Thursday, October 10, 2013

Campz යන්න බලන් ඉන්න කොල්ලො කෙල්ලන්ට ආරංචියක්

UPDATED on 2013/10/15
cmpz කතාවෙ අලුතම විස්තරෙ දැන් කට්ටිය දන්නව වෙන්න ඕන. මට මේ ගැන Janith jayasinha යාලුව කමෙන්ටුවකින් කිව්වට පස්සෙ ටිකක් හොයන්න හිතුන ආයෙත්. කිව්ව වගේම නිව්ස් එක අලුත් වෙලා. කාණ්ඩ 03කින් නායකත්ව පුහුණුව අරඹන්න දින දීල තියනවා. තෝරගත්ත අයගෙ විස්තර නම් තාම update වෙලා නෑ වගේ. 
  • පළමු කාණ්ඩය නොවැ 25 සිට දෙසැ 16
  • දෙවන කාණ්ඩය දෙසැ 21 සිට ජන 11
  • තෙවන කාණ්ඩය ජන 28 සිට පෙබ 18 වෙනකන්
දැන් ඉතිං නාලා වරෙන්කො. මේ අවුරුද්දෙ දෙසැ  කැම්පස් යන්න හිතුව අපිට ලබන අවුරුද්දෙ පෙබ 18 පහු වෙනකන් යන්න වෙන්නෙ නෑ sure එකටම. හේ හේ... ඒකත් මරු හැබැයි. මේ නිව්ස් එක ගත්තෙත් කලින් වගේම යටින් දාල තියන Uni news එකෙන් හොදේ. 

2013/10/10      
  අපොස උසස් පෙළ ලියල, කැම්පස් එකට ඇප්ලිකේෂන් එකත් දාල ඉන්න කෙනෙක් නම් මේ දවස්වල හොදට ඇහැ කන ඇරගෙන බලන් ඉන්නෙ, කොයිවෙලාවෙද මොකක් හරි අලුත් විස්තරයක් දැනගන්නෙ කියලනෙ. හැබැයි ඉතිං ආශ්චර්යය කියන්නෙ ඒ දේවල් ගැන හරි හමන් තොරතුරක් ප්‍රසිද්ධ නොකරන එක.
         ඔන්න පහුගිය ටිකේ නම් කෑගැහුවනෙ ඔක්තෝබර් මුල් සතියෙ නායකත්ව පුහුණුවට ගන්නවාය, කඩඉම් ලකුණු දෙනවාය  අනං මනං කියල. එහෙම කියපු අය ඊයෙ කියන්නෙ වෙනස් කතාවක්. හැමකෙනෙක්ම දන්නවනෙ මේ දවස් ටිකෙ ලංකාවෙ අර පොදුරාජ්‍ය මණිඩලයෙ මොකද්ද තියන්න ලැහැස්ති වෙනවනෙ. අන්න ඒ නිසා ඒක ඉවරවෙනකන් ඒ කියන්නෙ නොවැම්බර් 17 වෙනකම් නායකත්ව පුහුණු පවතවන්නෙ නැහැලු. මේ මාසෙ යන්න බලන් උන්න අපිට sry.com හේ හේ. ගණන් ගන්න දෙයක් නැහැ කොහොමත් කියන වෙලාවට ඕව උනොත්නෙ අවුල තියෙන්නෙ :p

          ඒත් එක්කම කියනව අපේ කඩඉම් ලකුණු ටික නම් මේ මාසෙ අන්තිම හරි ලබන මාසෙ මුලදි හරි දෙනව කියල. ඒකත් ඉතිං දෙනකන් විශ්වාස කරන්නෙ කොහොමද නෙ, ආශ්චර්‍යයනෙ හේ හේ..එතකොට කලින් කිව්ව විදිය කණපිට හැරෙනවා. ඒ කියන්නෙ කඩඉම් ලකුණු ටික දුන්නට පස්සෙ තමා මෙයාල නායකත්ව පුහුණුව තියන්නෙ. කොහොමහරි කමක් නෑ වැඩේ වෙනවන නම් නෙ. මේ සැරෙ කොල්ලො කෙල්ලො 23,125 ක් ගන්නවලු පාඨමාලා 94කට. ටිකක් වැඩිවෙලා තියෙනවා. ඒක නම් හොදයි මේ පාරත් මොන අඩව්වක් තියෙයිද දන්නෙ නැහැනෙ නැත්නම්.

          තාම දවසක් කියල නම් නෑ. නමුත් කඩඉම් ලකුණු දාන්නෙ www.ugc.ac.lk අඩවිය ඔස්සෙ. මේ ලිපිය තිබුනෙ මෙන්න මේ Lanka University News කියන අඩවියෙ. එහෙනම් මම ගියා. මේ ගැන බලන්ඉන්න අනිත් සෙට් එකටත් බලන්න share කරන්නකො..;)

මූණුපොතෙන් ආපු අයගෙ අදහස්

PTC - Adds ක්ලික් නොකර සල්ලි හොයන සෙට් එකට තල්ලුවක් #2

    දැකපු ගමන් හිතාගන්න පුලුවන් නෙ, කියන්න යන්නෙ probux ගැන කතාවක්. හැබැයි මේක මගේ රෙෆලල් වැඩි කරගන්න හදන කූට උපායක් කියල අවස්ථාව අතෑරගන්න එපා. විශ්වාසයෙන් කියන්නම් ලිපියෙ එකම තැනකදිවත් මගෙ රෙෆලල් ලින්ක් එකක් පල කරන්නෙ නැහැ.
 
