Wednesday, October 12, 2016

Laptop බැටරියෙ ආයුකාලය වැඩිකරගමු!!

ගොඩක් දවසකින් පෝස්ට් එකක් දාන්නවත් එන්න බැරිඋනා. කාලෙකට පස්සෙ laptop එකක් use කරන හැමොටම වැදගත් Battery saving tips ටිකක් අරන් ආවා ඉතිං. මේ දේවල් ගැන අමුතුවෙන් කියන්න නම් දෙයක් නැහැ, හැමෝම දන්නවා. ඒ උනත් මේ ගැන වැඩිය සැලකිල්ලක් නොදක්වන නිසා නිකං battery එක විනාශ වෙලා යනවා. අලුතෙන් battery එකක් ගන්න ගියාම ලොකු වියදමක් යනව වගේම මුල් battery එක වගේ හොදම තත්වයෙ එකක් ද කියන ප්‍රශ්නය එනවනෙ. ඒ නිසා අපේ laptop battery එක මුල ඉදන් පරිස්සම් කරගන්න එක අපිටම හොදයි :D

01. Reduce the screen brightness level

Battery එකට බලපාන ප්‍රධානම සාධකයක් තමයි මේ screen brightness කියන්නෙ. ඒ නිසා battery එකෙන් use කරන හැමවෙලාවෙම පුලුවන් තරම් අඩු brightness level එකක් 50%ක් වගේ පාවිච්ච් කරන එක හොදයි. brightness level එක අඩුවෙන් භාවිත කරන එක අපේ battery එකට වගේම අපේ ඇස් දෙකටත් ගොඩක් හොදයි..:)

02. Change the power settings

සාමාන්‍යයයෙන් power plan 2ක් නිෂ්පාදකයන් විසින්ම plan කරල එවනවා. එතනින් power saver නිතරම use කරන එක battery ආයුකාලය වැඩිවෙන්න හේතුවක් කරගන්න පුලුවන්. එහෙමත් නැත්තන් අපිට කැමති custom power plan එකක හදාගන්නත් පුලුවන්. මෙතනදි screen brightness වලට අමතරව Display dim time out, screen off time out, computer sleep time out එක අවශ්‍ය පමණින් අඩු අගයන් වල තියාගන්න එක ගොඩක්ම වැදගත්.






0 comments:

Post a Comment

col3best sinhala movies