Monday, September 23, 2013

PTC - Adds ක්ලික් නොකර සල්ලි හොයමුද


PTC කියන්නෙ මොකක්ද? ඇත්තටම සල්ලි ගෙවනවද? කොහොමද හරියට ඇඩ්ස් බලන්න ඕන කියල ගොඩක් කරුණු කලින් පෝස්ට් එකකින් දැම්මා. එතනදි මම කිව්වෙ ලේසියෙන් සල්ලි අතටම ගන්න පුලුවන් ලංකාවෙ සයිට් එකක් ගැන. ඒ ලිපිය බලන්න ඕන අය මෙතනින් ගිහින් ඒකත් කියවලම ඉන්නකෝ..
                අද මේ කියන්න දුවගෙන ආවෙ තවත් පට්ට වැඩක් ගැන. කෙටියෙන්ම කිව්වොත් ඇඩ් ක්ලික් කර කර දුක් විදින්නෙ නැතුව PTC වලින් සල්ලි හොයන ක්‍රමයක්. මෙහෙම කරන්න පුලුවන් සයිට් එක probux. PTC වලින් ඉස්සරහින්ම තියන සයිට් එකක් තමා මේක. ඒ වගේම අනිත් ඒව වගේ වැඩි කතන්දර නැතුව ලේසියෙන් වැඩි ගානක් හොයාගන්න පුලුවන් සයිට් එකක්. 
            ඔන්න වැඩි අනම් මනන් නැතුව ඇඩ් ක්ලික් නොකර සල්ලි හොයන විදිය කියන්නම්. මේ වැඩේ කරන්න වෙන්නෙ ගිනිනරියා ඉන්න අයට තමා. ඒ නිසා පහළ ලෝගුව ක්ලික් කරල  ගිනිනරියාඅරන් install කරගන්න.


හරි දැන් පහළ ලින්කුවෙන් ගිහින් Greasemonkey කියන ඇඩෝනය install කරගන්න.


දැන් වැඩේ ටිකක් හරි. හැබැයි ඉවර නෑ :p  ඉවරවෙන්නෙ මෙතනින් ගිහින් පහළ රූපෙ විදියට JavaScript එක  install කරගත්තට පස්සෙ.



දැන් වැඩේ ගොඩ, කරන්න තියන එකම දේ තමන්ගෙ probux account එකට log වෙලා view ads ක්ලික් කරන එක විතරයි. ඊට පස්සෙ කට ඇරන් බලන් ඉන්න මැජික් එක දිහා. අෆොයි එහෙනන් ක්ලික් කර කරම ඉන්න තිබුනනෙ.  view ads ක්ලික් කරල වෙන වැඩක් කරගෙන ඉන්නයි තියෙන්නෙ වදුරුපැටියා වැඩේ කරල දෙනකන්. තවමත් probux account නැති අය පහළ බැනර් එක උඩින් ගිහින් හදාගන්න. පේනවනෙ නිකන්ම සල්ලි :D


view ads ක්ලික් කරපු ගමන් පහළ 1න් පේන විදියෙ කොටුවක් මතුවෙයි. ඇඩ් එක බලලා ඉවර උනාම 2න් පේන විදියට වැටෙනවා.


ඔන්න මම නම් සේරම ටික බලව ගත්තා :D දෙයියනේ කියල page load වෙන data ටිකත් ඉතිරියි.


දැන් බලයි සමහර ඒව done, අනිත් ඒය මොකුත් නෑනෙ කියල.. බලපු ඇඩ් එකක් උඩින් මීයා අරන් ගියාම වෙනවා, ගණන් ගන්න එපා හික්ස් :p දැන් කට්ටිය බලයි හැම එකට මේ වැඩේ පුලුවන් නෙ කියල. අපේ අයියල රට කම්මැලියො නෙ :D වැඩේ හරියන්නෙ කිහිපයකට විතරයි. සමහර ඒවගේ ඇඩ්ස් බැලුවම රූපයක් තෝරන්න, අංකයක් තෝරන්න දෙනවනේ. එතකොට ඉතිං මේ හොරේ අහුවෙනවා :p probux වලට 100%ක් වැඩ.

කොහොමද වැඩියෙන් හොයන්නෙ?
              මන් කලින් ලිපියෙ කිවවනේ මේ වැඩෙන් දවසට දහස් ගණන් හොයන්න බෑ. තමන්ගෙ දක්ෂතාවය අනුව හොයන ගාන වැඩිකරගන්න පුලුවන්. තමුන් සේරම ඇඩ් බැලුවොත් ලැබෙන්නෙ $0.05- $0.06 ක් වගේ දවසකට. PTC වලින් දියුණු වෙන කලාව තමා referrals හොයනව කියන්නෙ.