මුලින්ම කියන්න ඕන මම දාපු, "PTC - Adds ක්ලික් නොකර සල්ලි හොයමුද" පෝස්ට් එකේ විදියට auto adds බලන එක දැන් නම් හරියට වැඩ කරනවා. වෙලාවකට නැතිවෙනවා. ඒක java script වල හැටිනෙ ඉතිං :p එහෙම හරියට වැඩ නැත්නම් ඒ පෝස්ට් එකේ කමෙන්ටු බලන්න ගැටලුවක් උන යාලුවෙක්ට ඒක හදාගන්න විදිය මම කියල තියෙනවා.  මෙතනින් ඒ පොස්ට් එක බලන්න.

               අද කතාව කියන්න කලින් පොඩි දෙයක් මතක් කරන් ඕන. PTC ගැන කිසිම විශ්වාසයක් නැති ඒ වගේම කරන්න හදල උත්සහය අතෑරල දාපු පිරිසක් ඉන්නවනේ. ඒ හැම කනෙකේම E-money ගැන ආසාවක් තියන ඒත් මේ වැ‍ඩේ සාර්ථකත්වය නොදැකපු පිරිසක්. එතන වරදක් නැහැ මොකද මමත් මේ වැඩේ අතෑරල දාල ආයෙත් ඇදල ගත්තු කෙනෙක්. ඒ හැමදෙනෙක්ම මම වගේම freelancer, Odesk වැනි සයිට්ස් වල වැඩ කරන්න උත්සහ දරන්න ඇති. සමහර අය සාර්ථක වෙන්න ඇති. ඒත් මම වැටුනෙ අසාර්ථක කාණ්ඩයට. ඒ නිසා ඒ ගැන කියන්න මම දන්නෙ නැහැ. මොකද අපි අලුතෙන් එතනට ගියපු ගමන් අපිට වැඩ පවරන්නෙ නැති නිසා. ඒකට සතියක් මාසයක් හෝ මාස කිහිපයක් වෙහෙසෙන්න වෙනවා. මම වැරදි නම් දන්න කෙනෙක් මේ ගැන නිවැරදි කරන්න කියල ඉල්ලනවා. මේ දේවල් අසාර්ථකයි කියල නෙවෙයි මම කියන්නෙ, වැඩ කාරයෙක්ට හොයන්න සුපිරිම තැන්, නමුත් ඕන කෙනෙක්ට ලේසියෙන් කරන්න පුලුවන් දේවල් නෙවෙයි. ඇඩ් එකක් ක්ලික් කරන එක, සහ විනාඩි 10ක් වෙන් කරගන්න එක ඕන කෙනෙක්ට කරන්න පුලුවන් නිසයි කියන්නෙ.

         probux කිරිල්ලත් මීට දෙවැනි නැහැ. ඒ කියන්නෙ අපි සාර්ථක වෙන්න නම් මාස 4ක් 5ක් වෙහෙසෙන්න වෙයි කිසිම ලාබයක් නැතුව. වෙහෙසෙන්න කිව්වට කරන්න මහ දෙයක් නැහැ, දන්නවනෙ දවසට විනාඩි 10ක් වගේ පුංචි කාලයයි වෙන් කරන්න ඕන. හැබැයි එක වෙනසක් තියනවා. අපි මේ යොදවන කාලයෙන් කිසිම නාස්තියක් වෙන්නෙ නැහැ කියල 100%ක් විශ්වාසයි. මොන දේ උනත් පටන් ගත්ත ගමන් අමාරුයිනෙ, හරියට මේක අල්ලගත්තොත් බලන් ඉද්දි $ වැඩිවෙයි.ඔක්කොට කලින් මෙන්න මේ පිංතූරෙ බලන්නකෝ. (පැහැදිලි මදි නම් ක්ලික් කරල බලන්න)

මේක මගේ screen shot එකක් එහෙම නෙවෙයි ඕන්. එළකිරියට වැඩේ අල්ලගත්ත කොල්ලෙක්ගෙ. මේකෙන් දැනගන්න තියන දේ තමයි probux වලින් අපි හොයන මුදල රැදෙන්නෙ අපේ Referral click ගණන මත. ඒ වෙනස හොදටම පේනවනෙ මේ screen shot එකෙන්. අනිත් වැදගත්ම දේ Referral හොයනව කියල අපි Direct Referra-DR පස්සෙ දුවන්න ඕන නැහැ. පේනවනෙ මෙයාගෙ  DR 10යි. RR 365යි. දැන් බලමු කොහොමද මේ තැනට අපි එන්නෙ කියල.

කොහොමද R. Referrals ගන්නෙ? 

හරි අපි දැන් DR ලව අමතක කරල දාලා RRල ගැන බලමු. මුලින්ම වැඩේ පටන් ගත්තු කෙනෙක්ට නම් පට්ටම අමාරුයි. RRල අවමය 3ක් ගන්න 0.6$ ඕන වෙනවනෙ. ඒකට එකම විසදුම ඉවසීමෙන් ඒ ගාන එකතු කරන එක තමා :p ඊට පස්සෙ RRල 3ක් ගන්නව දවස් 30ක් සදහා. මේක කරන්න නොදන්න කෙනෙක් නම් නැතුව ඇති. කමක් නෑ ඔන්න පිංතූරෙකුත් දැම්මා.

  • My account >> Rent referrals >> 3 >> yes අන්න ඒ විදියට  RRල ගන්න පුලුවන්.

RReferral ගන්න එක වාසිද? අවාසිද? 

