක් දක්වා platinam account එකක් දෙනවා(හොයන ගාන ඩබල් වෙනව)
 rent Referral fee එක ගොඩක් අඩුයි
දවසකට ඇඩ්ස් 30කට වඩා ලැබෙනවා

දිග කතාවක් උනානෙ මේක. දැන්වත් වැඩේට එන්ටර් වෙමු. මුලින්ම මෙතනින් ගිහින් රෙජිස්ටර් වෙන්න. ඇත්තම විස්තර දෙන්න. ඊට පස්සෙ ඊමේල් එකට ලොග් වෙල account verify කරන්න ඕන. ඒ කිව්වෙ cashbuxclix කියල ආපු ඊමේල් එකේ තියන url එක ක්ලික් කරනවා. දැන් වැඩේට ලෑස්තියි. දැන් account > earnings area යන්න.

මේ ඊතල තියන තැන් වල බලන්න පුලුවන් ඇඩ්ස් ගාන එහෙම වැටිල තියනවා. ඒ උඩ ක්ලික් කරල ඇඩ් එකේ වෙලාව ඉවසල කියන අංකය උඩ ක්ලික් කරා නම් අදාල මුදල ඔයාගෙ accountඑකට ඇඩ් වෙනවා. පොඩි ගානක් නේද, දුක් වෙන්න එපා මහන්සි වෙල වැඩි කරගන්න පුලුවන්. $1ක් උන ගමන් eZcash වලින් අතටම සල්ලි ගන්න පුලුවන්. paypal, payza දුක් විදින්න ඔවෙම නෑ. අනික දන්නවා ඇතිනෙ paypal වලින් සල්ලි ගන්න නටන්න ඕන තරම. දැන් ඇඩ්ස් ටික සේරම බලලා ඊළගට මං කියන විදියට කරන්න. 

account  > promote යන්න. එතන තියන primary Home page කියන ලින්ක් එක ඔයාලගෙ Referral එක. දැන් කරන්න තියෙන්නෙ ඕක promoteකරල කට්ටිය එකතු කරගන්න එකයි. බුකිය සහ ට්විටරෙ හොදටම ප්‍රමාණවත්. යාලුවො 50ක් විතර සෙට් උනාම ගොඩ. අනිත් එක තමා මුල් කාලේ වැඩේ ෆට්ට එපා වෙනවා. අතෑරියොත් පරාදයි. මුලින්ම $0.3ක් සෙට් උනාම Referral 2ක් රෙනට් එකට ගන්න. මාසයක් එයාල ක්ලික් කරන ඇඩ්ස් වල කොමිසක් අපිට හම්බෙනවා. ඩිරෙක්ට් කට්ටිය සෙට් කරගන්න අතර හම්බෙන සල්ලි වලට රෙන්ට් කරන්න. ලෝබ වෙලා බෑ ආ....ටික දවසක් යනකොට තේරෙයි මුලින් මුදල් ලැබෙනවට වඩා වේගෙන් මුදල් ලැබෙනව කියල. ඔය විදියට හරියට ගේමට බැස්සොත් දවසට $0.5ක් ගානට ආවත් මාසෙ අන්තිමට $15ක් අතේ. මුලින්ම කිව්වනෙ මේක දහස් ගණනින් හොයන්න පුලුවන් වැඩක් නෙවෙයි. අනිත් කතාව දවස් දෙකක් මහන්සි වෙලා ලොකු ගණන් ගන්නත් බෑ. ඔයාලගෙ හැකියාව අනුව ආදායම වැඩිවෙන දවස තීරණය වෙන්නෙ :D Referral වැඩි කරගන්න තරමට තමන්ගෙ ආදායම ඩබල් ට්‍රිබල් කරගන්න පුලුවනි. නිදහසේ මලක් කඩාගන්න හරි ඇතිනෙ. හැමදාම බුකිය පැත්තෙ රවුමක් දාන වෙලේ ජොලියට වගේ වැඩේ කරල බලන්නකෝ.එහෙනම් මම නැවතුනා. උත්සහවන්තයා ජයගනී!!
 