01. Direct referrals
      අපේ referral ලින්කුව දීල කට්ටිය එකතු කරල දෙනව සයිට් එකට. මේ ගැන වැඩි විස්තර පළවෙනි ලිපියෙත් ලිව්වා. ඒකත් බලන්න. මේ වැඩේ ටිකක් අසාර්ථකයි. මොකද කට්ටිය වැඩි කැමැත්තක් නෑ කාගෙවත් referral ලින්කුවකින් වැඩේට බහින්න. නමුත්සහයක් දරන්න එක්කෙනෙක් උනත් ඔයාලටයි. දැන් ඉතින් ක්ලික් කෙරිලි නෑනෙ ;) ඒ නිසා කස්ටිය වරඩේට කැමති වෙයි.

මේක අසාර්ථක වෙන්න තව හේතුවක් තියනවා. අපි හිතමු කෙනෙක් direct referral 50ක් හොයාගත්තා.
එතකොට දවසකට ලැබෙන ගාන 50*4=200 , 150*0.0005= 0.075$ යි. දැන් බලයි ක්ලික් 200න් 150ක් ගත්තෙ ඇයි කියල. හැමකෙනෙක්ම දිනපතා ක්ලික් කරන්නෙ නෑනෙ ඉතිං :p අෆොයි පේනවද 50ක් හිටියත් වැඩක්ද?

01. Rent referrals
        මම දකින සාර්ථක විදිය මේක. ක්ලික් කරලම හම්බෙන ගානක් දීල  referral rent කරනවා. වැඩේ ලේසිනෙ. මුල්ම 0.6$ එකතුවුන ගමන් ලෝබ නැතුව referral 3ක් rent කරන්න. ප්‍රතිලාබ මාසෙකින් ඔන්න බලන්නකො. 

    මුලු ඇඩ්ස්= (3*4)*30 = 360
    360/2 ක්ලික් කරාම = 180*0.005 = 0.9$

ඒ වැඩේ පාඩු නෑනේ,  හොදම referral 3ක් සෙට් උනොත් මීට වැඩිය ලැබෙනවා. මේ වැඩේට පොඩි කට්ටක් කන්න වෙනව මුල් ටිකේ. මුලින්ම හම්බෙන හැම 0.6$ ම දීල referral rent කරන්න ඔන. දවස් 30න් අයින් වෙන අයගෙන් ක්ලික්ස් වැඩි referrals ආයෙත් ගන්න. මාසයක් හමාරක් හරියට වැඩේ කරගත්තා නම් rent referral 50ක් ගේමක් නොවෙයි. ඔන්න බලන්න rent referral 50ක් නම් වැඩේ,

50*4=200 , 150*0.005= 0.75$

direct referral 50ක් හොයාගත්තා වගේ 10 ගුණයක්..මේක මෙහෙම දාන්න තරන් ලොකු ගානක් නෙවෙයි. කට්ටිය බනියි මුට පිස්සුද කියල. ඔන්න බලන්න මම මුල් ලිපියෙන් කිව්ව කතාව ඇත්ත වෙනවා.

දවසක මුලු ආදායම (තමන්, rent referral 50, direct referral 50)
         
$0.05+ 0.075+ $0.75= $0.875

මාසයකින්,

$0.875*30= $26.25*132= රු 3465/=

ඔන්න මන් කිව්ව කතාව, නිදහසෙ මලක් කඩන්න ෆොන් එකට හරි දාගන්න පුලුවන් :D බෑ බෑ කිය කිය ඉන්නවට වඩා මෙහෙම දේකින් හරි නිකන් ලැබෙන දේ ගන්න එක හොදයි කියලයි මට නම් හිතෙන්නෙ. රු 3000ක් කියන්නෙ අද කාලෙ පොඩිගානක් උනාට ඒකවත් නැති අයත් ඉන්නවනේ. 

වැදගත්ම කතාව තමා පළවෙනි දවසෙ, පළවෙනි මාසෙ මේ විදියට හොයන්න බැරිවෙයි. ඔයාලගෙ  referral ගැන වැඩි කරගත්ත ගමන් මීට වඩා හෙයන්න පුලුවන් වෙයි. ඒ වගේම ගන්න referrals ල ඇක්ටිව් ද නැද්ද කියන එකත් මේකට බලපානව. අනිත් දේ තමා referrals ලගෙ ක්ලික් වලට මුදල් ලැබෙන්නෙ අපි ඇඩ් ක්ලික් කරනව නම් විතරයි.