මේක තමා තියන වාසිදායකම විදිය. සමහරවෙලාවට පාඩුවක් විදියට පේනවා. ඒ උනත් ඇත්තටම එහෙම නැහැ.  RRල 3ක් ඉන්න කෙනෙක්ට ලොකු වාසියක් නැහැ. ඒ උනත් අපේ target එක RRල 150ක් විතර කරගත්තම මේක පට්ටම වාසිදායකයි. සාමාන්‍යයයෙන් RR එක්කෙනනෙක් වෙනුවෙන් අපි ගෙවන ගාන 0.2$ ලැබෙන්න එයාගේ ක්ලික්ස් 40ක් තියෙන්න ඕන. ඊට වැඩිවෙන තරමට අපිට ලාබයි. සාමාන්‍ය බැලුවොත් 1.3 වගේ තියෙන්න ඕන. ඒ නිසා අවාසියක් වෙන ඉඩ අඩුයි. බයවෙන්න දෙයක් නැහැ :D

කොහොමද RReferrals වැඩිකරගන්නෙ? 

RRල ගත්තම එයාල ඉන්නෙ දවස් 30යි. ඊට පස්සෙ අයින් වෙනවනෙ. එයාලගෙ හොදට ක්ලික් කරන බුවෙක් හිටියොත් සාමාන්‍ය 1.5ක් වගේ තියෙනව නම් තවත් දවස් 30කට ගන්න පුලුවන් අපිට. ඒ වගේම වැඩිය කට්ටිය නොදන්න එළකිරි ක්‍රමයක් තියනවා. ඒක පහලින් දැම්ම බලන්නකො.

RReferrals වැඩිපුර තියාගන්න autopay කරමුද?

මේ වැඩේ කරන්න අවශ්‍යතා 2 3ක් තියනවා.
  •     අපිට RRල ඉන්න ඕන
  •     අපේ probux ගිණුමෙ මුදල් තියෙන්න ඕන
  •     අපිත් එක්ක ඉන්න දවස් 20ට වඩා ඉතිරිවෙලා තියන RRල ඉන්න ඕන.
මේ ටික සම්පූර්ණ නම් RRල ඉන්න පිටුවට ගිහින් ඒකෙ උඩම තියෙන AutoPay: Enable කරන්න.

autopay Enable කරාම මොකද වෙන්නෙ?

හරි අපි හිතමු අපිත් එක්ක තවත් දවස් 25ක් ඉන්න RRල 3ක් ඉන්කොට AutoPay: Enable කරනවා. එතකොට අද දවසෙ ඒ RRල 3න් එක්කෙනෙක් හරි ඇඩ්ස් ක්ලික් කරොත් එයා වෙනුවෙන් අපි 0.0057$ක් ගෙවනවා. ඒ වෙනුවෙන් එයා තව වැඩිපුර දවසක් අපිත් එක්ක ඉන්නවා. ක්ලික් නොකරන අනිත් දෙන්න වෙනුවෙන් කිසිම විශෙෂයක් නැහැ, සුපුරුදු ලෙස එයාලගෙ දවස් ගණන තියනවා. මේක Auto වෙන දෙයක් හොදේ.

autopay Enable කරාම වාසියක් තියනවද?

මාසයක් වෙනුවෙන්  RR කෙනෙක් ගන්න අපිට 0.2$ ඕන වෙනවා. දවස් 30ක් AutoPay උනොත් අපිට ඕන 0.0057*30 = 0.171$යි. පොඩි වාසියක් තයනවා. දැන් හිතන්න RR 100ක් ගැන. වාසිය පොඩිද?

අනිත් කරුණ,

RR කෙනෙක්ට දවසට 0.0057$ ගෙවනවා. එයා ඇඩ්ස් 4ම බැලුවොත් අපිට 0.02$ ලැබෙනවා. එතනොට වාසිය 0.0143$ පොඩි නේද? දැන් බල්නන් RR 100ක් ගැන. වාසිය පොඩිද?

autopay Enable කරාම ආවාසියක් වෙයිද?

ආවාසියක් වෙන එකම එක විදියයි තියෙන්නෙ. අපි හිතමු අපේ  RR කෙනෙක් දවසට එකම එක ඇඩ් එකක් විතරක් ක්ලික් කරනවා. කරුමෙ කියන්නෙ ඌටත් ම AutoPay ආදාලයි. අපි ගෙවනවා 0.0057$ ක්. අපිට ලැබෙන්නෙ 0.005$යි. එහෙනම් 0.0007&$ අවාසියි. RR 100ක් නම් 0.07$ ලොකු පාඩුවක් නෑනෙ? අනික ක්ලික් කරන RR කෙනෙක් නම් සාමාන්‍යයයෙන් 4ම ක්ලික් කරනව. නැත්තම් එකකවත් නෑ. ඒ නිසා මේකට බයවෙන්න ඕන නැහැ.

දැන් හිතයි මේ සතයක් වෙනුවෙන් මොකට නහිනවද කියල :D ලොකු ලොකු දේ කරන්න කලින් සතේ සතේ එකතු කරල හොද අඩිතාලමක් දාගත්තා නම් බලන් ඉද්දි තට්ටු ගහන්න පුලුවන්. මම පැහැදිලි කළ RR එකෙක් එක්කනෙ. ජොලියට වගේ අර උඩින්ම දාපු screenshot එකෙ විස්තර වලින් 50%ක් අරන් බලන්නකෝ.

 probux කරන සෙට් එක දන්නවද මන්ද මේකෙ තියනව sri lankan forum එකක්. මොනව හරි ගැටලුවක් ආවොත් විසදගන්න පුලුවන්. මේ වගේ tricks ඉගෙන ගන්නත් පුලුවන්. දියුණු උන සෙට් එක කොච්චර කට්ටක් කාලාද එතනට ගිහින් තියෙන්නෙ කියල බලාගන්නත් පුලුවන්. ඒකටත් ගොඩවලාම බලන්නකො එහෙනම්.