Facebook Photo comments 500+

මේ දවස් ටිකේ බුකිය පැත්තෙ ගියොත් දකිනවනෙ අම්බානෙක  Photo comments වැටෙනවා. ඒකෙ පොඩි ගතියකුත් තියනවා හැබැයි ඉතිං සමහර අය හැමතැනකම මෙව්ව  දාල වපූර් කරනවා. වදුරට දැලි පිහිය අහුවුනා වගේ තමා ඉතිං :D

 මුලින් කියන්න ඕන මේව මම හැදුව ඒව එහෙම නෙවෙයි ඕං...බුකිය පීරල හොයාගත්තුව...සමහර එව්වගෙ තිබුන නම් ගම් (හදපු අයමද දන්නෑ ඉතිං) කිසිම එකක් වෙනස් කරේ නෑ ඒ විදියටම තියනවා. මොකද පස්සෙ කට්ටිය කියයි හොරකන් කරා කියල :P එහෙ මෙහෙ දගලලා මේව හොයන කට්ටියට ලේසියෙන් ගන්න සේරම එකතුවක් හදල upload කරා ඔන්න.

තව එකක් මෙතන 500කට ආසන්න ගානක් (වැඩි උනාට අඩුවෙන් නෙවෙයි හොදේ) තියනවා. 500 කියන්නෙ ටිකක් ලොකු ගානක් නෙ, ඒ නිසා එකතු කරගන්න වගේම එක වගේ දෙකක් තුනක් සෙට් නොවෙන විදියට මේ ටික වෙන් කරා සෑහෙන ගේමක් දීල :P කොච්චර කරත් සමහර විට ඒ වගේ එකම දෙකක් සෙට් වෙයි ඒ ගැන සොරි වෙන්න ඕන. 90%ක් විශ්වාසයි එකම දෙකක් නෑ කියල. තවත් මට හම්බුන සමහර ඒව ගොඩක් ලොකු Photo comments, ඒව ආයෙත් resize කරල ගැලපෙන විදියට හදල තියනව ඔන්න. හැමදාම එකම ටික දාන එකේ මේක අරගන්න දැකපු නොදැකපු ගොඩක් මෙතන තියනවා. වැඩි කතා මොකටද පහල button එකෙන් ගිහින් අරගන්න. මෙතනින් ගන්න අපහසුවක් වෙන අය ඉන්නව නම් comment එකක් දාන්න e-mail එකකින් එවන්න පුලුවන්...;)


http://fc05.deviantart.net/fs45/f/2009/114/5/8/Shiny_green_button_by_Ahimsa1.png


සැ.යු
button ක්ලික් කරීමෙන් පසුව එන පේජයෙ ස්කිප් ඇඩ් ක්ලික් කර download එක ලබාගත හැක.
extract කිරීමට අවශ්‍ය password එක - lattalottaganna

මේ බ්ලොගයෙන් ලබාදෙන ඉදිරි පෝස්ට් ගැන විස්තර දැනගැනීමට හා දිගටම "ලට්ට ලොට්ට ගන්න" සමගින් රැදෙන්නට අපේ fan page එකට Like එකක දාගෙනම යන්න හොදේ...එහෙනම් මම ගියා.
සුභ දවසක්!!

Monday, September 16, 2013

IDM 6.17 නවතම සංස්කරණය හැමදාටම තියාගන්න



මං හිතනව මේ IDM ගැන නොදන්න කෙනෙක් නම් නැතුව ඇති කියල..ඒ තරමටම ප්‍රයෝජනවත්නෙ මේ software කෑල්ල... මම මේ පෝස්ට් එක දාන්න හිතුවෙ දැනට දුන්න downloads වගේම ඉදිරියට දෙන්න හිතං ඉන්න downloads ලබාගන්න මේ software එක ප්‍රයෝජනවත් නිසා.. දැනට IDM තියන අයට නම් මේක අවශ්‍ය නෑනෙ.. IDM දැනට පාවිච්චි කරන අය උනත් ඒක දවස් 30 trail version එක නම්, serial key හොයන්න නෙට් එක පීරනවා නම්, key generator වලින් key හොයන්න කට්ට කනව නම් මෙන්න ඒ අයට උදව්වක්. පහළ තියන crack එක අරගෙන දාගන්න පුලුවන්...100% වැඩ කරන crack එකක් තමයි මම දීල තියෙන්නෙ ;)

             තවමත් මේක ස්ථාපිත කරල නැත්නම්  IDM හි නවතම සංස්කරණය, සැප්. 13 වෙනිද නිකුතුව ඩිරෙක්ට් ගන්න mediafire වලින් දීල තියෙන්නෙ ඔන්න.ස්ථාපිත කරගත්තට පස්සෙ මතක ඇතුව crack එකත් දාගන්න ඕන. ඊට පස්සෙ ඇති තරම් download කරන්න පුලුවන් :D crack එක දානකොට internet connection එක අයින් කරල දාන්න..crack එක ඩබල් ක්ලික් කරල IDM ස්ථාපිත කරපු තැන තෝරල first name, last name දෙන්න. දැන් වැඩේ ගොඩ :D

