Friday, January 10, 2014

SLT Internet ~ How to create dail-up connection #4


SLT Internet Configuration support වල හතරවෙනි කොටස තමයි මේ. කලින් ලිපි ගැන මතක් කරොත් අලුතෙන්ම SLT Internet ගන්න කෙනෙක්ට තනියම 100% නිවැරදිව තමන්ගෙ Internet connection එක වැඩ කරන විදියට හදාගන්න කියල දුන්නනෙ. ඒ වගේම පොදුවෙ එන ගැටලු ගැනත් කිව්ව,  ඊට අමතරව වෙනත් ගැටලු තියෙනව නම් අහන්න ඒවත් හදාගන්න උදව් වෙන්නම්. මෙන්න කලින් ටික, බලන්න බැරිඋන අය බලන්න.


අද කියන්න යන්නෙ computer එකෙන් dail-up එකක් හදල Internet use කරන විදිය. දෙවෙනි පෝස්ට් එකෙන් කියල දුන්න විදයට use කරනවා නම් dail-up ඕන වෙන්නෙ නෑ, හැබැයි සමහර අය මේ ක්‍රමය use කරල computer එක format කරාට පස්සෙ dail-up එක හදාගන්න බැරුව ඉන්නවා. ඒ වගේම ඉස්සරහට ලියන තවත් පෝස්ට් එකකට මේක වැදගත් වෙනවා ;)

සැ.යු.
මේ විදියට  dail-up එක use කරන්න නම් router එකේ bridge mood දාලා තියෙන්න ඕන. ඒ ගැන වැඩි විස්තර කියන්නම්, මේ පෝස්ට් එක දාන්නෙ computer එක format කරල dail-up එක හදාගන්න බැරි අය වෙනුවෙන් :)

windows 7,8 සදහා
  • පියවර 01
    • Start ---> Control panel ---> Network & Internet

  •   පියවර 02
    •  Network Sharing Center එකට යන්න
  • පියවර 03
    •  දැන් set up a new connection or network එකට යන්න

  •  පියවර 04
    • එතකොට මේ වගේ pop-up window එකක් එනවා.  
    • පහළ පිංතූර වල තියන විදියට කරගෙන යන්න.

  • පියවර 05
    • ඊලගට එන window එකේදි SLT එකෙන් දිල තියන username/ password හරියටම type කරල,  remember password කියන tic එකත් දාලා connect කරන්න.
    • ඔයා දුන්න username/ password කිසිම වැරැද්දක් නැතිනම් connect වෙනවා. එහෙම connect නොවී error එකක් ආවොත් 691 වගෙ, ඒ කියන්නෙ  username/ passwordවැරදි කියල.
    • ඒක හදාගන්න ආයෙත් username/ password හරියට ටයිප් කරන්න, capital, simple අකුරු ගැන බලන්න.
    • ඒත් හරිගියෙ නැත්නම් 1212 call කරල password එක reset කරගන්න.
මේකට අමතරව තවත් errors ටිකක් එන්න පුලුවන්, එහෙම එකක් එනවනම් comment එකක් දාන්න උදව් කරන්නම් :) ඒ වගේම මේ විදියට හදාගන්න පුලුවන් වෙන්නෙ windows 7/8 අයට, xp අයටත් ඕන නම් comment එකකින් අහන්න. 
 


මූණුපොතෙන් ආපු අයගෙ අදහස්

0 comments:

Post a Comment

col3best sinhala movies