Sri Lankan Forum- Probux

එහෙනම් මම ගියා. ආහ්...මතකනෙ මගෙ පොරොන්දුව මේක මගේ referral ලින්ක් ප්‍රචාරයක් නෙවෙයි. මේ දේවල් මම මුලින් දැනගෙන හිටිය නම් අද මාත් අම්බානෙක හොයන එළකිරි probux කාරයෙක්. අන්න ඒ නිසයි මුලින් පටන් ගත්ත කෙනෙක්ට උදව්වක් කරේ. දවසට විනාඩි 10ක් ඕන කෙනෙක්ට කැප කරන්න පුලුවන් වෙලාවක්නෙ. අනික ක්ලික් නොකරම හොයන්නත් කියල දුන්නනේ.. :D තවත් කෙනෙක්ට උදව්වක් වෙන්න share කරන්න මේ පෝස්ට් එක උදව්වක් උන අය. මම ගියා, ජයවේවා!

PTC - Adds ක්ලික් නොකර සල්ලි හොයන සෙට් එකට තල්ලුවක් #2

    දැකපු ගමන් හිතාගන්න පුලුවන් නෙ, කියන්න යන්නෙ probux ගැන කතාවක්. හැබැයි මේක මගේ රෙෆලල් වැඩි කරගන්න හදන කූට උපායක් කියල අවස්ථාව අතෑරගන්න එපා. විශ්වාසයෙන් කියන්නම් ලිපියෙ එකම තැනකදිවත් මගෙ රෙෆලල් ලින්ක් එකක් පල කරන්නෙ නැහැ.

 මුලින්ම කියන්න ඕන මම දාපු, "PTC - Adds ක්ලික් නොකර සල්ලි හොයමුද" පෝස්ට් එකේ විදියට auto adds බලන එක දැන් හරියට වැඩ කරන්නෙ නැත්නම් ඒ පෝස්ට් එකේ කමෙන්ටු බලන්න ගැටලුවක් උන යාලුවෙක්ට ඒක හදාගන්න විදිය මම කියල තියෙනවා.  මෙතනින් ඒ පොස්ට් එක බලන්න.

               අද කතාව කියන්න කලින් පොඩි දෙයක් මතක් කරන් ඕන. PTC ගැන කිසිම විශ්වාසයක් නැති ඒ වගේම කරන්න හදල උත්සහය අතෑරල දාපු පිරිසක් ඉන්නවනේ. ඒ හැම කනෙකේම E-money ගැන ආසාවක් තියන ඒත් මේ වැ‍ඩේ සාර්ථකත්වය නොදැකපු පිරිසක්. එතන වරදක් නැහැ මොකද මමත් මේ වැඩේ අතෑරල දාල ආයෙත් ඇදල ගත්තු කෙනෙක්. ඒ හැමදෙනෙක්ම මම වගේම freelancer, Odesk වැනි සයිට්ස් වල වැඩ කරන්න උත්සහ දරන්න ඇති. සමහර අය සාර්ථක වෙන්න ඇති. ඒත් මම වැටුනෙ අසාර්ථක කාණ්ඩයට. ඒ නිසා ඒ ගැන කියන්න මම දන්නෙ නැහැ. මොකද අපි අලුතෙන් එතනට ගියපු ගමන් අපිට වැඩ පවරන්නෙ නැති නිසා. ඒකට සතියක් මාසයක් හෝ මාස කිහිපයක් වෙහෙසෙන්න වෙනවා. මම වැරදි නම් දන්න කෙනෙක් මේ ගැන නිවැරදි කරන්න කියල ඉල්ලනවා. මේ දේවල් අසාර්ථකයි කියල නෙවෙයි මම කියන්නෙ, වැඩ කාරයෙක්ට හොයන්න සුපිරිම තැන්, නමුත් ඕන කෙනෙක්ට ලේසියෙන් කරන්න පුලුවන් දේවල් නෙවෙයි. ඇඩ් එකක් ක්ලික් කරන එක, සහ විනාඩි 10ක් වෙන් කරගන්න එක ඕන කෙනෙක්ට කරන්න පුලුවන් නිසයි කියන්නෙ.

         probux කිරිල්ලත් මීට දෙවැනි නැහැ. ඒ කියන්නෙ අපි සාර්ථක වෙන්න නම් මාස 4ක් 5ක් වෙහෙසෙන්න වෙයි කිසිම ලාබයක් නැතුව. වෙහෙසෙන්න කිව්වට කරන්න මහ දෙයක් නැහැ, දන්නවනෙ දවසට විනාඩි 10ක් වගේ පුංචි කාලයයි වෙන් කරන්න ඕන. හැබැයි එක වෙනසක් තියනවා. අපි මේ යොදවන කාලයෙන් කිසිම නාස්තියක් වෙන්නෙ නැහැ කියල 100%ක් විශ්වාසයි. මොන දේ උනත් පටන් ගත්ත ගමන් අමාරුයිනෙ, හරියට මේක අල්ලගත්තොත් බලන් ඉද්දි $ වැඩිවෙයි.ඔක්කොට කලින් මෙන්න මේ පිංතූරෙ බලන්නකෝ. (පැහැදිලි මදි නම් ක්ලික් කරල බලන්න)

      මේක මගේ screen shot එකක් එහෙම නෙවෙයි ඕන්. එළකිරියට වැඩේ අල්ලගත්ත කොල්ලෙක්ගෙ. මේකෙන් දැනගන්න තියන දේ තමයි probux වලින් අපි හොයන මුදල රැදෙන්නෙ අපේ Referral click ගණන මත. ඒ වෙනස හොදටම පේනවනෙ මේ screen shot එකෙන්. අනිත් වැදගත්ම දේ Referral හොයනව කියල අපි Direct Referra-DR පස්සෙ දුවන්න ඕන නැහැ. පේනවනෙ මෙයාගෙ  DR 10යි. RR 365යි. දැන් බලමු කොහොමද මේ තැනට අපි එන්නෙ කියල.