කතාව ඇතිනේ මෙතනින් ගිහින් IDM 6.17 බාගන්න..ඊට පස්සෙ පහළ තියන crack එක අරගන්න.


         software දානකොට හරි, crack එක දානකොට හරි ගැටලුවක් ආවෝත් අහන්නකෝ...එහෙනම් මම ගියා..තවත් පෝස්ට් එකකින් හමුවෙමු. සුභ දවසක්!!
ඔබේ අදහසක් එකතු කරන ගමන්ම මෙහි facebook page එකට  like එකක් දාල දිගටම "ලට්ට ලොට්ට ගන්න" සමගින් එකතුවෙන්න ආරාධනා කරනවා ඔයාලට :D

Sunday, September 15, 2013

Direct download "aashiqui 2" ~ලොවම හැඩවූ ආදර අන්දරය


free direct download

official trailer

මේ ෆිල්ම් එක ආවෙ මේ අවුරුද්දෙ අප්‍රේල් මාසෙදි...ටිකක් කල් නිසා ගොඩක් අය බලලා ඇති. මේ පෝස්ට් එක තවමත් නොබලපු අය වෙනුවෙන් :D තාමත් බලපු නැති කෙනෙක් ඉන්නවා නම් දෙපාරක් හිතන්න එපා අනිවා අරගෙනම බලන්න... කාලෙකින් ආපු වෙනස් විදියක නියම කතාවක් තියන ෆිල්ම් එකක්.. ඇත්තටම නම් ප්‍රේක්ෂකයො අඩවන ෆිල්ම් එකක්.. මේ වෙනකොටත් ලෝකය පුරා ප්‍රදර්ශනය වෙමින් ප්‍රේක්ෂක ප්‍රතිචාර වලින් IMDb දර්ශකයෙ 7/10 අගයක් ලබාගන්න පුලුවන් වෙලා තියනවා.

කතාව ටිකක් කියනව නම් මෙහි රාහුල් කියන්නෙ
 ජනප්‍රිය ගායකයෙක්..මොහුගෙ බීමත්කම නිසාම නොයෙක් ගැටුම් ඇතිවෙනවා..ඔහුගෙ ගායන දිවියටත් මේ බීමත්කම ලොකු තර්ජනයක් වෙනවා. ආරොහි කියන්නෙ බාර් එකක සිංදු කියම්න් සිටියදි රාහුල්ට හම්බෙන අහිංසක කෙල්ලෙක්. ෆිල්ම් එකේ ඉතිරි කතාව ගෙතෙන්නෙ මේ දෙන්නත් එක්ක..ඇත්තම ආදරය කොච්චර නම් උතුම්ද කියන එකට හොද උත්තරයක් ලැබෙයි ෆිල්ම් එක බැලුවම. හැමදාම දකින විදියෙ කතාවකට වඩා වෙනස් විදියට මේ ෆිල්ම් එක ඉස්සරහට යන්නෙ..සම්පූර්ණයෙන් කිව්වොත් ඔයාලගෙ රසය නැතිවෙන නිසා ඉතිරි ටික අරගෙනම බලන්න කියල ආරාධනා කරනවා.
                              
                                             ෆිල්ම් එක ලේසියෙන් ගන්න 925MBක Direct download link එකක් පහළ තියෙන්නෙ. BluRay 720pපිටපතක් නිසා video quality එක ඉතාම ඉහළ ගුණාත්මක තත්වෙක තියනවා :D බය නැතුවමම ගන්න.


සිංහල උපසිරැසි ලබා ගන්න පහළ තියන ලින්ක් එකෙන් Zoom.lk වලට යන්න.. torrent වලට කැමති අයට එතන තියන torrent ලින්ක් එකකින් ගන්නත් පුලුවන් :D


        ෆිල්ම් එක බලන්කො එහෙමනම්..ඔයාලටම තේරෙයි කට්ටිය මොකද මේකට පිස්සු වැටුනෙ කියල :p
තවත් පෝස්ට් එකක් අරන් එන්නම්කෝ..මම ගියා එහෙනම්.
සුභ දවසක්!!