එහෙනම් මම ගියා. ඔනවටත් වඩා දිග උනා. එක්කනෙක්ට හරි ප්‍රෙයාජනයක් උනා නම් ඒ ඇති...:D

සැ.යු - මුදල් හොයල paypal වලට නම් ගන්න එපා  paypal  ගැන හරියට දන්නෙ නැත්නම්. payza කියන්නෙ ලංකාවට මුදල් ගෙන්නන්න පුලුවන් account එකක්. ඒ උනාට payza වලට ගන්න යන්නතු එපා $5ක් උන ගමන්. paypal, payza  ගැන නොදන්න අය සහ දැනගන්න කැමති අය ඉන්නව නම් comment එකකින් හරි අහන්න දන්න සේරම කියල දෙන්නම්.                      

15 comments:

  1. Friend, its not working from last week, Any Solutions???

    ReplyDelete
    Replies
    1. ඒ script එක මාරු කරමු, "black list උනොත් ඔය අවුල වෙනවා bro",
      මුලින්ම tools >> Add-ons >> User Scripts ගිහින් enable වෙලා තියන probux කියන එක disable කරන්න.

      දැන් මෙතනින් යන්න : http://userscripts.org/scripts/show/176179
      කලින් වගේම මේ script එක install කරන්න එතකොට හරි bro :D

      Delete
  2. payaza walin mony genna ganne kohomada?

    ReplyDelete
    Replies
    1. Payza වලට සල්ලි ගන්න එපා සහෝ, එයාලගෙ අඩුම withdrawal limit එක 40$, ඒකෙන් 25$ එයාල කපනවා. ඔයාට සල්ලි ගන්න පුලුවන් හොදම විදිය Paypal. තව විස්තර දැනගන්න Paypal ගැන දාල තියන පෝස්ට් බලන්න :)

      Delete
  3. allow popup blocker kiyala message ekak enawa bro add view gihama

    ReplyDelete
    Replies
    1. comments moderation active නිසා ටිකක් late, ප්‍රමාදය ගැන සමාවෙන්න ඕන සහෝ :)

      මේ විදියට හදාගන්න browser එකෙන්,
      tools >> options >> content කියන ටැබ් එකට යන්න.
      උඩම ඇති block popup windows කියල එකක්, ඒකට වැටිල තියන ටික් එක අයින් කරන්න.

      Delete
  4. rent karapu referal walin 1 ka ads click wennema na..ekata recycle karana 1 da hoda nath nam ehemma thiyenna arinnada

    ReplyDelete
    Replies
    1. දවස් 3, 4 ක් ක්ලික්ස් නැත්තම් recycle කරන එක හොදයි. අලුතෙන්ම ගන්න අය ක්ලික්ස් නොකර පරණ වෙන්න අරින එක පාඩුයි, එයාල auto pay වලින් ඉන්නෙ දවස් 20ට වැඩි නම් විතරනෙ.

      පරණ අය recycle කරද්දි avg එක බලන්න, අලුත් අයට දවස් ගාන බලන්න :)

      Delete
  5. sribux kiyala site ekak thiyenawa eka lankawe ekakda.trust karanna puluwan ekkada? detail dannawada probux wage thawa hoda ptc site thiyeda

    ReplyDelete
    Replies
    1. sribux මහ කපටියෙක් ඒ සයිට් එකෙන් සල්ලි ගන්න නම් අපි fund එකක් දාන්න ඕන. උදා: 5$ දැම්මොත් 5.5$ එළියට ගන්න පුලුවන්. හැබැයි paypal fee එක කැපුනම දාපු 5වත් නෑ.

      neobux හොදයි. 100% trusted. ඒ ගැනත් ලියන්නම් මම :)

      Delete
  6. machoo mekenuth data yanwa neh selakiya uhtu pramanayak.greese monkey hityata

    ReplyDelete
    Replies
    1. මේක දැන් ටික කාලෙකට කලින් දාපු පෝස්ට් එකක් සහෝ, මුලින්ම දුන්න script එකෙන් පොඩ්ඩක්වත් ඩෙටා යන්නෙ නැහැ. මේකෙන් popup එකක් එන නිසා ටිකක් යනවා. PAGE එකක් LOAD වෙන්න 30-100KB වගේ නෙ යන්නෙ. නොසැලකිය හැකි තරම් :p

      Delete
  7. Thanks machan elata weda restrat kalama wedakala den tikakata klin ewwa comment eka ewwe weda ne kiyala mama -Hasantha

    ReplyDelete

col3best sinhala movies