කොහොමද R. Referrals ගන්නෙ?
හරි අපි දැන් DR ලව අමතක කරල දාලා RRල ගැන බලමු. මුලින්ම වැඩේ පටන් ගත්තු කෙනෙක්ට නම් පට්ටම අමාරුයි. RRල අවමය 3ක් ගන්න 0.6$ ඕන වෙනවනෙ. ඒකට එකම විසදුම ඉවසීමෙන් ඒ ගාන එකතු කරන එක තමා :p ඊට පස්සෙ RRල 3ක් ගන්නව දවස් 30ක් සදහා. මේක කරන්න නොදන්න කෙනෙක් නම් නැතුව ඇති. කමක් නෑ ඔන්න පිංතූරෙකුත් දැම්මා.

  • My account >> Rent referrals >> 3 >> yes අන්න ඒ විදියට  RRල ගන්න පුලුවන්.

RReferral ගන්න එක වාසිද? අවාසිද?
මේක තමා තියන වාසිදායකම විදිය. සමහරවෙලාවට පාඩුවක් විදියට පේනවා. ඒ උනත් ඇත්තටම එහෙම නැහැ.  RRල 3ක් ඉන්න කෙනෙක්ට ලොකු වාසියක් නැහැ. ඒ උනත් අපේ target එක RRල 150ක් විතර කරගත්තම මේක පට්ටම වාසිදායකයි. සාමාන්‍යයයෙන් RR එක්කෙනනෙක් වෙනුවෙන් අපි ගෙවන ගාන 0.2$ ලැබෙන්න එයාගේ ක්ලික්ස් 40ක් තියෙන්න ඕන. ඊට වැඩිවෙන තරමට අපිට ලාබයි. සාමාන්‍ය බැලුවොත් 1.3 වගේ තියෙන්න ඕන. ඒ නිසා අවාසියක් වෙන ඉඩ අඩුයි. බයවෙන්න දෙයක් නැහැ :D

කොහොමද RReferrals වැඩිකරගන්නෙ?
 RRල ගත්තම එයාල ඉන්නෙ දවස් 30යි. ඊට පස්සෙ අයින් වෙනවනෙ. එයාලගෙ හොදට ක්ලික් කරන බුවෙක් හිටියොත් සාමාන්‍ය 1.5ක් වගේ තියෙනව නම් තවත් දවස් 30කට ගන්න පුලුවන් අපිට. ඒ වගේම වැඩිය කට්ටිය නොදන්න එළකිරි ක්‍රමයක් තියනවා. ඒක පහලින් දැම්ම බලන්නකො.

RReferrals වැඩිපුර තියාගන්න autopay කරමුද?
මේ වැඩේ කරන්න අවශ්‍යතා 2 3ක් තියනවා.
  • අපිට RRල ඉන්න ඕන
  • අපේ probux ගිණුමෙ මුදල් තියෙන්න ඕන
  • අපිත් එක්ක ඉන්න දවස් 20ට වඩා ඉතිරිවෙලා තියන RRල ඉන්න ඕන.
 මේ ටික සම්පූර්ණ නම් RRල ඉන්න පිටුවට ගිහින් ඒකෙ උඩම තියෙන AutoPay: Enable කරන්න.

autopay Enable කරාම මොකද වෙන්නෙ?
හරි අපි හිතමු අපිත් එක්ක තවත් දවස් 25ක් ඉන්න RRල 3ක් ඉන්කොට AutoPay: Enable කරනවා. එතකොට අද දවසෙ ඒ RRල 3න් එක්කෙනෙක් හරි ඇඩ්ස් ක්ලික් කරොත් එයා වෙනුවෙන් අපි 0.0057$ක් ගෙවනවා. ඒ වෙනුවෙන් එයා තව වැඩිපුර දවසක් අපිත් එක්ක ඉන්නවා. ක්ලික් නොකරන අනිත් දෙන්න වෙනුවෙන් කිසිම විශෙෂයක් නැහැ, සුපුරුදු ලෙස එයාලගෙ දවස් ගණන තියනවා. මේක Auto වෙන දෙයක් හොදේ.

autopay Enable කරාම වාසියක් තියනවද?
මාසයක් වෙනුවෙන්  RR කෙනෙක් ගන්න අපිට 0.2$ ඕන වෙනවා. දවස් 30ක් AutoPay උනොත් අපිට ඕන 0.0057*30 = 0.171$යි. පොඩි වාසියක් තයනවා. දැන් හිතන්න RR 100ක් ගැන. වාසිය පොඩිද?

අනිත් කරුණ, 
RR කෙනෙක්ට දවසට 0.0057$ ගෙවනවා. එයා ඇඩ්ස් 4ම බැලුවොත් අපිට 0.02$ ලැබෙනවා. එතනොට වාසිය 0.0143$ පොඩි නේද? දැන් බල්නන් RR 100ක් ගැන. වාසිය පොඩිද?

autopay Enable කරාම ආවාසියක් වෙයිද?
ආවාසියක් වෙන එකම එක විදියයි තියෙන්නෙ. අපි හිතමු අපේ  RR කෙනෙක් දවසට එකම එක ඇඩ් එකක් විතරක් ක්ලික් කරනවා. කරුමෙ කියන්නෙ ඌටත් ම AutoPay ආදාලයි. අපි ගෙවනවා 0.0057$ ක්. අපිට ලැබෙන්නෙ 0.005$යි. එහෙනම් 0.0007&$ අවාසියි. RR 100ක් නම් 0.07$ ලොකු පාඩුවක් නෑනෙ? අනික ක්ලික් කරන RR කෙනෙක් නම් සාමාන්‍යයයෙන් 4ම ක්ලික් කරනව. නැත්තම් එකකවත් නෑ. ඒ නිසා මේකට බයවෙන්න ඕන නැහැ.

