Tuesday, October 1, 2013

SLT Internet මාසෙ අන්තිමට Limit වෙනවද?

 මම මේ පෝස්ට් එක ලියන්න ගත්තෙ දැන් දවස් ගානකට කලින්. නොහිතපු අවුලක් නිසා පෝස්ට් එක සම්පූර්ණ වෙනස් කරන්න උනා. හරි පෝස්ට් එකට එන්ටර් වෙන්නම්කෝ, කියවනකොට තේරෙයි මොකද්ද මේ කියපු අවුල කියල :D ඔයාල පාවිච්චි කරන්නෙත් SLT Internet ද? මාසෙ අන්තිම කිට්ටුවෙනකොට Limit slow වෙනවද? මෙන්න බලන්නකො මගේ කතාව. 25GB package එකක් තියෙන්නෙ මට. (පැහැදිලි නැත්තනම් රූපෙ උඩ ක්ලික් කරන්න)


                       කොහොමද වැඩේ හොදයි නේ :D 25GB package එකක් තියාගෙන 35GB පන්නල use කරනවා. 35GB package එක රු.2690ක් වෙනවනෙ, මගේ කතාව රු.1490 න් shape වෙනවා. මොකද්ද මේ රහස කියල දැනගන්න කැමති අය ඇතිනෙ මං කියන්නම්. මුලින්ම කියල ඉන්න ඕන මේ ක්‍රමය ට්‍රයි කරන්න පුලුවන් වෙන්නෙ Unlimited package එකක් තියනව නම් විතරයි හොදේ.
                               කට්ටිය බයවෙන්න එපා මේක නීතිවිරෝධි වැඩක් කියල එහෙම :D අපි මේ සෙල්ලම දාන්න යන්නෙ අපේ IP address එකත් එක්ක. අපි internet පාවිච්චි කරන්න router/modem එක on කරන හැමවෙලාවකම එකිනෙකට වෙනස් IP address එකක් තමයි ලැබෙන්නෙ. අන්න ඒකට තමා මේ dynamic IP එකක් කියන්නෙ. ඔයාලගෙ usage meter එක බැලුවොත් පේනව එකම දවසක උනත් usage එක පෙන්නන්නෙ කොටස් විදියට. කොහොමද මේ කොටස් වෙන් වෙන්නෙ? හැදෙන එක IP address එකක් තමයි එක කොටසක් වෙන්නෙ. මේ කතාව හොදට තේරෙයි පහළ screenshot එක බලන්නකො.

        
                          මෙතන සැප්30 ට කොටස් 4ක් හැදිල තියනවා. ඒ කියන්නෙ මගෙ IP address 4ක් මාරු වෙලා තියනව දවසට. කොළපාට කොටුව බලන්නකො. 17:44:43ට end  වෙලා17:44:57ට ආයෙත් connect වෙලා. මේ වෙලා තියෙන්නෙ connection lost එකක්. නිතරම ඕව වෙන නිසා දන්නව ඇතිනෙ :p  දැන් කට්ටය බලයි මේ මොකාටද එන්නෙ කියල :p මේ විස්තර වැදගත් නෑ මේක කරන්න, ඒත් දැනගත්තා කියල වැඩිත් නෑනෙ.

            25GB package එකක් නම් 25600MB ඉවර උනාම  Limit වෙනවා. මේක කරන්න වෙන්නෙ ඒ 25600MB ඉවරවෙන්න කලින්. 25300MBක් විතර තියෙනකොට නම් වඩා හොදයි. ඒ වගේම හොදට මතක තියාගන්න මාසෙ අන්තිම දවස් වල විතරක් මේ වැඩේ කරන්න. හරි දැන් කරන විදිය බලමු. අපේ Limit එක ඉවරයි කියල SLT එකෙන් දැනගන්නෙ කොහොමද? කලින් නම් අපේ IP address එක වෙනස් වෙනකන් එයාලට දැනගන්න බැහැ. ඒ කියන්නෙ ඔයාලගෙ IP address එක මාරු වෙනකොට 25600MB ඉවරවෙලා නම් slow වෙනවා. එහෙනම් කරන්න තියෙන්නෙ IP address එක මාරුනොකර තියාගන්න. වැඩේ සරලයි. අදාළ MB ගණන ඉවරවෙන්න ළං උනාම router/modem එක UPS එකකට වගේ සම්බන්ධ කරල on එකේම තියාගෙන ඉන්නවා. connection lost එකක් නැත්නම් IP address එකමාරු වෙන්නෙ නෑ. එතකොට අසීමිතව download කරන්න පුලුවන්.

                                හැබැයි පොඩි අවුලක් SLT එකෙන් මේ ක්‍රමය වෙනස් කරලද කියල සැකයක් තියනවා. මගෙ දැන් මාස 2ක් 25600MB ඉවරවුන ගමන් slow උනා. ඊට කලින් මාසෙ නම් ඒ අවුල උනෙ නෑ. දැන් බලයි  slow උනත් කොහොමද මෙච්චර  usage එකක් කියල :p මම සාමාන්‍යයෙන් download කරන්නෙ මාසෙ අන්තිමට. 25300MB දි විතර torrent සෙට් එකක් දානවා. slow වෙලා තිබුනත් 64KB වලට වැඩි speed එකකින් download වෙනවා. slow නොවි තිබුනොත් සාමාන්‍ය speed එකෙන්ම download වෙනවා.

                මේක තමා මම කරන විදිය. ඔයාලත් try එකක් දීල බලන්න. දවස් ගානක් router/modem on එකේම තියාගෙන ඉන්න එකත් හොද නෑනෙ. ඒ නිසා මාසෙ අන්තිමට විතරක් කරල බලන්න. අනිත් එක slow උනාට පස්සෙ router/modem on එකේම තියාගන්න try කරන්නත් එපා. මාසෙ මුල ටික ඉවසල අන්තිම දවස් දෙකක් විතර අරන් බලන්නකෝ. හැබැයි පුතෝ  torrent download උනාට මොකද page එකක්වත් load නොවෙන ගානට slow වෙයි හොදේ... :p මටත් මේ පොස්ට් දාගන්න බැරි උන අවුල ඒක තමා. ඒත් පාඩුවක් නෑ හොදට ෆිල්ම් බැලුවා :D එහෙනම් මම ගියා..ජයවේවා!!

0 comments:

Post a Comment

col3best sinhala movies