Saturday, September 14, 2013

"Rice of Nations" game එක direct ගන්න

මේ game එක ටිකක් පරණයි..ඒ උනාට පට්ටම game එකක් නිසා කට්ටයටම ගන්න upload කළා mediafire වලට...කරදරයක් නැතුවම බාගන්න පුලුවන්නෙ එතකොට :D මේක නම් හැබැයි car game එකක්වත්, action game එකක්වත් නෙවෙයි...මේක හරියට "Age of Empires" වගේ  game එකක්..ඒ game එකත් නොදන්න අය බලන්නකො මේ screen shot ටික :p game එක ගැන පොඩ්ඩක් කියනව නම්, අපිට ඕන රටක් තෝරගෙන මේ  game එක සෙල්ලම් කරන්න පුලුවන්..ඕන රටක් කිවවට ඉතිං තෝරගන්න පුලුවන් වෙන්නෙ ලිස්ට් එකේ තියන එකක් තමා :p ඊටපස්සෙ world campaign එකට එන්ටර් වෙලා fullmap එකම තමන්ගෙ වෙනකන් යුද්ධ කරන්නයි තියෙන්නෙ...attack කරගෙන ඉස්සරහට යන්න වගේම ඒ අතර defense කරගෙන තමන්ගෙ භූමිය රැකගන්නත් වෙනව මේ game එකේදි...ඒ වගේම එක තරග වාරයකදි එක රටක් එක්ක යුධ වදින්න වෙන්වෙනවා..
මුලින්ම නම් අපි අපේ නගරය නිර්මාණය කරගන්න ඕන..මුලින් ලැබෙන්නෙ අඩු මිනිසුන් ගණනක්..විවිධ අවශ්‍යතා සපුරගෙන ඒ ප්‍රමාණය වැඩිකරගන්නත් ඊට පස්සෙ සෙබලුන් නිර්මාණය කරගෙන ප්‍රතිවාදි රට අත්කරගන්නත් පුලුවන් වෙනවා... මේ game එකේ මට අල්ලපු පට්ටම වැඩේ තමා, මුලින්ම මේ සෙබලු දුනු වලින්, කඩු වලින්, හෙල්ලෙන් තමා තරග වදින්නෙ...කාලයෙන් කාලයට දියුණු වෙනකොට අශ්වාරෝහකයො, කැටපෝලකරුවො, වෙඩික්කාරයො, යුධ ටැංකි, හෙලිකොප්ටර්, යුධ නැව් වගේ ගොඩක් ගොඩක් ඒවා ගන්න පුලුවන්....:D කොටින්ම කියනව නම් දුනු වල ඉදන් මල්ටිබැරල්, මිසයිල වෙනකන් දියුණු වෙන්න පුලුවන්...වැඩිය විස්තර ඕන නෑනෙ ආස හිතුන අය අරගෙනම බලන්නකෝ...ටිකක් අමුතු සුපිරි game එක..පහළම තියන ලින්ක් එකෙන් ගිහින් දැන්ම බාගන්න එහෙනම් ;)






මේ game එකේ වාසියක් තියෙන්නෙ ලොකු ලොකු අවශ්‍යතා මොකුත් ඕන නැහැ...
                 windows vista/ windows xp/ windows 7
128VGA
256RAM
800MB HD Space
මේ ටික තියනවා නම් බයනැතුව අරගෙන සෙල්ලම් කරන්න පුලුවන් :D මේ game එක 470 MB වගේ තියනවා...ඒ නිසා upload කරන්න පොඩි කට්ටක් කන්න උනා. කොටස් 3කින් mediafire වලට upload කළේ...කොටස් 3ම එක ෆෝල්ඩරයකට බාගෙන extract කරගන්න...ඊට පස්සෙ setup එක run කරන්නයි තියෙන්නෙ :D


සැ.යු.
මෙය install කරනවිටserial key එක විදියට 0000-0000-0000-0000 type කරන්න.

game එක හොද නම් අදහසක් දක්වලම  යන්න හොදේ.....:D
සුභ දවසක්!! 

Wednesday, September 11, 2013

Dialog Srilanka Cricket Awards 2013


මේ දෙන්න යන්නෙ හොට් හොට් නිව්ස් එකක්... වසරක් පාසා පැවැත්වෙන,

 " Dialog Srilanka Cricket Awards " සම්මාන උළෙල
මේ වසරෙදිත් අපේ ක්‍රිකට් ක්‍රීඩක ක්‍රීඩිකාවන් විනිසුරුවරුන් අගය කරමින් පසුගිය රාත්‍රියේදි උත්සවශ්‍රියෙන් අවසන් උනා. අපේ රටේ නම එදා ඉදන් අදටත් ඉහළ රදවන මේ ක්‍රිකට් ක්‍රීඩකයන්ව අගය කිරීම ඇත්තටම වටින දෙයක් නේ..ඒ නිසාම ඒ ගැන විස්තර ටිකක් අරන් ආවා "ලට්ට ලොට්ට ගන්න" තුළින්...:D