දැන් හිතයි මේ සතයක් වෙනුවෙන් මොකට නහිනවද කියල :D ලොකු ලොකු දේ කරන්න කලින් සතේ සතේ එකතු කරල හොද අඩිතාලමක් දාගත්තා නම් බලන් ඉද්දි තට්ටු ගහන්න පුලුවන්. මම පැහැදිලි කළ RR එකෙක් එක්කනෙ. ජොලියට වගේ අර උඩින්ම දාපු screenshot එකෙ විස්තර වලින් 50%ක් අරන් බලන්නකෝ.

 probux කරන සෙට් එක දන්නවද මන්ද මේකෙ තියනව sri lankan forum එකක්. මොනව හරි ගැටලුවක් ආවොත් විසදගන්න පුලුවන්. මේ වගේ tricks ඉගෙන ගන්නත් පුලුවන්. දියුණු උන සෙට් එක කොච්චර කට්ටක් කාලාද එතනට ගිහින් තියෙන්නෙ කියල බලාගන්නත් පුලුවන්. ඒකටත් ගොඩවලාම බලන්නකො එහෙනම්.

එහෙනම් මම ගියා. ආහ්...මතකනෙ මගෙ පොරොන්දුව මේක මගේ referral ලින්ක් ප්‍රචාරයක් නෙවෙයි. මේ දේවල් මම මුලින් දැනගෙන හිටිය නම් අද මාත් අම්බානෙක හොයන එළකිරි probux කාරයෙක්. අන්න ඒ නිසයි මුලින් පටන් ගත්ත කෙනෙක්ට උදව්වක් කරේ. දවසට විනාඩි 10ක් ඕන කෙනෙක්ට කැප කරන්න පුලුවන් වෙලාවක්නෙ. අනික ක්ලික් නොකරම හොයන්නත් කියල දුන්නනේ.. :D තවත් කෙනෙක්ට උදව්වක් වෙන්න share කරන්න මේ පෝස්ට් එක උදව්වක් උන අය. මම ගියා, ජයවේවා!

Tuesday, October 8, 2013

Gmail alerts - අලුත් mail එකක් ආපු ගමන් දැනගන්න

   Gmail account එකක් පාවිච්චි කරන කෙනෙක්ට අලුත් mail එකක් ආපු ගමන්ම දැනගන්න තිබුන නම් කොහොමද? වෙනත් E-mail account වර්ග තියන අයත් ඇති, මට නම් ඔය හැම එකකින්ම හොදම එක Gmail තමා :D ගොඩක් අය පාවිච්චි කරන්නෙත් Gmail account එකක් නිසා මේ ගැන පෝස්ට් එකක් දැම්මෙ. එන්න එන්නම තාක්ෂණය දියුනු වෙමින් තියන කාලෙක Gmail වල තියන වටිනාකම අමුතුවෙන් කියන්න ඕන නෑනෙ. ලංකාවෙ ලොකුවට භාවිතයක් තවමත් නැති උනත්, දැන් නව ප්‍රවණතාවක් විදියට පෞද්ගලික අංශයෙ බොහෝ රැකියා අවස්ථා සදහා ඉල්ලුම් කරන්න අවස්ථාව දීල තියෙන්නෙ අන්තර්ජාලය හරහනෙ. ඒ වගේම අපේ application වලට ඔවුන්ගෙ ප්‍රතිචාර දක්වන්නෙත් අන්තර්ජාලය ඔස්සේම මෙම mail services මාර්ගයෙන්. ඉතිං ඒ වගේ ලැබෙන mail එකක් ඉක්මණින් බලන එකේ තියන වටිනාකම කියන්න ඕන නැනෙ :D මේ විතරක් නෙවෙයි ව්‍යාපාර කටයුතු කරන කෙනෙක්ට, online රැකියාවක් කරන කෙනෙක්ට කාර්යබහුල වෙලා ඉන්න වෙලාවට inbox check කරන එක කරදරයක්නෙ, මෙන්න ඒකට සුපිරි විසදුමක්.

Gmail Notifier - firefox සදහා

        මේක firefox browser එකත් එක්ක පාවිච්චි කළ හැකි ඇඩෝනයක්. අපි browser එක පාවිච්චි කරමින් ඉන්න වෙලාවට mail එකක් ආපු සැනින් පෙන්නනවා. නැත්නම් අපි firefox browser එක open කරනකොට මේ විදියට ලැබුන අලුත් mail ටික පෙන්නනවා.

හැමවෙලේම Inbox check කරනවට වඩා මේ වැඩේ ලේසිනෙ. firefox සදහා ඇඩෝනය ගන්න සහ තවත් විස්තර දැනගන්න පහළ ලින්කුවෙන් යන්න. (skip ad>> to continue)

firefox පාවිච්චි කරන්න අකමැති අයට මේක. මම ඉතිං firefox වලට ආස උනාට ගොඩක් අය google chrome වලට කැමතිනෙ. මට නම් ඔය කියන තරන් වෙනසක් නැති නිසා firefox හොදයි :D

Gmail notifier for windows
          මේක පුංචි application එකක්, කලින් වලේම අපේ Gmail account එකට මේක හරහා sign in වෙලා හිටියම ලැබෙන අලුත්  mail ඒ වෙලාවෙම දැනගන්න පුලුවන්. හරියටම කිව්වොත් Gmail alert service එකක්. install කරගත්තම අපේ quick launch panel එකේ මේ application එක තියනවා. අලුත් mail නැතිනම් මේ විදියට පේනවා.

ඒ වගේම අලුත්  mail එකක් ආපු ගමන් alert එකක් විදියට ඒක පෙන්නනවා. මෙන්න මේ වගේ.

install කරගත්තට පස්සෙ Gmail username/password දීල sign in වෙන්න. පහළින් ගිහින් අරගන්නකො app එක.( skip ad >> to continue)

මේක install කරගන්න විදිය කියන්න ඕන නෑනෙ ඉතිං, ලේසියෙන්ම install කරන්න පුලුවන් app එක run කරලා. එහෙනම් මම ගියා. තවත් ලෝස්ට් එකකින් එන්නම්කෝ :D

Monday, October 7, 2013

SLT Internet Configuration support- part 2

හරි මෙන්න මම කියන්න පටන් ගත්ත SLT Internet Configuration support වල දෙවෙනි කොටස. මුලි ලිපිය කියවන්න බැරි උන අය SLT Internet configuration support - part 1 බලන්න. කලින් ලිපියෙදි පැහැදිලිව කියල දුන්නෙ අපේ connection එක හරියට තියාගන්න අවශ්‍ය කොටස් නිවැරදිව සම්බන්ධ කරගන්න විදිය. wire ටික ගැහුව ගමන් Internet වැඩ කරන්නෙ නැහැනෙ. දැන් බලමු ඉතිරි ටික කොහොමද හදාගන්නෙ කියල. සම්පූර්ණ විස්තර එක්කම කියන්නම් අපැහැදිලි තැන් තිබුනොත් comment එකකින් අහන්නකො :D

 router/modem එකක settings සැකසීම

පළවෙනි ලිපියෙ විදියට සම්බන්ධ කරගෙන router එක on කරාට පස්සෙ මේ වගේ තියෙන්න ඕන. SLT Internet නම් ගොඩක් අයට zte router එකක්නෙ තියෙන්නෙ, ඒ නිසාම zte router එකත් එක්ක මේ ටික කියන්නම්. විශෙෂයෙන් කියන්න ඕන මම මේ විස්තර කරගෙන යන්නෙ අලුතෙන්ම Internet ගන්න කෙනෙක් වෙනුවෙන්. දැනට පාවිච්චි කරන කෙනෙක් නම් router එක reset උනොත් මේ විදියට තියෙයි.(පිංතූරෙ පැහැදිලි මදි නම් ඒක උඩ ක්ලික් කරල බලන්න.)

  • DSL bulb එක පත්තු වෙලාම තියෙනවා.
  •  Internet bulb එක රතු පාට
  • LAN 4 පත්තු වෙන්නෙ peo tv තියන කෙනෙක්ට විතරයි හොදේ
  • WLAN පත්තු වෙන්නෙ wifi on කරාට පස්සෙ හොදද
වැදගත් :  Internet විතරක් තියන කෙනෙක් නම් LAN 4 කියන තැනට computer එකට යන cat cable එක සම්බන්ධ කරන්න එපා. ( SLT zte router එකක් නම්)

වෙනත් router එකක් තියනව නම්, belkin හෝ prolink මේ වගේ තියෙයි.
router වර්ග නම් ගොඩක් තියනව, හැම එක ගැනම කියන්න බැරි නිසා පොදුවෙ වැඩිපුර තියන zte router එක ගැන කියාගෙන යන්නම්. අවශ්‍ය උනොත් අනිත් කිහිපයක් ගැන වෙනම කියන්නම්කෝ..

හරි දැක්කනෙ මුලින්ම අපේ  Internet bulb එක රතු පාට වෙලා තමා තියෙන්නෙ. ඒ විදියට තියෙන්න හේතුව අපි තාම router එකේ setttings හදල නැති නිසා. මෙතනට එනකන් අවුලක් නැත්නම් වැඩේ ලේසි. ගැටලු ටික වෙනම පෝස්ට් එකකින් දාන්නම්, එතකොට ප්‍රශ්න තියන අයට මෙතනින් එහාට ටික ආයෙත් කරගෙන යන්න පුලුවන් නෙ.

ඉතිරි ටික කරන්න වෙන්නෙ computer එකෙන්. පහළ පියවර ටික බලන්නකො,
  • මුලින්ම අපි දැනගන්න ඕන අපේ computer එකෙ network drivers install වෙලා තියනවද නැද්ද කියල,
  • ඊට පස්සෙ අපේ  Local Area connection එක නිවැරදිව වැඩ කරනවද කියල බලන්න පහළ පියවර ටික කරන්න.
මේ path එකට යන්නකො, start >> control panel >> Network and sharing center
change adapter settings >>

ඔතනට ගියාම පහළ පිංතූර විදියට දකින්න හම්බෙයි. හැබැයි එක් එක්කෙනාගෙ වෙනස් වෙන්න පුලුවන් හොදේ.  1 විදියට කියනව නම් අවුලක් නැතුව ඉතිරි ටික කරගෙන යන්න.

 කාගෙ හරි මෙහෙම එකක් නම් තියෙන්නෙ, Local Area connection එක උඩ right ක්ලික් කරල enable කරගන්න. එතකොට ඉතිරි ටික කරගෙන යන්න පුලුවන්.