ගිය වසරෙ වගේම වසරේ නැගී එන ක්‍රීඩකයා සම්මානය දිනේෂ් චන්දිමාල්ට ලැබුනා

වසරේ ටෙස්ට් පිතිකරු කුමාර් සංගක්කාර,

ඒ වගේම ජනතා සම්මානයෙන් වසරේ ජනප්‍රියම ක්‍රීඩකයා උනෙත් කුමාර් සංගක්කාර,



මේ විදියට 2012 ජූනි ඉදල 2013 ජූනි වෙනකම් ක්‍රිකට් පිටියෙ දැක්වූ දක්ෂතා අගයමින් තව බොහො සම්මාන පිරි නැමුනා...සියලු ඡායාරූප ගන්න මෙතනින්




මෙහිදි ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකවන්ද සම්මින වලින් පිදුම් ලැබුවා..කෙල්ලො ටිකත් නරකම නෑ ඕන්... :p










ඒ වගේම ශ්‍රි ලංකා වයස අවුරුදු 23න් පහළ කණ්ඩායම, ක්‍රිකට් විනිසුරුවරුන් වගේම මාධ්‍ය වෙනුවෙන්ද සම්මාන වෙන්වෙලා තිබුනා...මේ සියලු විස්තර එක්කම සම්මාන උළෙලේ සියලු ඡායාරූප බලන්න මෙතනින් යන්න හොදේ...:D

විස්තරේ හොද නම් කමෙන්ටුවක් දාගෙනම යනන් ඕන :p
සුභ දවසක්!!

සිංහල, English, தமிங் fonts 2000+ එකම තැනකින්



ඔන්න "ලට්ට ලොට්ට ගන්න" බ්ලොගයෙන් දෙන්න යන්නෙ හැමොටම ඕන වෙන වටින කියන දෙයක්. නිතරම office package, graphic designing වගේ භාවිත කරන අය නම් නිතරම තමන් ළග අවශ්‍ය  fonts අරන් තියාගෙන ඉන්නවා. 
ඒ උනාට අපි වගේ අය කලාතුරකින් article එකක්, letter එකක්, cv එකක් හදා ගන්න ගියාම fonts නැතිව ලොකු අමාරුවක වැටෙනවනෙ :p හික්ස්....ඇඩෙනවා තනි ඇහැට
ඒ වෙලාවට පණ දාගෙන නෙට් එක පීරනවා, හේ හේ...මටත් ඕක නිතරම වෙනවා.ඒ හින්දම පොඩියට කලෙක්ෂන් එකක් දාල තියාගත්තා. දැන් මගෙ ළග 2000 කට වැඩි  fonts කලෙක්ෂන් එකක් තියනවා. එතන සිංහල, English, தமிங் භාෂා 3න්ම තියන නිසා හැමොටම වටින දෙයක් වෙයි කියල හිතනවා.
ඒ නිසා ඔන්න මම ඒ සේරම එකම තැනකින් ගන්න පුලුවන් විදියට upload කළා.

පහළ තියන ලින්කුවෙන් ගිහින් අවශ්‍ය අය අරගන්නකෝ.. ප්‍රයෝජනයක් ගත්ත අය පුංචි අදහසක් දක්වලම යන්න එහෙනම් හොදේ :D

download now


එහෙනම් තවත් ලට්ට ලොට්ටයක් එක්ක එන්නම්කෝ...:p
සුභ දවසක්!! 

Tuesday, September 10, 2013

welcome



"ලට්ට ලොට්ට ගන්න" බ්ලොගය වෙත ඔබ සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා. ඉදිරි කාලය තුළ ඔබ දත් නොදත් දේ සමගින් බොහෝ දෑ මෙම  බ්ලොගය තුළින් බෙදා හදා ගැනීමට බලාපොරොත්තු වෙනවා.

නවතම මෘදුකාංග
නව දැනුම
ක්‍රීඩා එකතුවන්
ගීත එකතුවන්
චිත්‍රපට උපසිරැසි
  ආදි නොයෙක් දේ ලබාගන්න එකතුවන්න "ලට්ට ලොට්ට ගන්න" බ්ලොගය සමගින්.

සුභ දවසක්!!

col3best sinhala movies