 තව කෙනෙක්ගෙ පහළ තියනව වගේ නම්, 
 ඒක නම් හිතාගන්න පුලුවන් ඇතිනෙ අවුල..රවුටරේ on කරල නම්, network cable එක දෙපැත්තටම plug වෙලාද බලන්න ( network cable එක මැදින් damage වෙලාද බලන්න). එහෙමත් නැත්නම් computer එකේ  network card එකේ අවුලක් වෙන්නත් පුලුවන්. එහෙම උනොත් නම් වැඩේ අමාරුයි. network card එකේ අවුලක් වගේ නම් ඒක ගලවල ආයෙත් ගහල drivers update කරල try කරන්න. හරි ගියෙ නැත්නම් computer technician කෙනෙක්ගෙ සහය පතන්න වෙනවා.

තව කාගෙ හරි මේ විදියට තියෙන්න පුලුවන්. මේ ගැන නම් මම error fixing වලදි කියන්නම් දැනටම පෝස්ට් එක දිග වැඩි නිසා.

මම හිතන විදියට තියෙන්න පුලුවන් සේරම ටික කිව්වා. හැබැයි කෙනෙක්ගෙ ආසාවටවත් මේ මොකුත්ම නැත්නම් එයාගෙ  network drivers install වෙලා නැත. ඒ ටික install කරාම වැඩේ ගොඩ.

  •  Local Area connection එක 1 පිංතූරයෙ ව්දියට තියනව නම්, ඒ උඩ double click කරන්න.
එතකොට මෙන්න මේ වගේ sent & received අගය 0ට වැඩි අගයක් තියනව නම් දිගටම කරගෙන යන්න. එකක් හො 0 වෙලා වෙනස් නොවී තිබුනොත්  error fixing පැත්තෙ ගිහින් එන්න වෙනව.
  • මෙතනට එනකන් සේරම හරි නම්, දැන් පාවිච්චි කරන web browser එක open කරන්න. (chrome හෝ firefox නම් හොදයි)
  • ඒකෙ address bar එකේ තියන සේරම මකල දාල, 192.168.1.1 type කරල enter කරන්න. මතකනෙ මම මුලින් කිව්ව මේ කියාගෙන යන්නෙ පොදුවෙ කරන විදිය. belkin router එකක් නම් 192.168.2.1 තමා හරියන්නෙ. ඕනම router එකක් සදහා මේ IP එක හොයන විදිය ඉස්සරහට කියල දෙන්නම්.
  • හරි ඊටපස්සෙ මේ වගේ user name/ password දෙන්න. 
  • මේ user name/ password එකත් router එක අනුව වෙනස් වෙනවා. zte router එකක් නම් මේ විදියට දෙන්න. prolink නම් password එකට password කියලම දෙන්න. belkin නම් user name එක විතරක් දීල ok කරන්න.
  • එතකොට අපිට router එකට log වෙන්න පුලුවන්. මෙතනින් එහාට නම් screen shot එක්ක කියන්න පුලුවන් zte router එකක් නම් විතරයි හොදේ.

දැන් උඩ පිංතූරෙ විදියට 1,2, ක්ලික් කරල 3,4 කියන තැන් ඒ විදියට තියනවද බලන්න.(පිංතූරෙ පැහැදිලි මදි නම් ඒක උඩ ක්ලික් කරන්න) අලුතෙන් ගත් හො reset උන router එකක් නම් මේ විදියට තියෙන්න ඕන. සමහරවිට PVC0 වෙනුවට PVC1- PVC7  දක්වා අගයක් තියෙන්න පුලුවන්. ඒ අය හොදට බලන්න ඊට පහළින් තියන status : activated, VPI : 8, VCI : 35 ඒ විදියටම තියනවද කියල. ඒ දේවල් වෙනස් නම් PVC  වෙනස් කරල status : activated, VPI : 8, VCI : 35 තියන විදියට හදාගන්න.

  • ඊට පස්සෙ හම්බෙල තියන user name/ password කොලෙ තියන විදියට ඒ ටික type කරන්න. user name එක simple වලින් සහ password එක ඒ තියන විදියටම දෙන්න.
 ඊට පස්සෙ 1,2,3 පෙන්නල තියන අනිත් settings ටික හරි නම් පහළටම ගිහින් save කරගන්න. දැන් ටිකක් බලන්න ඔයාලගෙ රතු පාටට තිබුන Internet bulb එක කොළපාට උනා නම් දැන් අපේ වැඩේ ඉවරයි :D
computer එක හරහා පාවිච්චි කරන්න පුලුවන් Internet connection එකක් දැන් තියනවා. wifi active කරගන්න සහ තවත් කරුණු ඉස්සරහට කියල දෙන්නම්කො.

  • තවමත් Internet bulb එක රතු පාට නම්, පහළ තියන විදියට ගිහින් router එක restart කරන්න.
  • හරි දැන් සමහර අයගෙ Internet bulb එක කොළ පාට වෙන්න ඇති. තවත් අයගෙ තාමත් රතු පාටින්ම ඇති. ඒ අයට error fixing එකෙන් ඒක නිවැරදි කරන විදිය කියන්නම්.
  • prolink, belkin සහ වෙනත් router වර්ග පාවිච්චි කරන අය සමාවෙන්න. මට ඒවගෙ screenshot ගන්න විදියක් නැති නිසා ඒ ගැන දාන්න වෙන්නෙ නැත්තෙ.
  • වෙනත්  වෙනත් router වර්ග පාවිච්චි කරන කෙනෙක්ට මොනව හරි ගැටලුවක් ආවොත් screenshot එක්කම අහන්න උදව් කරන්නම්.

මේ පෝස්ට් එක දිග වැඩි නිසා මේක මෙතනින් නවත්වනවා. ගැටලු තියෙන ඒව comment වලින් අහන්න පුලුවන්. ඒ වගේම error fixing පෝස්ට් එක ඉක්මණටම දාන්නම්. එහෙනම් මම ගියා. ජයවේවා!!

col3best sinhala movies